ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික තරඟාවලි ජයක්
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023
චමරි අතපත්තුගේ ප්‍රවේගකාරී සහ සුපිරි පිතිකරණ දස්කම් නිසාවෙන් නවසීලන්තයට එරෙහිව පැවති තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (3) සමත් වුනා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති එහි අවසන් තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 8කින් ජය ගැනීමත් සමඟිනුයි.
ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි හා අවසන් එක්දින තරඟයේ කාසියේ වාසිය දිනාගත් සංචාරක නවසීලන්තය මුලින්ම පන්දු රැකීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමිකර දුන් අතර ඒ අනුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි නවසීලන්ත කාන්තා පිල පන්දුවාර 31 ක් තුල ලකුණු 127 ක් රැස් කරගෙන සිටියදී තරඟයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් සුසී බේට්ස් නොදැවී ලකුණු 63 ක් රැස් කල අතර සොෆී ඩිවයින් ලකුණු 38 ක් රැස් කලේය.


තරඟයේ ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29 ක් තුල හිමිවූ ඉලක්කය ලකුණු196 ක්.පන්දුවාර 26 කුත් පන්දු 5 ක් අවසානයේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඉලක්කය පසු කර යන්නට සමත් විය.
මෙවර තරඟාවලියේ රැස් කල දෙවැනි ශතකයට උරුම කම් කියමින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 80 කදී ලකුණු 140 ක් නොදැවී රැස් කරමින් වාර්ථාගත තරඟාවලි ජයක් කරා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහෙයවීය.

ඇයට අගනා සහයක් වෙමින් නිලක්ශිද සිල්වා නොදැවී ලකුණු 48 ක් රැස් කිරීමට සමත් විය.
ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තෙවැනි හා අවසන් එක්දින තරඟය කඩුලු 8 කින් ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට නවසීලන්තය හමුවේ තරඟාවලි ජයක් වාර්ථා කිරීමට සමත් විය.
ඊයේ නිමාව දුටු තෙවැනි තරඟයේ වීරයා ලෙසින් මෙන්ම තරඟාවලියේ වීරයා ලෙසින් ද ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සම්මාන දිනාගත්තේය.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.