එක්දින ශූරතාව පිට පිට දෙවැනි වතාවටත් නාවික හමුදා ක්‍රීඩිකාවන්ට

0
683

කාන්තා අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය 2022

අන්තර් සමාජ කාන්තා පන්දුවාර 50 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදාව අද (19) සමත් වුනා. ඔවුන් මෙවර ශූරතාව දිනා ගනු ලැබුවේ අඛණ්ඩව දෙවැනි වතාවට වීම විශේෂත්වයක්.

ශූරතාව දිනා ගැනීමට නම් නාවික හමුදා ක්‍රීඩිකාවන්ට යුද හමුදා ‘B’ කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය ප්‍රසාද ලකුණක් ද සමඟ ජයග්‍රහණය කිරීම අත්‍යාවශ්‍ය වුනා.

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයට ඇදහැළුණු වර්ෂාව නිසාවෙන් එක් කණ්ඩායමකට ක්‍රීඩා කරන්නට අවස්ථාව ලැබුණේ පන්දුවාර 22ක් පමණයි. එහි දී යුද හමුදා ‘B’ ක්‍රීඩිකාවන් ලබා දුන් ලකුණු 41ක ඉලක්කය කිසිදු කඩුල්ලක් ලබා නොදී පසු කර යන්නට නාවික හමුදා ක්‍රීඩිකාවෝ සමත් වුනේ ප්‍රසාද ලකුණක් ද සමඟින් ශූරතාවය ජයග්‍රහණය කරමිනුයි.

තරගාවලියේ අවසන් දිනය දක්වාම ශූරතාවය සඳහා තුන්කොන් සටනක් නිර්මාණය වී තිබුණු අතර සීනිගම කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය ගැනීමට ගුවන් හමුදා ‘A’ කණ්ඩායම සමත් වුවත්, ප්‍රසාද ලකුණු ලබා ගැනීමට ඔවුන් අපොහොසත් වීම නිසා ශූරතාවය දිනා ගැනීමේ බලාපොරොත්තු ඔවුන් අතින් ගිලිහි ගියා.

යම්හෙයකින් එම තරගය ප්‍රසාද ලකුණක් සමඟ ජය ගන්නට ඔවුන්ට හැකි වූවා නම්, ශූරතාවය දිනූ නාවික හමුදාව සහ ගුවන් හමුදා ‘A’ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 30 බැගින් සමාන තත්ත්වයට පත්වනවා.

ඒ අනුව ශූරියන් කවුරුන් ද යන්න දල ලකුණු ලබා ගැනීමේ වේගය මත පදනම් වනු ඇති බැවින් එහි වැඩි වාසිය ගුවන් හමුදා ‘A’ කණ්ඩායම සතු වන්නේ නාවික හමුදාවේ (2.377) ලකුණු ලබා ගැනීමේ වේගයට වඩා ගුවන් හමුදා ‘A’ ලකුණු ලබා ගැනීමේ වේගය (2.429) වැඩි අගයක් ගත් බැවිනි.

මෙවර තරගාවලියේ තරග 7කට ක්‍රීඩා කළ නාවික හමුදාව සහ ගුවන් හමුදා ‘A’ ජයග්‍රහණ 6ක් සහ එක් පරාජයක් ලබා සිටි නමුත්, ලබා ගත් ජයග්‍රහණ 6න් 5ක්ම ප්‍රසාද ලකුණු සහිතව ජය ගැනීමට නාවික හමුදාව සමත් වීම නිසා ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවුනා.

මූලික වටයේ දී නාවික හමුදාව මුණ ගැසුණු තරගයෙන් ගුවන් හමුදා ‘A’ ජය ගැනීමට සමත් වුවත්, එම තරගයේ ප්‍රසාද ලකුණ ලබා ගැනීමට ගුවන් හමුදාවට නොහැකි වුනා.

මෙම තරගයේ දී පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 22ක දී කඩුලු 9ක් දැවී ලකුණු 39ක් ලබා ගැනීමට ගුවන් හමුදා ‘A’ සමත් වූව ද, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව නාවික හමුදාවට හිමි වූ ලකුණු 41ක ඉලක්කය පන්දුවාර 10ක දී පසු කර යන්නට ඔවුන් සමත් වුනා. ඒ වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 22කින් සහ ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 19කින් දායකත්වය දැක්වූවා.

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ලකුණු 4කට කඩුලු 3ක් දවා ගනිද්දී, උමේෂා තිමේෂානි ලකුණු 11කට කඩුලු 2ක් දවා ගන්නට සමත් වුනා.

මේ අතර අද දිනයේ පැවති යුද හමුදා ‘A’ සහ හලාවත මේරියන්ස් අතර තරගය වර්ෂාව හේතුවෙන් එක පන්දුවක් හෝ නොයවා අත්හැර දැමූ අතර ගුවන් හමුදා ‘A’ සහ සීනිගම අතර තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 27කින් ජය ගැනීමට ගුවන් හමුදාව සමත් වුනා.

කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ගුවන් හමුදා ‘B’ ක්‍රීඩිකාවන් විසින් ජය ගන්නට සමත් වුනේ කඩුලු 6කිනි.

නාවික හමුදාව – යුද හමුදා ‘B’

යුද හමුදා ‘B’ පන්දුවාර 22ක දී කඩුලු 9කට ලකුණු 39යි – අයේෂා සඳමාලි 18, ඉනෝකා රණවිර 3/04, උමේෂා තිමේෂානි 2/11, උදේශිකා ප්‍රබෝධනී 1/06, සත්‍යා සංදීපන් 1/07.

නාවික හමුදාව පන්දුවාර 10ක දී කිසිවෙකු නොදැවී ලකුණු 41යි – හසිනි පෙරේරා 22*, ප්‍රසාදිනී වීරක්කොඩි 19*.

නාවික හමුදාවට කඩුලු 10ක විශිෂ්ට ජයක්.

ගුවන් හමුදා ‘A’ – සීනිගම

ගුවන් හමුදා ‘A’ පන්දුවාර 20ක දී කඩුලු 8කට ලකුණු 94යි – චමරි පොල්ගම්පොල 23, ඕෂදී රණසිංහ 21, ඩිලානි මනෝදරා 17, සචිනි නිසංසලා 2/15)

සීනිගම පන්දුවාර 20ක දී කඩුලු 8කට ලකුණු 67යි – සචිනි නිසංසලා 24, කවීෂා දිල්හාරි 22, මල්ෂා ශෙහානි 3/07, තාරුකා ශෙහානි 2/10.

ගුවන් හමුදා ‘A’ට ලකුණු 27ක ජයක්.

ගුවන් හමුදා ‘B’ -කෝල්ට්ස්

කෝල්ට්ස් පන්දුවාර 46ක දී සියලු දෙනා දැවී ලකුණු 146යි – කෞෂානි නුත්‍යාංගනා 68, අමාධි විජේසිංහ 21, සඳලි බණ්ඩාරිගොඩ 14, සඳලි දෙද්දූවකුමාර 3/11, ලංකා මෙන්ඩිස් 3/24, ශාලිකා ප්‍රේමරත්න 2/17.

ගුවන් හමුදා ‘B’ පන්දුවාර 42.3ක දී කඩුලු 4ක් දැවී ලකුණු 147යි – මල්කි මදාරා 68, හිරුෂි පීරිස් 40

ගුවන් හමුදා ‘B’ට කඩුලු 6ක ජයක්.

ක්‍රීඩා ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

එක්දින ශූරතාව පිට පිට දෙවැනි වතාවටත් නාවික හමුදා ක්‍රීඩිකාවන්ට

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න