#slc_greys Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/slc_greys/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 31 Aug 2022 09:27:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ග්‍රේස් පරාජය කළ බ්ලූස් අවසන් මහ සටනට කිට්ටු කරයි.. https://lankansports.com/%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85-%e0%b6%b6%e0%b7%8a%e0%b6%bd%e0%b7%96%e0%b7%83%e0%b7%8a-%e0%b6%85/ Fri, 12 Aug 2022 13:11:37 +0000 https://lankansports.com/?p=11370 ග්‍රේස් පරාජය කළ බ්ලූස් SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022 ජයග්‍රහණය තීරණාත්මක වූ බ්ලූස් පිලට එරෙහි තරගයේ ලද කඩුලු 4 ක පරාජයත් සමඟ ග්‍රේස් කණ්ඩායමට පිට පිටම දෙවැනි තරග පරාජයට මුහුණ දීමට සිදුවූවා පමණක් නොව ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීම සඳහා තබා තිබූ බලාපොරොත්තුද කල්තියාම අහිමිවීමේ අවධානමකට ලක්ව තිබේ. […]

The post ග්‍රේස් පරාජය කළ බ්ලූස් අවසන් මහ සටනට කිට්ටු කරයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
ග්‍රේස් පරාජය කළ බ්ලූස්

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

ජයග්‍රහණය තීරණාත්මක වූ බ්ලූස් පිලට එරෙහි තරගයේ ලද කඩුලු 4 ක පරාජයත් සමඟ ග්‍රේස් කණ්ඩායමට පිට පිටම දෙවැනි තරග පරාජයට මුහුණ දීමට සිදුවූවා පමණක් නොව ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීම සඳහා තබා තිබූ බලාපොරොත්තුද කල්තියාම අහිමිවීමේ අවධානමකට ලක්ව තිබේ. වගකීම් විරහිත පිතිහරඹයත්, අනවශ්‍ය කඩුලු අතර දිව යෑම් ග්‍රේස් කණ්ඩායමේ අසාර්ථක භාවයට හේතු විය.

තරගාවලියේ දෙවැනි දිනය වූ (10 දා) රාත්‍රී කාලයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් පිලට බ්ලූස් පිලේ අභියෝගය හමුවේ නියමිත පන්දුවාර 20 දී කඩුලු 9 කට රැස් කර ගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි. එම අභියෝගය පහසුවට ගත් බ්ලූස් පිතිකරුවෝ ඉලක්කය සපුරා ගනු ලැබුවේ කඩුලු 6 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

එම හඹා යෑමේදී සිය පළමු පන්දුවාරයේදීම සදීර සමරවික්‍රමව දවා ගත් දුවිඳු තිලකරත්න, පීඩනයක් එල්ල කිරීමට සමත් විය. චරිත් අසලංක ඇතුළු ඉදිරි‌ පෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම නිසා කඩුලු 3 කට ලකුණු 102 ක් තරම් ප්‍රබල තත්ත්වයක පසුවීමට බ්ලූස් කණ්ඩායමට හැකියාව ලැබිණ. එහෙත් මිලාන් රත්නායක ඇතුළු ග්‍රේස් පන්දු යවන්නන් තවත් ලකුණු 11 කදී කඩුලු 3 ක් දවා ගනිමින් පීඩනයක් එල්ල කළත්, සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට නොහැකිවීම නිසා බ්ලූස් ජයග්‍රහණය වළකාලීමට ඔවුනට නොහැකි විය. බ්ලූස් ජයග්‍රහණ්‍ය සනිටුහන් වන විට තවත් කඩුලු 9 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් පිලේ අශාන් රන්දික මුලු ලකුණු සංඛ්‍යාව 09 ක්ව තිබියදී දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත් වුවත්, තනුක දාබරේට එක්වූ සංගීත් කුරේ ලකුණු 51 ක සම්බන්ධතාවක් එක් කරමින් කණ්ඩායම ශක්මිත් කළහ.

මැනවින් පන්දුවට පහර දුන් දාබරේ සහ සංගීත් ලකුණු පුවරුව ඉහළ දමමින් සිටියදී ඒ මැදට පැමිණි චාමික කරුණාරත්න සංගීත් කුරේව ලකුණු 21 ක් ලබා සිටියදී දවා ගැනීමට සමත්වූවේය.

8 වැනි පන්දුවාරයේදී සංගීත් කුරේ දැවී යෑම සමඟ යළිත් තරගයට අවතීර්ණ වුණු බ්ලුස් පන්දු යවන්නෝ ලකුණු 24 ක් ඇතුළත පිතිකරුවන් ලෙස නම් දරා සිටි සියල්ලෝම තරග නරඹන්නන් බවට පත් කළහ.

ප්‍රමෝද් මදුශාන් විසින් දාබරේව ලකුණු 31 කදී දවා ගැනීමෙන් පසු පැමිණි ප්‍රවීන් ජයවික්‍රම පන්දු 4 ක් ඇතුළතදී මිනෝද් භානුක සහ මොවින් සුබසිංහගේ කඩුලු දවා ගනීමින් ග්‍රේස් පිල අසීරුවට ඇද දැමූහ. කඩුලු පිට කඩුලු දැවී යද්දී එය නවතාලීම පමණක් නොව අවශ්‍ය වේගයද රඳවා ගැනීම ග්‍රේස් නායකයාගේ කරමතට පැටවිණ. එහෙත් කඩුලු අතර දිව යෑමේදී සිදුවූ අතපසුවීමක් හේතුවෙන් නායක ප්‍රියන්ජන්ට ද අකමැත්තෙන් වුවද පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

අවස්ථාව ලද මොහොතේදී පිතිකරණයෙන් සහයෝගයක් ලබාදිය හැකි පිතිකරුවන් ලෙස නම් දරා සිටින පුලින තරංග ස්ටම්ප් කිරීමටකද අකිල ධනංජය කඩුලු අතර දිව යෑමට ගොස් දැවී යෑම නිසා ග්‍රේස් පිලට යළි හිස එසවීමට අවස්ථාවක් නොවීය. කෙසේ වෙතත් 10 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි දුවිඳු තිලකරත්න ලකුණු 11 ක් ලබා සිය අන්තය ආරක්ෂා කරගත්තේ ග්‍රේස් ලකුණු පුවරුව ලකුණු 115 ක් දක්වා ඉහළ දමමිනි. ග්‍රේස් ඉනිමේ විනාශකරු වූ ප්‍රවීන් ජයවික්‍රම පන්දුවාර 4 ලකුණු 13 කට සීමා කරමින් කඩුලු 3 ක් දවා ගැනීම තරගයේ කැපී පෙනිණ.

තරගයේ වීරයා –ප්‍රවීන් ජයවික්‍රම

ග්‍රේස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණ 115 යි –(තනුක දාබරේ 33, සංගීත් කුරේ 21, මුදිත ලක්ෂාන් 10, දුවිඳු තිලකරත්න (නොදැවී) 11, චාමික කරුණාරත්න 22/2, ප්‍රවීන් ජයවික්‍රම 13/3)

බ්ලූස් පන්දුවාර 18.3 කදී කඩුලු 6 ට ලකුණු 119 යි –(චරිත් අසලංක 29, අෂේන් බණ්ඩාර (නොදැවී) 27, ළහිරු උදාර 16, ධනංජය ද සිල්වා 17, මිලාන් රත්නායක 20/3)

ග්‍රේස් පරාජය කළ බ්ලූස්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ග්‍රේස් පරාජය කළ බ්ලූස් අවසන් මහ සටනට කිට්ටු කරයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
අසිත සහ ලසිත් පළමු තරගයේ දී ම වැඩ පෙන්වයි.. https://lankansports.com/%e0%b6%85%e0%b7%83%e0%b7%92%e0%b6%ad-%e0%b7%83%e0%b7%84-%e0%b6%bd%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af/ Tue, 09 Aug 2022 11:58:49 +0000 https://lankansports.com/?p=11327 අසිත සහ ලසිත් පළමු SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022 SLC ආරාධිත විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (8) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. SLC Reds සහ SLC Greys අතර පැවති එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට Reds සමත් වුනා.තරගාවලියේ අර්ධ ශතකයක් ලද පළමු පිතිකරුවා බවට පත්වීමට […]

The post අසිත සහ ලසිත් පළමු තරගයේ දී ම වැඩ පෙන්වයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
අසිත සහ ලසිත් පළමු

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

SLC ආරාධිත විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (8) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

SLC Reds සහ SLC Greys අතර පැවති එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට Reds සමත් වුනා.තරගාවලියේ අර්ධ ශතකයක් ලද පළමු පිතිකරුවා බවට පත්වීමට ලසිත් කෲස්පුල්ලේ සමත් වුනු අතර Reds වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ලකුණු 22ක් ඇතුළත කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත්වුනා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්.

Reds – කුසල් මෙන්ඩිස් (නායක(WK), ලසිත් කෲස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කලන පෙරේරා, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු

Greys – අශාන් ප්‍රියන්ජන් (නායක), අශාන් රන්දික, තනුක දාබරේ, සංගීත් කුරේ, මිනෝද් භානුක (WK), මුදිත ලක්ෂාන්, මොවින් සුබසිංහ, පුලින තරංග, මිලාන් රත්නායක, ලක්ෂාන් ගමගේ, අකිල දනංජය

කාසියේ වාසිය දිනා ගත් Reds නායක කුසල්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් Greys කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 120ක් ලබා ගත්තා.

නියමිත ඉලක්කයට පන්දු යැවීමත්, සැලසුම අනුවම පන්දු රකින්නන් ස්ථානගත කිරීමටත් Reds නායකයා කටයුතු කළ නිසා Greys ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 29ක් තුල දැවී ගියා.

දැවී ගිය පළමු කඩුලු 4න් 3ක්ම වේගපන්දු යවන අසිත විසින් දවා ගනිද්දී, මතීෂ පතිරණ මිනෝද්ගේ කඩුල්ල දවා ගනිමින් Greys පීඩනය දෙගුණ තෙගුණ කිරීමට සමත් වුනා.

නම් දරා සිටින ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම අඩු ලකුණු සංඛ්‍යාවක් ඇතුළත දැවී යෑමෙන් පසු පිටියේ ඉතිරිව සිටි එකම ප්‍රධාන පිතිකරුවා වූයේ රන්දිකයි. ඔහුව මහීෂ් විසින් දවා ගන්නා විට Greys ඉනිමේ 10 වැනි පන්දුවාරයේ දී ඔවුන්ගේ ලකුණු සටහන 47/5ක් ලෙස සටහන් වුනා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියට එක්වූ සුබසිංහ සහ ලක්ෂාන් යන යොවුන් පිතිකරුවන් දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සම්බන්ධතාවක් පවත්වමින් Gresy ලකුණු පුවරුව තරගකාරී මට්ටමකට රැගෙන එන්නට සමත් වුනා. සුබසිංහ පන්දු 25ක දී ලකුණු 32ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර ඔහුගේ ඉනිමට 4 පහරක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා.

අසිත ලකුණු 22කට කඩුලු 4ක් දවා ගන්නා විට, මතීෂ සහ මහීස් කඩුලු 2 බැගින් බිඳ දැමුවා.

ලකුණු 121ක ඉලක්කයක් හඹා ගිය Reds කණ්ඩායම පන්දුවාර 16කුත් පන්දු 5ක් අවසානයේ දී සිය ඉලක්කය සපුරා ගත්තේ තවත් කඩුලු 7ක් අත තබා ගෙනයි.

Reds ආරම්භක පිතිකරුවන් යුගලය වුනු කෲස්පුලේ සහ නායක කුසල් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 72ක දී වේගවත් ලකුණු 88ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා හොඳ අඩිතාලමක් සකස් කළා.

තමන් මුහුණ දුන් 39 වැනි පන්දුවේ දී සිය අර්ධ ශතකය සපුරා ගත් කෲස්පුල්ලේ මේ තරගාවලියේ අර්ධ ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වුනා.

ඉන් පන්දු 3ක් ඇතුළත කෲස්පුල්ලේත් (54), කුසල් (34) දෙදෙනාම දැවී ගියත් සැලකිය යුතු අභියෝගයක් ලබා දීමට තරම් වූ ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ නොමැති වීම නිසා Reds ජයග්‍රහණය වැළැක්වීමට Greys පන්දු යවන්නන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ.

RESULT

Greys

120/9 (20)

Reds

121/4 (16.5)

REDS WON BY 6 WICKETS

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post අසිත සහ ලසිත් පළමු තරගයේ දී ම වැඩ පෙන්වයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
නිල්, අළු, රතු, කොළ එකිනෙකා ගැටෙන SLC ආරාධිත T20 ලීගය අද සිට.. https://lankansports.com/%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%85%e0%b7%85%e0%b7%94-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b6%9a%e0%b7%9c%e0%b7%85-%e0%b6%91%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9c/ Mon, 08 Aug 2022 09:34:02 +0000 https://lankansports.com/?p=11299 නිල් අළු රතු කොළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ආරාධිත විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය රෙඩ් ,බ්ලු ග්‍රීන් සහ ග්‍රේස් කණ්ඩායම් හතරක සහභාගීත්වයෙන් සදුදා (අගෝස්තු 8 දා) මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇත. තරගාවලිය ලබන 15 වැනිදා දක්වා පැවැත්වේ. මුලික වටයේ සෑම දිනකම තරග සවස 3ට සහ රාත්‍රි 7.30 තරග ලෙස දිනකට තරග […]

The post නිල්, අළු, රතු, කොළ එකිනෙකා ගැටෙන SLC ආරාධිත T20 ලීගය අද සිට.. appeared first on 1XBet Sri Lanka.

]]>
නිල් අළු රතු කොළ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ආරාධිත විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය රෙඩ් ,බ්ලු ග්‍රීන් සහ ග්‍රේස් කණ්ඩායම් හතරක සහභාගීත්වයෙන් සදුදා (අගෝස්තු 8 දා) මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇත. තරගාවලිය ලබන 15 වැනිදා දක්වා පැවැත්වේ.

මුලික වටයේ සෑම දිනකම තරග සවස 3ට සහ රාත්‍රි 7.30 තරග ලෙස දිනකට තරග දෙක බැගින් පැවැත්වෙන අතර ක්‍රීඩා ලෝලීනට නොමිලේ තර නැරඹීමේ අවස්ථාව උදා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව සවස 2 සිට ක්‍රීඩා ලෝලීනට ක්‍රීඩාංගණයට නොමිලේ ඇතුලු වීමේ අවස්ථාව උදාවේ.

මේ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ දෙවැනි වතාවටය. පසුගිය වසරේ මෙහි ශූරතාව දිනාගනු ලැබුවේ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් කණ්ඩායමයි.

මෙවර රෙඩ් කණ්ඩායමට කුසල් මෙන්ඩිස්ද , බ්ලු කණ්ඩායමට චරිත් අසලංකද , ග්‍රීන් කණ්ඩායමට දසුන් ශානකද , ග්‍රේස් කණ්ඩායමට අෂාන් ප්‍රියංජන ද නායකත්වය ලබා දෙති.

ශ්‍රී ලංකා විස්සයි 20 සහ එක්දින පිටියේ දක්ෂතා දක්වන සියලුම ක්‍රීඩකයන් මේ තරගාවලියට සහභාගිවන අතර තරගාවලිය සංවිධානය කිරීමේ මුලික අරමුණ වනුයේ මේ මස 27 සිට එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහ ලබන වසරේ පැවැත්වෙන මීළග එක්දින ලෝක කුසලානයට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩක සංචිත තෝරා ගැනීමය.

ලීග් ක්‍රමයට පැවැත්වෙන මේ ආරාධිත විස්සයි 20 තරගාවලියේ මුලික වටයේ සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සමග තරගයකට බැගින් සහභාගිවන අතර මුලික වටය ආවසානයේ ජයග්‍රහණය සදහා හිමිකර ගන්නා ලකුණු අනුව (ජයග්‍රහණයකට ලකුණු 2ක බැගින් සහ සම තරගයකට 1බැගින් ) ඉහළින්ම පසුවන කණ්ඩායම් දෙක 15 වැනිදා රාත්‍රි 7.30 ට ඇරැඹෙන අවසන මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

මේ මස 8 ,10 සහ 13 දිනවල මුලික තරග පවත්වා අවසන් මහ තරගය 15 වැනිදා පැවැත්වෙනු ඇත. සමාරම්භක තරගයේදී කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් රෙඩ් කණ්ඩායමත් අෂාන් ප්‍රියංජන්ගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් ගැටෙනු ඇත. බ්ලු සහ ග්‍රීන් තරගය මෙදින රාත්‍රි 7.30ට ඇරැඹේ .

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ සමස්ත තරගාවලියේ මූලික වටයට තරග 6ක් ඇතුළත්. මූලික වටය අවසානයේ පෙරමුණේ පසු වන කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා අතර අවසන් මහා තරගය අගෝස්තු 15 වැනිදා පැවැත්වීමට නියමිතයි.

IPG ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රමුඛතම T20 දේශීය තරගයක භූමි අයිතිය හිමිකරු සහ විකාශන නිෂ්පාදන හවුල්කරු ලෙස ඉදිරියට පැමින තිබෙනවා

IPG සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනිල් මොහාන් මහතා මෙසේ සඳහන් කළේ: “IPG සමූහය දේශීය ක්‍රිකට් ආයතනය සමග එක්ව පවත්වන පළමු ක්‍රිකට් තරගාවලි අවස්ථාව මෙය වන අතර දේශීය අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වැඩ කිරීමට ලැබීම අපට වරප්‍රසාදයක් වන බවයි. IPG සමූහය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඉහළ ජාත්‍යන්තර නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා දිගුකාලීන සබඳතාවයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරනුලබන බවද ප්‍රකාශ කර සිටියා.”

මෙම හවුල්කාරිත්වය සමඟින්, IPG විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය ගෝලීය වශයෙන් සජීවීව විකාශනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් විකාශන තාක්ෂණයන් හඳුන්වා දීමට පියවර ගනු ඇත,එමෙන්ම ඔබට මෙම තරගාවලිය යූටියුබ් නාලිකා වලින් හා ශ්‍රී ලංකාව තුල සියත නාලිකාව හරහා සජීවීව නැරබීමට අවස්තාව උදාකරගත හැක.

තරගාවලියේ සියලුම කන්ඩායම් සහ එහි තරග කාලසටහන පහත පරිදි වේ..

නිල් අළු රතු කොළ

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post නිල්, අළු, රතු, කොළ එකිනෙකා ගැටෙන SLC ආරාධිත T20 ලීගය අද සිට.. appeared first on 1XBet Sri Lanka.

]]>