#cricket_news Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/cricket_news/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 31 Aug 2022 08:45:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ජූලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය “ජයසූරියට” https://lankansports.com/%e0%b6%a2%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ad%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%8f/ Tue, 09 Aug 2022 12:22:02 +0000 https://lankansports.com/?p=11332 ජූලියේ දක්ෂතම ක්‍රීඩකයා ජාත්‍යන්තර පිටියේ දක්වන ලද දක්ෂතාවයන් වෙනුවෙන් ජුලි මසට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන දක්ෂතම ක්‍රීඩකයා සම්මානය,  ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමිව  තිබේ.  ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් සහ පාකිස්තානු පිලට එරෙහිව පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී කඩුලු 29 ක් බිඳ හෙළීමට සමත්වීමත් […]

The post ජූලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය “ජයසූරියට” appeared first on 1XBet Sri Lanka.

]]>
ජූලියේ දක්ෂතම ක්‍රීඩකයා

ජාත්‍යන්තර පිටියේ දක්වන ලද දක්ෂතාවයන් වෙනුවෙන් ජුලි මසට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන දක්ෂතම ක්‍රීඩකයා සම්මානය,  ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමිව  තිබේ.  ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් සහ පාකිස්තානු පිලට එරෙහිව පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී කඩුලු 29 ක් බිඳ හෙළීමට සමත්වීමත් සමඟ ජයසූරියට මෙම සම්මානය හිමිවිය.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේ ලකුණු 118 කට කඩුලු 6 ක් දවා ගත් ජයසූරිය දෙවැනි ඉනිමේදී ලකුණු 59 කට කඩුලු 6 ක් දවා ගනිමින් එම තරගයේදී ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 39 ක ජයක් ජයග්‍රහණය කරා රැගෙන ගියේය. එම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කරගැනීමට අවස්ථාව උදා විය.

එතැනින් නොනැතුණු ජයසූරිය පාකිස්තානයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 82 කට කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 135 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වූවේය. මෙම දක්ෂතාවත් සමඟ පිට පිට ඉනිම 3 කදී කඩුලු 5 කට වඩා දවා ගැනීම් 3 ක් වාර්තා කර ගැනීමටද ජයසූරිය සමත් වූවේය. ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී බාබර් අසාම් ඇතුළු කණ්ඩායමට පළමු ඉනිමේදී ලකුනු 80 කට කඩුලු 3 ක් දවා ගන්නා ජයසූරිය දෙවැනි ඉනිමේදී ලකුණු 117 කට කඩුලු 5 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියේය. ලකුණු 246 ක ජයග්‍රහණයක් ලෙසින් සනිටුහන් වුණු එම ජයග්‍රහණයත් සමඟ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස ශ්‍රී ලංකාව සමව අවසන් කර ගත්තේය.

2021 වසරේ ජනවාරි මස සිට මාසයේ ක්‍රීඩකයා තේරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබීය. ප්‍රභාත්ට  මෙම අවස්ථාව හිමිවද්දී එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ සහ ප්‍රංශ ක්‍රීඩක ගුස්තාව් මැකියෝන් එම සම්මානය සඳහා නිර්දේශව සිටි සෙසු ක්‍රීඩකයෝ වූහ.

තවමත් 30 හැවිරිදි වියේ පසුවන ජයසූරියට තමන්ට හිමිවූ සම්මානය පිළිබඳව අදහස් දක්වමින් සදහන් කර සිටියේ ජූලි මාසයේ ක්‍රීඩකයා සම්මානය මට හිමිකර දීම සදහා මට මනාපය ලබා දුන් රසික රසිකාවියන්ට මම ස්තූති කරන අතරම මෙම නිවේදනය සම්බන්ධව මම ගොඩක් සතුටට පත් වෙනවායනුවෙනි. “නිසැකයෙන්ම මෙය මට ඇදහිය නොහැකි මාසයක්”

මම ඔස්ට්‍රේලියාවට එරෙහිව මංගල ටෙස්ට් තරගයට සහභාගිවූ අතර එම තරගාවලියත් පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලියත් සමව අවසක් කර ගැනීමට මගේ කණ්ඩායමට දායකත්වය ලබාදීමට හැකියාව ලැබුණා. මගේ මේ ගමනට උදව් කිරීම ගැන මම මගේ රසිකයින්, කණ්ඩායමේ සාමාජිකයින්, පුහුණුකරුවන් සහ පවුලේ අය මෙන්ම මාගේ මිතුරන්ටත් ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නව. මේ මො‌හොතේ මම අත්විඳින දෙයින් මම අතිශයින්ම සතුටට පත්වනවා යැයිද ජයසූරිය වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

ජූලියේ දක්ෂතම ක්‍රීඩකයා

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ජූලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය “ජයසූරියට” appeared first on 1XBet Sri Lanka.

]]>
චන්දිමාල්ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟෙයි.. https://lankansports.com/%e0%b6%a0%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b6%bb%e0%b6%b9%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Mon, 25 Jul 2022 13:59:29 +0000 https://lankansports.com/?p=11189 සංචාරක පාකිස්තානයට එරෙහිව ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස් කිරීමට සමත් විය. පිට පිට තුන්වැනි වරටත් අර්ධ ශතකයකට හිමිකම් කියමින් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා […]

The post චන්දිමාල්ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
සංචාරක පාකිස්තානයට එරෙහිව ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස් කිරීමට සමත් විය. පිට පිට තුන්වැනි වරටත් අර්ධ ශතකයකට හිමිකම් කියමින් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අතර, ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු ද අර්ධ ශතකයකට හිමිකම් කීවේය.

ඊයේ දිනයට නියමිත ඕවර 90ක් වූවද, 86 වැනි ඕවරයෙන් පසු අලෝක තත්ත්වය අඩු වීම හේතුවෙන් තරගය නතර කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

තරගය නතර කරන විට නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 42ක් රැස් කර සිටින අතර, සිය මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරන දුනිත් වෙල්ලාලගේ නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 6කි. තම සියවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඇන්ජෙලෝ මැතිව්ස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 42කි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලට ලකුණු 92ක ආරම්භයක් ගෙන දීමට නායක දිමුත් කරුණාරත්න සහ ඕෂද ප්‍රනාන්දු සමත් වූ අතර, සිය ටෙස්ට් දිවියේ 7 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට ඕෂද සමත් වූයේ සිය ටෙස්ට් තරග දිවියේ ලකුණු දහස ද සම්පූර්ණ කරමිනි. ඔහු මේ කඩඉම පසු කළේ සිය 19 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමිනි.

ලකුණු 3ක් රැස් කර සිටියදී අනවශ්‍ය ලකුණක් කරා දිවයෑමට උත්සාහ කළ කුසල් මෙන්ඩිස් ඊයේ නිකරුණේ කඩුල්ල පූජා කළ අතර, ශ්‍රී ලංකා පිලට දෙවැනි කඩුල්ල අහිමි වීමත් සමඟ දිවා ආහාරයට තරගය නතර කෙරිණි. දිවා ආහාරයෙන් පසු දිමුත් කරුණාරත්න සමඟ එක් වූ ඊයේ තරගයේ විශේෂිතම ක්‍රීඩකයා වන ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 120 දක්වා ඉහළ නැංවීය.

යසීර්ගේ පන්දුවකට එල්ල කළ ස්වීප් පහරක් නසීම් ෂා උඩපන්දුවක් ලෙස සුරැකිව රැක ගැනීමෙන් දිමුත්ගේ ඉනිම ලකුණු 40කට සීමා වූ අතර, ශ්‍රී ලංකා පිලේ පළපුරුදු පිතිකරු යුගලය වන මැතිව්ස් සහ චන්දිමාල් එක්ව ඉනිම පිළිසකර කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 195 දක්වා ඉහළ නැංවීමට සමත් වූයේ අනතුරුවය. කෙසේ වෙතත් තේ පානයට ඕවරයකට පෙර නවුමන් අලි යැවූ ඕවරයේදී මැතිව්ස් දුන් ඉතා පහසු උඩපන්දුවක් පාකිස්තාන පිලේ නායක බාබර් අසාම්ගෙන් ගිලිහී ගියේය. ඒ වන විට ඔහු ලකුණු 36ක් රැස් කර සිටියේය. තරගයට යම්කිසි ජීවයක් ගෙන දීමට සමත්ව තිබූ මැතිව්ස්ගේ සහ චන්දිමාල්ගේ සබඳතාව මුළු ලකුණු 195ක් තිබියදී බිඳ වැටුණේ තේ පානයෙන් මොහොතකට පසුවය.

නවුමාන් අලි යැවූ පන්දුවක් මැතිව්ස්ගේ පිත්තේ අග යන්තමින් ගැටී කඩුලු රකින්නා අතට පත් වෙද්දී මැතිව්ස් ලකුණු 42ක් රැස් කර සිටියේය. 2009 වසරේ පාකිස්තානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර පිටියේදිම ටෙස්ට් වරම් දිනා ක්‍රීඩා කළ පළමු ඉනිමේදිත් මැතිව්ස් දැවී ගියේ ලකුණු 42කටය.

ඊයේ දිනයේ හොඳම ඉනිම ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් රැස් කළේය. ඔහු සිය 24 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ අතර, එය පාකිස්තාන ටෙස්ට් තරගමාලාවේ පිට පිට රැස් කර ගත් තුන්වැනි අර්ධ ශතකය ද විය.

හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් එල්ල කළ චන්දිමාල් සිය අර්ධ ශතකය වාර්තා කිරීමෙන් පසු ලකුණු රැස් කිරීම වේගවත් කළ අතර, යසීර් ෂාගේ ඕවර දෙකකදී දැවැන්ත හයේ පහර 2ක් ද එල්ල කරමින් ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට රැගෙන ගොස් තිබිණි. එහෙත් අනවශ්‍ය පහරක් එල්ල කිරීමට යෑමෙන් චන්දිමාල්ට ආපසු ක්‍රීඩාගාරයට හැරී යෑමට සිදුවීම කනගාටුදායක සිදුවීමකි.

ධනංජය ද සිල්වා දැවී ගියේ පාකිස්තාන පිල නව පන්දුව ගැනීමෙන් පසු යවනු ලැබූ දෙවැනි ඕවරයේදීය. නසීම් ෂා යැවූ එම ඕවරයේ දෙවැනි පන්දුව ධනංජය ද සිල්වාගේ පිත්තත්, පා ආවරණයත් අතරින් රිංගා මැද ඉන්න බිඳ දැමුවේය. එම ඕවරයේදීම සිව්වැනි පන්දුව දික්වැල්ගේ පිත්තේ අග වැදී දෙවැනි ස්ලිප් කලාපයට උඩපන්දුවක් ලෙස ඇදී ගිය අතර, ඉතා පහසු උඩපන්දුවක් දෙවැනි වතාවටත් පාකිස්තාන නායකයාගෙන් ගිලිහිණි. ඒ වන විට දික්වැල්ල රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 24කි.

අද තරගයේ දෙවැනි දිනයයි.

ඔබත් කැමතිනම් මෙම තරග මාලාවත් සමග එකතු වී මුදලින් ජයග්‍රහන ලබාගන්න,පහලින් ඇති බටනය මත Click කර අපත් සමග එකතුවන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post චන්දිමාල්ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>