
එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට
පාපන්දු ලෝක කුසලානය 2022
මේ දිනවල කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ (29) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට නෙදර්ලන්තය, සෙනගාලය, ඇමරිකා එක්සත් ජනපදය සහ එංගලන්තය සමත් වුනා .
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය

තරගාවලියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සඳහා කණ්ඩායම් දෙකටම තීරණාත්මක වූ මේ තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ඇමරිකාවයි.
38 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ගෝලය තුළට සාර්ථකව යොමු කරමින් එම ගෝලය වාර්තා කළේ ඇමරිකා ක්‍රීඩක Christian Pulisic විසිනුයි.

පළමු අර්ධයේ අතිරේක කාලයේ දී ඇමරිකාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට Timothy Weahට හැකි වූවත් එය ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසාවෙන් අවලංගු වුනා.

අවසන් ලකුණු තත්වය: ඉරානය 00 – 01 ඇමරිකාව
ගෝල රැස් කළ ක්‍රීඩකයින්,
- ඇමරිකාව: Christian Pulisic 38’
එංගලන්තය සහ වේල්ස්

B කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නා අනෙක් කණ්ඩායම තේරීම සඳහා වූ මෙම තරගයෙන් ගෝල 3-0ක ජයක් ලබා ගැනීමට ප්‍රබල එංගලන්තයට හැකි වුනා.
පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට (lankansports.com)
කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ (lankansports.com)
තරගය ආරම්භයේ සිටම වේල්ස් ක්‍රීඩකයින්ට දැඩි අභියෝගයක් එල්ල කරමින් ක්‍රීඩා කිරීමට එංගලන්තයට හැකි වූවත්,
පළමු අර්ධයේ දී ගෝලයක් වාර්තා කරමින් තරගයට පිවිසීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වෙද්දී හිමි වූ නිදහස් පහරක් ඉතා අලංකාර පහරකින් ගෝලයට එල්ල කරමින් තරගයේ ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට එංගලන්ත ක්‍රීඩක Marcus Rashfordට හැකි වුනා.
තරගය අවසන් වන තුරුම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට වේල්ස් ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා එංගලන්තයට පහසු ජයක් හිමි වුනා.
අවසන් ලකුණු තත්වය: එංගලන්තය 03 – 00 වේල්ස්
ගෝල රැස් කළ ක්‍රීඩකයින්,
එංගලන්තය: Marcus Rashford 50’ & 68’, Phil Foden 52’
කටාර් සහ නෙදර්ලන්තය
සහභාගී වූ තරග දෙකම පරාජයට පත් වූ සත්කාරක කටාර් රාජ්‍යයට තරගාවලියේ ඉදිරිය අහිමිව තිබූ නමුත් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට නෙදර්ලන්තයට මෙම තරගය වැදගත් වුනා.

තරගය ආරම්භයේ සිටම සිය ප්‍රබලත්වය පෙන්නුම් කළ නෙදර්ලන්තය වෙනුවෙන් 26 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් දඬුවම් රාමුවේ සිට ගෝලයේ දකුණු කෙළවරට එල්ල කරමින් ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට Cody Gakpoට හැකි වුනා.

නෙදර්ලන්තයට එරෙහිව කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කටාර් ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා සහභාගී වූ තරග සියල්ල පරාජයට පත් වෙමින් ගෝල කුසලාන ගමන අවසන් කිරීමට සත්කාරකයින්ට සිදු වුනා.

අවසන් ලකුණු තත්වය: නෙදර්ලන්තය 02 – 00 කටාර්
ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,
නෙදර්ලන්තය : Cody Gakpo 26’. Frenkie de Jong 49’
සෙනගාලය සහ ඉක්වදෝරය

තරගාවලියේ මීළඟ වටය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීම සඳහා කණ්ඩායම් දෙකටම මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වුනා.

කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ඉක්වදෝරයට නොහැකි වීම නිසාවෙන් සෙනගාලයට තරගයට ජය ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය:ඉක්වදෝරය 01 – 02 සෙනගාලය
ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,
- ඉක්වදෝරය: Moises Caicedo 67’
- සෙනගාලය: Ismaila Sarr 44’(P), Ismaila Sarr 70’





තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.