Cricket මම වැඩ කරන්නේ මට පහසු පරිසරයක පමණයි – මහේල ජයවර්ධන By manager - November 9, 2020 0 87 Share Facebook Twitter Google+ Pinterest WhatsApp සිවුවැනි වරටත් IPL 2020 ශූරතාව දිනා ගැනීමට එක් ජයග්‍රහණයක් පමණක් ඉතිරිව තිබියදී මුම්බායි ඉන්දියන්ස් හි ප්‍රධාන පුහුණුකරුවන මහේලා ජයවර්ධන මහතා හට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස පහසුවෙන් පත්වීමට අවස්ථාව තිබියදීත්, මහේල ජයවර්ධන මහතා විසින් අකමැත්ත ප්‍රකාශ කර ඇති අතර, මෙයට හේතුවනම් ශ්‍රී ලාංකීය ක්‍රිකට් පරිපාලනය ක්‍රමය තුල ගැඹුරින් මුල්බැස ඇති දේශපලනීකරණයයි. “මම වැඩ කරන්නේ මට පහසු පරිසරයක පමණයි.” මහේල ජයවර්ධන මහතා ජාතික කණ්ඩායම සමඟ භූමිකාවක් භාර ගන්නේදැයි ඇසූ විට ඔහු විසින් පැවසීය. “මුම්බායි ඉන්දිය පිල සමග කටයුතු කිරීමේදී, ඔවුන් මට සම්පුර්ණ නිදහස ලබා දී ඇති අතර ඔවුන් මගේ අදහස්වලටද පුර්ණ සහයෝගය ලබා දෙනවා. එය මට බෙහෙවින්ම වැදගත් වන අතර මට වැඩ කිරීමට අපහසු පරිසරයකට සම්බන්ධ වීමට මා අකමැතිය.” ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමඟ වැඩ කිරීම පහසු නැත, අතුරු පත්වීම් දෙකක් ඇතුළුව 2016 සිට ඔවුන්ට පුහුණුකරුවන් පස් දෙනෙකු යටතේ ක්‍රීඩා කර ඇත. විවිධ හේතූන් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එක්වීම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් අතර මහේල ජයවර්ධන මහතාද සිටී. “මම නිතරම කියා සිටියේ අපට නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බවයි. නමුත් අපි මෙය වසර ගණනාවක් තිස්සේ දැක නැත. මම ක්‍රීඩාවට ලබා ගත් දේ ආපසු ලබා දීමට මා කැමති තරමටම, වෘත්තීයමය නොවන සැකසුමකට සම්බන්ධ වීමට මා කැමති නැත.” 2017 දී රිකී පොන්ටිං වෙනුවට මුම්බායි ඉන්දියන්ස් හි ප්‍රධාන පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන මහතා වැඩ භාර ගත්තේය. එතැන් පටන් ඔහු ලොව පුරා වෘත්තිකයන් පිරිසක් සමඟ එක්ව පෙර නොවූ විරූ සාර්ථකත්වයක් භුක්ති වින්දා. මෙම අවරුද්දේද ලීග් අදියරයන්හි ඉහළින්ම සිටින මුම්බායි පිල, අවසන් පූර්ව වටයේදී දිල්ලි කැප්ටිල්ස් පිල පරාජය කරමින් එළබෙන අගහරුවාද අවසන් මහා තරඟය සදහා සුදුසුකම් ලබා ගත්තේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් මහේල ජයවර්ධන මහතා පැවසුවේ “විශ්‍රාම ගැනීමෙන් පසු මම මෙය කරනු ඇතැයි මම කවදාවත් නොසිතුවෙමි. නමුත් මම දැන් එහි සෑම මොහොතක්ම භුක්ති විඳින අතර මගේ අත්දැකීම්ද සෙසු ක්‍රීඩකයන් සමග බෙදා ගැනීමටත්, මෙවැනි ඉහළ වෘත්තීය ෆ්‍රැන්චයිස් එකක් සමඟ සම්බන්ධ වීමට ලැබීමත් මහගු පිටුවහලකි.” “මුම්බායි ඉන්දියන්ස් හි ප්‍රධාන පුහුණුකරු ලෙස මා සේවය කළ කාලය තුළ, අප මෙතෙක් අත්කර ගෙන ඇති ජයග්‍රහණ ගැන මම සතුටු වෙනවා. ක්‍රීඩක වෙන්දේසියේ සිට අද අප සිටින තැන දක්වා බොහෝ දේ ඇත. මෙවර ශුරත්වය සදහා අපට ඇත්තේ තවත් එක් පියවරක් පමණයි. මෙම දුෂ්කර කාලවලදී ක්‍රීඩකයින්ගේ සිට සහායක කාර්ය මණ්ඩලය දක්වා සෑම දෙනාටම ඔවුන් ලබා දුන් සහයෝගය වෙනුවෙන් ගෞරවය හිමිවිය යුතුය.” වසර 16 ක ජාත්‍යන්තර ක්‍රිකට් වෘත්තීය ජීවිතය තුළ, ආකෘති තුනෙන්ම ජාත්‍යන්තර ලකුණු 25,000 කට වඩා ලබා ඇති මහේල ජයවර්ධන මහතා, දක්ෂතම ක්‍රිකට් මොළයක් ඇති අයෙකු ලෙස සැලකේ. “සෑම තරඟයක් සඳහාම නැතහොත් සෑම ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කිරීමේදී, විවිද උපාය මාර්ග සකස් කිරීම තිරය පිටුපස සිදුවේ.නිරෝධායන කාල සීමාව ඇතුළුව අපි දැන් සති අටකට ආසන්න කාලයක් මෙහි රැඳී සිටිමු. එය පහසු නැත, නමුත් මෙය අපට දැන් පුරුදු වී ඇත.” ඔහු පැවසීය. අවසන් තරගය පිළිබඳව අදහස් දක්වමින් මහේල ජයවර්ධන මහතා කියා සිටියේ ප්‍රතිවාදීන් කවුරුන් වුවත් කුසලානය ඔසවා තැබීමට ඔවුන් සියල්ලන්ම සූදානම් බවයි. “දිල්ලි කැප්ටල්ස් පිල කුමන අභියෝග ඉදිරිපත් කළත් අපි ඒවා භාරගෙන ශූරතාව දිනා ගැනීමට සූදානම්.” මහේල ජයවර්ධන මහතා කියා සිටියේ. ඔබට දැනටමත් 1xbet ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න. ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg ප්‍රොමෝ කෝඩ් – 1XSL