ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය
25th Asian Athletics Championship
25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ම මතකයක් බවට පත් කරවමින් ඊයේ (16) තායිලන්තයේ බැංකොක් හිදි නිමාවට පත් වුනා.

1973 වසරේ දී ආරම්භ වූ ආසියානු මලලක්‍රීඩා ශූරතා තරගාවලියේ25 වැනි අදියරඊයේනිමා වුනේ එහි ශූරතාව රන් පදක්කම් 16ක් සමඟින් සමස්ත පදක්කම් 37ක් දිනා ගැනීමට සමත් වූ ජපානයට හිමි කර දෙමිනුයි.

2019 වසරේ දී දෝහා හිදි පැවැත්වුණු තරගාවලියෙන් අනතුරුව වසර 4ක ඇවෑමෙන් පැවැත්වුණු මෙම තරගාවලියේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් සමන්විත වූ මලල ක්‍රීඩා කණ්ඩායමක් විසින්
රන් පදක්කම් 3ක්,
රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක්
දිනා ගනිමින් සමස්ත පදක්කම් 8ක් ශ්‍රී ලංකා නාමය ඉදිරියෙන් ලියා තැබීමට සමත් වුනා.
වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක් (lankansports.com)
මෙය ශ්‍රී ලංකාව විසින් මෙම තරගාවලි ඉතිහාසය තුළ ලබා ගත් ඉහළම පදක්කම් ප්‍රමාණය ලෙසයි සටහන් වුනේ.


රන් පදක්කම්
- මීටර් 400 කාන්තා – නදීශා රාමනායක (තත්පර 52.61)
- මීටර් 800 කාන්තා – තරුෂි කරුණාරත්න (මිනිත්තු 2.00.66)
- මීටර් 400×4 පිරිමි – අරුණ දර්ශන, රාජිත රාජකරුණා, පබසර නිකූ, කාලිංග කුමාර (මිනිත්තු 3.01.56)
රිදී පදක්කම්
- මීටර් 400×4 කාන්තා – නදීශා රාමනායක, තරුෂි කරුණාරත්න, සයුරි මෙන්ඩිස්, නිශේන්ද්‍රා ප්‍රනාන්දු (මිනිත්තු 3.33.27)
- මීටර් 400×4 මිශ්‍ර – අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, නදීශා රාමනායක, තරුෂි කරුණාරත්න (මිනිත්තු 3.15.41)
ලෝකඩ පදක්කම්
- හෙල්ල විසි කිරීම කාන්තා – නදීශා ලේකම්ගේ (මීටර් 60.93)
- මීටර් 1500 කාන්තා – ගයන්තිකා අබේරත්න (මිනිත්තු 4.14.39)
- මීටර් 800කාන්තා – ගයන්තිකා අබේරත්න (මිනිත්තු 2.03.25)

මෙහි දී ශ්‍රී ලංකාව විසින් ලබා ගත් පදක්කම් 8න් 3කට ම සිය දායකත්වය ලබා දීමට තවමත් 18 හැවිරිදි වියේ පසු වනතරුෂි කරුණාරත්න විසින් සමත් වීම විශේෂත්වයක්.

මොවුන්ගේ මෙම කැපී පෙනෙන දක්ෂතා සමඟින් එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් දිනා ගැනීමට අවස්ථාව හිමි වෙතැයිබලාපොරොත්තු දල්වා ගෙන බලා සිටීමට ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදා වී තිබෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.