ශ්‍රී ලංකාව ආසියානු වොලිබෝල් ශූරතාවයක් සොයයි
AVC Men Challenger Volleyball Tournament 2023
රටවල් 17ක සහභාගීත්වයෙන් චීන තායිපේ රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලිය සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම F කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි .

මෙම තරගාවලිය මේ මස 06 වැනිදා සිටි 16 වැනිදා දක්වා පැවැත්වෙන අතර තරගාවලියේ දී පළමු වටයේ දී ශ්‍රී ලංකාව සමඟින් ඉන්දුනීසියාව සහ බහරේන් රාජ්‍යයන් එකිනෙකා හමුවෙනවා.
සිව්වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියේ දී ආරම්භක තරගාවලියේ දී ම තෙවැනි ස්ථානය හෙවත් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. 2018 වසරේ දී පැවති එම තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වුනා.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන තරග කාලසටහන
- ජූලි 08 සවස 6.00ට ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර
- ජූලි 09 සවස 3.00ට ශ්‍රී ලංකාව සහ බහරේන් අතර
සංචාරයට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායම :
- දීප්ති රොමේෂ් (නායක) ලසිඳු මෙත්මාල් (උප නායක) මලීෂ රවිශාන්, ෂෙහාන් විමුක්ති, මහේල ඉන්දීවර, තරිඳු ලක්මාල්, සනුක මධුභාෂණ, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන්, තරුෂ චමත්, මලිත් දිනිඳු, ෂොන් ලක්ෂිත, මහේෂ් වන්නිගමගේ, මනෝජ් සුරංග
නිලධාරීන් :
- අරුණ ශාන්ත (කළමණාකරු) චන්න ජයසේකර (ප්‍රධාන පුහුණුකරු) නිශාන් ඉන්දික (සහාය පුහුණුකරු) සුසිරි මංගල (අභ්‍යාසක)

මෙවර තරගාවලිය සඳහා සහභාගී වෙන රටවල් :
- චීන තායිපේ, ඕස්ට්‍රේලියාව, බහරේන්, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, කසකස්තානය, මැකාවෝ, මොන්ගෝලියාව, පාකිස්තානය, පිලිපීනය, සෞදි අරාබියාව, දකුණු කොරියාව, තායිලන්තය, උස්බෙකිස්තානය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව
තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමට අපගේ සුබ පැතුම්!
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.