පළමු කඩුලු 3 බිඳ වැටුණු පසු බංග්ලාදේශය නැවතත් හිස ඔසවයි

0
807

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2022

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද (17) Chattogram ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා. දිනය නිමා වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 318ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 79ක් පසුපසින් සිටිමින්.

පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනයේ දෙවන කාල සමය තුල ලකුණු 63කට කඩුලු 3ක් දවාගැනීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සමත් වුනු අතර විශ්ව ප්‍රනාන්දුගේ ආදේශක ක්‍රීඩකයා ලෙස මේ තරගය ක්‍රීඩා කරන කසුන් රාජිත මෙහි දැවී ගිය කඩුලු 3න් කඩුලු 2ක් දවාගැනීම කැපී පෙනුනා. රාජිත සහ අසිත දවාගත් කඩුලු 3 හැරෙන්නට අද දිනයේ තුලදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බංග්ලාදේශ කඩුලු දවාගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ.

දිනය ආරම්භ වන විට බංග්ලාදේශය සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 76ක් ලබාගෙන සිටියා. එහිදී Mahmudul Hasan Joy සහ Tamim Iqbal පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 162ක ස්ථාවර ආරම්භක සබඳතාවයක් ගොඩනැංවූවා. බංග්ලාදේශ ටෙස්ට් පිතිකරුවන් යුගලයක් පළමු කඩුල්ල වෙනුවෙන් Chattogram ක්‍රීඩාංගණයේ මේ දක්වා ගොඩනංවා තිබෙන දෙවන හොඳම සබඳතාවය එයයි. එසේම ටෙස්ට් ඉනිම 60කට සහ වසර 5කට පසුව ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් යුගලයක් ශතක සබඳතාවයක් ගොඩනැංවූ පළමු අවස්ථාව ලෙස ද මෙය වාර්තා පොත් අතර සටහන් වුනා.

21 හැවිරිදි Mahmudulව ලකුණු 51ක් ලබාගෙන සිටියදී දවාගැනීමට අවස්ථාවක් තිබූ නමුත් අසිත ප්‍රනාන්දු යොමු කළ එම පන්දුව හමුවේ Fine Leg කලාපයේ පන්දු රකිමින් සිටි ලසිත් ඇඹුල්දෙණිය හට එය රැකගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් Mahmudul හට දිවා ආහාරයට පසුව මුහුණදුන් පළමු පන්දු 7 තුල එකඳු හෝ ලකුණක් ලබාගැනීමට හැකියාවක් නොලැබුණු අතර ඔහු මුහුණ දුන් 8 වන පන්දුවෙන් Mahmudulගේ කඩුල්ල දවාගැනීමට අසිත සමත් වුනා. ශ්‍රී ලංකාවට හිසරදයක් වුනු ආරම්භ කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු ලකුණු 162 සබඳතාවයට Mahmudul 4 පහර 9ක් සමඟ ලකුණු 58ක් එක්කාසු කළා.

Mahmudulගේ දැවී යාමට පසුව පිටියට පැමිණි වමත් පිතිකරු Najmul Hossain Shantoගේ කඩුල්ල දවාගැනීමට රාජිත සමත් වුනා. රාජිත තමන් ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරයේ සිව්වන පන්දුවේ දී ලකුණු 3ක් ලබාගෙන සිටි Shantoගේ කඩුල්ල දවාගත් අතර ඉන් පන්දුවාර 7ක් තුල බංග්ලාදේශ නායක Mominul Haqueගේ කඩුල්ල ද ලකුණු 2කට දවාගැනීමට රාජිත සමත් වුනා. දකුණතින් වේගපන්දු යවන රාජිත පිතිකරු තුලට දෝලනය වන පරිදි යොමු කළ එම සුපිරි පන්දුව වමත් පිතිකරු Mominulගේ පිත්ත සහ පාදය අතර හිදැසින් ගොස් කෙලින්ම කඩුල්ලේ වැදුණු අතර එය වේගපන්දු යවන්නන්ගේ සිහිනයක් බඳු පන්දුවක්.

බංග්ලාදේශ ඉනිම ආරම්භයේ සිට මේ දක්වා තවදුරටත් සිය කඩුල්ල රැකගනිමින් පන්දුවට පහරදෙමින් සිටි Tamim සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගත් 10වන ශතකය වාර්තා කරගෙන නොදැවී ලකුණු 133*ක් (retired hurt) ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා. ඔහුගේ එම මනරම් ඉනිම 4 පහර 15කින් වර්ණවත් වී තිබෙන අතර ඔහුගේ වසර 14ක ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් පළමු ශතකය මෙයයි. තවද පළමු ඉනිමක් තුල ඔහු දැනට ලබාගෙන තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය ද මෙයයි.

තේ පානයට මිනිත්තු කිහිහිපයක් ඉතිරිව තිබියදී Tamimගේ පාදයේ මස් පිඩු ඇදීයාමක් සිදුවුනු අතර තේ පානයෙන් අනතුරුව ඔහු නැවතත් පන්දුවට පහරදීමට පිටියට අවතීර්ණ වුනේ නැහැ. ඒ නිසාවෙන් තේ පානයට පසුව කඩුලු රකින පිතිකරු Litton Das පිටියට අවතීර්ණ වුනු අතර Mushfiqur Rahim සමඟ එක්වුණු Litton සිව්වන කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 98*ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත්ව තිබෙනවා.

එහිදී Mushfiqur සහ Litton දෙදෙනාම පිළිවෙලින් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 26 වන සහ 12 වන අර්ධ ශතක ලබාගත්තා. Litton ලකුණු 33ක් ලබාගෙන සිටියදී ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ Short Leg කලාපයේ සිටි ඕෂද ප්‍රනාන්දු වෙත උඩ පන්දුවක් ලබාදුන් නමුත් එය ඔහුට රැක ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ.

තරගයේ තෙවන දිනය අවසන් වන විට බංග්ලාදේශය මේ තරගයේ වැඩි ගෞරවය දිනාගෙන තිබෙන අතර නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින Mushfiqur (4 පහර 2) සහ Litton (4 පහර 8) පිළිවෙළින් ලකුණු 53*ක් සහ ලකුණු 54*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු සියල්ලම බංග්ලාදේශ දඟපන්දු යවන්නන් විසින් දවාගැනීමට සමත් වුනු නමුත් බංග්ලාදේශ ඉනිමේ මේ දක්වා බිඳ වැටී තිබෙන කඩුලු 3ම දවාගත්තේ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් විසින්. එසේම ශ්‍රී ලංකාවට ඉතිරිව තිබෙන විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ (DRS) අවස්ථාවන් 3න් 2ක් අහිමිව ගිය අතර බංග්ලාදේශය සතුව එම අවස්ථාවන් 3ම ඉතිරිව තිබෙනවා.

ඊයේ (16) ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙමින් සිටි අවස්ථාවේ දී, වේගපන්දු යවන ක්‍රීඩක Shoriful Islam යොමු කළ පන්දුවක් විශ්ව ප්‍රනාන්දුගේ හිස් ආවරණයේ පසුපස පෙදෙසේ වැදීම නිසා ඔහු අද උදෑසන පන්දු රැකීම/පන්දු යැවීම සඳහා පිටියට අවතීර්ණ වුනේ නැහැ.

දැනගන්නට ලැබෙන ආරංචි මාර්ග වලට අනුව විශ්වගේ තත්වය නිරීක්ෂණය කිරීම සහ ඔහුට අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර කිරීම සඳහා ඔහුව රෝහල් ගත කර තිබෙන අතර ඒ නිසාවෙන් ඔහුට පළමු ටෙස්ට් තරගයද අහිමිව යනවා. ඒ අනුවයි ඔහුගේ ආදේශක ක්‍රීඩකයා ලෙස (concussion substitutes) දකුණතින් වේගපන්දු යවන රාජිත මේ තරගයට ක්‍රීඩා කරන්නේ.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතවලියේ තරග දෙකක් ඇතුලත් මේ තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය හෙට (18) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

පළමු කඩුලු 3 බිඳ වැටුණු පසු බංග්ලාදේශය නැවතත් හිස ඔසවයි..

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..