#asitha_fernando Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/asitha_fernando/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 27 Oct 2022 13:48:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු-Asitha Fernando replaces injured Binura in Sri Lanka T20 World Cup squad.. https://lankansports.com/%e0%b6%b6%e0%b7%92%e0%b6%b1%e0%b7%94%e0%b6%bb-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7/ Thu, 27 Oct 2022 13:48:04 +0000 https://lankansports.com/?p=12571 බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු විස්සයි විස්ස ලෝක කුසලානය 2022 ඕස්ට්‍රේලියාව සමඟ පෙරේදා (25) පැවති තරගයේ දී ආබාධයකට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු හට විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. තරගයේ දී බිනුර හට ක්‍රියාත්මක කිරීමට හැකි වුනේ පන්දු පහක් පමණක් වන අතර ඉන්පසුව ඔහු ආබාධයක් නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත් වුනා. […]

The post බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු-Asitha Fernando replaces injured Binura in Sri Lanka T20 World Cup squad.. appeared first on 1XBet Sri Lanka.

]]>
බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ඕස්ට්‍රේලියාව සමඟ පෙරේදා (25) පැවති තරගයේ දී ආබාධයකට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු හට විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

තරගයේ දී බිනුර හට ක්‍රියාත්මක කිරීමට හැකි වුනේ පන්දු පහක් පමණක් වන අතර ඉන්පසුව ඔහු ආබාධයක් නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත් වුනා.

බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු
බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු

බිනුර මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආබාධයට ලක් වූ හයවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන අතර ඔහුට අමතරව පිතිකරුවන් වන පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක සහ පන්දු යවන්නන් වන ප්‍රමෝද් මධුශාන්, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක තරගාවලියට පෙර ආබාධවලට ලක් වුනා.

එම ක්‍රීඩකයින් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වූ දුෂ්මන්ත චමීර,

ඩිල්ෂාන් මධුශංක සහ ධනුෂ්ක ගුණතිලක හට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර මෙලෙස තරගාවලිය අහිමි වන සිව්වැනි ක්‍රීඩකයා බිනුර ප්‍රනාන්දුයි.

බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු

මේ අනුව වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට ආදේශ කිරීමට තරගාවලියේ තාක්ෂණික කමිටුව අවසර ලබා දී තිබෙනවා.

සුපිරි 12 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එහි පෙරමුණේ පසුවන නවසීලන්තය සමඟ සෙනසුරාදා (29) තරග වැදීමට නියමිතයි.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට තරගයට සමගාමීව ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න රැඳී සිටින්න, lankan sportsසමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු-Asitha Fernando replaces injured Binura in Sri Lanka T20 World Cup squad.. appeared first on 1XBet Sri Lanka.

]]>
ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට https://lankansports.com/%e0%b6%86%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%ad-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%ba%e0%b7%92-20-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%9a%e0%b7%94/ Tue, 16 Aug 2022 11:37:15 +0000 https://lankansports.com/?p=11413 ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‌ය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී බ්ලූස් පිල කඩුලු 7 කින් පරාජය කළ රෙඩ්ස් කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ […]

The post ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට appeared first on 1XBet Sri Lanka.

]]>
ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‌ය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී බ්ලූස් පිල කඩුලු 7 කින් පරාජය කළ රෙඩ්ස් කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 10 ක ත්‍යාගයකටද හිමිකම් කීය .

පන්දු යවන්නන්ගේ දක්ෂතා මත ලකුණු 137 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා ගත් රෙඩ්ස් කණ්ඩඩායම පන්දුවාර 16.5 ක් අවසනදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. නායකත්වයේ ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 56 ක් ලබා ගත්තේ සිය ඉනිම නොබිඳී පවත්වාගනිමිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ සමග එක්වූ මෙන්ඩිස් පන්දු 29 කදී වේගවත් ලකුණු 49 ක් එක් කළහ. ඉන් නොනැවතුණු රෙඩ්ස් නායකයා වනිඳු හසරංග සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 36 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් රෙඩ්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම පමණක් කඩුලු 2 ක් දවා ගත් නමුත් ඔහුට එරෙහිව ලකුණු 34 ක් ලබා ගැනීමට රෙඩ්ස් පිතිකරුවෝ සමත්වූහ .

රෙඩ්ස් පන්දු යවන්නන් අතර මහීීෂ් තීක්ෂන කැපී පෙනුණු අතර ඔහු පන්දුවාර 4 කදී ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත්තේය. ඔහුට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තේය. බ්ලූස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අෂේන් බණ්ඩාර පන්දු 30 කදී ලකුණු 40 ක් රැස් කළේ හතරේ පහර 4 ක් ද ඉනිමට ඇතුළත් කර ගනිමිනි. හේ ඉනිම හමාර වන තෙක්ම කඩුල්ලේ රැදී සිටියද සෙසු පිතිකරුවන්ගේ ලැබිය යුතු දායකත්වය අවම මට්ටමක නිසා සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට බ්ලූස් පිලට නෙ‌ොහැකි විය. බණ්ඩාර අමතරව ළහිරු උදාර ලකුණු 37 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 25 ක් රැස් කළහ.

ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය.

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්

දක්ෂතම පන්දු යවන්නා ප්‍රවීන් ජයවික්‍රම (තරග 4 යි කඩුලු 7 යි)

දක්ෂ තම පිතිකරුවා කුසල් මෙන්ඩිස් (තරග 4 යි ලකුණු 206 යි)

තරගාවලියේ වීරයා අසිත ප්‍රනාන්දු (තරග 4 යි කඩුලු 10 යි)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට appeared first on 1XBet Sri Lanka.

]]>
SLC Reds ක්‍රීඩකයෝ අවසන් මහා සටනට .. https://lankansports.com/slc-reds-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%9d-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1/ Mon, 15 Aug 2022 11:16:57 +0000 https://lankansports.com/?p=11375 SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේ (13) රාත්‍රියේ නිමා වූ තරගයෙන් SLC Blues කණ්ඩායම පරාජය කළ SLC Reds ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. Reds සහ Blues අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් Reds ක්‍රීඩකයෝ ලකුණු 33ක ජයග්‍රහණයක් […]

The post SLC Reds ක්‍රීඩකයෝ අවසන් මහා සටනට .. appeared first on 1XBet Sri Lanka.

]]>
SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේ (13) රාත්‍රියේ නිමා වූ තරගයෙන් SLC Blues කණ්ඩායම පරාජය කළ SLC Reds ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

Reds සහ Blues අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් Reds ක්‍රීඩකයෝ ලකුණු 33ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දුන් Reds කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 178ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Blues ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් පමණයි.

ඊයේ මෙම තරගය ආරම්භ වන විටත් Blues අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටි අතර ඒ අනුව ඔවුන් සමඟ අවසන් මහා තරගයට සටන් වැදීමට, ඊයේ ජයග්‍රහණය කළ Reds කණ්ඩායමට නියම වුනා. තරගය හෙට (15) රාත්‍රි තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්

  • SLC Reds – කුසල් මෙන්ඩිස් (නායක) ලසිත් කෘaස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, ලහිරු මධුශංක, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, සහන් ආරච්චිගේ, අසිත ප්‍රනාන්දු
  • SLC Blues – ධනංජය ද සිල්වා (නායක) සිතාර ගිම්හාන්, ලහිරු උදාර, සදීර සමරවික්‍රම, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, ලහිරු සමරකෝන්, සුමින්ද ලක්ෂාන්, කසුන් රාජිත, ඩිල්ශාන් මධුශංක, ප්‍රවීන් ජයවික්‍රම

නියත ජයග්‍රහණයක් අවැසි තරගයක කාසියේ වාසිය දිනා ගත් Reds නායක කුසල් මෙන්ඩිස් තම පිතිකරුවන් කෙරෙහි වඩාත් විශ්වාසය තබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව Reds ඉනිම ආරම්භ කළේ ලසිත් කෘෘස්පුල්ලේ සහ නායක කුසල් මෙන්ඩිස්. නමුත් සිතූ සේ සාර්ථක ආරම්භයක් ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැහැ. කෘෘස්පුල්ලේ ලකුණු 3කට දැවී ගියේ ලකුණු පුවරුව 26ක් වෙද්දී. ඊට පසුව පිටියට එක් වූ භානුක රාජපක්ෂට ද වැඩි දායකත්වයක් තම කණ්ඩායම වෙනුවෙන් දැක්වීමට හැකි වූයේ නැහැ. ඔහු ලබා ගත්තේ ලකුණු 14ක් පමණයි.

ගරා වැටෙමින් තිබූ Reds ඉනිම එතැන් සිට ගොඩ නැගීමට කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග සමත් වුනා. Blues පන්දු යවන්නන් දැඩි පීඩනයකට පත් කළ ඔවුන් දෙදෙනා සිය සිව්වැනි කඩුල්ලට පන්දු 75කින් ලකුණු 125ක සබඳතාවක් එක් කළා.

වනිඳු හසරංග පන්දු 41ක දී නොදැවී ලකුණු 69ක් ලබා සිටියේ හතරේ පහර 3ක් සහ හයේ පහර 5කින් තම ඉනිම සරසා ගනිමින්.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පවිසි Blues ආරම්භක පිතිකරු සිතාර ගිම්හාන් (0) දෙවැනි පන්දුවේ දී ම නැවත ක්‍රීඩාගාරයට හරහා යැවීමට මහීෂ් තීක්ෂණ සහ කුසල් මෙන්ඩිස් සමත් වුනා.

එතැන් සිට වඩාත් පරිස්සම් වූ අනෙක් ආරම්භක පිතිකරු ලහිරු උදාර සහ සදීර සමරවික්‍රම Blues ඉනිම පන්දුවෙන් පන්දුව ආරක්ෂා කරමින් සවිමත් කළා. ඔවුන් දෙදෙනා එක් ව තම දෙවැනි කඩුල්ලට පන්දු 40ක දී ලකුණු 59ක් එක් කළා. ඔවුන්ගේ එම සබඳතාව බිඳ වැටුණේ වනිඳු හසරංගගේ පන්දුවකට ලහිරු උදාර දැවී යෑමත් සමඟින්. ලහිරු ඒ වෙද්දී පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 18කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණා. ඊට අමතර ව අසිත ප්‍රනාන්දු ලකුණු 25කට කඩුලු 2ක් සහ මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගිනුත් ලබා ගත්තා.

SLC ආරාධිත විස්සයි විස්ස

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post SLC Reds ක්‍රීඩකයෝ අවසන් මහා සටනට .. appeared first on 1XBet Sri Lanka.

]]>
අසිත සහ ලසිත් පළමු තරගයේ දී ම වැඩ පෙන්වයි.. https://lankansports.com/%e0%b6%85%e0%b7%83%e0%b7%92%e0%b6%ad-%e0%b7%83%e0%b7%84-%e0%b6%bd%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af/ Tue, 09 Aug 2022 11:58:49 +0000 https://lankansports.com/?p=11327 අසිත සහ ලසිත් පළමු SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022 SLC ආරාධිත විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (8) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. SLC Reds සහ SLC Greys අතර පැවති එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට Reds සමත් වුනා.තරගාවලියේ අර්ධ ශතකයක් ලද පළමු පිතිකරුවා බවට පත්වීමට […]

The post අසිත සහ ලසිත් පළමු තරගයේ දී ම වැඩ පෙන්වයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
අසිත සහ ලසිත් පළමු

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

SLC ආරාධිත විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (8) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

SLC Reds සහ SLC Greys අතර පැවති එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට Reds සමත් වුනා.තරගාවලියේ අර්ධ ශතකයක් ලද පළමු පිතිකරුවා බවට පත්වීමට ලසිත් කෲස්පුල්ලේ සමත් වුනු අතර Reds වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ලකුණු 22ක් ඇතුළත කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත්වුනා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්.

Reds – කුසල් මෙන්ඩිස් (නායක(WK), ලසිත් කෲස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කලන පෙරේරා, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු

Greys – අශාන් ප්‍රියන්ජන් (නායක), අශාන් රන්දික, තනුක දාබරේ, සංගීත් කුරේ, මිනෝද් භානුක (WK), මුදිත ලක්ෂාන්, මොවින් සුබසිංහ, පුලින තරංග, මිලාන් රත්නායක, ලක්ෂාන් ගමගේ, අකිල දනංජය

කාසියේ වාසිය දිනා ගත් Reds නායක කුසල්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් Greys කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 120ක් ලබා ගත්තා.

නියමිත ඉලක්කයට පන්දු යැවීමත්, සැලසුම අනුවම පන්දු රකින්නන් ස්ථානගත කිරීමටත් Reds නායකයා කටයුතු කළ නිසා Greys ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 29ක් තුල දැවී ගියා.

දැවී ගිය පළමු කඩුලු 4න් 3ක්ම වේගපන්දු යවන අසිත විසින් දවා ගනිද්දී, මතීෂ පතිරණ මිනෝද්ගේ කඩුල්ල දවා ගනිමින් Greys පීඩනය දෙගුණ තෙගුණ කිරීමට සමත් වුනා.

නම් දරා සිටින ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම අඩු ලකුණු සංඛ්‍යාවක් ඇතුළත දැවී යෑමෙන් පසු පිටියේ ඉතිරිව සිටි එකම ප්‍රධාන පිතිකරුවා වූයේ රන්දිකයි. ඔහුව මහීෂ් විසින් දවා ගන්නා විට Greys ඉනිමේ 10 වැනි පන්දුවාරයේ දී ඔවුන්ගේ ලකුණු සටහන 47/5ක් ලෙස සටහන් වුනා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියට එක්වූ සුබසිංහ සහ ලක්ෂාන් යන යොවුන් පිතිකරුවන් දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සම්බන්ධතාවක් පවත්වමින් Gresy ලකුණු පුවරුව තරගකාරී මට්ටමකට රැගෙන එන්නට සමත් වුනා. සුබසිංහ පන්දු 25ක දී ලකුණු 32ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර ඔහුගේ ඉනිමට 4 පහරක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා.

අසිත ලකුණු 22කට කඩුලු 4ක් දවා ගන්නා විට, මතීෂ සහ මහීස් කඩුලු 2 බැගින් බිඳ දැමුවා.

ලකුණු 121ක ඉලක්කයක් හඹා ගිය Reds කණ්ඩායම පන්දුවාර 16කුත් පන්දු 5ක් අවසානයේ දී සිය ඉලක්කය සපුරා ගත්තේ තවත් කඩුලු 7ක් අත තබා ගෙනයි.

Reds ආරම්භක පිතිකරුවන් යුගලය වුනු කෲස්පුලේ සහ නායක කුසල් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 72ක දී වේගවත් ලකුණු 88ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා හොඳ අඩිතාලමක් සකස් කළා.

තමන් මුහුණ දුන් 39 වැනි පන්දුවේ දී සිය අර්ධ ශතකය සපුරා ගත් කෲස්පුල්ලේ මේ තරගාවලියේ අර්ධ ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වුනා.

ඉන් පන්දු 3ක් ඇතුළත කෲස්පුල්ලේත් (54), කුසල් (34) දෙදෙනාම දැවී ගියත් සැලකිය යුතු අභියෝගයක් ලබා දීමට තරම් වූ ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ නොමැති වීම නිසා Reds ජයග්‍රහණය වැළැක්වීමට Greys පන්දු යවන්නන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ.

RESULT

Greys

120/9 (20)

Reds

121/4 (16.5)

REDS WON BY 6 WICKETS

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post අසිත සහ ලසිත් පළමු තරගයේ දී ම වැඩ පෙන්වයි.. appeared first on 1XBet Sri Lanka.

]]>