#earn_from_sports Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/earn_from_sports/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 31 Aug 2022 09:31:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 බොක්සිං ශූරයා “ටයිසන්” රෝද පුටුවෙන් https://lankansports.com/%e0%b6%b6%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%92%e0%b6%82-%e0%b6%b8%e0%b6%ba%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a7%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9d%e0%b6%af/ Fri, 19 Aug 2022 12:25:09 +0000 https://lankansports.com/?p=11463 බොක්සිං ශූර මයික් ටයිසන් රෝදපුටුවක් ආදාරයෙන් ගමන් කල පුවතක් වාර්තාවනවා.. හිටපු හෙවිවෙයිට් බොක්සිං ශූර Mike Tyson (මයික් ටයිසන්) රෝද පුටුවක ආධාරයෙන් ගමන් කරනු පසුගිය දා Miami International Airport හිදී (මයාමි ජාත්‍යන්තර ගුවන් තොටුපල) දක්නට ලැබී තිබෙනවා. ඉහත ඡායාරූපය මේ වන විට සමාජ මාධ්‍ය ආක්‍රමණය කරමින් තිබෙන්නේ සෝ සුසුම් මැද යි. ඒත් සමඟින් ටයිසන්ගේ සෞඛ්‍ය තත්වය […]

The post බොක්සිං ශූරයා “ටයිසන්” රෝද පුටුවෙන් appeared first on 1XBet Sri Lanka.

]]>
බොක්සිං ශූර මයික් ටයිසන් රෝදපුටුවක් ආදාරයෙන් ගමන් කල පුවතක් වාර්තාවනවා..

හිටපු හෙවිවෙයිට් බොක්සිං ශූර Mike Tyson (මයික් ටයිසන්) රෝද පුටුවක ආධාරයෙන් ගමන් කරනු පසුගිය දා Miami International Airport හිදී (මයාමි ජාත්‍යන්තර ගුවන් තොටුපල) දක්නට ලැබී තිබෙනවා.

ඉහත ඡායාරූපය මේ වන විට සමාජ මාධ්‍ය ආක්‍රමණය කරමින් තිබෙන්නේ සෝ සුසුම් මැද යි.

ඒත් සමඟින් ටයිසන්ගේ සෞඛ්‍ය තත්වය ගැන නැවත ප්‍රශ්න කරන්නට ප්‍රේක්ෂකයන් පෙළඹී තිබෙනවා.

ඔහු කාලාන්තරයක් පුරා කොන්දේ ආබාධයකින් පසුවන අතර පසුගිය දා ඔහු සැරයටියක ආධාරයෙන් නිව්යෝක් නගරයේ සැරිසරනයුරු ද ප්‍රේක්ෂකයන්ගේ ඇස ගැටී තිබුණා.

වාර්තා වන පරිදි ඔහු කොඳු ඇට පෙළෙහි අවසන් අස්ථිය සහ තුනටිය ආශ්‍රිත ස්නායු රෝගයකින් පෙළෙනවා. එබැවින් වේදනාව අවම කර ගැනීමට බොක්සිං ශූර මයික් ටයිසන් රෝදපුටුවක් භාවිතා කරන බවයි පැවසෙන්නේ.

HotBoxin නම් ගුවන් විදුලි සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෑතක දී පැවසුවේ තමන් “අවසානයට ළඟා වෙමින්” සිටින බවයි. එය බොක්සිං ප්‍රේක්ෂකයන්ට කනාගාටුවක් ඇති කරන පුවතක් වුනේ මේ වන විටත් ටයිසන් හට ඇති ඉහළ ජනප්‍රියත්වය හේතුවෙන්.

’90 දශකයේ මුල භාගයේ සිට සහස්‍රයේ ආරම්භය දක්වා ලෝක බොක්සිං කරළියේ ජය කෙහෙලි නැංවූ මයික් ටයිසන් භයංකර සටන්කරුවෙකු ලෙස ප්‍රකටයි.

බොක්සිං ක්‍රීඩාවට අමතරව පෞද්ගලික ගැටලු රැසක් නිසා ඔහු ගැන කතාබහට ලක්වනවා.

කෙසේ වෙතත් 56 හැවිරිදි මයික් ටයිසන් රෝගාබාධයකින් පෙළීමේ පුවත ප්‍රේක්ෂකයන්ට සතුට දැනවූයේ නැහැ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post බොක්සිං ශූරයා “ටයිසන්” රෝද පුටුවෙන් appeared first on 1XBet Sri Lanka.

]]>
නවසීලන්ත ක්‍රිකට් කොන්ත්‍රාත්තුවෙන් නිදහස් වූ ට්‍රෙන්ට් බෝල්ට්.. https://lankansports.com/%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a/ Wed, 10 Aug 2022 12:19:55 +0000 https://lankansports.com/?p=11350 නවසීලන්ත ක්‍රිකට් කොන්ත්‍රාත්තුවෙන් ලොව එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ වේගපන්දු යවන්නා වන Trent Boultව (ට්‍රෙන්ට් බෝල්ට්) නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කොන්ත්‍රාත්තුවෙන් නිදහස් කොට තිබෙනවා . ඒ ඔහුගේ පවුල සමඟ වැඩි කාලයක් ගත කිරීමටත්, ලොව වටා වරලත් ක්‍රිකට් කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කිරීමටත් ලබා දෙන අවස්ථාවක් වශයෙන්. ටෙස්ට් තරග 78ක දී කඩුලු 317ක් ලබාගෙන […]

The post නවසීලන්ත ක්‍රිකට් කොන්ත්‍රාත්තුවෙන් නිදහස් වූ ට්‍රෙන්ට් බෝල්ට්.. appeared first on 1XBet Sri Lanka.

]]>
නවසීලන්ත ක්‍රිකට් කොන්ත්‍රාත්තුවෙන් ලොව එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ වේගපන්දු යවන්නා වන Trent Boultව (ට්‍රෙන්ට් බෝල්ට්) නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කොන්ත්‍රාත්තුවෙන් නිදහස් කොට තිබෙනවා .

ඒ ඔහුගේ පවුල සමඟ වැඩි කාලයක් ගත කිරීමටත්, ලොව වටා වරලත් ක්‍රිකට් කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කිරීමටත් ලබා දෙන අවස්ථාවක් වශයෙන්.

ටෙස්ට් තරග 78ක දී කඩුලු 317ක් ලබාගෙන තිබෙන බෝල්ට් එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මේ වන විට අංක එකෙහි පසුවන්නේ ජස්ප්‍රිත් බුම්රාට වඩා ප්‍රසාද ලකුණු 15ක පරතරයක් තබා ගනිමින්.

ඔහු BBCය හමුවේ පවසන්නේ එය අපහසු තීරණයක් වුවත් ගත යුතු එකක් බවයි.

“මට තවමත් ලොකු ආසාවක් තියෙනවා මගේ රට නියෝජනය කරන්න සහ මට ජාත්‍යන්තර මට්ටමේ දස්කම් දක්වන්න අවශ්‍ය හැකියාව තියෙනවා.”,ඔහු පැවසුවා.

ඒත් මම ජාතික කොන්ත්‍රාත්තුවක් නැතිව මාව සංචිතයට තෝරාගන්න නොහැකි තත්වයට අවශ්‍ය ගෞරවය දක්වනවා.”33 හැවිරිදි බෝල්ට් වැඩිදුරටත් පැවසුවා.

පවුල සමඟ වැඩි කාලයක් ගත කිරීම වැදගත් බව තමාට වැටහෙන බවයි ඔහු පවසන්නේ.

“පවුල තමයි මගේ ලොකුම උත්තේජනය. ඒක අංක එකට තියලා අපි ක්‍රිකට් වලින් පස්සේ ජීවිතය හදාගන්න සූදානම් වෙන්න ඕන.”,ඔහු පැවසුවා.

නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ ඔහුගේ තීරණයට ඔවුන් සම්පූර්ණයෙන්ම ගෞරව දක්වන බවයි.

“අපි සාකච්ඡා කිහිපයක්ම පැවැත්වුවා,ඒවගේම නවසීලන්ත කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරාගැනීමේ දී කොන්ත්‍රාත්තු සහිත ක්‍රීඩකයන්ට ප්‍රමුඛ ස්ථානය ලැබෙන බව ට්‍රෙන්ට්ට තේරෙන බව මම දන්නවා.”,ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් වයිට් එසේ පැවසුවා.

මෙය වත්මනෙහි ප්‍රවණතාවක් වෙමින් පවතිනවා. කාර්යබහුල ජාත්‍යන්තර ක්‍රිකට් කැලැන්ඩරය නිසා ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ජීවිතවලට දැඩි පීඩනයක් එල්ල වීමත්, කොරෝනා වසංගත තත්වය නිසා තවමත් ක්‍රීඩකයන්ව ආරක්‍ෂිත ක්‍රමවේදයන් යටතේ පාලනය වීමත් .එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් ද පසුගිය දිනෙක එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post නවසීලන්ත ක්‍රිකට් කොන්ත්‍රාත්තුවෙන් නිදහස් වූ ට්‍රෙන්ට් බෝල්ට්.. appeared first on 1XBet Sri Lanka.

]]>
හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා පියවරක් පහලට වැටේ CWG 10 වන දිනය .. https://lankansports.com/%e0%b7%84%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb/ Mon, 08 Aug 2022 12:26:31 +0000 https://lankansports.com/?p=11309 හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 සාර්ථකව දින 10ක් මුළුල්ලේ පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 10 වැනි දිනය ඊයේ (07) නිමාවට පත් වුනා. ඊයේ දිනයේ පැවති අවසන් මහා තරගවල දී ඕස්ට්‍රේලියාව විසින් ක්‍රිකට් සහ දැල්පන්දු ක්‍රීඩාවලින් රන් පදක්කම් දිනා ගනිද්දී, එංගලන්තය හොකි රන් පදක්කම දිනා ගන්නට සමත් වුනා. ඊට අමතරව මීටර් […]

The post හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා පියවරක් පහලට වැටේ CWG 10 වන දිනය .. appeared first on 1XBet Sri Lanka.

]]>
හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 සාර්ථකව දින 10ක් මුළුල්ලේ පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 10 වැනි දිනය ඊයේ (07) නිමාවට පත් වුනා.

ඊයේ දිනයේ පැවති අවසන් මහා තරගවල දී ඕස්ට්‍රේලියාව විසින් ක්‍රිකට් සහ දැල්පන්දු ක්‍රීඩාවලින් රන් පදක්කම් දිනා ගනිද්දී, එංගලන්තය හොකි රන් පදක්කම දිනා ගන්නට සමත් වුනා. ඊට අමතරව මීටර් 400×4 අවසන් තරගය ආන්දෝලනාත්මක ඉසව්වක් බවට පත්වුනා.

මලල ක්‍රීඩා

පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ දී ජාත්‍යන්තර අවධානය දිනා ගන්නට පාකිස්තාන ක්‍රීඩක Arshad Nadeem සමත් වුනේ තරගාවලි වාර්තාවක් සමඟින්, රන් පදක්කමක් පාකිස්තානය වෙනුවෙන් දිනා දෙමින් වීම විශේෂත්වයක්

සිය හොඳම දක්ෂතාවය වාර්තා කරමින් මීටර් 90.18ක දක්ෂතාවයක් වාර්තා කරන්නට ඔහු සමත් වූ අතර ඒ සමඟින් මෙම ඉසව්වේ මීටර් 90ක දක්ෂතාවයක් වාර්තා කළ දෙවැනි ආසියානුවා බවට ඔහු පත්වුනා. මීට පෙර තායිපේ ක්‍රීඩක Chao-Tsun විසින් 91.36ක දක්ෂතාවයක් වාර්තා කර තිබුණා.

Nadeemගේ සුපිරි දක්ෂතාවයත් සමඟින්, දෙවරක් හෙල්ල විසි කිරීමේ ලෝක ශූරතාවය දිනූ Anderson Peters රිදි පදක්කම දක්වා ඇද වැටුණා, ඔහු විසින් වාර්තා කළ දක්ෂතාවය මීටර් 88.64ක්. කෙන්යාවේ Julius Yego විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

මීටර් 400×4 කාන්තා සහය දිවීම ඉසව්වේ අවසන් තරගය ඊයේ පැවති අතර එහි දී පළමුවෙන් ඉසව්ව අවසන් කරන්නට සමත් වුනේ එංගලන්ත ක්‍රීඩිකාවන් විසිනුයි.

එංගලන්ත ක්‍රීඩිකාවන් විසින් ඔවුන් මෙවර මලල ක්‍රීඩාවෙන් 8 වැනි රන් පදක්කමත් එංගලන්තයට දිනා දුන්නා යැයි සතුට සමරන අවස්ථාවේ දී, විනිසුරුවන් පැමිණ එංගලන්ත ක්‍රීඩිකාවන් ඉසව්වට නොසුදුස්සන් යැයි නම් කළේ ඔවුන් විසින් මං තීරු නීති උල්ලංඝනය කළ බව අනාවරණය කර ගැනීමත් සමඟිනුයි.

ඒ සමඟ දෙවැනි ස්ථානයට ඉසව්ව අවසන් කළ කැනේඩියානු ක්‍රීඩිකාවන් (මිනිත්තු 3:25.84) රන් පදක්කම සඳහා උසස් කෙරුණු අතර ජැමෙයිකානු ක්‍රීඩිකාවන් (මිනිත්තු 3:26.93) රිදි පදක්කමට උසස් වෙද්දී සිව්වැනියට ඉසව්ව අවසන් කළ ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් (මිනිත්තු 3:30.15) ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

මීටර් 10,000 පිරිමි ඇවිදීමේ ඉසව්ව සඳහා සහභාගී වූ කැනේඩියානු ජාතික Evan Dunfee විසින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනේ සිය හොඳම දක්ෂතාවය සමඟින් නව තරගාවලි වාර්තාවක් අලුත් කරමිනි. ඔහු ඉසව්ව නිමා කරන්නට ගත කළ කාලය දැක්වුණේ මිනිත්තු 38:36:37ක් ලෙසයි.

ඉසව්වේ දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Declan Tingay (මිනිත්තු 38:42:33 PB) විසින් දිනා ගනිද්දී, ඉන්දියාවේ Sandeep Kumar (මිනිත්තු 38:49:21 PB) විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

මීටර් 100 කාන්තා කඩුලු පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට Tobi Amusan සමත් වුනේ තත්පර 12.30ක දක්ෂතාවයක් වාර්තා කරමිනුයි. එම දක්ෂතාවය තරගාවලි වාර්තාවක් ලෙස ද සටහන් වුනා.

බහමාස් ක්‍රීඩිකා Devynne Charlton විසින් තත්පර 12.58කින් ඉසව්ව අවසන් කරමින් රිදි පදක්කම දිනා ගනිද්දී, එංගලන්තයේ Cindy Sember විසින් තත්පර 12.59කින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

කාන්තා මීටර් 400 ඉසව්වේ ද තරගාවලි වාර්තාවක් අලුත් කරන්නට බාබඩෝස් ක්‍රීඩිකා Sada Williams සමත් වුනා. ඒ තත්පර 49.90ක දක්ෂතාවයක් වාර්තා කරමින්.

සිය හොඳම පෞද්ගලික දක්ෂතාව වාර්තා කළ එංගලන්ත ක්‍රීඩිකා Victoria Ohuruogu විසින් තත්පර 50:72කින් (PB) රිදි පදක්කම දිනා ගනිද්දී, එංගලන්තයේම Jodie Williams විසින් තත්පර 50.26කින් (SB) ඉසව්ව අවසන් කරමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

කාන්තා දුර පැනීම ඉසව්වෙන් ද නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට නයිජීරියා ක්‍රීඩක Ese Brume සමත් වුනා. ඇය විසින් දැක්වූ දක්ෂතාව මීටර් 7ක්. ඕස්ට්‍රේලියාවේ Brooke Bushkuehl විසින් මීටර් 6.95ක දක්ෂතාවයක් සමඟින් රිදි පදක්කම දිනා ගන්නා විට, සිය හොඳම දක්ෂතාවය සමඟින් ලෝඩක පදක්කම දිනා ගන්නට ඝානා ක්‍රීඩිකා Deborah Acquah සමත් වුනා.

ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති කාන්තා ක්‍රිකට් විස්සයි විස්ස අවසන් මහා තරගයෙන් ලකුණු 9ක තියුණු ජයක් වාර්තා කරන්නට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් සමත් වුනා.කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 161ක් වාර්තා කරන්නට සමත් වුනා. Beth Mooney සහ නායිකා Meg Lanning විසින් ලකුණු 61ක් සහ 36ක් වාර්තා කරමින් වැඩිම ලකුණු ලාභී පිතිකාරිණියන් වෙද්දී, Sneh Rana සහ Renuka Singh විසින් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවන් විසින් පන්දුවාර 19.3ක දී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට සමත් වුනේ ලකුණු 152ක් පමණයි. එහි දී නායිකා Harmanpreet Kaur විසින් අර්ධ ශතකයක් (65) වාර්තා කරන්නට සමත් වූ අතර ඕස්ට්‍රේලියා ක්‍රීඩිකා Ash Gardner විසින් කඩුලු 3ක් දවා ගෙන ඉන්දීය ජයග්‍රහණය අවහිර කරන්නට සමත් වුනා

හොකි

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති කාන්තා හොකි අවසන් මහා තරගයෙන් 2-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට එංගලන්ත ක්‍රීඩිකාවන් සමත් වුනා. ඔවුන්ගේ ලකුණු පුවරුව දැක්වුණේ 0-0ක්, 2-0ක්, 0-0ක් සහ 0-1ක් වශයෙනුයි.

ලෝකඩ පදක්කම සඳහා වන තරගය සඳහා නවසීලන්තය සහ ඉන්දියාව තරග වැදුණු අතර එහි දී 1-1ක් ලෙස සමව අවසන් වුන තරගයේ ජයග්‍රහණය තීරණය කිරීම සඳහා පැවති Shoot-out වටයේ දී 2-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුනා.

කිමිඳුම්

පිරිමි මීටර් 10 Platform ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Emmanuel Rosseau සමත් වුනේ ලකුණු 501.30ක් වාර්තා කරමිනුයි. රිදි පදක්කම දිනා ගත් කැනේඩියානු ක්‍රීඩක Rylan Wiens විසින් ලකුණු 492.80ක් වාර්තා කරද්දී, එංගලන්ත ක්‍රීඩක Matthew Lee විසින් ලකුණු 477.00ක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

කාන්තා මීටර් 3 Springboard අවසන් මහා තරගයෙන් රන් පදක්කම දිනා ගන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Maddison Keeny සමත් වුනේ ලකුණු 348.95ක් වාර්තා කරමිනුයි. මැලේසියා ක්‍රීඩිකා Dhabitah Sabri විසින් (330.90) රිදි පදක්කම ජයග්‍රහණය කරද්දී, කැනඩාවේ Jolie Vallee (329.25) විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා පියවරක් පහලට වැටේ CWG 10 වන දිනය .. appeared first on 1XBet Sri Lanka.

]]>
CWG 7වැනි දිනයේ ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක පතුරවයි. https://lankansports.com/cwg-7%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a-%e0%b6%b6/ Fri, 05 Aug 2022 12:16:09 +0000 https://lankansports.com/?p=11292 බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක පතුරවයි. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 එංගලන්තයේ දී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 7 වැනි දිනය ඊයේ (04) අවසන් වෙද්දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ ඉසව් 4කින් පෙර අර්ධ අවසන් පූර්ව වටයන් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුණා. ඒ අනුව, පිරිමි ඒකල ඉසව්වෙන් නිලූක කරුණාරත්න සහ දුමිඳු අබේවික්‍රම, […]

The post CWG 7වැනි දිනයේ ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක පතුරවයි. appeared first on 1XBet Sri Lanka.

]]>
බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක පතුරවයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

එංගලන්තයේ දී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 7 වැනි දිනය ඊයේ (04) අවසන් වෙද්දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ ඉසව් 4කින් පෙර අර්ධ අවසන් පූර්ව වටයන් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුණා.

ඒ අනුව, පිරිමි ඒකල ඉසව්වෙන් නිලූක කරුණාරත්න සහ දුමිඳු අබේවික්‍රම, මිශ්‍ර යුගල ඉසව්වෙන් සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා, පිරිමි යුගල ඉසව්වෙන් සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක මෙසේ 16 දෙනාගේ වට නියෝජනයට සුදුසුකම් ලබා ගත්තා.මේ අතර ස්කොෂ් පිරිමි යුගල ඉසව්වට එක් වූ ලක්සිරි රවිඳු සහ ශමිල් වකීල් ද එම ඉසව්වෙන් පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සමත් වීම කැපී පෙනුණා.

බැඩ්මින්ටන්

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන් ම පිටියට පිවිසියේ නිලූක කරුණාරත්න. 32 දෙදෙනාගේ වටයට එක් වූ නිලූක ප්‍රතිවාදී බාබඩෝස් ක්‍රීඩක Shae Michael Martinට එරෙහිව තරග වට 2-0කින් ජයග්‍රහණය කළේ 21-6ක් සහ 21-5ක් ලෙසින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින්.

එම ඉසව්වෙන් ම 32 දෙදෙනාගේ වටය නියෝජනය කළ දුමිඳු අබේවික්‍රම ද පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට මධ්‍යම රාත්‍රියේ දී සමත් වුනා. ඒ තරග වට 2-0කින් මෝල්ටාවේ Samuel Cassar පරාජය කරමින්. ඔවුන් අතර පැවති තරගයේ ලකුණු පුවරුව කියැවුණේ 21-12ක් සහ 22-20ක් ලෙසයි.

මිශ්‍ර යුගල ඉසව්ව සඳහා සහභාගී වූ සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා කැනඩා ක්‍රීඩකයන් වූ Alexander Lindeman සහ Josephine Yuenling Wu 21-11ක් සහ 21-18ක් ලෙසින් පරාජය කරමින් පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

පිරිමි යුගල ඉසව්ව සඳහා සහභාගී වූ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලකත් පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වීම කැපී පෙනුණා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ බාබඩෝස් ක්‍රීඩකයන් වූ King Maarten සහ Martin Shae.

මේ අතර අද පැවති කාන්තා ඒකල බැඩ්මින්ටන් ඉසව්වේ 32 දෙදෙනාගේ වටයට එක් වූ සුහස්නි විදානගේ එංගලන්තයේ Freya Redfearn වෙතින් තරග වට 2-0ක පරාජයක් ලැබුවා. ඒ අනුව ඇයගේ එම ඉසව්වේ ගමන එතෙකින් අවසන් වූ අතර ලකුණු තත්ත්වය කියැවුණේ 21-11ක් සහ 21-14ක් ලෙසයි.

බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක

බොක්සිං

අද පැවති බොක්සිං තරගවලින් පළමුවෙන් ම පිටියට පිවිසි මෙරට තරගකරුවා වූයේ සංජීවනී කුරේ. කාන්තා කිලෝග්‍රෑම් 54-57 බර පංතියේ Featherweight ඉසව්වේ පළමු අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට සහභාගී වූ ඇය රුසියාවේ Phiwokuhle Sbusisiwe Mnguni වෙතින් පරාජයට පත් වූවා.

ඔවුන් අතර පැවති තරගය දෙවැනි වටය අවසානයේ නතර කිරීමට විනිසුරු තීරණය කිරීමත් සමඟින් සංජීවනීගේ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් බලාපොරොත්තුව ද ගිලිහී ගියා.

මේ අතර මධ්‍යම රාත්‍රියේ පැවති කිලෝග්‍රෑම් 51-54 බර පංතියේ Bantamweight ඉසව්වේ තෙවැනි අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කළ රුක්මාල් ප්‍රසන්නට ද තම ඉසව්වේ පදක්කම් බලාපොරොත්තුව අහිමි කර ගැනීමට සිදු වුනා. ඒ ගයානාවේ Abraham Mensh වෙතින් 3-0ක පරාජයක් ලබා ගැනීමත් සමඟින්.

ස්කොෂ්

පිරිමි යුගල 32 දෙදෙනාගේ වටය නියෝජනය කරමින් ලක්සිරි රවිඳු සහ වකීල් ශමිල් අද ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු ස්කොෂ් ක්‍රීඩකයන් ලෙසින් පිටියට එක් වුනා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ගයනාවේ Wiltshire Shomari සහ Khalil Jason.

එම තරගයේ දී 11-5ක් සහ 11-6ක් ලෙසින් ජයග්‍රහණ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෙර අර්ධ අවසන් පූර්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

ජිම්නාස්ටික්

ජිම්නාස්ටික් Rhythmic ඒකල අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා Anna Marie Ondaatj තම ඉසව්වට සාර්ථකව මුහුණ දුන්නා. ඒ අනුව ඇය ලකුණු 90.550ක් ලබා ගනිමින් 8 වැනි ස්ථානය දිනා ගනිමින් අවසන් මහා තරගයට මුහුණ දීමට සුදුසුකම් ලබාගත්තා..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post CWG 7වැනි දිනයේ ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක පතුරවයි. appeared first on 1XBet Sri Lanka.

]]>
බර ඉසිලීමේ නව වාර්තා සමගින් පොදුරදමඩුලු සිව්වැනි දිනය අවසන්.. https://lankansports.com/%e0%b6%b6%e0%b6%bb-%e0%b6%89%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b1%e0%b7%80-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c%e0%b7%92/ Tue, 02 Aug 2022 12:23:46 +0000 https://lankansports.com/?p=11249 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල2022 එංගලන්තයේ බර්මින්හැම් හිදි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය ඊයේ (1) නිමාවට පත්වුනා. බර ඉසිලීමේ ඉසව් කිහිපයකම අවසන් මහා තරග ඊයේ පැවැත්වුණා. එංගලන්ත ක්‍රීඩක Chris Murray පිරිමි 81Kg බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද සමඟිනුයි. මුළු බර ලෙස 325Kg ඔසවමින් ඔහු එම වාර්තාව තැබුවා. කැනඩාවේ Maude […]

The post බර ඉසිලීමේ නව වාර්තා සමගින් පොදුරදමඩුලු සිව්වැනි දිනය අවසන්.. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල2022

එංගලන්තයේ බර්මින්හැම් හිදි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය ඊයේ (1) නිමාවට පත්වුනා.

බර ඉසිලීමේ ඉසව් කිහිපයකම අවසන් මහා තරග ඊයේ පැවැත්වුණා. එංගලන්ත ක්‍රීඩක Chris Murray පිරිමි 81Kg බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද සමඟිනුයි. මුළු බර ලෙස 325Kg ඔසවමින් ඔහු එම වාර්තාව තැබුවා.

කැනඩාවේ Maude G Charron කාන්තා 64kg බර පන්තියේ Clean & Jerk, Snatch හා මුළු බර යන අංශ තුනෙන්ම නව තරගාවලි වාර්තා පිහිටුවන්නට සමත් වුනා. Clean & Jerk ක්‍රමයට 130kg, Snatch ක්‍රමයට 101kg හා මුළු බර ලෙස 231kg ඔසවමින් ඇය එම ඉසව්වේ රන් පදක්කම ද දිනා ගත්තා.

එංගලන්තයේ Sarah Davies කාන්තා 71kg ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. ඇයත් Clean & Jerk, Snatch හා මුළු බර යන අංශ තුනෙන්ම නව තරගාවලි වාර්තා පිහිටුවන්නට සමත් වූ අතර Snatch ක්‍රමයට ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය වාර්තාවක් ද පිහිටුවන්නට සමත් වුනා. Clean & Jerk ක්‍රමයට 126kg, Snatch ක්‍රමයට 103kg හා මුළු බර ලෙස 229kg ඔසවමින් ඇය එම දක්ෂතාවය දැක්වූවා.

පිහිනුම්________________________

පිරිමි 4x200m නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම ද සමඟින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත් වුනා. ඔවුන් ඒ ඉසව්ව නිමා කිරීම සඳහා ගත කළ කාලය මිනිත්තු 7:04.96ක්. Elijah Winnington, Flynn Southam, Zac Incerti හා Mack Horton ජයග්‍රාහි කණ්ඩායමේ සාමාජිකයින් වුනා.

පිහිනුම් ඉසව්වලින් දිනයේ බිහි වූ අනෙක් තරග වාර්තාව ඕස්ට්‍රේලියාවේ Kaylee McKeownට හිමි වුනා. කාන්තා මීටර් 200 පසුපස ආර ඉසව්ව මිනිත්තු 2:05.60කින් නිමා කරමින් McKeownමෙම වාර්තාව පිහිටවූවා. එම ඉසව්වේ රන් පදක්කම ද සමඟින් Kaylee McKeown මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දෙකක් හා එක් රිදී පදක්කමක් දිනාගෙන තිබෙනවා.

මේ අතර මීට පෙර කාන්තා මීටර් 100 පසුපසආර ඉසව්වට සහභාගී වෙමින් සිය හොඳම කාලය වාර්තා කළ 19 හැවිරිදි ගංගා සෙනෙවිරත්න අද කාන්තා මීටර් 200 පසුපස ආර ඉසව්වේ මූලික වටයට සහභාගී වුනා. මිනිත්තු 2.26.63ක කාලයකින් ඉසව්ව නිමා කළ ඇය එම ඉසව්වේ මීළඟ වටයට පිවිසෙන්නට සමත් වුනා.

බොක්සිං________________________

බොක්සිං ක්‍රීඩාවේ 16 දෙනාගේ වටයේ තරගත් ඊයේ පැවැත්වුණා. 16 දෙනාගේ වටය නියෝජනය කළ ඉශාන් සෙනෙවිරත්න එංගලන්තයේ Kiaran MACDONALD හමුවේ පරාජයට පත් වුනා. ඒ. 48kg-51kg Flyweight ඉසව්වෙනුයි.

54kg- 57kg Featherweight බර පන්තිය නියෝජනය කළ විමුක්ති කුමාර 16 දෙනාගේ වටයේ තරගක දී ගයානා ක්‍රීඩක Keevin ALLICOCK හමුවේ පරාජය වුනා.

අද දිනයේ දී (2) පිහිනුම්, පැසිපන්දු ඇතුළු ඉසව් කිහිපයකම අවසන් තරග පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ මූලික වටයේ තරගයක් ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි මලල ක්‍රීඩා තරග ද අද ආරම්භ වන අතර ශ්‍රී ලංකා සුපිරි ධාවක යුපුන් අබේකෝන් ද අද තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත රැගෙන ඒමට Lankansports.com සූදානම්,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post බර ඉසිලීමේ නව වාර්තා සමගින් පොදුරදමඩුලු සිව්වැනි දිනය අවසන්.. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරදමඩුලු පළමු පදක්කම ඩිලංකගෙන් .. https://lankansports.com/%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%af%e0%b6%b8%e0%b6%a9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%b4%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8/ Mon, 01 Aug 2022 13:05:37 +0000 https://lankansports.com/?p=11233 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 බර්මින්හැම් නුවර දී පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට ඩිලංක ඉසුරු කුමාර සමත් වුනා. බර එසවීමේ ඉසව්ව නියෝජනය කළ ඩිලංක මෙහි දී දිනා ගත්තේ ලෝකඩ පදක්කමක්. කිලෝග්‍රෑම් 55 බර පංතිය නියෝජනය කළ ඩිලංක Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 105ක් ද, Clean & Jerk […]

The post පොදුරදමඩුලු පළමු පදක්කම ඩිලංකගෙන් .. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

බර්මින්හැම් නුවර දී පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට ඩිලංක ඉසුරු කුමාර සමත් වුනා.

බර එසවීමේ ඉසව්ව නියෝජනය කළ ඩිලංක මෙහි දී දිනා ගත්තේ ලෝකඩ පදක්කමක්. කිලෝග්‍රෑම් 55 බර පංතිය නියෝජනය කළ ඩිලංක Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 105ක් ද, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 120ක් ද ඔසවනු ලැබුවා. ඒ අනුව ඔහු එසවූ සම්පූර්ණ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 226ක්.

මෙම ඉසව්වේ රන් පදක්කම දිනූ මැලේසියාවේ 20 හැවිරිදි Mohamad Aniq කිලෝග්‍රෑම් 249ක එකතුවක් ඔසවනු ලැබූ අතර එය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ නව වාර්තාවක් ලෙසින් ද සටහන් වූවා. රිදී පදක්කම දිනා ගත් ඉන්දියාවේ Sanket Mahadev ඔසවනු ලැබූ සම්පූර්ණ බර එකතුව කිලෝග්‍රෑම් 248ක්.

ඩිලංක පදක්කමක් කරා යන ගමනේ දී Snatch ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 112ක බර එසවීමටත් සහ Clean & Jerk ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 141ක බර එසවීමටත් උත්සාහ කළ ද එම උත්සාහයන් සාර්ථක වූයේ නැහැ.

26 හැවිරිදි ඩිලංක මීට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2019 වසරේ දී තායිලන්තයේ පැවති ලෝක බර එසවීමේ තරගාවලිය ද නියෝජනය කළා. .

බර එසවීම කාන්තා..

commonwealth games 2022.

කාන්තා කිලෝග්‍රෑම් 49 බර පංතියෙන් තරග වැඳුණ ශ්‍රීමාලි සමරකෝන් තම ඉසව්ව නිමා කරන්නේ 8 වැනි ස්ථානයට පත් වෙමින්. ඇය Snatched ක්‍රමයට කිලෝග්‍රෑම් 65ක් ද, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 87ක් ද ලෙසින් සමස්ත බර කිලෝග්‍රෑම් 152ක් ඔසවමින් මෙම ස්ථානය දිනා ගන්නවා.

ඊට අමතර ව කාන්තා කිලෝග්‍රෑම් 55 බර පංතියෙන් තරග බිමට පිවිසි චමරි වර්ණකුලසූරිය Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 70ක් සහ Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 94ක් ලෙසින් සමස්ත බර කිලෝග්‍රෑම් 164ක් ඔසවමින් එම ඉසව්වේ 7 වැනි ස්ථානය දිනා ගන්නවා.

චමරි මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වෙන්නේ එහි තම බර පංතියේ 8 වැනි ස්ථානයට ශ්‍රේණිගත ව සිටිමින්. මෙවර තම ඉසව්ව නිමා වන විට ඇය තවත් අංකයක් ඉදිරියට පිවිසෙමින් 7 වැනි ස්ථානයට ශ්‍රේණිගත වීමට සමත් වීම කැපී පෙනුණා.

කෙසේවෙතත් ඔහු අප රට වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවේ ලබාගත් මෙමෙ ජයග්‍රහනය අප ඉමහත් අගයකොට සලකන අතර එය සතුටින් බාරගනුලබනවා,තවත් ලක් මාතාව බබලවන්න ඔවුනට ශක්තිය ලැබේවායි වන් එක්ස් බෙට් අපගේ ප්‍රාර්තනාවයි වයි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post පොදුරදමඩුලු පළමු පදක්කම ඩිලංකගෙන් .. appeared first on 1XBet Sri Lanka.

]]>