සමස්ත ලංකා වයස අවුරුදු 17න් පහළ බැඩ්මින්ටන් තරගාවලියට කණ්ඩායම් 82ක්

0
540

රී ලංකා බැඩ්මින්ටන් සංගමය විසිඅට වන වරට සංවිධාන කරන සමස්ත ලංකා වයස අවුරුදු 17න් පහළ බැඩ්මින්ටන් තරගාවලිය බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලයේදී අඟහරුවාදා (17) ආරම්භ විය.

දින 05ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට පාසල් කණ්ඩායම් 82ක් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 950කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිති .

ඒ,බී,සී,ඩී සහ ඊ යන කාණ්ඩ යටතේ තරග පැවැත්වේ .

මෙම සමාරම්භක උත්සවය සදහා ඌව බැඩ්මින්ටන් සංගමයේ සභාපති ජයසුරිය සිල්වා සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලේකම් සමන් විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .

වයස 17 න් පහළ බැඩ්මින්ටන් ශූරතාවලියේ සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බාලක ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල සමත් විය. එහි බාලිකා ශූරතාව දිනාගනු ලැබුවේ නුගේගොඩ අනුලා විදුහල විසිනි.

බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් 70 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 950 ක් පමණ සහාභාගි වූ අතර එහිදී ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’ සහ ‘ඊ’ යන කාණ්ඩ යටතේ තරග පැවැත්විණ.

සුපිරි ‘ඒ’ කණ්ඩයේ අනු ශූරයන් බවට පත්වීමට මාතර රාහුල විදුහල සමත් වෙද්දී, කොළඹ විශාකා විදුහල ‘ඒ’ කණ්ඩයේ අනු ශූරියන් බවට පත් විය. මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කොළඹ රාජකීය විදුහල සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බාලක තෙවැනි ස්ථානය හිමිකරගත් අතර මොරටුව ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහල ‘ඒ’ කාණ්ඩයේ බාලිකා තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහලේ විදුහල්පති, ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමයේ උප සභාපති ක්‍රිස්ටෝපර් බල්රාජ් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ ලේකම් සමන් විජේසිංහ මහතා සහ සාන්ත තෝමස් විදුහලේ නියෝජ්‍ය විදුහල්පති තිලක් ජයසිරි මහතා ඇතුළු පාසල් බැඞ්මින්ටන් සංගමයේ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

1xBet.com හි ලියාපදිංචි වීමේ දීමනාව භාවිතා කරන්නේ කෙසේද:

1xBet.com වෙත මෙම සබැඳිය ක්ලික් කර නොමිලේ ලියාපදිංචි වන්න

http://bit.ly/lankasports

£ 1 සිට තැන්පතු (රුපියල් 100 සිට ඉහලට )

1xBet විසින් ඔබ මුදල් තැන්පත් කල වහාම ඔබගේ ගිණුමේ ශේෂය දෙගුණ කරයි