2021 වසර සඳහා ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහන
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2021 වර්ෂය සඳහා අතිශය කාර්යබහුල ජාත්‍යන්තර කාලසටහනක් සකස් කර තිබේ. එහිදී එංගලන්තය, බංග්ලාදේශය, අයර්ලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ස්කොට්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සදහා සත්කාරකත්වය දැරීමට නියමිතයි.
සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසර තුළදී ටෙස්ට් තරග 8 ක්, එක්දින තරග 15 ක් සහ විස්සයි විස්ස තරග 12 ක් ක්‍රීඩා කරනු ඇත.
2021 දින දර්ශනයට අනුව ජුලි-අගෝස්තු මාසයන්හි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පැවැත්වීමට නියමිත අතර, සමාරම්භක ශ්‍රී ලංකා T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
2021 වසර සඳහා ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහන පහතින් දැක්වේ,
-
ජනවාරි : එංගලන්තය සමග (Home) – 2 Tests
-
පෙබරවාරි -මාර්තු: බටහිර ඉන්දීය කොදෙව්වන් සමග (Away) – 2 Tests, 3 ODIs, 3 T20Is
-
මාර්තු – අප්‍රේල් : බංග්ලාදේශය සමග (Home) – 3 Tests
-
මැයි : අයර්ලන්තය සමග (Home) – 1 Test
-
මැයි – ජූනි : බංග්ලාදේශය සමග (Away) – 3 ODIs
-
ආසියානු කුසලාන (Home) T20Is
-
ජුනි – ජූලි : එංගලන්තය සමග (Away) – 3 ODIs
-
ජූලි : ඉන්දියාව සමග (Home) – 3 T20Is
-
ජූලි – අගෝස්තු : එල්පීඑල් තරගාවලිය (Home) – T20
-
අගෝස්තු – සැප්තැම්බර් : දකුණු අප්‍රිකාව සමග (Home) – 3 ODIs, 3 T20Is
-
සැප්තැම්බර් – ඔක්තෝබර් : ස්කොට්ලන්තය සමග (Home) – 3 T20Is
-
ඔක්තෝබර් – නොවැම්බර් : ICC විස්සයි විස්ස ලෝක කුසලානය (India) – T20Is
-
නොවැම්බර් – දෙසැම්බර් : ඇෆ්ගනිස්ථානය සමග (Home) – 3 ODIs
-
දෙසැම්බර් : T10 ශ්‍රී ලංකා ලීගය (Home) – T10
2021 වසර සඳහා ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහන