තවත් කොදෙව් පිතිකරුවෙකු ජාත්‍යන්තර පිටියෙන් ඉවතට

0
73
Lendi simmons

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු Lendl Simmons ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇතැයි ඔහුගේ ක්‍රීඩා ඒජන්සිය වන 124notout විසින් ප්‍රකාශ කර තිබෙනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුම් හී සටහනක් තබමින් 124notout ඒජන්සිය ප්‍රකාශ කර තිබුණේ Lendl Simmons පසුගිය සිකුරාදා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් බලධාරීන්ට සිය සමුගැනීමේ ලිපිය යොමු කර ඇති බවත්, ඉදිරියට නිදහස් ක්‍රීඩකයෙකු ලෙස ලීග් පිටියට වැඩි අවධානයක් ලබා දීමට ඔහු සූදානම් බවයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් අතරින් මෑතක දී සමුගැනීම ප්‍රකාශ කළ දෙවැනි ක්‍රීඩකයා Simmons වන අතර ඔහුට පෙර හිටපු කොදෙව් නායක Denesh Ramdin ද සිය සමුගැනීම ප්‍රකාශ කළා.

වසර 16ක් පුරාවට කොදෙව් කණ්ඩායමට සේවය ලබා දුන් Simmons ටෙස්ට් තරග 8ක්, එක්දින තරග 68ක් සහ විස්සයි විස්ස තරග 68ක දී සිය කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර ලකුණු 3763ක් ලබා ගැනීමට සමත් වුනා.

2006 වසරේ දී පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර වරම් දිනූ Simmons ටෙස්ට් පිටියේ එතරම් සාර්ථක ක්‍රීඩකයෙකු නොවුනත් සීමිත පන්දුවාර පිටියේ ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකටයි.

කොදෙව් කණ්ඩායමට 2016 විස්සයි විස්ස ලෝක කුසලානය දිනා දීමට විශාල සේවාවක් ඉටු කළ ඔහු ඉන්දියාවට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේ දී පන්දු 52ක් තුළ ලකුණු 82ක් ලබා ගනිමින් සිය කණ්ඩායම අවසන් මහා තරගයට රැගෙන යන්නට දායක වුනා.

විස්සයි විස්ස පිටියේ 120.80ක ප්‍රහාරාත්මක වේගයක් සමඟ ලකුණු 1572ක් ලබා ගැනීමට ඔහුට හැකි වූ අතර 2021 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ දී සාර්ථක වීමට ඔහුට හැකි වුනේ නැහැ.

විස්සයි විස්ස ලීග් පිටියේ ද කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වූ Simmons කොදෙව් ලීගය වන CPL හි වැඩිම ලකුණු ලාභියා වන අතර ඔහු සුප්‍රකට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Mumbai Indians නියෝජනය කරමින් ශූරතා ද්විත්වයක් දිනා ගැනීමට සිය දායකත්වය සැපයුවා.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..