#cwg22 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/cwg22/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 03 Aug 2022 12:15:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 චාමර,රුක්මල් සහ සංජීවනී අවසන් පූර්ව වටය කරා .. https://lankansports.com/%e0%b6%a0%e0%b7%8f%e0%b6%b8%e0%b6%bb%e0%b6%bb%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b6%82%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b6%b1%e0%b7%93-%e0%b6%85/ Wed, 03 Aug 2022 12:15:54 +0000 https://lankansports.com/?p=11261 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල2022 හිරු නොබසින අධිරාජ්‍යයේ දී පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඊයේ පැවති තරග ඉසව්වල දී අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන, බොක්සිං ක්‍රීඩක රුක්මල් ප්‍රසන්න සහ බොක්සිං ක්‍රීඩිකා සංජීවනී කුරේ සමත් වුනා. ජූඩෝ__________ ඊයේ පැවති තරගවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට පිටියට පිවිසියේ ජූඩෝ […]

The post චාමර,රුක්මල් සහ සංජීවනී අවසන් පූර්ව වටය කරා .. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල2022

හිරු නොබසින අධිරාජ්‍යයේ දී පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඊයේ පැවති තරග ඉසව්වල දී අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන, බොක්සිං ක්‍රීඩක රුක්මල් ප්‍රසන්න සහ බොක්සිං ක්‍රීඩිකා සංජීවනී කුරේ සමත් වුනා.

ජූඩෝ__________

ඊයේ පැවති තරගවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට පිටියට පිවිසියේ ජූඩෝ ක්‍රීඩකයින්. ඒ අතර චාමර ධර්මවර්ධන සහ රාජිත පුෂ්පකුමාර වූ අතර ඔවුන් දෙදෙනා ම නියෝජනය කළේ 16 දෙනාගෙන් යුත් වටයේ තරගයි.

2016 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී කිලෝග්‍රෑම් 73 බර පංතියෙන් රිදී පදක්කම්ලාභී චාමර ධර්මවර්ධන ඊයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමුවැනියා ලෙසින් පිටියට පිවිසියා. එහි දී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ බොට්ස්වානා රාජ්‍යය නියෝජනය කරමින් Junior World Championships සහ African Championships තරගවල දක්ෂතා දැක්වූ 26 හැවිරිදි Tirelo Lekoko.එහි දී ප්‍රවර්තන කාලය ද උපයෝගී කර ගත් චාමර ධර්මවර්ධන ප්‍රතිවාදියා 10-2ක් ලෙසින් මෙල්ල කරමින් අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

ඉන් අනතුරුව ජූඩෝ පිටියට පිවිසියේ කිලෝග්‍රෑම් 81 බර පංතිය නියෝජනය කළ රාජිත පුෂ්පකුමාර. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ පසුගිය වසරේ දී ලෝක ජූඩෝ ශූරතාවලිය නියෝජනය කළ නවසීලන්තයේ Elliott Connolly. එම තරගයේ දී 10-0ක පරාජයකට මුහුණ දීමට රාජිතට සිදු වුනා.

බොක්සිං__________

2019 වසරේ නේපාලයේ දී පවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී බොක්සිං ලෝකඩ පදක්කමක් දිනා ගත් සංජීවනී කුරේ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා එක් වෙන්නේ කිලෝග්‍රෑම් 54-57 බර පංතිය යටතේ Featherweight ඉසව්වෙන්.

16 දෙනාගේ වටයට එක් වූ ඇයගේ ප්‍රතිවාදිණිය වූයේ පාකිස්තානයේ පළමු බොක්සිං ක්‍රීඩිකාව ලෙසින් හැඳින්වෙන Mehreen Baloch. පාකිස්තානය වෙනුවෙන් පළමු අන්තර් ජාතික පදක්කම වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් දිනා ගත් ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි.

කෙසේ වෙතත් ඊයේ ඇයට තමන් සහභාගී වූ පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පාකිස්තානය වෙනුවෙන් සතුටු විය හැකි යමක් කළ හැකි වූයේ නැහැ. විනිසුරු තීරණයක් මත ඇයට 5-0ක පරාජයකට මුහුණ දීමට සිදු වුනා. ඒ අනුව සංජීවනී තම ඉසව්වේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබුවා.

මේ අතර පිරිමි කිලෝග්‍රෑම් 51-54 බර පංතියේ Bantamweight 16 දෙනාගේ වටය නියෝජනය කළ රුක්මාල් ප්‍රසන්න 2019 වසරේ African Games හී රිදි පදක්කම්ලාභී කෙන්යාවේ Shaffi Bakari Hassan සමඟ තරග වැදුණා.

තියුණු තරගයකින් අනතුරුව 3-2ක ජයග්‍රහණයක් ලැබූ රුක්මාල් තම ඉසව්වේ අර්ධ අවසන් වටය නියෝජනය කිරීමට සමත් වූවා.

වෙරළ වොලිබෝල්__________

ශ්‍රී ලංකා සහ ගැම්බියාව අතර මධ්‍යම රාත්‍රියේ දී පැවති පිරිමි වෙරළ වොලිබෝල් පළමු වටයේ තරගයේ දී තරග වට 2-1ක් ලෙසින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලින්ත යාපා සහ අශේන් රශ්මික තරගයට සහභාගී වුනා.

පළමු වටයේ දී ලකුණු 21-14ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පරාජය වූව ද, දෙවැනි වටයේ දී ලකුණු 21-19ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි වුනා. තෙවැනි වටයේ දී නැවත ඉදිරියට පැමිණි ගැම්බියා ක්‍රීඩකයෝ එම වටය ලකුණු 15-9ක් ලෙසින් ජය ගත්තා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ඊයේ මලල ක්‍රීඩා ඉසව්වෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට යුපුන් සහ ගයන්තිකා සමත් වුනා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 5 වැනි දිනය අදයි (03). ක්‍රීඩා උළෙලේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන Lankansports සූදානම්, රැඳී සිටින්න අපත් සමඟින්ම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post චාමර,රුක්මල් සහ සංජීවනී අවසන් පූර්ව වටය කරා .. appeared first on 1XBet Sri Lanka.

]]>
බර ඉසිලීමේ නව වාර්තා සමගින් පොදුරදමඩුලු සිව්වැනි දිනය අවසන්.. https://lankansports.com/%e0%b6%b6%e0%b6%bb-%e0%b6%89%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b1%e0%b7%80-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c%e0%b7%92/ Tue, 02 Aug 2022 12:23:46 +0000 https://lankansports.com/?p=11249 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල2022 එංගලන්තයේ බර්මින්හැම් හිදි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය ඊයේ (1) නිමාවට පත්වුනා. බර ඉසිලීමේ ඉසව් කිහිපයකම අවසන් මහා තරග ඊයේ පැවැත්වුණා. එංගලන්ත ක්‍රීඩක Chris Murray පිරිමි 81Kg බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද සමඟිනුයි. මුළු බර ලෙස 325Kg ඔසවමින් ඔහු එම වාර්තාව තැබුවා. කැනඩාවේ Maude […]

The post බර ඉසිලීමේ නව වාර්තා සමගින් පොදුරදමඩුලු සිව්වැනි දිනය අවසන්.. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල2022

එංගලන්තයේ බර්මින්හැම් හිදි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය ඊයේ (1) නිමාවට පත්වුනා.

බර ඉසිලීමේ ඉසව් කිහිපයකම අවසන් මහා තරග ඊයේ පැවැත්වුණා. එංගලන්ත ක්‍රීඩක Chris Murray පිරිමි 81Kg බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද සමඟිනුයි. මුළු බර ලෙස 325Kg ඔසවමින් ඔහු එම වාර්තාව තැබුවා.

කැනඩාවේ Maude G Charron කාන්තා 64kg බර පන්තියේ Clean & Jerk, Snatch හා මුළු බර යන අංශ තුනෙන්ම නව තරගාවලි වාර්තා පිහිටුවන්නට සමත් වුනා. Clean & Jerk ක්‍රමයට 130kg, Snatch ක්‍රමයට 101kg හා මුළු බර ලෙස 231kg ඔසවමින් ඇය එම ඉසව්වේ රන් පදක්කම ද දිනා ගත්තා.

එංගලන්තයේ Sarah Davies කාන්තා 71kg ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. ඇයත් Clean & Jerk, Snatch හා මුළු බර යන අංශ තුනෙන්ම නව තරගාවලි වාර්තා පිහිටුවන්නට සමත් වූ අතර Snatch ක්‍රමයට ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය වාර්තාවක් ද පිහිටුවන්නට සමත් වුනා. Clean & Jerk ක්‍රමයට 126kg, Snatch ක්‍රමයට 103kg හා මුළු බර ලෙස 229kg ඔසවමින් ඇය එම දක්ෂතාවය දැක්වූවා.

පිහිනුම්________________________

පිරිමි 4x200m නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම ද සමඟින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත් වුනා. ඔවුන් ඒ ඉසව්ව නිමා කිරීම සඳහා ගත කළ කාලය මිනිත්තු 7:04.96ක්. Elijah Winnington, Flynn Southam, Zac Incerti හා Mack Horton ජයග්‍රාහි කණ්ඩායමේ සාමාජිකයින් වුනා.

පිහිනුම් ඉසව්වලින් දිනයේ බිහි වූ අනෙක් තරග වාර්තාව ඕස්ට්‍රේලියාවේ Kaylee McKeownට හිමි වුනා. කාන්තා මීටර් 200 පසුපස ආර ඉසව්ව මිනිත්තු 2:05.60කින් නිමා කරමින් McKeownමෙම වාර්තාව පිහිටවූවා. එම ඉසව්වේ රන් පදක්කම ද සමඟින් Kaylee McKeown මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දෙකක් හා එක් රිදී පදක්කමක් දිනාගෙන තිබෙනවා.

මේ අතර මීට පෙර කාන්තා මීටර් 100 පසුපසආර ඉසව්වට සහභාගී වෙමින් සිය හොඳම කාලය වාර්තා කළ 19 හැවිරිදි ගංගා සෙනෙවිරත්න අද කාන්තා මීටර් 200 පසුපස ආර ඉසව්වේ මූලික වටයට සහභාගී වුනා. මිනිත්තු 2.26.63ක කාලයකින් ඉසව්ව නිමා කළ ඇය එම ඉසව්වේ මීළඟ වටයට පිවිසෙන්නට සමත් වුනා.

බොක්සිං________________________

බොක්සිං ක්‍රීඩාවේ 16 දෙනාගේ වටයේ තරගත් ඊයේ පැවැත්වුණා. 16 දෙනාගේ වටය නියෝජනය කළ ඉශාන් සෙනෙවිරත්න එංගලන්තයේ Kiaran MACDONALD හමුවේ පරාජයට පත් වුනා. ඒ. 48kg-51kg Flyweight ඉසව්වෙනුයි.

54kg- 57kg Featherweight බර පන්තිය නියෝජනය කළ විමුක්ති කුමාර 16 දෙනාගේ වටයේ තරගක දී ගයානා ක්‍රීඩක Keevin ALLICOCK හමුවේ පරාජය වුනා.

අද දිනයේ දී (2) පිහිනුම්, පැසිපන්දු ඇතුළු ඉසව් කිහිපයකම අවසන් තරග පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ මූලික වටයේ තරගයක් ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි මලල ක්‍රීඩා තරග ද අද ආරම්භ වන අතර ශ්‍රී ලංකා සුපිරි ධාවක යුපුන් අබේකෝන් ද අද තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත රැගෙන ඒමට Lankansports.com සූදානම්,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post බර ඉසිලීමේ නව වාර්තා සමගින් පොදුරදමඩුලු සිව්වැනි දිනය අවසන්.. appeared first on 1XBet Sri Lanka.

]]>