හෙට දින්නොත් වසර 30 ක් පැරැණි වාර්තාවක් අලුත් වෙයි

ශ්‍රී ලංකාව එක්දින තරගාවලි ජයග්‍රහණයක අභිමුවට පැමිණ සිටියි. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිට පිටම ජය ගනිමිනි. ශ්‍රී ලංකාව තම මව්බිමේදී එවැනි දස්කමක් දක්වා ඇත්තේ දශක 3 කට අධික කාලයකට පසුවය. එදා 1992 වසරේදී අර්ජුන රණතුරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරග 2 පිට පිට ජය ගැනීමෙන් පසු ගෙවී ගිය වසර 30 කට අධික කාලයේදී ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව සිය මව්බිමේදී පිට පිට එක්දින තරග 2 ක් ජය ගැනීමට අපොහොසත්ව විය.

එහෙත් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි සහ තෙවැනි තරග 2 ම ජය ගනිමින් තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණට පැමිණ තරගාවලි ජයග්‍රහණයක් ආසන්නයට පැමිණ සිටියි. පල්ලකැලේ පැවැති පළමු තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත් වද්දී දෙවැනි තරගයෙන් ලකුණු 26 කද තෙවැනි තරගයෙන් කඩුලු 6 කද විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (21 දා) ආරම්භ වන සිව්වැනි එක්දින තරගයට අවතීර්ණ වන්නේ දැඩි ආත්මවිශ්වාසයකිනි.

හෙට තරගයේදී ශ්‍රී ලංකාව තරගයේ මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙතෙක් ලබා සිටින ජයග්‍රහණය ආරක්ෂා කරගැනීම වේ. ගෙවී ගිය වසර කීපයේදී ඇතැම් තරගාවලි ජයගැනීමට සමත්වුවත් බහුතරයක් තරගාවලි පරාජයට හේතුවූ ප්‍රධානම කරුණ වූයේ ලබා සිටින ජයග්‍රහණයන් ආරක්ෂා කර ගැනීමට නොහැකිවීමය.

හෙට තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවහොත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමේ අවකාශ උදාවනවා සේම වසර 31 කට පසු පළමු වතාවට‘කැන්ගරුවන්ව’ සිය මවුබිමේදී පළමු වතාවට පරාජය කිරීමටද සමත්වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එතෙරදී තරගාවලියක් 2011 වසරේදී ජය ගෙන තිබෙන නමුත් ඔස්ට්‍රේලියානුවන්ව සිය බව්බිමේදී පරාජයට පත් කර ඇත්තේ ඉහතින් සඳහන් කළ 1992 වසරේ පැවැති තරගාවලියේදී වේ. එබැවින් වසර 31 ක් පැරණි ඉතිහාසය හෙට දිනයේද වෙනස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණහොත් එය එක්දින ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණීමට වැඩි දායකත්වයක් දක්වනු ඇත.

“ඊළඟ තරගයටත් අපේ කණ්ඩායම ඉතා හොඳ මානසික මට්ටමකින්  ඉන්නවා. හැමෝටම විශ්වාසයක් තියෙනවා ඒ තරගයත් ජය ගන්න පුලුවන් කියන එක. කණ්ඩායමක් විදියට අපි ඊළඟ තරගයත් ජය ගනියි කියලා මම විශ්වාස කරනවා” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේ ඇති අභියෝගය පිළිබඳව පැතුම් නිස්සංක අදහස් දක්වා සිටියේය.

තෙවැනි එක්දින තරගයේදී පන්දු 147 කට මුහුණ දුන් පැතුම් ලකුණු 137 ක් ලබා ගත්තේ සිය මංගල එක්දින ශතකයට හිමිකම් කියමිනි. පැතුම්ගේ ඉනිම ප්‍රධාන කොට ලකුණු 292 ක දැවැන්ත ඉලක්කයක් කිසිදු අපහසුවකින් තොරව පසුකර යෑමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවිය.

පන්දු 9 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරා ගනිද්දී එය වාර්තා පොත්වල ලියැවුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හඹා යමින් ජයගත් ඉහළම ජයග්‍රහණය ලෙසිනි. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රේලියානුවන් හමුවේ සාර්ථකව හඹා ගිය විශාලතම ඉලක්කය වූයේ 2012 වසරේදී හොබාර්ට් නුවරදී කඩුලු 7 ක් දැවී රැස් කරන ලද ලකුණු 283 වේ. එතෙරදී එසේ සටහන් වද්දේ ශ්‍රී ලංකාවේදී නම් ඉහතින් සදහන් කළ වසර 30 කට පෙර 1992 වසරේදී පී. සරා ඕවල් පිටියේදී කඩුලු 6 කට රැස් කරන ලද ලකුණු 251 වේ.

ඒ වෙනුවෙන් සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ පැතුම් නිස්සංක, ඔස්ට්‍රේලියානු පිලකට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවකු එක්දින තරගායකදී රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය. හතරේ පහර 11 කින් සහ හයේ පහර 2 කින් වර්ණවත් වුණු නිස්සංකගේ ඉනිම, තරගයකින් තොරවම තරගයේ වීරයා සම්මානයද ගෙන දුන්නේය.

“මැච් එකට යන්න කළිනුත් හිතුවේ අද මම මැච් එක ඉවර කරලම එනවා කියලා. මම මැද්දෙදි හරි තීරණ ගත්ත හින්දා ඒ දේ කරන්න මට ලේසි වුණා” යැයි සිය සුවිශේෂී ඉනිම සම්බන්ධවද පැතුම් අදහස් දැක්වූවේය.

“මුලින්ම මායි දික්කා අයියයි (නිරෝෂන් දික්වැල්ල) බැලුවේ පවර් ප්ලේ එකේ ගන්න පුලුවන් උපරිම චාන්ස් එක ගන්න. ඊට පස්සේ කුසල් අයියා (කුසල් මෙන්ඩිස්) ආවම අපි දෙන්නා ප්ලෑන් කළේ ඕවර්ස් 35 ක් වෙනකම් තරගය ඇදලා දෙන්න. එතකොට යට ඉන්න අයට ගහන්න ලේසියි. ඉතිං මං හිතනවා අපි දෙන්නා ඒ දේ කරපු හින්දා තරගය ජය ග්‍රහණය කරන්න පුලුවන් වුණා කියලා” යැයි සඳහන් කරන පැතුම් “මේ වගේ වර්ල්ඩ් ක්ලාස් ටීම් එකක් එක්ක මේ වගේ ස්කෝර් එකක් චේස් කරලා මැච් එකක් දින්නන පුලුවන් තැනට එන්න පුලුවන් එක ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා” යනුවෙන් ” යැයි හඹා යෑම පිළිබඳව කණ්ඩායමේ තිබූ සැලසුම ගැන සිදුකරන ලද විමසීමේදී අදහස් දක්වා සිටියේය.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

හෙට දින්නොත් වසර 30 ක් පැරැණි වාර්තාවක් අලුත් වෙයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat