ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට
Netball World Cup 2023
දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන 2023 දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයෙන් (අවසන් ස්ථානය) සෑහීමකට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (04) සිදු වුනේ සිංගප්පූරුව හමුවේ ලද ලකුණු 49-46ක තියුණු පරාජයත් සමඟයි .

තරගාවලියේ 15 වැනි ස්ථානය තේරීම වෙනුවෙන් පැවැත්වුණු මෙම තරගය ගිය වසරේ පැවැත්වුණු ආසියානු දැල්පන්දු ශූරතා අවසන් තරගය සිහිපත් කරවන අවස්ථාවක් වුනා. එවර එම තරගය ජය ගත් ශ්‍රී ලංකාව ආසියානු ශූරියන් බවට පත් වුනත්,
මෙවර එවැනි දස්කමක් දවමින් ලෝක මට්ටමේ දී සිංගප්පූරුව අබිබවා යෑමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.
මෙම තරගයේ පළමු කාර්තුව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ග්‍රහණයට නතු වූ අතර එහි දී ඔවුන් විසින් ලකුණු 15ක් ලබා ගනිද්දී, සිංගප්පූරුවෙන් වාර්තා වී තිබුණේ ලකුණු 8ක් පමණයි.

තරගයේ සිව් වැනි සහ අවසන් කාර්තුව තරගයේ තීරණාත්මක ම කාර්තුව වූ අතර එහි දී අවාසනාවන්ත ලෙස සිංගප්පූරු ක්‍රීඩිකාවන් ඉදිරියට පැමිණීමට සමත් වුනා.
අවසන් ලකුණු තත්වය සිංගප්පූරුව 49 – 46 ශ්‍රී ලංකාව
මේ අනුව මෙවර තරගාවලියේ අවසන් ස්ථානයට (16) පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනත්,
සමස්තයක් ලෙස ඉතා තරගකාරී ලෙස මෙම තරගාවලියේ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් උත්සාහ කළා.

මෙහි දී ලෝක කුසලාන ඉතිහාසයේ වසර 20කට පසුව සිංගප්පූරුව හැරුණු කොට වෙනත් කණ්ඩායමක් පරාජය කළ පළමු අවස්ථාව සනිටුහන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වූවා සේ ම (බාර්බඩෝස් කණ්ඩායම පරාජය කරමින්)
වෙල්සය වැනි අතිශය ප්‍රබල කණ්ඩායම් වලට පවා තියුණු අභියෝගයක් එල්ල කිරීමට ඔවුන් සමත් වීම විශේෂයෙන්ම අගය කළ යුතුයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.