#cricket_live_score Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/cricket_live_score/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 23 Aug 2022 15:33:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට ඩේවිඩ් වෝනර් සූදානමින්.. https://lankansports.com/%e0%b6%a9%e0%b7%9a%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-%e0%b7%80%e0%b7%9d%e0%b6%b1%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90/ Mon, 22 Aug 2022 12:32:49 +0000 https://lankansports.com/?p=11480 ඩේවිඩ් වෝනර් නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට සූදානමින්. ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් පසුගිය දා සිඩ්නි තන්ඩර් කණ්ඩායමත් සමඟ වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගත වීමත් සමඟ සිය නායකත්ව තහනම ඉවත් කරන මෙන් ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 2018 දී කේප් ටවුන් හීදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන් තිදෙනා වන […]

The post නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට ඩේවිඩ් වෝනර් සූදානමින්.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඩේවිඩ් වෝනර් නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට සූදානමින්.

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් පසුගිය දා සිඩ්නි තන්ඩර් කණ්ඩායමත් සමඟ වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගත වීමත් සමඟ සිය නායකත්ව තහනම ඉවත් කරන මෙන් ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

2018 දී කේප් ටවුන් හීදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන් තිදෙනා වන වෝනර්, ස්ටීවන් ස්මිත් සහ කැමරන් බෑන්ක්‍රොෆ්ට් අතරින් වැඩිම දඬුවමක් හිමි වූයේ වෝනර්ට වන අතර,

එහි දී ඔහුට සිය ක්‍රිකට් දිවිය තුල කිසිදු ඕස්ට්‍රේලියා කණ්ඩායමක නායකත්වය දැරීම තහනමට ලක් කෙරුණා.

2022-23 තරග වාරය සඳහා උස්මාන් කවාජා බ්‍රිස්බේන් හීට් කණ්ඩායමත් සමඟ එකතු වීමෙන් සිඩ්නි තන්ඩර් හි නායකත්වය පුරප්පාඩු වීමත් සමඟ වෝනර්ගේ මෙම තහනම බිග් බෑෂ් ලීගය සඳහා හෝ ඉවත් කළ යුතු බවට කතිකාවක් ඇතිවී තිබෙනවා.

ඒ පිලිබදව වෝනර් පැවසූවේ මෙසේයි

“තවමත් ඒ පිළිබඳව සාකච්ඡා ආරම්භ කර නැහැ.

මම මීට පෙරත් පවසා ඇති පරිදි මා හමුවී ඔවුන්ගේ දොරගුළු විවෘත කිරීම පාලක මණ්ඩලය සතු වගකීමක්. ඉන්පසුව මට පුළුවන් ඔවුන් සමඟ අවංක සාකච්ඡාවලට පැමිණෙන්න,” ඩේවිඩ් වෝනර් නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට සූදානමින්.

යනුවෙන් පසුගිය ඉරිදා වෝනර් ප්‍රකාශ කර සිටියා.

“මෙම සියලු සම්බාධක පැනවුණු 2018 තිබූ පාලක මණ්ඩලය ද වෙනස් වී තිබෙනවා. ඔවුන් සමඟ නැවත සාකච්ඡා කොට අපගේ මතයන් විමසීම ඉතා සුදුසුයි,”

යනුවෙන් වෝනර් තවදුරටත් පවසා සිටියා.

“වෝනර් දක්ෂ නායකයෙක් සහ මම ඔහුගෙන් එය බලාපොරොත්තු වෙනවා. තහනම ඉවත් නොකිරීමට හේතුවක් මම දකින්නේ නැහැ,”

යනුවෙන් වොනර්ගේ තහනම ඉවත් කිරීමට දැඩි ලෙස පෙනී සිටි ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් නායක පැට් කමින්ස් පසුගිය දා පැවති චැපල් පදනමේ රාත්‍රි භෝජන සංග්‍රහයේ දී පවසා තිබුණා.

2018 දී නිව්ලන්ඩ්ස් හිදී නායකත්වය දැරූ ස්ටීවන් ස්මිත්ට ද වසර දෙකක නායකත්ව තහනමක් තිබූ නමුත්..

පසුගිය වසරේ ඇඩිලේඩ් හි පැවති දෙවැනි එංගලන්ත ටෙස්ට් තරගයේ දී ඔහු නායකත්වය දැරීම ද විශේෂත්වයක්.

ඒ නිත්‍ය නායක පැට් කමින්ස් කොරෝනා ආශ්‍රිතයෙක් වීම නිසා එම තරගයෙන් ඉවත් කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත්, නැවතත් ඕස්ට්‍රේලියා නායකත්ව වගකීමක් ලැබුනහොත්, ඔහුට එය සාර්ථකව ඉටු කළ හැකි බවට ද වෝනර් තරයේ විශ්වාස කරනවා.

“මට අත්දැකීම් තිබෙනවා. නිල වශයෙන් නොවුනත් මම කණ්ඩායමේ නායකයෙක්. මට අවශ්‍ය ඒ දේවල් නැවත දෙන්න.

තරුණ ක්‍රීඩකයන්ට මගේ දැනුම අවශ්‍ය නම්, මගේ දුරකතනය සැමවිටම තිබෙනවා, ඔවුන් ළඟ මගේ අංකය ඇති,

ඒ වගේම ඔවුන්ට මාව පුහුණුවීම්වල දී හමුවෙන්නත් පුළුවන්,”යනුවෙන් වෝනර් වැඩිදුරටත් පැවසුවා.

වෝනර් සමඟ ගිවිසුම් ගතවන මොහොතේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම සිය නායකත්වය ගැන පැවසුවේ,,

එය තරගාවලි ආරම්භය ආසන්න වූ විට දැනගත හැකි වනු බවයි.

Cricinfo ඇසුරෙනි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post නායකත්වය ගැන අවංක සාකච්ඡාවකට ඩේවිඩ් වෝනර් සූදානමින්.. appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් දුවිදු රණතුංගගෙන්. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-19%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8/ Mon, 22 Aug 2022 12:02:08 +0000 https://lankansports.com/?p=11473 ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022 ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු යොවුන් සිව්දින ටෙස්ට් තරගය ඊයේ (21) එංගලන්තයේ Chelmsford හිදී ආරම්භ වුනා. පළමු දිනය අවසන් වන විට එංගලන්තය ලබා ගත් ලකුණු 387ට පිළිතුරු දෙමින් සිටින ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු […]

The post එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් දුවිදු රණතුංගගෙන්. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු යොවුන් සිව්දින ටෙස්ට් තරගය ඊයේ (21) එංගලන්තයේ Chelmsford හිදී ආරම්භ වුනා.

පළමු දිනය අවසන් වන විට එංගලන්තය ලබා ගත් ලකුණු 387ට පිළිතුරු දෙමින් සිටින ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබාගෙන සිටියා.

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර නායක රවීන් ද සිල්වා හැර ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයින් 10 දෙනෙක් සහ එංගලන්ත සමස්ත ක්‍රීඩකයින් 11ම මේ තරගයේ දී ජාත්‍යන්තර යොවුන් ටෙස්ට් වරම් දිනා ගත්තා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • ශ්‍රී ලංකා 19න් පහළ – Sadisha Rajapaksa, Asitha Wanninayake, Pawan Pathiraja, Ranuda Somarathne, Shevon Daniel, Lahiru Dawatage , Raveen de Silva (c), Wanuja Sahan, Vinuja Ranpul, Duvindu Ranatunga, Dulaj Samuditha
  • එංගලන්ත 19න් පහළ – Harry Singh, Ben McKinney (c), Ross Whitfield, George Bell, Matthew Hurst, Alex Horton †, Dominic Kelly , Thomas Aspinwall, Bertie Foreman, Eddie Jack, Benjamin Cliff

Singh සහ නායක McKinne එක්ව එංගලන්ත යොවුන් පළමු ඉනිම ආරම්භ කළ අතර එහි දී ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 55ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා.

ලකුණු 64ක් වන විට,

ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරය තුල රඳවා තැබීමට සමුදිත සහ රණතුංග යන වේගපන්දු යවන්නන් දෙදෙනා සමත් වුනා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් Whitfield සමඟින් එක්වුණු Bell ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව දැඩි හිසරදයක් වෙමින් විශාල පීඩනයක් එල්ල කළා.

එහි දී ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 185ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා.

සිය මංගල යොවුන් ටෙස්ට් තරගයේ දීම Bell ශතකයක්,

(4 පහර 16ක් සමඟ ලකුණු 107) ලබා ගත් අතර Whitfield (4 පහර 8ක් සහ එක් 6 පහරක් සමඟ ලකුණු 86ක්) ලබාගෙන දස්කම් දැක්වූවා.

ලකුණු 268ක් වන විට ඔවුන් දෙදෙනාවම දවා ගැනීමට 17 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන රණතුංග සමත් වුනා.

එයින් ලද නව ජවයත් සමඟම නැවතත් තරගයට අවතීර්ණ වුනු ශ්‍රී ලංකාව හිසරදයක් වුනු සබඳතාවය ද ඇතුළත්ව එංගලන්ත මැදපෙළ කඩුලු 8ක් ලකුණු 67ක් තුල දවා ගත්තා.

කෙසේ වෙතත්..

ඔවුන්ගේ පසුපෙළ සවිමත් කළ අංක 9 පිතිකරු Foreman පන්දු 56ක් තුල 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් වේගවත් ලකුණු 58*ක් ලබාගෙන,

ඉනිමේ අවසන් කඩුල්ල දක්වා නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

පන්දු යැවීමේ දී රණතුංග කඩුලු 4ක් දවා ගන්නා විට, සමුදිත සහ වමතින් දඟපන්දු යවන වනුජ කඩුලු දෙක බැගින් දවා ගත්තා.

එංගලන්තය ලබා ගත් ලකුණු 387ට පිළිතුරු දීම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු රාජපක්ෂ ලකුණු 11කට දැවී යාමත් සමඟම,

තරගයේ පළමු දිනය අවසන් කෙරුණා.

නොදැවී ක්‍රීඩා කරන වන්නිනායක ලකුණු 13*යි.

තරගයේ දෙවැනි දිනය අද (22) ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න Lankan sports සමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් දුවිදු රණතුංගගෙන්. appeared first on 1XBet Sri Lanka.

]]>