මැතිව්ස් ගේ 199යෙන් ශ්‍රී ලංකා ළකුණු පුවරුව 397 දක්වා ඉහළට​.

0
617
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

සංචාරයක ශ්‍රී ලංකා සහ සත්කාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ ක්‍රීඩකයින් එක් කඩුල්ලක් දැවී ලකුණු 76ක් රැස්කරගෙන සිටියා.

තරගයේ පළමු දිනය වූ ඊයේ (15) දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 258ක් රැස්කරගෙන සිටි අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 114*ක් සහ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 34ක් රැස් කරගෙන සිටියා.

ඊයේ දිනයේ ලබා ගත් රිද්මය උදෑසන වරුවේ පවත්වා ගත් චන්දිමාල් සිය අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වීමෙන් අනතුරුව ලකුණු 66ක් ලබා සිටිය දී Nayeem Hasanගේ පන්දුවක් හමුවේ දැවී ගියේ පස්වැනි කඩුල්ල සඳහා පිහිටවූ ලකුණු 136ක වටිනා සම්බන්ධතාව අවසන් කරමිනුයි.

ඉන්පසුව පිටියට පිවිසි කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල එම පන්දුවාරයේ දී ම ලකුණු 3කට පිටියෙන් ඉවත් කිරීමට Nayeem Hasanට හැකි වුනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තරමක පීඩනයක් ගෙන දෙමිනුයි.

දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 327ක් ලබා සිටි අතර හුදකලා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි මැතිව්ස් නොදැවී ලකුණු 147යි.

දිවා ආහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ Shakib Al Hasan රමේෂ් මෙන්ඩිස් එක් ලකුණකට සහ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කරද්දී, මැතිව්ස් ලකුණු 150 සීමාව පසු කිරීමට සමත් වුනා.

ඉන්පසු පිටියට පිවිසි විශ්ව ප්‍රනාන්දු සහ ඇන්ජලෝ මැතිව්ස් නවවැනි කඩුල්ලට පිහිටවූ ලකුණු 47ක නොබිදුණු සම්බන්ධතාව නිසාවෙන් තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා පළමු ඉනිම දිස්වුණේ කඩුලු 8ක් දැවී ලකුණු 375ක් ලෙසයි.

තේ පානයට තරගය නතර කිරීමට පෙර පන්දුවාරයේ දී පන්දුවක් හිසේ වැදීම නිසාවෙන් විශ්ව ප්‍රනාන්දු තේ පානයෙන් පසුව පිටියට නොපැමිණි නිසාවෙන් නවක පිතිකරුවා ලෙස පැමිණියේ අසිත ප්‍රනාන්දුයි.

පන්දු 27කට මුහුණ දෙමින් ලකුණක් ලබා සිටි අසිත Nayeem Hasanගේ පස්වැනි කඩුල්ල ලෙස දැවී යාමෙන් අනතුරුව විශ්ව ප්‍රනාන්දු නැවතත් පිතිකරණයට පැමිණියා.

තරගය පුරාවට ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ මැතිව්ස් ද්විත්ව ශතකය පෙනෙන මානයේ දී ලකුණු 199කට දැවී ගියේ Nayeem Hasanගේ පන්දුවක් හමුවේයි.

ඒ සමඟින් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 397කට සීමා වූ අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි විශ්ව ප්‍රනාන්දු ලකුණු 17ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී අගනා දස්කම් පෙන්වූ Nayeem Hasan ලකුණු 105කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වෙද්දී, Shakib Al Hasan ලකුණු 60කට කඩුලු තුනයි.

ලකුණු 397ක් පිටුපසින් සිටිමින් සිය පළමු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ල සඳහා දිනය අවසන් වන විට නොබිදුණු ලකුණු 76ක සම්බන්ධතාවක් පිහිටුවීමට ආරම්භක පිතිකරුවන් වන Tamim Iqbal සහ Mahmudul Hasan Joyට හැකි වුනා.

ඒ අනුව අද දිනය අවසන් වන විට බංග්ලාදේශය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 321ක් පිටුපසින් සිටි අතර නොදැවී ක්‍රීඩා කරන Tamim Iqbal ලකුණු 35ක් සහ Mahmudul Hasan Joy ලකුණු 31ක් ලබාගැනීමට සමත්ව තිබුණා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

මැතිව්ස් ගේ 199යෙන් ශ්‍රී ලංකා ළකුණු පුවරුව 397 දක්වා ඉහළට​.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Loading spinner