බංගලියන් ඉදිරියේ රැව්දෙන සිංහ ගෝරනාඩුව

0
671

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය මේ මස 15 වැනිදා ආරම්භ වීමට නියමිතයි. තරග දෙකකින් යුත් මෙම තරගාවලිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට අයත් තරග ලෙසිනුයි පැවැත්වෙන්නේ.

මීට පෙර මෙම තරගාවලියේ තරග දෙකකට දෙරට ක්‍රීඩකයෝ සහභාගී වී ඇති අතර ශ්‍රී ලංකාව ඉන් එක් තරගයක් ජය ගනිද්දී අනෙක් තරගය විසඳුමකින් තොරව අවසන් වෙනවා.

මේ තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවත වරක් දිමුත් කරුණාරත්නට හිමි වී ඇති අතර Mominul Haque බංග්ලාදේශය නායකයා ලෙසින් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා පැවති ටෙස්ට් තරග ප්‍රමාණය 22ක්. ඉන් තරග 17ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන අතර ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග ප්‍රමාණය 4ක්. බංග්ලාදේශය ජයග්‍රහණය කර ඇති එක ම තරගය වන්නේ 2017 වසරේ දී මෙරට පී. සරා ඕවල් පිටියේ දී පැවති තරගයයි. එහි දී බංග්ලාදේශය කඩුලු 4කින් ජයග්‍රහණය කරනු ලබන අතර එහි නායකත්වයේ වගකීම දැරුවේ Mushfiqur Rahim.

ඔහු දෙරට තරග වාර්තා අතරට එසේ එක් වීමට අමතර ව ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 6ක නායකත්වය උසුලමින් මේ තරග ලැයිස්තුවේ බංගලි නායකයන් අතරින් ඉදිරියෙන් සිටීමටත් සමත් වෙනවා.

පරාජිත කණ්ඩායමේ ප්‍රතිවාදී  නායකයා ලෙසින් රංගන හේරත් කටයුතු කළ අතර මේ වන විට එරට දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරුවා ද ඔහුයි. බංග්ලාදේශයට එරෙහිව මෙරට පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව වූ ලකුණු 89කට ලබා ගත් කඩුලු 7ක් ලබා ගැනීමේ වාර්තාව ද රංගන සතුයි.

ශ්‍රී ලංකාව මේ දක්වා බංග්ලාදේශයේ දී තරග 8ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 6ක් ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරද්දී, බංග්ලාදේශයට කිසිදු තරගයක් ජයග්‍රහණය කරන්නට ලැබෙන්නේ නැහැ. අනෙක් තරග දෙක විසඳුමකින් තොරව අවසන් වෙනවා.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර අවසන් වරට ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ 2021 වසරේ මෙරට දී. තරග දෙකකින් යුත් එම තරගාවලියේ දී 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සත්කාරකයෝ සමත් වුනා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මෙම තරගාවලියට එක් වෙන්නේ ආසන්නතම තරගාවලි 2-0ක් ලෙස ඇප නැතිව පරාජය වීමේ අවමානයත් සමඟින්. ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ ද, බංග්ලාදේශය දකුණු අප්‍රිකානුවන් වෙතින් ද එසේ පරාජයට පත් වෙනවා.

එබැවින් මෙම තරගාවලිය දෙපිළේ ම ක්‍රීඩකයන්ට එක සේ වැදගත් වන්නේ තම ගෞරවය රැක ගැනීම මෙහි විසඳුම් සමඟ බැඳී ඇති නිසයි. කෙසේ වෙතත් මෙම තරගාවලිය ජය ගැනීමට නම් දෙපිලේ ම ක්‍රීඩකයන්ට මේ දිනවල බංග්ලාදේශයේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් ද ජය ගත යුතු වෙනවා.

දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් වඩාත් වගකීම් සහිත සහ විශ්වසනීය ම ක්‍රීඩකයා බවට නායක දිමුත් කරුණාරත්න නම් කළ හැකියි. බංග්ලාදේශයට එරෙහි පිතිකරු ලැයිස්තුවේ තරග 10ක ඉනිම් 17ක දී ලකුණු 834ක් ලබා ගනිමින් එහි සිව්වැනි තැනට පත් වීමත් සහ ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම බංග්ලාදේශයට එරෙහිව වාර්තා වීමටත් හේතුවෙන් දිමුත්ට මේ බර පැටවෙනවා.

එය තව දුරටත් සක්‍රීය වෙන්නේ ඔහුගේ නිමා කළ අවසන් ටෙස්ට් ඉනිම් 10 දී ශතක 3ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් වාර්තා කරන ලද ලකුණු 628 ද හේතුවෙන්. එමෙන් ම කණ්ඩායම කළමනාකරණය කර ගැනීමේ දී ද වෙනදාට වඩා වැඩි වගකීමක් දිමුත් වෙත පැටවෙනවා. ඒ මෙවර කණ්ඩායමට යොවුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම එක් වී ඇති බැවින්.

දිනේෂ් චන්දිමාල්

දිනේෂ් චන්දිමාල්

බංග්ලාදේශයට එරෙහි ව තරග 8ක ඉනිම් 12ක දී  ලකුණු 700ක් වාර්තා කරමින් එහි සාමාන්‍ය 77.77ක පවත්වා ගෙන යමින් එම ලැයිස්තුවේ පළමුවැනියා වී සිටින දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් පිටියට පිවිසෙන්නේ සිවු වසරකට පසුවයි.

එතැන් සිට මේ දක්වා ඉනිම් 33ක් වෙනත් රටවල් සමඟ ක්‍රීඩා කර ඇති චන්දිමාල්ගේ දක්ෂතා ලැයිස්තුවට එකතු වී ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතක 4ක් පමණයි. එය අවසන් ටෙස්ට් ඉනිම් 10ට ලඝු වෙද්දී එතැන ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණයි.

එබැවින් චන්දිමාල් මේ වන විට පසුවෙන්නේ ලකුණු පිපාසාවෙන් විය යුතුයි. එය සංසිඳුවා ගැනීමට චන්දිමාල්ට කදිම අවස්ථාවක් මෙම තරගාවලියෙන් නිර්මාණය වී තිබේ. ඊට යම් හෝ උත්තේජනයක් වේ නම් ඒ බංග්ලාදේශය සමඟ පෙර පෑ දක්ෂතාවන් හී මතකයන්ය.

ධනංජය ද සිල්වා

ටෙස්ට් තරග 40ක දී ලකුණු 2517ක් සහ කඩුලු 29ක් ලබා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙස වර්ගීකරණය ලැබූ ධනංජය ද සිල්වාට ද මෙම තරගාවලියේ දී වැඩි වගකීමක් පැවරෙනු ඇත. මැදපෙළ ශක්තිමත් කිරීම ඔහුට පැවරෙන  ප්‍රමුඛ කාර්යයි.

මේ වගකීම වඩාත් ප්‍රබල වනුයේ ඔහු මීට පෙර බංග්ලාදේශයට එරෙහි ව පෑ දක්ෂතා ද හේතුවෙනුයි. තරග 5ක ඉනිම් 8ක දී ශතක 2ක් සමඟින් ඔහු ලබා ඇති ලකුණු ගණන 463ක් වන අතර තරග දෙකක දී ඔහු දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 2ක් පමණයි.

ලසිත් ඇඹුල්දෙණිය

ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ගේ බලඇණියේ ප්‍රමුඛයා වනුයේ 25 හැවිරිදි පා දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණියයි. ටෙස්ට් තරග 15ක දී කඩුලු 70ක් ලබා සිටින ලසිත් බංග්ලාදේශයට එරෙහිව තම දක්ෂතා උරගා බැලෙන පළමු අවස්ථාව මෙයයි.

ඔහු මෙම තරගාවලියේ දී ප්‍රමුඛ දඟපන්දු යවන්නා ලෙසින් යොදා ගැනීමේ දී බලපානු ලබන ප්‍රමුඛ කාර්යය කර ගත යුත්තේ රංගන හේරත්ගේ දඟපන්දු පුහුණුව උදෙසා යොදා ගනු ලබන තණතිලිවල වාසිය ඇඹුල්දෙණියට ද වඩාත් වාසි සහගත විය හැකි බැවින්.

මේ සියලු දෙනාට අමතරව බංග්ලාදේශයට එරෙහිව මීට පෙර පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක්වූ කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට ද මේ සංචාරයේ දී වැඩි වගකීම් පැවරෙනු නිසැකයි. කුසල් මෙන්ඩිස් බංග්ලාදේශයට එරෙහිව තරග 4ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 525ක් වාර්තා කරමින් එහි සාමාන්‍ය 75.00ක මට්ටමේ රඳවා ගෙන සිටින්නෙක්.

එමෙන් ම නිරෝෂන් දික්වැල්ල ද බංග්ලාදේශයට එරෙහිව තරග 6ක ඉනිම් 10ක දී ලකුණු 334ක් ලබා ගනිමින් තම පෙර දක්ෂතා අලුත් කිරීමට බලා සිටින ක්‍රීඩකයෙක් ලෙසින් නම් කළ හැකියි.

පන්දු යවන්නන් අතරින් යොවුන් ක්‍රීඩක 23 හැවිරිදි වමතින් දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම ද ශ්‍රී ලංකාව සතු කදිම තුරුම්පුවකි. මේ දක්වා ටෙස්ට් තරග 4කට පමණක් සහභාගී වී ඇති ප්‍රවීන් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 25ක්. ඉන් කඩුලු 11ක් ලබා ගන්නේ බංග්ලාදේශයට එරෙහිවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය: දිමුත් කරුණාරත්න (නායක) දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා. නිරෝෂන් දික්වැල්ල, ලසිත් ඇඹුල්දෙණිය, ඕෂද ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, ඩිල්ශාන් මධුශංක, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, කමිල් මිෂාර සහ කසුන් රාජිත

Shakib Al Hasan

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙස වර්ගීකරණය ලද 35 වියැති Shakib Al Hasan බංග්ලාදේශ සටන්කාමීන් අතුරින් පෙරමුණෙන් ම සිටින සොල්දාදුවෙක් ලෙසින් හැදින්විය හැකියි.

වමත් පිතිකරුවෙක් ලෙස ටෙස්ට් තරග 59කට සහභාගී වී ඇති ඔහු මේ දක්වා ලබා ඇති ලකුණු සංඛ්‍යාව 4092ක්. ඊට ද්විත්ව ශතකයක්, ශතක 4ක් සහ අර්ධ ශතක 26ක් ඇතුළත්. පා දඟපන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන  Shakib Al Hasan මේ දක්වා ටෙස්ට් කඩුලු 215ක් දවා ගැනීමට සමත් ව සිටිනවා.

පන්දු යවන්නෙක්ට වඩා පිතිකරුවෙක් ලෙසින් ක්‍රීඩා කිරීමට දැඩි ගිජුකමක් දක්වන Shakib Al Hasan මේ වන විට ලකුණු පිපාසාවෙන් පසුවෙන බවක් ඔහුගේ දත්ත පෙන්නුම් කරනවා. 2017 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව මෙරට දී ලබා ගත් ශතකයෙන් පසුව ඔහුගේ ශතක ලැයිස්තුව විවර කර ගැනීමට හැකි වී නැහැ.

ඉන් අනතුරුව ක්‍රීඩා කළ ඉනිම් 18ක දී ඔහු වාර්තා කර ඇත්තේ ද අර්ධ ශතක 5ක් පමණයි. එබැවින් මෙම තරගාවලියේ දී වඩාත් හොඳින් සක්‍රීය වීම ඔහුගේ බලාපොරොත්තුව විය හැකියි.

කෙසේ නමුත් ඔහුට පසුගිය දා බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබුණේ Shakib Al Hasan හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවයි. බංග්ලාදේශ ක්‍රිකට් බලධාරී Manzur Hossain විසින් මේ බව තහවුරු කර තිබූ අතර පළමු එක්දින තරගයේ දී ඔහුගේ සේවය බංග්ලාදේශයට අහිමි වී යනු ඇත.

Tamim Iqbal

බංග්ලාදේශ කණ්ඩායමේ 33 හැවිරිදි වමත් ආරම්භක පිතිකරු Tamim Iqbal ද ලෙහෙසියෙන් බැහැර කළ හැකි ක්‍රීඩකයෙක් නොවේ. මේ දක්වා ටෙස්ට් තරග 65කට සහභාගී වී ඇති ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 4848ක්. ඊට ද්විත්ව ශතකයක්, ශතක 8ක්  සහ අර්ධ ශතක 31ක් ඇතුළත් වෙනවා.

කෙසේ වෙතත් ඔහු ද මේ වන විට පසුවෙන්නේ පිතිකරුවෙක් ලෙසින් නිරවුල් මානසික මට්ටමකින් නොවේ. අවසන් වරට ඔහු රැස් කරන ලද ශතකයෙන් පසුව ක්‍රීඩා කළ ඉනිම් 16ට ඇතුළත් වන්නේ අර්ධ ශතක ඉනිම් 6ක් පමණක් වීම ඊට හේතු වෙනවා.

Mushfiqur Rahim

ටෙස්ට් ලකුණු 5000 සමාජයට එක් වීමට තවත් ලකුණු 68ක් පමණක් අවශ්‍ය 35 හැවිරිදි Mushfiqur Rahim කඩුලු රකින පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණය වෙමින් බංග්ලාදේශ කණ්ඩායම හා එක් වේ. ඔහුගේ ටෙස්ට් ලකුණු ලබා ගැනීම් අතර ද්විත්ව ශතක 3ක්, ශතක 4ක් සහ අර්ධ ශතක 25ක් ඇතුළත්.

ඔහුගේ දත්ත ඇතුළත අවසන් ටෙස්ට් ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව ඉනිම් 18ක් ඉලක්කම් දෙකේ හෝ එකේ ඒවායින් පමණක් සමන්විතයි. ඒ අතර ඇත්තේ ද අර්ධ ශතක 4ක් පමණයි. එබැවින් ඔහුගේ සන්නද්ධ වීම ද ශ්‍රී ලාංකිකයන්ට හිතකර නොවනු ඇත.

Taijul Islam

බංග්ලාදේශය නම් කරන ලද කණ්ඩායමේ ඉන්ද්‍රජාලික පන්දු යවන්නා වන්නේ 30 හැවිරිදි Taijul Islam. පා දඟපන්දු යවන්නෙක් ලෙසින් ටෙස්ට් තරග 36කට සහභාගී වී ඇති ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 153ක්.

ඒ අතරට අවසන් ටෙස්ට් තරග 5 දී වාර්තා කරන ලද කඩුලු 27ක් ද ඇති අතර ඉන් කඩුලු 8ක් ම ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරන ලද ඒවායි.

ඔහුගේ දක්ෂතා අතර ඉනිමක කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා සිටින අවස්ථා 10ක් වාර්තා වන අතර ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2014 දී ලකුණු 39කට ලබා ගත් කඩුලු 8යි.

  • බංග්ලාදේශ සංචිතය: Mominul Haque (නායක) Ebadot Hossain, Khaled Ahmed, Mahmudul Hasan Joy, Mosaddek Hossain, Mushfiqur Rahim, Najmul Hossain Shanto, Nayeem Hasan, Nurul Hasan, Rejaur Rahman Raja, Shohidul Islam, Shoriful Islam, Taijul Islam, Tamim Iqbal, Yasir Ali

තරගාවලියට නම් කෙරුණ කෝඩුකාරයෝ

කමිඳු මෙන්ඩිස්

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 7කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5කට ක්‍රීඩා කර ඇති 23 හැවිරිදි කමිඳු මෙන්ඩිස් නම් කරන ලද බංග්ලාදේශයට එරෙහි කණ්ඩායමේ කෝඩුකාරයන් අතරින් ඉදිරියෙන් පසු වෙනවා.

වමත් පිත්ත හසුරුවමින් සහ දෙඅතින් ම දඟපන්දු යැවීමේ හැකියාවෙන් යුත් කමිඳු පසුගිය මාසයේ මෙරට දී නිමා වූ ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලැබූ අතර තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා ද වූයේ ඔහුයි.

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම සහ LPL ක්‍රිකට් තරගාවලියේ දී Kandy Tuskers කණ්ඩායම ද නියෝජනය කර ඇති කමිඳු මේ වන විට Tamil Union ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනවා. පළමු පෙළ තරග 21ක දී ලකුණු 2007ක් රැස් කරගෙන සිටින කමිඳුගේ එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙස සටහන් වෙන්නේ 66.90ක්.

සුමින්ද ලක්ෂාන්

පා දඟපන්දු යවන්නෙක් සහ දකුණත් පිතිකරුවෙක් වන 25 හැවිරිදි සුමින්ද ලක්ෂාන් විශ්වසනීය තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්වේ. මෙතෙක් පළමු පෙළ තරග 34කට ක්‍රීඩා කර ඇති ඔහු කඩුලු 69ක් සහ ලකුණු 1727ක් ලබා සිටී.

මෝදර ඩි ලා සාල් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි සුමින්ද ලක්ෂාන් නිමා වූ LPL තරගාවලියේ දී Galle Gladiators නියෝජනය කළ අතර මේ දිනවල පළමු පෙළ තරග සඳහා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කරයි.

ඩිල්ශාන් මධුශංක

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් පෑ දක්ෂතා හේතුවෙන් විචාරක පැසසුම් ලැබූ 21 හැවිරිදි ඩිල්ශාන් මධුශංක හුංගම විජයබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් අත් පොත් තැබූ ක්‍රීඩකයෙක්.

වමතින් මද වේගපන්දු යවන ඩිල්ශාන් මධුශංක මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග 6කට පමණයි. එහි දී කඩුලු 19ක් ලබා සිටින ඔහු නිමා වූ LPL තරගාවලියේ දී Galle Gladiators නියෝජනය කළ අතර මේ දිනවල පළමු පෙළ තරග සඳහා කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරයි.

කමිල් මිෂාර

21 හැවිරිදි වමත් පිතිකරු කමිල් මිෂාර නැගී එන යොවුන් ක්‍රීඩකයන් අතුරින් ප්‍රමුඛ ස්ථානයේ ලා සැලකෙන්නෙක්. පසුගිය කාලයේ පෑ දක්ෂතා හේතුවෙන් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3කට සහභාගී වීමට ද වරම් ලබා ගත්තා. එහෙත් එහි එතරම් දක්ෂතා දැක්වීමට තරම් ඔහු වාසනාවන්ත වූයේ නැහැ.

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පසුගිය වසරේ පැවති  LPL තරගාවලියේ දී Kandy Worriers කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසින් ද කටයුතු කළ කමිල් මිෂාර මේ දිනවල පළමු පෙළ තරග සඳහා කොළඹ එන්. සී. සී. කණ්ඩායම හා එක් ව සිටී.

Shohidul Islam

27 හැවිරිදි Shohidul Islam බංග්ලාදේශ ක්‍රිකට් සංචිතයට එක් වෙන්නේ පන්දු යවන්නෙක් ලෙසින්. මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට පමණක් ක්‍රීඩා කර ඇති ඔහු සහභාගී වී ඇති පළමු පෙළ තරග සංඛ්‍යාව 35ක්. දකුණතින් මද වේගපන්දු යවන ඔහු ලබා ඇති පළමු පෙළ කඩුලු සංඛ්‍යාව 93ක්.

Rejaur Rahman Raja

22 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන Rejaur Rahman Raja ද බංග්ලාදේශ සංචිතයට එක් වෙන්නේ පන්දු යවන්නෙක් ලෙසින්. තවමත් පළමු පෙළ තරග 11කට පමණක් ක්‍රීඩා කර ඇති ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 36ක්.

තරග කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය – මැයි මස 15 – 19 දක්වා Chattogram
  • දෙවැනි ටෙස්ට් තරගය – මැයි මස 23 – 27 දක්වා Mirpur

තරගාවලියේ උණුසුම් පුවත් බලාපොරොත්තුවෙන් රැඳී සිටින්න lankan sports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

බංගලියන් ඉදිරියේ රැව්දෙන සිංහ ගෝරනාඩුව.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Loading spinner