#indiacricket2022 Archives | 1XBet Sri Lanka
Home Tags #indiacricket2022

Tag: #indiacricket2022

ලංකාවට දැවැන්ත පරාජයක් නැවතත්!

ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත වූ ඉන්දියා සංචාරය ඊයේ දිනයේදී නිම වූයේ අවසාන ටෙස්ට් තරඟයේ තවත් දින දෙකක් ඉතිරිව තිබියදීය. පළමු තරඟයද දින තුනක් තුළ අවසන් කිරීමට සමත් වූ ඉන්දියානු පිළ දෙවන තරඟයද එලෙසෙන් ම නිමා කලේ තරඟාවලිය 2-0 ක අන්ත පරාජයක් ලංකාවට අත් කර දෙමින්ය. ලංකාවට දැවැන්ත පරාජයක් නැවතත්! මෙම තරඟයේ ලකුණු පුවරුව දෙස බලන කළ නායක දිමුත් කරුණාරත්නගේ ශතකය ඇරෙන්නට වෙනත් කිසිදු ධනාත්මක දෙයක් දක්නට නැත. පන්දු යැවීමෙන් යම් මට්ටමට ධනාත්මක බවක් පෙනී ගියද, ඒ සඳහා තණතීරුවේ සහයද මනාව ලැබිණි. සුරංග ලක්මාල් ගේ අවසන් තරඟයේදී පළමු ඉනිමේ එක කඩුල්ලක් පමණක් දවාගෙන සෑහීමට පත් වීමට ඔහුට සිදු විය. කෙසේ වෙතත්, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අනුශුරයන් වන ඉන්දියානු කණ්ඩායම, ශ්‍රී ලාංකීය පිළට කිසිදු අවස්ථාවක් නොදීය. කෙසේ හෝ තවත් අසාර්ථක තරඟාවලියක් අවසන් කොට ඇති මොහොතක වැහි වලාවේ රිදී තීරය සොයන ලාංකීය ක්‍රීඩා ලෝලීන්ට නුදුරු අනාගතයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පෙර තරඟයේ ශතකයක් ලබාගත් නායක දිමුත් ඉහළට එනු දැක සෑහීමට පත් විය හැක. 2015 ට පෙර පවතී එම පෙරළිකාර සිංහ කණ්ඩායමක් නැවත අපට දැකගැනීමට කෙතරම් කාලයක් බලාසිටීමට වේ දැයි අනාවැකි පළ නොහැක.
WhatsApp chat