පොහොට්ටුව Vs හංසයා 2019. ජනාධිපතිවරණය 2019

0
321
Image copyright

ජනාධිපතිවරණය අත ළඟය.

මේ දිනවල බොහෝ දේ සිදුවෙමින් සහ වෙනස් වෙමින් පවතී. ඉදිරියේදී තවත් බොහෝ වෙනස් කම් සිදුවන බවට ඉඟි පළවෙයි.

මේ අතර, මොන දේ සිදු වුවත් නොවෙනස්ව පවතින ‘ධර්මතාවන්’ ද නැතුවා නොවේ.

මහ බැංකුවේ බැඳුම්කර වංචාවක් අනිවාර්යයෙන් ම සිදු වී ඇති බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ රන්ජන් රාමනායකගේ සහාය සජිත්ටය.

බැඳුම්කර වංචාවක් සිදු නොවූ බව කියූ රවි කරුණානායක සිටින්නේත් එම කඳවුරේ මය.

මේ අතර සාමාන්‍ය පෙළවත් සමත් නායකයෙකු රටට අවශ්‍ය බව කියමින් රවි කරුණානායක චෝදනා කළේ කාටදැයි ඇතැමෙක් තවමත් කල්පනා කරති.

facebookImage copyright

ගෝඨාභය වෙනුවෙන් ඡන්ද රැස් කිරීමට කරුණා අම්මාන් උතුරේ වෙහෙසෙද්දී හමුදාවේ සිටි ඇතැම් උසස් නිලධාරීන් දකුණේ වෙහෙසෙති.

විල්පත්තුව, හලාල්, ෂරියා විශ්වවිද්‍යාලය, වඳ සැත්කම්, ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ආදී මාතෘකා රාශියක් දැන් යටපත් වී ඇති සෙයකි.

හලාල් සහතිකයට විරුද්ධ නොවූ රවුෆ් හකීම් සහ ඊට තරයේ විරුද්ධ වූ චම්පික රණවක එකම වේදිකාවේ සිට අත්පොළසන් දෙති.

“පරණ තක්කඩිත් එක්ක” සිටිනතාක් ඔවුන් සමඟ කිසිම සන්ධාන ගත වීමක් නැතැයි වදාළ රතන හාමුදුරුවෝ ද නැවතත් රාජපක්ෂ කඳවුර බලා වැඩි සේක.

රාජපක්ෂ කඳවුරේ පැරණි හිතවතුන් තවමත් එම කඳවුරේම ය.

මේ වන විට හිස්බුල්ලාගේ ෂරියා විශ්ව විද්‍යාලය පිළිබඳව වැඩි යමක් මතු වන බවක් නම් පෙනෙන්නට නොමැත.

FacebookImage copyright

රිෂාඩ් බදියුද්දීන් සිටින්නේ සජිත් ගේ වේදිකාව මතය.

එම වේදිකාව ඉදිරිපිට ප්‍රීති ඝෝෂා කරන ජනතාව අතර “රිෂාඩ් ට ඡන්දය දී ගමට එන්න එපා” යැයි කී ජනයා සිටීදැයි ඇතැමෙක් සෝදිසි කරති.

සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින මහාචාර්ය නලින්ද සිල්වා ගේ කැමැත්ත ගෝඨාභයට ය.

ඊලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කළ වර්ධරාජා පෙරුමාල් සිටින්නේ ද ගෝඨාභය කඳවුරේ ය.

Getty ImagesImage copyright

Image captionඔන්න කනෝ පිනුම්……!

සිංහල මව්වරුන්ට වඳ සැත්කම් කළ බවට වෛද්‍ය ශාෆි ට චෝදනා කළ චන්න ජයසුමනත් පොහොට්ටුවේ ය.

වඳ සැත්කම් “නාටකය” දෙස වෙනස් කෝණයකින් බැලූ නීතීඥ අලි සබ්රිගේ සහයත් පොහොට්ටුවටය. ඔහු ජාතිවාදය හෝ ආගම් වාදය අවුස්සන උදවියට විරුද්ධය.

“බුදු හාමුදුරුවන් මිනීමස් වැළඳූ” බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට පසුව සමාව ගත් අබ්දුල් රාසික්ගේ මනාපයත් ගෝඨාභය රාජපක්ෂට ය.

වීරවංශ සහ ගම්මන්පිල තවමත් රාජපක්ෂ කඳවුරේම ය.

තාත්තා කොටින්ට ආයුධ දුන් නිසා පුතා අනතුරුදායක බව පැවසූ හිටපු හමුදාපති ෆොන්සේකා ඉල්ලා සිටින්නේ ‘සජිත් පුතුට’ ඡන්දය දෙන ලෙසය.

රටේ ජාතික ආරක්‍ෂාව ෆීල්ඩ් මාෂල්ට භාර දෙන බවට ‘සජිත් පුතු’ ප්‍රතිඥා දුන්නේය.

Getty ImagesImage copyright
Image captionජ්‍යෝතිර්වේදියා ලබා දුන් නැකතට නාම යෝජනා භාර දුන්හ

මේ අතරතුර, ‘වියත් මග’ ඔස්සේ ගමනක් යන ගෝඨාභයට ‘ශාන්තිකර්ම’ සංගමයේ සහයෝගය ද ලැබී තිබේ.

රටේ තාක්ෂණික විප්ලවයක් ඇතිකරන බවට ප්‍රධාන අපේක්ෂකයෝ ප්‍රතිඥා දෙති. විද්‍යාත්මක චින්තනයක් ඔස්සේ රට කරන බව පවසති.

ඔවුහු ජ්‍යෝතිර්වේදියා ලබා දුන් නැකතට නාම යෝජනා භාර දුන්හ.

බදු බර අඩු කරන බවට සපථ කරන සජිත්ගේ කඳවුරේ සිට රනිල් සහ මංගල ද අත්පොළසන් දෙති.

යහපාලන ආණ්ඩුව රටේ පොදු ප්‍රවාහනය, කෘෂිකර්මය, ක්‍රීඩාව ආදී ක්ෂේත්‍ර විනාශ කළ බව රාජපක්ෂ කඳවුර චෝදනා කළේය.

යහපාලන සමයේ පොදු ප්‍රවාහනය, කෘෂිකර්මය, ක්‍රීඩාව ආදී ක්ෂේත්‍ර කිහිපයක් ම පාලනය කළ ඇමතිවරු රාජපක්ෂ කඳවුරට එක් වූහ. සාදරයෙන් පිළිගත්හ.

විනය ගරුක රටක් බිහිකරන බවට තම අපේක්ෂකයා ප්‍රතිඥා දෙන විට පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු දිය කළ අය, පිහි හරඹ කළ අය, පොදු දේපළට හානි කළ අය, පුටු කැඩූ අය අත්පොළසන් දුන්හ.

මිරිස් වතුර ප්‍රහාරයImage copyright
Image captionපාර්ලිමේන්තුවේ මිරිස් වතුර ප්‍රහාරය

ජනාධිපති සිරිසේන යටතේ පවතින නාවික හමුදාවට යෝෂිත රාජපක්ෂ නැවත ඇතුළු විය. උසස්වීමක් ද හිමි විය. නිල ඇඳුමින් සැරසී යෝෂිත යුග දිවියට ඇතුළු විය.

පවුල් වාදයට එරෙහිව සිටි සිරිසේන ජනාධිපතිවරයාගේ ගෝල බාලයෝ මහින්ද කඳවුරට ගොඩවූහ.

ජනාධිපති සිරිසේන නිර්පාක්‍ෂික විය.

“කෝටි 800ක්” වටිනා නිල නිවස, පොළොන්නරුවේ සිට රට පාලනය කළ හැකි බව කී ජනාධිපතිවරයාට ම ලබා දීමට කැබිනට් මණ්ඩලය එකඟ විය.

ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ වහාම අල්ලපු ගෙදර මිනිහාට ප්‍රහාරයක් එල්ල කිරීමට ඇතැම් ඡන්දදායකයෝ දත කට මැදගෙන සිටිති.

තමන්ගේ මිනිහාට අපේක්‍ෂකත්වය නොලැබෙන්නේ නම් තනතුරු අතහැර දැමීමට සූදානම් බව ඇතැම් මැති ඇමතිවරුන්ගෙන් අසන්නට ලැබුණි.

පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂාව ප්‍රශ්න කරමින් ඉල්ලා අස්වූ අයෙක් ගැන අසන්නට නොලැබුණි.

ඉහත සඳහන් කළ බොහෝ කරුණු ඉතා සංක්‍ෂිප්තව සකසා උපහාසය දනවන අයුරින් දැනටමත් සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙයි. සමාජ ජාලා පරිශීලකයෝ මේ දිනවල ඉතා ක්‍රියාකාරී වෙති.

දේශපාලනඥයා ඊටත් වඩා ක්‍රියාකාරී ය.

මේ හැම දෙයක් ම සාධාරණීකරණය කිරීමට දේශපාලනඥයා සතුව නිදහසට කරුණු ඇත. මාධ්‍ය හමුවක් කැඳවා ඒවා ජනගත කරති.

FacebookImage copyright

කබරගොයා තලගොයා වන බවත්, දඩ මස් ගොරකා වන බවත් සිහිපත් කරමින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයෝ ‘පෝස්ටු’ පළ කරති.

“දෙසිය විසිපහම එපා” කියමින් ද පසුගිය කාලයේ බොහෝ ‘පෝස්ටු’ පළ විය. වැස්සක් වහින විට “පාර්ලිමේන්තුව යටවෙයන්” කී උදවිය ද බොහෝය.

මේ දිනවල ‘මුහුණු පොත’ පිරී ඇත්තේ දේශපාලන රැළිවලට බස් පුරවාගෙන ජනතාව ඇදී එන අයුරු දැක්වෙන ඡායාරූපවලිනි.

අලුත් පාලකයන් පත් කර ගන්නවා වෙනුවට අලුත් ජනතාවක් පත් කර ගත යුතුව ඇතැයි ද අතරින් පතර අදහස් පළ වෙයි.

“විමානේ හැටියට යකා” පත්වන බව “හොරු අල්ලන” රාජ්‍ය ඇමතිවරයෙක් කියා සිටියේ ය.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයේ මෙතෙක් අපට නොලැබුණු එක දෙයක් ලැබී තිබේ. එනම් දේශපාලකයන් මුදල් සොයා ගැනීමට ජනාධිපතිවරණ කරද්දී එම දෙෂ්පාලකයන්වම භාවිත කර අපිට කියක් හෝ හොයා ගැනීමට වාසනාව පැහැදී තිබේ. 

1xbet යනු යුරෝපයේ තිබෙන විශාලතම ප්‍රමුඛතම ඔට්ටු ඇල්ලීමේ සමාගම වන අතර ලොව පුරා අපගේ වෙබ් අඩවිය සහ ජංගම දුරකථන යෙදුම දිනපතා භාවිතා කරන ක්‍රීඩකයින් 2 000 000 කට වඩා ඇත.

ලෝකයේ දියුණු රටවල් වල දේශපාලන කාරණා සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලීම ප්‍රවනතාවයක් වුනේ බොහෝ කාලයකට ඉහතදීය. නමුත් දැන් ලංකාවේ ඔබට ඒ අවස්තාව 1xbet සමාගම වෙතින් ලැබී තිබේ. 

ඒ සඳහා ඔබ කල යුත්තේ 

1. http://bit.ly/1xsportslanka (1xBet) හි ලියාපදිංචි වන්න 

2. Promo code එක LEAGUE  ලියාපදිංචි වීමේදී ඇතුලත් කරන්න 

3. http://bit.ly/presidetialpolls2019 ඔස්සේ දේශපාලන සිදුවීම් සදහා ඇති ඔට්ටු ඇල්ලීම් වෙත යන්න 

4. ඔබේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන දේශපාලඥඥ ගේ නම click කර ඔබගේ ඔට්ටුව තබන්න