පකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන ඉන්දීය ගමන කොට උඩද?

පකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන ඉන්දීය ගමන කොට උඩද?


එළඹෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා තමන් යොමු කළ ඉන්දීය වීසා අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇති බව සඳහන් කරමින් ඇමරිකානු ක්‍රිකට් ක්‍රීඩක අලී ඛාන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කළ ඡායාරූපයක් හේතුවෙන් මේ වන විට මහත් ආන්දෝලානාත්මක තත්ත්වයක් උද්ගතවී තිබේ.

පාකිස්තානයේ උපත ලැබූ අලී ඛාන් 35 හැවිරිදි දකුණත් වේග පන්දු යවන්නකු වන අතර, ඔහු 2019 වසරේ සිට ඇමරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇත. එමෙන්ම 2020 වසරේදී ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වෙමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කර ක්‍රීඩා කර තිබේ.

අලී ඛාන්ට අමතරව පාකිස්තාන සම්භවයක් ඇති ශයාන් ජහන්ගිර්, මෙහොමඩ් මොසින් සහ එහසන් ආදිල් යන ක්‍රීඩකයන් තිදෙනාද මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති ඇමරිකානු සංචිතයට ඇතුළත්ව සිටින බව වාර්තා වේ. කෙසේ වුවත්, ඔවුන්ගේ වීසා අයදුම්පත්ද ප්‍රතික්ෂේප වී ඇතිද යන්න පිළිබඳ ඇමරිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නොමැත.

මෙම ක්‍රීඩකයන් සියලු දෙනාම මේ වන විට ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, (13 වැනිදා) කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී වීසා සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වී ඇති බවද දැනගන්නට ලැබේ.

සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වීමට පෙර, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උපදෙස් අනුව ඉන්දීය වීසා ලබා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන මෙම ක්‍රීඩකයන් විසින් ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, එම අදියර පමණක් සැලකිල්ලට ගනිමින් වීසා නිකුත් නොකරන බව සම්මුඛ පරීක්ෂණවලදී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

තවද, සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇමරිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දුරකථන ඇමතුමක් ලබාදී, වීසා නිකුත් කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන කිහිපයක් ලැබී ඇතත්, ඒවා ප්‍රමාණවත් නොවන බව සඳහන් කර ඇත.

පාකිස්තාන සම්භවයක් ඇති ඇමරිකානු ක්‍රීඩකයන්ට පමණක් නොව, සෙසු ක්‍රීඩකයන්ටද ආරක්ෂක හේතූන් මත වීසා නිකුත් කිරීමේදී විශේෂ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට ඉන්දියාව කටයුතු කරන බව වාර්තා වේ. මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියට පමණක් සීමා වූ ක්‍රියාවලියක් නොවන අතර, මීට පෙරද ඕස්ට්‍රේලියානු ක්‍රීඩක උස්මාන් කවාජා, එංගලන්ත ක්‍රීඩකයන් වන මුයින් අලී, ආදිල් රෂීඩ් සහ සොහේබ් බෂීර් යන ක්‍රීඩකයන් සම්බන්ධයෙන්ද මෙවැනි ක්‍රියාවලියක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.

ආරක්ෂක හේතූන් මත පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවට සංචාරය කිරීමෙන් වැළකී සිටින අතර, ඔවුන් සහභාගි වන සියලුම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සකස් කර ඇත. බංග්ලාදේශයද තවමත් තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දියාවට යෑම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැත.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

හොදම Articles

Popular Categories

Telegram