#national_cricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/national_cricket-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 30 Aug 2022 14:50:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් BBL වෙන්දේසියට. https://lankansports.com/%e0%b6%b6%e0%b7%92%e0%b6%9c%e0%b7%8a-%e0%b6%b6%e0%b7%91%e0%b7%82%e0%b7%8a-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b7%80/ Tue, 23 Aug 2022 12:10:06 +0000 https://lankansports.com/?p=11510 බිග් බෑෂ් ලීග් ක්‍රිකට් 2023 මෙම වසරේ පැවැත්වීමට නියමිත බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීම සඳහා තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සිය නාම යෝජනා ලබා දී තිබෙනවා. දඟපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක රුවන්ත ප්‍රසාද් සහ දුෂාන් හේමන්ත එලෙස නාමයෝජනා ලද නවක ක්‍රීඩකයින් වෙනවා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කැපී පෙනෙන දඟපන්දු යවන්නෙකු […]

The post තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් BBL වෙන්දේසියට. appeared first on 1XBet Sri Lanka.

]]>
බිග් බෑෂ් ලීග් ක්‍රිකට් 2023

මෙම වසරේ පැවැත්වීමට නියමිත බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීම සඳහා තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සිය නාම යෝජනා ලබා දී තිබෙනවා.

දඟපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක රුවන්ත ප්‍රසාද් සහ දුෂාන් හේමන්ත එලෙස නාමයෝජනා ලද නවක ක්‍රීඩකයින් වෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කැපී පෙනෙන දඟපන්දු යවන්නෙකු වන රමේෂ් මෙන්ඩිස්,

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග දෙකක් ක්‍රීඩා කරමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රුවන්ත ප්‍රසාද් ශ්‍රී ලංකා දේශීය තරග පිටියේ Moors සහ පොලිස් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් දක්ෂතා දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 5ක් BBL වෙන්දේසියට.. » Lankan Sports

28 හැවිරිදි දුෂාන් හේමන්ත කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර,

දේශීය තරග බිමේ විස්සයි විස්ස තරග 41ක් නියෝජනය කරමින් ලකුණු 570ක් සහ කඩුලු 20ක් දවා ගැනීමට ඔහු සමත්ව තිබෙනවා.

මෙම ක්‍රීඩකයින්ට අමතරව දිනේෂ් චන්දිමාල්, ප්‍රභාත් ජයසූරිය, භානුක රාජපක්ෂ, ලක්ෂාන් සඳකැන්, සහ මහීෂ් තීක්ෂණ,

මෙවර බිග් බෑෂ් ලීගයේ ක්‍රීඩක කෙටුම්පත් කරණය සඳහා නාමයෝජනා ලබා දී තිබුණා.

මෙවර බිග් බෑෂ් ලීගයේ ක්‍රීඩක කෙටුම්පත් කරණය මෙම මස 28 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් BBL වෙන්දේසියට. appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් දුවිදු රණතුංගගෙන්. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-19%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8/ Mon, 22 Aug 2022 12:02:08 +0000 https://lankansports.com/?p=11473 ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022 ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු යොවුන් සිව්දින ටෙස්ට් තරගය ඊයේ (21) එංගලන්තයේ Chelmsford හිදී ආරම්භ වුනා. පළමු දිනය අවසන් වන විට එංගලන්තය ලබා ගත් ලකුණු 387ට පිළිතුරු දෙමින් සිටින ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු […]

The post එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් දුවිදු රණතුංගගෙන්. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු යොවුන් සිව්දින ටෙස්ට් තරගය ඊයේ (21) එංගලන්තයේ Chelmsford හිදී ආරම්භ වුනා.

පළමු දිනය අවසන් වන විට එංගලන්තය ලබා ගත් ලකුණු 387ට පිළිතුරු දෙමින් සිටින ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබාගෙන සිටියා.

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර නායක රවීන් ද සිල්වා හැර ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයින් 10 දෙනෙක් සහ එංගලන්ත සමස්ත ක්‍රීඩකයින් 11ම මේ තරගයේ දී ජාත්‍යන්තර යොවුන් ටෙස්ට් වරම් දිනා ගත්තා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • ශ්‍රී ලංකා 19න් පහළ – Sadisha Rajapaksa, Asitha Wanninayake, Pawan Pathiraja, Ranuda Somarathne, Shevon Daniel, Lahiru Dawatage , Raveen de Silva (c), Wanuja Sahan, Vinuja Ranpul, Duvindu Ranatunga, Dulaj Samuditha
  • එංගලන්ත 19න් පහළ – Harry Singh, Ben McKinney (c), Ross Whitfield, George Bell, Matthew Hurst, Alex Horton †, Dominic Kelly , Thomas Aspinwall, Bertie Foreman, Eddie Jack, Benjamin Cliff

Singh සහ නායක McKinne එක්ව එංගලන්ත යොවුන් පළමු ඉනිම ආරම්භ කළ අතර එහි දී ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 55ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා.

ලකුණු 64ක් වන විට,

ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරය තුල රඳවා තැබීමට සමුදිත සහ රණතුංග යන වේගපන්දු යවන්නන් දෙදෙනා සමත් වුනා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් Whitfield සමඟින් එක්වුණු Bell ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව දැඩි හිසරදයක් වෙමින් විශාල පීඩනයක් එල්ල කළා.

එහි දී ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 185ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා.

සිය මංගල යොවුන් ටෙස්ට් තරගයේ දීම Bell ශතකයක්,

(4 පහර 16ක් සමඟ ලකුණු 107) ලබා ගත් අතර Whitfield (4 පහර 8ක් සහ එක් 6 පහරක් සමඟ ලකුණු 86ක්) ලබාගෙන දස්කම් දැක්වූවා.

ලකුණු 268ක් වන විට ඔවුන් දෙදෙනාවම දවා ගැනීමට 17 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන රණතුංග සමත් වුනා.

එයින් ලද නව ජවයත් සමඟම නැවතත් තරගයට අවතීර්ණ වුනු ශ්‍රී ලංකාව හිසරදයක් වුනු සබඳතාවය ද ඇතුළත්ව එංගලන්ත මැදපෙළ කඩුලු 8ක් ලකුණු 67ක් තුල දවා ගත්තා.

කෙසේ වෙතත්..

ඔවුන්ගේ පසුපෙළ සවිමත් කළ අංක 9 පිතිකරු Foreman පන්දු 56ක් තුල 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් වේගවත් ලකුණු 58*ක් ලබාගෙන,

ඉනිමේ අවසන් කඩුල්ල දක්වා නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

පන්දු යැවීමේ දී රණතුංග කඩුලු 4ක් දවා ගන්නා විට, සමුදිත සහ වමතින් දඟපන්දු යවන වනුජ කඩුලු දෙක බැගින් දවා ගත්තා.

එංගලන්තය ලබා ගත් ලකුණු 387ට පිළිතුරු දීම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු රාජපක්ෂ ලකුණු 11කට දැවී යාමත් සමඟම,

තරගයේ පළමු දිනය අවසන් කෙරුණා.

නොදැවී ක්‍රීඩා කරන වන්නිනායක ලකුණු 13*යි.

තරගයේ දෙවැනි දිනය අද (22) ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න Lankan sports සමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් දුවිදු රණතුංගගෙන්. appeared first on 1XBet Sri Lanka.

]]>
යොවුන් ලෝක කුසලානෙට “තරු” සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් සිටම සූදානම් වෙයි.. https://lankansports.com/17%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%ba%e0%b7%9c%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd/ Fri, 19 Aug 2022 12:52:15 +0000 https://lankansports.com/?p=11469 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 22 වැනිදා රංගිරි දඹුලු සහ කුරුණෑගල වෙලගෙදර යන ක්‍රීඩාංගණවල දී ආරම්භ වීමට නියමිතයි 2024 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් යොවුන් කණ්ඩායම දැන් දැන් සිටම […]

The post යොවුන් ලෝක කුසලානෙට “තරු” සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් සිටම සූදානම් වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබනවයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය

අගෝස්තු 22 වැනිදා රංගිරි දඹුලු සහ කුරුණෑගල වෙලගෙදර යන ක්‍රීඩාංගණවල දී ආරම්භ වීමට නියමිතයි

2024 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් යොවුන් කණ්ඩායම දැන් දැන් සිටම ගොඩ නඟා ගැනීමේ මේ තරගාවලිය පැවැත්වීමේ මූලික අරමුණයි.

කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් 5කගේ සහභාගීත්වයෙන් පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය,

මේ මස 29 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයෙන් නිමාවට පත් වෙනවා.

තරගාවලිය නියෝජනය කරනු ලබන සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත් වන අතර,

සෑම කණ්ඩායමක්ම මූලික වටය යටතේ තරග 4කට සහභාගී වනු ඇත.

ලීග් ක්‍රමයට පළමු වටය පැවැත්වෙන අතර එහි දී පෙරමුණ ගනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා.

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ ක්‍රීඩකයින් දක්වන දස්කම් අනුව ඉදිරි දින කිහිපය තුල මේ තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩක සංචිත නම් කරනු ඇත.

තරගාවලියේ තරග කාලසටහන මෙසේයි,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post යොවුන් ලෝක කුසලානෙට “තරු” සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් සිටම සූදානම් වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
2023 සිට 2027 දක්වා ශ්‍රීලංකා ක්‍රිකට් ඉදිරි ගමන් මග(තරග සැකැස්ම) https://lankansports.com/2023-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-2027-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a/ Thu, 18 Aug 2022 13:42:57 +0000 https://lankansports.com/?p=11441 ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග 2023 වසරේ සිට 2027 දක්වා දිවෙන ඉදිරි වසර 04 දක්වා පිරිමි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් හී අනාගත තරගාවලි පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (18) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා. 2023 සිට 2026 තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට සම්පූර්ණ තරග 123ක් හිමිව ඇති අතර එයට එක්දින තරග 48ක් සහ විස්සයි […]

The post 2023 සිට 2027 දක්වා ශ්‍රීලංකා ක්‍රිකට් ඉදිරි ගමන් මග(තරග සැකැස්ම) appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග

2023 වසරේ සිට 2027 දක්වා දිවෙන ඉදිරි වසර 04 දක්වා පිරිමි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් හී අනාගත තරගාවලි පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (18) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා.

2023 සිට 2026 තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට සම්පූර්ණ තරග 123ක් හිමිව ඇති අතර එයට එක්දින තරග 48ක් සහ විස්සයි විස්ස තරග 51ක් ඇතුළත්.

නමුත් එම ඉදිරි කාලසීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම හිමි වන ටෙස්ට් තරග සංඛ්‍යාව තරමක් පහත වැටී ඇති අතර එම කාලය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ ටෙස්ට් තරග 24ක් වීම විශේෂත්වයක්

එක් එක් වසරවල දී ශ්‍රී ලංකාවට හිමිවන ටෙස්ට් තරග ගණන,

  • 2023 – ටෙස්ට් තරග පහයි.
  • 2024 – ටෙස්ට් තරග නවයයි.
  • 2025 – ටෙස්ට් තරග හතරයි.
  • 2026 – ටෙස්ට් තරග හයයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ එක්ව 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරීමට නියමිත අතර දකුණු අප්‍රිකාව, නැමීබියාව සහ සිම්බාබ්වේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයෙන් පසුව මෙම තරග කාලසීමාව අවසන් වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග

2023 සිට 2027 දක්වා ශ්‍රී ලංකාවට හිමිවන ඉදිරි තරගාවලි,

2023

Time Period
Opposition

Home/Away
Format & Matches
JanuaryIndiaAway3 ODIs & 3 T20Is
January/FebruaryAfghanistanHome3 ODIs
March/AprilNew Zealand
Away
2 Tests, 3 ODIs & 3 T20Is
AprilIrelandHome1 Test & 2 ODIs
July/AugustPakistanHome2 Tests
SeptemberAsia Cup
Pakistan
ODIs
October/NovemberICC Cricket World CupIndiaODIs

2024

Time PeriodOppositionHome/AwayFormat & Matches
JanuaryZimbabweHome3 ODIs & 3 T20Is
January/FebruaryAfghanistanHome1 Test & 3 T20Is
February/MarchBangladeshAway2 Tests, 3 ODIs & 3 T20Is
JuneICC T20 World CupWI/USAT20Is
JulyIndiaHome3 ODIs & 3 T20Is
August/SeptemberEnglandAway2 Tests
September/OctoberNew ZealandHome2 Tests
October/NovemberWest IndiesHome3 ODIs & 3 T20Is
November/DecemberSouth Africa
Away
2 Tests
December/JanuaryNew ZealandAway3 ODIs & 3 T20Is

2025

Time PeriodOppositionHome/AwayFormat & Matches
January/FebruaryAustraliaHome2 Tests
FebruaryICC Champions TrophyPakistanODIs
June/JulyBangladeshHome2 Tests, 3 ODIs & 3 T20Is
August/SeptemberZimbabweAway3 ODIs & 3 T20Is
SeptemberZimbabweTBC
T20Is
October/November
Ireland
Home3 ODIs & 3 T20Is
November/DecemberPakistan
Away

3 ODIs & 3 T20Is

2026

Time PeriodOppositionHome/AwayFormat & Matches
January/FebruaryEnglandHome3 ODIs & 3 T20Is
FebruaryICC T20 World CupIND/SL (Home)T20Is
MarchAfghanistan
Away

3 ODIs & 3 T20Is
June/JulyWest IndiesAway2 Tests, 3 ODIs & 3 T20Is
AugustIndiaHome2 Tests
SeptemberEnglandAway3 ODIs & 3 T20Is
OctoberPakistanAway3 T20Is
October/NovemberPakistan/England – Tri SeriesAway4 ODIs
NovemberPakistanAway2 Tests
December/JanuaryIndiaAway3 ODIs & 3 T20Is

2027

Time PeriodOppositionHome/AwayFormat & Matches
January/FebruaryNew ZealandAway2 Tests, 3 ODIs & 3 T20Is
February/MarchSouth AfricaHome
2 Tests

දික්වැල්ලට CPL වරම් » Lankan Sports

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post 2023 සිට 2027 දක්වා ශ්‍රීලංකා ක්‍රිකට් ඉදිරි ගමන් මග(තරග සැකැස්ම) appeared first on 1XBet Sri Lanka.

]]>
නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. https://lankansports.com/a-womens-cricket-championship-for-the-navy/ Tue, 16 Aug 2022 13:38:13 +0000 https://lankansports.com/?p=11425 කාන්තා ක්‍රිකට් SLC ආරාධිත අන්තර් සමාජ කාන්තා T20 තරගාවලිය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (15) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති එම තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් ලබා ගත් නාවික හමුදාව ශූරතාවය දිනා ගන්නට සමත් […]

The post නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා ක්‍රිකට්

SLC ආරාධිත අන්තර් සමාජ කාන්තා T20 තරගාවලිය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (15) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති එම තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් ලබා ගත් නාවික හමුදාව ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 121ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම දියත් කළ ගුවන් හමුදාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 113ක් පමණයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්__________________________

  • නාවික හමුදාව උමේෂා තිමාශිනි, ප්‍රසාදිනී වීරක්කොඩි (කඩුලු රකින්නිය), සත්‍ය සංදීපනී, හංසිමා කරුණාරත්න (නායිකාව), නිලක්ෂනා සඳමිණි, තාරිකා සෙව්වන්දි, මදුරි සමුදිකා, මෙනුකා හේරත්, චන්දිමා ගුණරත්න, චේතනා විමුක්ති, එච්. කේ. දැහැමි.
  • ගුවන් හමුදාව යසෝදා මෙන්ඩිස්, චමරි පොල්ගම්පොල, ලිහිණි අප්සරා, ඩිලානි මනෝදරා (කඩුලු රකින්නිය), මලකි මදාර, සඳුනි අබේවික්‍රම, ඉනෝශි ප්‍රනාන්දු, චතුරාණි ගුණවර්ධන (නායිකාව), හර්ෂනී විජේසූරිය, තාරුකා ෂෙහානි, රුචී සමරසිංහ.

පළමුව පන්දුවට පහර දුන් නාවික හමුදා කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 39ක් තුල දවා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනා. අංක 4 පිතිකාරිණිය ලෙස පිටියට පැමිණි හංසිමා කරුණාරත්න (ලකුණු 25ක්) සහ නිලක්ෂනා සඳමිණි (ලකුණු 21ක්) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනැංවූවා. එම සබඳතාවය මේ තරගය තුල නාවික හමුදා ඉනිමේ වාර්තා වුනු හොඳම සබඳතාවය වුනා.

ඔවුන්ගේ පසුපෙළ සවිමත් කළ මදුරි සමුදිකා පන්දු 14ක් තුල වේගවත් ලකුණු 23ක් ලබාගෙන නාවික හමුදා ලකුණු සටහන 121ක් දක්වා රැගෙන ගියා. නාවික හමුදාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ආරම්භක පිතිකාරිණිය ලෙස ක්‍රීඩා කළ උමේෂා තිමාශිනි පන්දු 28ක් තුල 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 30ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී රුචී සමරසිංහ ලකුණු 19කට කඩුලු 3ක් දවා ගන්නා විට හර්ෂනී විජේසූරිය ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 122ක ඉලක්කයක් හඹා ගිය ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පන්දුවාර 13කුත් එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 68ක් ලබාගෙන සිටියා.

නාවික හමුදාව

–121/6 (20):උමේෂා තිමාශිනි 30, හන්සිමා කරුණාරත්න 25, මදුරි සමුදිකා 23*, නිලක්ෂනා සඳමිණි 21, රුචී සමරසිංහ 3/19, හර්ෂනී විජේසූරිය 2/19

ගුවන් හමුදාව

–113/7 (20):ඩිලනි මනෝදරා 40, මදුරි සමුදිකා 2/21, සත්‍යා සංදීපනී 2/23

නාවික හමුදාවට ලකුණු 8ක තියුණු ජයක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. appeared first on 1XBet Sri Lanka.

]]>
ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට https://lankansports.com/%e0%b6%86%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%ad-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%ba%e0%b7%92-20-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%9a%e0%b7%94/ Tue, 16 Aug 2022 11:37:15 +0000 https://lankansports.com/?p=11413 ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‌ය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී බ්ලූස් පිල කඩුලු 7 කින් පරාජය කළ රෙඩ්ස් කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ […]

The post ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට appeared first on 1XBet Sri Lanka.

]]>
ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‌ය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී බ්ලූස් පිල කඩුලු 7 කින් පරාජය කළ රෙඩ්ස් කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 10 ක ත්‍යාගයකටද හිමිකම් කීය .

පන්දු යවන්නන්ගේ දක්ෂතා මත ලකුණු 137 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා ගත් රෙඩ්ස් කණ්ඩඩායම පන්දුවාර 16.5 ක් අවසනදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. නායකත්වයේ ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 56 ක් ලබා ගත්තේ සිය ඉනිම නොබිඳී පවත්වාගනිමිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ සමග එක්වූ මෙන්ඩිස් පන්දු 29 කදී වේගවත් ලකුණු 49 ක් එක් කළහ. ඉන් නොනැවතුණු රෙඩ්ස් නායකයා වනිඳු හසරංග සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 36 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් රෙඩ්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම පමණක් කඩුලු 2 ක් දවා ගත් නමුත් ඔහුට එරෙහිව ලකුණු 34 ක් ලබා ගැනීමට රෙඩ්ස් පිතිකරුවෝ සමත්වූහ .

රෙඩ්ස් පන්දු යවන්නන් අතර මහීීෂ් තීක්ෂන කැපී පෙනුණු අතර ඔහු පන්දුවාර 4 කදී ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත්තේය. ඔහුට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තේය. බ්ලූස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අෂේන් බණ්ඩාර පන්දු 30 කදී ලකුණු 40 ක් රැස් කළේ හතරේ පහර 4 ක් ද ඉනිමට ඇතුළත් කර ගනිමිනි. හේ ඉනිම හමාර වන තෙක්ම කඩුල්ලේ රැදී සිටියද සෙසු පිතිකරුවන්ගේ ලැබිය යුතු දායකත්වය අවම මට්ටමක නිසා සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට බ්ලූස් පිලට නෙ‌ොහැකි විය. බණ්ඩාර අමතරව ළහිරු උදාර ලකුණු 37 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 25 ක් රැස් කළහ.

ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය.

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්

දක්ෂතම පන්දු යවන්නා ප්‍රවීන් ජයවික්‍රම (තරග 4 යි කඩුලු 7 යි)

දක්ෂ තම පිතිකරුවා කුසල් මෙන්ඩිස් (තරග 4 යි ලකුණු 206 යි)

තරගාවලියේ වීරයා අසිත ප්‍රනාන්දු (තරග 4 යි කඩුලු 10 යි)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට appeared first on 1XBet Sri Lanka.

]]>