#cwg2022 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/cwg2022/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 31 Aug 2022 08:44:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2022 පොදුරදමඬුලු සැණකෙළිය උත්සවශ්‍රීයෙන් නිමා වෙයි.. https://lankansports.com/2022-%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%af%e0%b6%b8%e0%b6%ac%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b7%83%e0%b7%90%e0%b6%ab%e0%b6%9a%e0%b7%99%e0%b7%85%e0%b7%92%e0%b6%ba-%e0%b6%8b%e0%b6%ad/ Tue, 09 Aug 2022 13:32:38 +0000 https://lankansports.com/?p=11336 2022 පොදුරදමඬුලු සැණකෙළිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 පුරා දින 11ක් මුළුල්ලේ එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පැවති 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ (08) උත්කර්ෂවත් ලෙස නිමාව දුටුවා. Alexander ක්‍රීඩාංගණයේ දී පැවති උත්කර්ෂවත් සමාප්ති උළෙල නැටුම් ගැයුම් සහ ගිනිකෙළි සංදර්ශනවලින් විචිත්‍රවත් වී තිබුණා. මේ සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටි අතර එංගලන්ත රජ […]

The post 2022 පොදුරදමඬුලු සැණකෙළිය උත්සවශ්‍රීයෙන් නිමා වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
2022 පොදුරදමඬුලු සැණකෙළිය

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

පුරා දින 11ක් මුළුල්ලේ එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පැවති 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ (08) උත්කර්ෂවත් ලෙස නිමාව දුටුවා.

Alexander ක්‍රීඩාංගණයේ දී පැවති උත්කර්ෂවත් සමාප්ති උළෙල නැටුම් ගැයුම් සහ ගිනිකෙළි සංදර්ශනවලින් විචිත්‍රවත් වී තිබුණා. මේ සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටි අතර එංගලන්ත රජ පවුල නියෝජනය කරමින් පැමිණ සිටි Edward කුමරු ද ඒ අතර සිටියා.

රටවල් 72ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 5000කට අධික පිරිසක් පදක්කම් 877ක් වෙනුවෙන් දින 11ක් පුරා තරගය වැදුණු මෙවර ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ දිනා ගන්නට සමත් වුනේ ඕස්ට්‍රේලියාවයි.රන් පදක්කම් 67ක්, රිදි පදක්කම් 57ක් සහ ලෝකඩ පදක්කම් 54ක් සමඟින් සමස්ත පදක්කම් 178ක් ජයග්‍රහණය කරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීතිබුණා.

ඕස්ට්‍රේලියාව සමඟ කරට කර තරග කළ එංගලන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කම් 57ක්, රිදි පදක්කම් 66ක් සහ ලෝකඩ පදක්කම් 53ක් සමඟින් පදක්කම් 176ක් ජයග්‍රහණය කරමින් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය දිනා ගත්තා. පදක්කම් 92ක් (රන් 26, රිදි 32, ලෝකඩ 34) දිනූ කැනඩාව තෙවැනි ස්ථානය දිනා ගනිද්දී, අසල්වැසි ඉන්දියාව පදක්කම් 61ක් (රන් 22, රිදි, 16, ලෝකඩ 23) සමඟින් සිව්වැනි ස්ථානය දිනා ගත්තා.

අවසන් වරට 2018 දී ඕස්ට්‍රේලියාවේ සත්කාරත්වය සහිතව අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ද ප්‍රථම සහ දෙවැනි ස්ථාන සඳහා හිමිකම් කියන්නට ඕස්ට්‍රේලියාව (පදක්කම් 196ක්) සහ එංගලන්තය (පදක්කම් 136ක්) සමත් වූ අතර තෙවැනි සහ සිව්වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනේ පිළිවෙළින් ඉන්දියාව(පදක්කම් 66) සහ කැනඩාවයි (පදක්කම් 82).

මෙවර තරගාවලියේ කැපී පෙනෙන මලල ක්‍රීඩකයාට පිදෙන David Dixon සම්මානයෙන් පිදුම් ලබන්නට සිංගප්පූරු ජාතික මේසපන්දු ක්‍රීඩිකා Feng Tianwei සමත් වුනා. ඇය මෙවර ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 3ක් දිනා ගන්නට සමත් වූ අතර ක්‍රීඩා උළෙල ඉතිහාසයේ රන් පදක්කම් 9ක්, රිදි පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් සමඟින් ඇය දිනා ඇති සම්පූර්ණ පදක්කම් ගණන 13ක්.

මීළඟ ක්‍රීඩා උළෙල තවත් වසර 4කට පසුව එනම් 2026 මාර්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩා උළෙලේ 11 වැනි දිනය වූ ඊයේ ද ක්‍රීඩා කිහිපයක අවසන් ඉසව් පැවැත්වුනා.

හොකි____________________

පිරිමි හොකි අවසන් මහා තරගයේ දී ඉන්දියාව පරාජය කරමින් රන් පදක්කමට හිමිකම් කියන්නට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් සමත් වුනා. 7-0ක් ලෙස අවසන් වූ එම තරගයේ දී ඉන්දියාවට රිදි පදක්කම හිමි වූ අතර එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගය 6-3ක් ලෙස ජයග්‍රහණය කළ එංගලන්තය විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

මේසපන්දු____________________

කාන්තා යුගල අවසන් තරගය පැවැත්වුණේ සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව අතරයි. එහි දී 3-0ක් ලෙස රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සිංගප්පූරු ක්‍රීඩිකාවන් වන Tianwei Feng සහ Jian Zeng සමත් වුනා. රිදි පදක්කම Minhyung Jee සහ Jia Lay සතුවෙද්දී, ලෝකඩ පදක්කම දිනා ගන්නට වේල්ස් ජාතික Chariotte Carey සහ Hursey සමත් වුනා.

පිරිමි කේවල ඉසව්වේ අවසන් තරගයෙන් 4-1ක් ලෙස එංගලන්තයේ Liam Pitchford පරාජය කළ ඉන්දීය ක්‍රීඩක Sharath Kamal විසින් රන් පදක්කම දිනා ගත්තා. ඉසව්වේ ලෝකඩ පදක්කම ද ජයග්‍රහණය කරන්නට ඉන්දීය ක්‍රීඩකයෙකු වන Sathiyan Gnanasekaran සමත් වුනේ එංගලන්ත ක්‍රීඩකයෙකු වන Paul Drinkhall 4-3ක් පරාජය කරමිනුයි.

බැඩ්මින්ටන්____________________

මිශ්‍ර යුගල ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සිංගප්පූරුවේ Yon Kai Terry සහ Jessica Wei Han සමත් වුනේ එංගලන්තයේ Ellis Marcus සහ Smith Lauren 2-0ක් ලෙස පරාජය කරමිනුයි.

කාන්තා කේවල ඉසව්වේ රන් පදක්කම සඳහා කැනඩාව සහ ඉන්දියාව තරග කළ අතර එහි දී 2-0ක් ලෙස රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ඉන්දියාවේ Venkata Pusarla සමත් වුනා. ඇය හමුවේ පරාජය වුනේ Michelle Li.

පිරිමි කේවල ඉසව්වේ ද ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුනේ ඉන්දියාවයි. රන් පදක්කම වෙනුවෙන්

ඉන්දියාව සහ මැලේසියාව තරග වැදුණු අතර එහි දී Tze Yong පරාජය කරන්නට Lakshya Sen සමත් වුනේ 2-1ක් ලෙසයි.

පිරිමි යුගල ඉසව්වේ අවසන් තරගය ද ඊයේ පැවති අතර එහි දී එංගලන්ත ක්‍රීඩකයින් වන Lane Ben සහ Vendy Sean පරාජය කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ඉන්දියාවේ Satwik Sairaj සහ Chirag Shetty සමත් වුනා. ඒ 2-0ක් ලෙසයි.

2022 පොදුරදමඬුලු සැණකෙළිය

ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය කළ අවසන් රන් පදක්කම ජයග්‍රහණ කරන්නට සමත් වුනේ මැලේසියාවේ Koong Le Pearly සහ Thinaah Muralitharan දෙදෙනායි. කාන්තා යුගල අවසන් මහා තරගයේ දී 2-0ක් ලෙසයි.

එංගලන්තයේ Choie Birch සහ Lauren Smith පරාජය කරන්නට ඔවුන් සමත් වුනා. ඒ සමඟින්

ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසන් වන අතර lankan sports සමඟ රැඳෙමින් පොදුරාජ්‍ය මණ්ඩලීය උණුසුම බෙදා ගත් ක්‍රීඩාලෝලී ඔබට ස්තුතියි.

2022 පොදුරදමඬුලු සැණකෙළිය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post 2022 පොදුරදමඬුලු සැණකෙළිය උත්සවශ්‍රීයෙන් නිමා වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ එංගලන්තය හමුවේ පරාජය වේ.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb/ Mon, 01 Aug 2022 13:42:21 +0000 https://lankansports.com/?p=11243 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 එක්සත් රාජධානියේ බර්මින්ග්හැම් නුවර පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ තම පළමු තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එංගලන්ත ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වීමට සිදු වුනා. තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් පැවති මෙම තරගය මෙරට වේලාවෙන් (31) උදෑසන අවසන් වූ අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජයට පත් වූයේ […]

The post ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ එංගලන්තය හමුවේ පරාජය වේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

එක්සත් රාජධානියේ බර්මින්ග්හැම් නුවර පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ තම පළමු තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එංගලන්ත ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වීමට සිදු වුනා.

තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් පැවති මෙම තරගය මෙරට වේලාවෙන් (31) උදෑසන අවසන් වූ අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජයට පත් වූයේ කඩුලු 5කින්.

බර්මින්ග්හැම් Edgbaston ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා .ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 106ක් පමණයි.

ඊට පිළිතුරු ලෙසින් එංගලන්ත කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 109ක් ලබා ගත්තා. ඒ තවත් පන්දු 17ක් ඉතිරිව තිබිය දී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ආරම්භයේ සිට ම පැවතියේ මන්දගාමී අයුරින්. පළමු කඩුල්ල ඉනිමේ පළමු පන්දුවේ දී ම දැවී ගිය පසු පිටියේ යම් ස්ථාවර බවක් ගොඩ ගැනීමට හසිනි පෙරේරා සහ නායිකා චමරි අතපත්තු සමත් වුනා. ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 33ක්.

හසිනි පෙරේරා පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17කට දැවී ගිය අතර ඉන්පසුව යැවුණ 10 වැනි පන්දුවේ දී චමරි අතපත්තුගේ ද ඉනිම නිමා වුනා. ඒ වෙද්දී චමරි ලබා සිටියේ ලකුණු 10ක් පමණයි. ඊට පන්දු 18ක් වැය ව තිබූ අතර හතරේ පහර 2ක් එම ඉනිමට ඇතුළත් වුනා.

අනතුරුව නිලක්ෂි ද සිල්වා සහ කවීෂා දිල්හාරි සිව්වැනි කඩුල්ලට ලකුණු 25ක් එක් කිරීමට සමත් වුනා. කවීෂා පන්දු 10ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා ගත් අතර ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වීමට නිලක්ෂි සමත් වුනා. ඇය පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

  • ශ්‍රී ලංකාව –කඩුලු 9ක් දැවී 106 (20) හසිනි පෙරේරා 17, නිලක්ෂි ද සිල්වා 25, Issy Wong 2/10, Sophie Ecclestone 3/25, Freya Kemp 2/14
  • එංගලන්තය –කඩුලු 5ක් දැවී 109 (17.1) Alice Capsey 44, Maia Bouchier නොදැවී 21, ඕෂදී රණසිංහ 2/20, ඉනෝකා රණවීර 3/2

කාන්තා ක්‍රිකට් ඉසව්වේ ප්‍රසාද ලකුණු පුවරුව මේ වන විට දිස්වෙන ආකාරය

TeamsMWLTN/RPTTeamsMWLTN/RPT
1බාබර්ඩෝස්1100021එංගලන්තය110002
2ඕස්ට්‍රේලියාව1100022නවසීලන්තය110002
3ඉන්දියාව1010003ද. අප්‍රිකාව101000
4පාකිස්තානය1010004ශ්‍රී ලංකාව101000

(M – Match, W – Won, L – Lost, T- Tied N/R – No Results, PT – Points)

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අගෝස්තු 2 වැනිදා නවසීලන්ත සමඟ පැවැත්වීමට නියමිතයි.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත සමීප ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන lankan sports සූදානම්, රැඳී සිටින්න lankansports.com සමඟින්ම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ එංගලන්තය හමුවේ පරාජය වේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරදමඩුලු පළමු පදක්කම ඩිලංකගෙන් .. https://lankansports.com/%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%af%e0%b6%b8%e0%b6%a9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%b4%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8/ Mon, 01 Aug 2022 13:05:37 +0000 https://lankansports.com/?p=11233 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 බර්මින්හැම් නුවර දී පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට ඩිලංක ඉසුරු කුමාර සමත් වුනා. බර එසවීමේ ඉසව්ව නියෝජනය කළ ඩිලංක මෙහි දී දිනා ගත්තේ ලෝකඩ පදක්කමක්. කිලෝග්‍රෑම් 55 බර පංතිය නියෝජනය කළ ඩිලංක Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 105ක් ද, Clean & Jerk […]

The post පොදුරදමඩුලු පළමු පදක්කම ඩිලංකගෙන් .. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

බර්මින්හැම් නුවර දී පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට ඩිලංක ඉසුරු කුමාර සමත් වුනා.

බර එසවීමේ ඉසව්ව නියෝජනය කළ ඩිලංක මෙහි දී දිනා ගත්තේ ලෝකඩ පදක්කමක්. කිලෝග්‍රෑම් 55 බර පංතිය නියෝජනය කළ ඩිලංක Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 105ක් ද, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 120ක් ද ඔසවනු ලැබුවා. ඒ අනුව ඔහු එසවූ සම්පූර්ණ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 226ක්.

මෙම ඉසව්වේ රන් පදක්කම දිනූ මැලේසියාවේ 20 හැවිරිදි Mohamad Aniq කිලෝග්‍රෑම් 249ක එකතුවක් ඔසවනු ලැබූ අතර එය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ නව වාර්තාවක් ලෙසින් ද සටහන් වූවා. රිදී පදක්කම දිනා ගත් ඉන්දියාවේ Sanket Mahadev ඔසවනු ලැබූ සම්පූර්ණ බර එකතුව කිලෝග්‍රෑම් 248ක්.

ඩිලංක පදක්කමක් කරා යන ගමනේ දී Snatch ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 112ක බර එසවීමටත් සහ Clean & Jerk ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 141ක බර එසවීමටත් උත්සාහ කළ ද එම උත්සාහයන් සාර්ථක වූයේ නැහැ.

26 හැවිරිදි ඩිලංක මීට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2019 වසරේ දී තායිලන්තයේ පැවති ලෝක බර එසවීමේ තරගාවලිය ද නියෝජනය කළා. .

බර එසවීම කාන්තා..

commonwealth games 2022.

කාන්තා කිලෝග්‍රෑම් 49 බර පංතියෙන් තරග වැඳුණ ශ්‍රීමාලි සමරකෝන් තම ඉසව්ව නිමා කරන්නේ 8 වැනි ස්ථානයට පත් වෙමින්. ඇය Snatched ක්‍රමයට කිලෝග්‍රෑම් 65ක් ද, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 87ක් ද ලෙසින් සමස්ත බර කිලෝග්‍රෑම් 152ක් ඔසවමින් මෙම ස්ථානය දිනා ගන්නවා.

ඊට අමතර ව කාන්තා කිලෝග්‍රෑම් 55 බර පංතියෙන් තරග බිමට පිවිසි චමරි වර්ණකුලසූරිය Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 70ක් සහ Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 94ක් ලෙසින් සමස්ත බර කිලෝග්‍රෑම් 164ක් ඔසවමින් එම ඉසව්වේ 7 වැනි ස්ථානය දිනා ගන්නවා.

චමරි මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වෙන්නේ එහි තම බර පංතියේ 8 වැනි ස්ථානයට ශ්‍රේණිගත ව සිටිමින්. මෙවර තම ඉසව්ව නිමා වන විට ඇය තවත් අංකයක් ඉදිරියට පිවිසෙමින් 7 වැනි ස්ථානයට ශ්‍රේණිගත වීමට සමත් වීම කැපී පෙනුණා.

කෙසේවෙතත් ඔහු අප රට වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවේ ලබාගත් මෙමෙ ජයග්‍රහනය අප ඉමහත් අගයකොට සලකන අතර එය සතුටින් බාරගනුලබනවා,තවත් ලක් මාතාව බබලවන්න ඔවුනට ශක්තිය ලැබේවායි වන් එක්ස් බෙට් අපගේ ප්‍රාර්තනාවයි වයි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post පොදුරදමඩුලු පළමු පදක්කම ඩිලංකගෙන් .. appeared first on 1XBet Sri Lanka.

]]>