Nathan Lyon අළුබඳුනෙන් ඉවතට – NATHAN LYON OUT OF THE ASHES 2023

අළුබඳුන තරගාවලිය 2023

එංගලන්තය සමඟ පැවැත්වෙන අළුබඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක් වූ ඕස්ට්‍රේලියා ක්‍රීඩක Nathan Lyon හට සම්පූර්ණ තරගාවලිය අහිමි වන බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් තහවුරු කර තිබෙනවා.

Nathan Lyon අළුබඳුනෙන් ඉවතට - NATHAN LYON OUT OF THE ASHES 2023
Nathan Lyon අළුබඳුනෙන් ඉවතට – NATHAN LYON OUT OF THE ASHES 2023

දෙවැනි තරගයේ පන්දු රකිමින් සිටිය දී ඔහු ආබාධයට ලක් වූ අතර එම නිසා ඔහුට පන්දු යැවීමට හැකි වුනේ නැහැ.

නමුත් සිය කණ්ඩායමට අවශ්‍යම මොහොතේ ආබාධ මධ්‍යයේ ඔහු පිතිකරණයට පැමිණෙනු දක්නට ලැබුණා.

Nathan Lyon අළුබඳුනෙන් ඉවතට - NATHAN LYON OUT OF THE ASHES 2023

මෙම ආබාධයට පෙර ඔහු ටෙස්ට් තරග 100ක් කිසිදු ආබාධයකින් තොරව ක්‍රීඩා කිරීමට සමත්ව තිබූ අතර ක්‍රීඩකයින්ට ඉතා අපහසු වන එම කඩඉම මීට පෙර පසු කර තිබුණේ  Alastair Cook, Allan Border, Mark Waugh, Sunil Gavaskar සහ  Brendon McCullum යන ක්‍රීඩකයින් පමණයි

ඔහුට තරගාවලියේ ඉදිරි තරග අහිමි වීමත් සමඟ ඔහුගේ ස්ථානය සඳහා තෙවැනි ටෙස්ට් තරගයට Todd Murphy කැඳවීමට කටයුතු කර තිබෙන අතර වර්තමානයේ දස්කම් අතර සිටින Todd Murphy ඉන්දීය සංචාරයේ දී තරග හතරක් තුළ කඩුලු 14ක් දවා ගැනීමට සමත් වුනා.

තෙවැනි තරගය සඳහා නම් කළ ඕස්ට්‍රේලියා සංචිතය : 

  • David Warner, Usman Khawaja, Marcus Harris, Marnus Labuschagne, Steve Smith, Travis Head, Cameron Green,
  • Mitchell Marsh, Alex Carey, Pat Cummins, Mitchell Starc, Josh Hazlewood, Todd Murphy, Scott Boland, Michael Neser, Jimmy Peirson
Cricbuzzඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner