#birmingham_2022 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/birmingham_2022/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 31 Aug 2022 09:31:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2022 පොදුරදමඬුලු සැණකෙළිය උත්සවශ්‍රීයෙන් නිමා වෙයි.. https://lankansports.com/2022-%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%af%e0%b6%b8%e0%b6%ac%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b7%83%e0%b7%90%e0%b6%ab%e0%b6%9a%e0%b7%99%e0%b7%85%e0%b7%92%e0%b6%ba-%e0%b6%8b%e0%b6%ad/ Tue, 09 Aug 2022 13:32:38 +0000 https://lankansports.com/?p=11336 2022 පොදුරදමඬුලු සැණකෙළිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 පුරා දින 11ක් මුළුල්ලේ එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පැවති 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ (08) උත්කර්ෂවත් ලෙස නිමාව දුටුවා. Alexander ක්‍රීඩාංගණයේ දී පැවති උත්කර්ෂවත් සමාප්ති උළෙල නැටුම් ගැයුම් සහ ගිනිකෙළි සංදර්ශනවලින් විචිත්‍රවත් වී තිබුණා. මේ සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටි අතර එංගලන්ත රජ […]

The post 2022 පොදුරදමඬුලු සැණකෙළිය උත්සවශ්‍රීයෙන් නිමා වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
2022 පොදුරදමඬුලු සැණකෙළිය

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

පුරා දින 11ක් මුළුල්ලේ එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පැවති 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ (08) උත්කර්ෂවත් ලෙස නිමාව දුටුවා.

Alexander ක්‍රීඩාංගණයේ දී පැවති උත්කර්ෂවත් සමාප්ති උළෙල නැටුම් ගැයුම් සහ ගිනිකෙළි සංදර්ශනවලින් විචිත්‍රවත් වී තිබුණා. මේ සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටි අතර එංගලන්ත රජ පවුල නියෝජනය කරමින් පැමිණ සිටි Edward කුමරු ද ඒ අතර සිටියා.

රටවල් 72ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 5000කට අධික පිරිසක් පදක්කම් 877ක් වෙනුවෙන් දින 11ක් පුරා තරගය වැදුණු මෙවර ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ දිනා ගන්නට සමත් වුනේ ඕස්ට්‍රේලියාවයි.රන් පදක්කම් 67ක්, රිදි පදක්කම් 57ක් සහ ලෝකඩ පදක්කම් 54ක් සමඟින් සමස්ත පදක්කම් 178ක් ජයග්‍රහණය කරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීතිබුණා.

ඕස්ට්‍රේලියාව සමඟ කරට කර තරග කළ එංගලන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කම් 57ක්, රිදි පදක්කම් 66ක් සහ ලෝකඩ පදක්කම් 53ක් සමඟින් පදක්කම් 176ක් ජයග්‍රහණය කරමින් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය දිනා ගත්තා. පදක්කම් 92ක් (රන් 26, රිදි 32, ලෝකඩ 34) දිනූ කැනඩාව තෙවැනි ස්ථානය දිනා ගනිද්දී, අසල්වැසි ඉන්දියාව පදක්කම් 61ක් (රන් 22, රිදි, 16, ලෝකඩ 23) සමඟින් සිව්වැනි ස්ථානය දිනා ගත්තා.

අවසන් වරට 2018 දී ඕස්ට්‍රේලියාවේ සත්කාරත්වය සහිතව අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ද ප්‍රථම සහ දෙවැනි ස්ථාන සඳහා හිමිකම් කියන්නට ඕස්ට්‍රේලියාව (පදක්කම් 196ක්) සහ එංගලන්තය (පදක්කම් 136ක්) සමත් වූ අතර තෙවැනි සහ සිව්වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනේ පිළිවෙළින් ඉන්දියාව(පදක්කම් 66) සහ කැනඩාවයි (පදක්කම් 82).

මෙවර තරගාවලියේ කැපී පෙනෙන මලල ක්‍රීඩකයාට පිදෙන David Dixon සම්මානයෙන් පිදුම් ලබන්නට සිංගප්පූරු ජාතික මේසපන්දු ක්‍රීඩිකා Feng Tianwei සමත් වුනා. ඇය මෙවර ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 3ක් දිනා ගන්නට සමත් වූ අතර ක්‍රීඩා උළෙල ඉතිහාසයේ රන් පදක්කම් 9ක්, රිදි පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් සමඟින් ඇය දිනා ඇති සම්පූර්ණ පදක්කම් ගණන 13ක්.

මීළඟ ක්‍රීඩා උළෙල තවත් වසර 4කට පසුව එනම් 2026 මාර්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩා උළෙලේ 11 වැනි දිනය වූ ඊයේ ද ක්‍රීඩා කිහිපයක අවසන් ඉසව් පැවැත්වුනා.

හොකි____________________

පිරිමි හොකි අවසන් මහා තරගයේ දී ඉන්දියාව පරාජය කරමින් රන් පදක්කමට හිමිකම් කියන්නට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් සමත් වුනා. 7-0ක් ලෙස අවසන් වූ එම තරගයේ දී ඉන්දියාවට රිදි පදක්කම හිමි වූ අතර එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගය 6-3ක් ලෙස ජයග්‍රහණය කළ එංගලන්තය විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

මේසපන්දු____________________

කාන්තා යුගල අවසන් තරගය පැවැත්වුණේ සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව අතරයි. එහි දී 3-0ක් ලෙස රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සිංගප්පූරු ක්‍රීඩිකාවන් වන Tianwei Feng සහ Jian Zeng සමත් වුනා. රිදි පදක්කම Minhyung Jee සහ Jia Lay සතුවෙද්දී, ලෝකඩ පදක්කම දිනා ගන්නට වේල්ස් ජාතික Chariotte Carey සහ Hursey සමත් වුනා.

පිරිමි කේවල ඉසව්වේ අවසන් තරගයෙන් 4-1ක් ලෙස එංගලන්තයේ Liam Pitchford පරාජය කළ ඉන්දීය ක්‍රීඩක Sharath Kamal විසින් රන් පදක්කම දිනා ගත්තා. ඉසව්වේ ලෝකඩ පදක්කම ද ජයග්‍රහණය කරන්නට ඉන්දීය ක්‍රීඩකයෙකු වන Sathiyan Gnanasekaran සමත් වුනේ එංගලන්ත ක්‍රීඩකයෙකු වන Paul Drinkhall 4-3ක් පරාජය කරමිනුයි.

බැඩ්මින්ටන්____________________

මිශ්‍ර යුගල ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සිංගප්පූරුවේ Yon Kai Terry සහ Jessica Wei Han සමත් වුනේ එංගලන්තයේ Ellis Marcus සහ Smith Lauren 2-0ක් ලෙස පරාජය කරමිනුයි.

කාන්තා කේවල ඉසව්වේ රන් පදක්කම සඳහා කැනඩාව සහ ඉන්දියාව තරග කළ අතර එහි දී 2-0ක් ලෙස රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ඉන්දියාවේ Venkata Pusarla සමත් වුනා. ඇය හමුවේ පරාජය වුනේ Michelle Li.

පිරිමි කේවල ඉසව්වේ ද ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුනේ ඉන්දියාවයි. රන් පදක්කම වෙනුවෙන්

ඉන්දියාව සහ මැලේසියාව තරග වැදුණු අතර එහි දී Tze Yong පරාජය කරන්නට Lakshya Sen සමත් වුනේ 2-1ක් ලෙසයි.

පිරිමි යුගල ඉසව්වේ අවසන් තරගය ද ඊයේ පැවති අතර එහි දී එංගලන්ත ක්‍රීඩකයින් වන Lane Ben සහ Vendy Sean පරාජය කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ඉන්දියාවේ Satwik Sairaj සහ Chirag Shetty සමත් වුනා. ඒ 2-0ක් ලෙසයි.

2022 පොදුරදමඬුලු සැණකෙළිය

ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය කළ අවසන් රන් පදක්කම ජයග්‍රහණ කරන්නට සමත් වුනේ මැලේසියාවේ Koong Le Pearly සහ Thinaah Muralitharan දෙදෙනායි. කාන්තා යුගල අවසන් මහා තරගයේ දී 2-0ක් ලෙසයි.

එංගලන්තයේ Choie Birch සහ Lauren Smith පරාජය කරන්නට ඔවුන් සමත් වුනා. ඒ සමඟින්

ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසන් වන අතර lankan sports සමඟ රැඳෙමින් පොදුරාජ්‍ය මණ්ඩලීය උණුසුම බෙදා ගත් ක්‍රීඩාලෝලී ඔබට ස්තුතියි.

2022 පොදුරදමඬුලු සැණකෙළිය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post 2022 පොදුරදමඬුලු සැණකෙළිය උත්සවශ්‍රීයෙන් නිමා වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා පියවරක් පහලට වැටේ CWG 10 වන දිනය .. https://lankansports.com/%e0%b7%84%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb/ Mon, 08 Aug 2022 12:26:31 +0000 https://lankansports.com/?p=11309 හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 සාර්ථකව දින 10ක් මුළුල්ලේ පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 10 වැනි දිනය ඊයේ (07) නිමාවට පත් වුනා. ඊයේ දිනයේ පැවති අවසන් මහා තරගවල දී ඕස්ට්‍රේලියාව විසින් ක්‍රිකට් සහ දැල්පන්දු ක්‍රීඩාවලින් රන් පදක්කම් දිනා ගනිද්දී, එංගලන්තය හොකි රන් පදක්කම දිනා ගන්නට සමත් වුනා. ඊට අමතරව මීටර් […]

The post හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා පියවරක් පහලට වැටේ CWG 10 වන දිනය .. appeared first on 1XBet Sri Lanka.

]]>
හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 සාර්ථකව දින 10ක් මුළුල්ලේ පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 10 වැනි දිනය ඊයේ (07) නිමාවට පත් වුනා.

ඊයේ දිනයේ පැවති අවසන් මහා තරගවල දී ඕස්ට්‍රේලියාව විසින් ක්‍රිකට් සහ දැල්පන්දු ක්‍රීඩාවලින් රන් පදක්කම් දිනා ගනිද්දී, එංගලන්තය හොකි රන් පදක්කම දිනා ගන්නට සමත් වුනා. ඊට අමතරව මීටර් 400×4 අවසන් තරගය ආන්දෝලනාත්මක ඉසව්වක් බවට පත්වුනා.

මලල ක්‍රීඩා

පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ දී ජාත්‍යන්තර අවධානය දිනා ගන්නට පාකිස්තාන ක්‍රීඩක Arshad Nadeem සමත් වුනේ තරගාවලි වාර්තාවක් සමඟින්, රන් පදක්කමක් පාකිස්තානය වෙනුවෙන් දිනා දෙමින් වීම විශේෂත්වයක්

සිය හොඳම දක්ෂතාවය වාර්තා කරමින් මීටර් 90.18ක දක්ෂතාවයක් වාර්තා කරන්නට ඔහු සමත් වූ අතර ඒ සමඟින් මෙම ඉසව්වේ මීටර් 90ක දක්ෂතාවයක් වාර්තා කළ දෙවැනි ආසියානුවා බවට ඔහු පත්වුනා. මීට පෙර තායිපේ ක්‍රීඩක Chao-Tsun විසින් 91.36ක දක්ෂතාවයක් වාර්තා කර තිබුණා.

Nadeemගේ සුපිරි දක්ෂතාවයත් සමඟින්, දෙවරක් හෙල්ල විසි කිරීමේ ලෝක ශූරතාවය දිනූ Anderson Peters රිදි පදක්කම දක්වා ඇද වැටුණා, ඔහු විසින් වාර්තා කළ දක්ෂතාවය මීටර් 88.64ක්. කෙන්යාවේ Julius Yego විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

මීටර් 400×4 කාන්තා සහය දිවීම ඉසව්වේ අවසන් තරගය ඊයේ පැවති අතර එහි දී පළමුවෙන් ඉසව්ව අවසන් කරන්නට සමත් වුනේ එංගලන්ත ක්‍රීඩිකාවන් විසිනුයි.

එංගලන්ත ක්‍රීඩිකාවන් විසින් ඔවුන් මෙවර මලල ක්‍රීඩාවෙන් 8 වැනි රන් පදක්කමත් එංගලන්තයට දිනා දුන්නා යැයි සතුට සමරන අවස්ථාවේ දී, විනිසුරුවන් පැමිණ එංගලන්ත ක්‍රීඩිකාවන් ඉසව්වට නොසුදුස්සන් යැයි නම් කළේ ඔවුන් විසින් මං තීරු නීති උල්ලංඝනය කළ බව අනාවරණය කර ගැනීමත් සමඟිනුයි.

ඒ සමඟ දෙවැනි ස්ථානයට ඉසව්ව අවසන් කළ කැනේඩියානු ක්‍රීඩිකාවන් (මිනිත්තු 3:25.84) රන් පදක්කම සඳහා උසස් කෙරුණු අතර ජැමෙයිකානු ක්‍රීඩිකාවන් (මිනිත්තු 3:26.93) රිදි පදක්කමට උසස් වෙද්දී සිව්වැනියට ඉසව්ව අවසන් කළ ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් (මිනිත්තු 3:30.15) ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

මීටර් 10,000 පිරිමි ඇවිදීමේ ඉසව්ව සඳහා සහභාගී වූ කැනේඩියානු ජාතික Evan Dunfee විසින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනේ සිය හොඳම දක්ෂතාවය සමඟින් නව තරගාවලි වාර්තාවක් අලුත් කරමිනි. ඔහු ඉසව්ව නිමා කරන්නට ගත කළ කාලය දැක්වුණේ මිනිත්තු 38:36:37ක් ලෙසයි.

ඉසව්වේ දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Declan Tingay (මිනිත්තු 38:42:33 PB) විසින් දිනා ගනිද්දී, ඉන්දියාවේ Sandeep Kumar (මිනිත්තු 38:49:21 PB) විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

මීටර් 100 කාන්තා කඩුලු පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට Tobi Amusan සමත් වුනේ තත්පර 12.30ක දක්ෂතාවයක් වාර්තා කරමිනුයි. එම දක්ෂතාවය තරගාවලි වාර්තාවක් ලෙස ද සටහන් වුනා.

බහමාස් ක්‍රීඩිකා Devynne Charlton විසින් තත්පර 12.58කින් ඉසව්ව අවසන් කරමින් රිදි පදක්කම දිනා ගනිද්දී, එංගලන්තයේ Cindy Sember විසින් තත්පර 12.59කින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

කාන්තා මීටර් 400 ඉසව්වේ ද තරගාවලි වාර්තාවක් අලුත් කරන්නට බාබඩෝස් ක්‍රීඩිකා Sada Williams සමත් වුනා. ඒ තත්පර 49.90ක දක්ෂතාවයක් වාර්තා කරමින්.

සිය හොඳම පෞද්ගලික දක්ෂතාව වාර්තා කළ එංගලන්ත ක්‍රීඩිකා Victoria Ohuruogu විසින් තත්පර 50:72කින් (PB) රිදි පදක්කම දිනා ගනිද්දී, එංගලන්තයේම Jodie Williams විසින් තත්පර 50.26කින් (SB) ඉසව්ව අවසන් කරමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

කාන්තා දුර පැනීම ඉසව්වෙන් ද නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට නයිජීරියා ක්‍රීඩක Ese Brume සමත් වුනා. ඇය විසින් දැක්වූ දක්ෂතාව මීටර් 7ක්. ඕස්ට්‍රේලියාවේ Brooke Bushkuehl විසින් මීටර් 6.95ක දක්ෂතාවයක් සමඟින් රිදි පදක්කම දිනා ගන්නා විට, සිය හොඳම දක්ෂතාවය සමඟින් ලෝඩක පදක්කම දිනා ගන්නට ඝානා ක්‍රීඩිකා Deborah Acquah සමත් වුනා.

ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති කාන්තා ක්‍රිකට් විස්සයි විස්ස අවසන් මහා තරගයෙන් ලකුණු 9ක තියුණු ජයක් වාර්තා කරන්නට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් සමත් වුනා.කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 161ක් වාර්තා කරන්නට සමත් වුනා. Beth Mooney සහ නායිකා Meg Lanning විසින් ලකුණු 61ක් සහ 36ක් වාර්තා කරමින් වැඩිම ලකුණු ලාභී පිතිකාරිණියන් වෙද්දී, Sneh Rana සහ Renuka Singh විසින් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවන් විසින් පන්දුවාර 19.3ක දී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට සමත් වුනේ ලකුණු 152ක් පමණයි. එහි දී නායිකා Harmanpreet Kaur විසින් අර්ධ ශතකයක් (65) වාර්තා කරන්නට සමත් වූ අතර ඕස්ට්‍රේලියා ක්‍රීඩිකා Ash Gardner විසින් කඩුලු 3ක් දවා ගෙන ඉන්දීය ජයග්‍රහණය අවහිර කරන්නට සමත් වුනා

හොකි

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති කාන්තා හොකි අවසන් මහා තරගයෙන් 2-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට එංගලන්ත ක්‍රීඩිකාවන් සමත් වුනා. ඔවුන්ගේ ලකුණු පුවරුව දැක්වුණේ 0-0ක්, 2-0ක්, 0-0ක් සහ 0-1ක් වශයෙනුයි.

ලෝකඩ පදක්කම සඳහා වන තරගය සඳහා නවසීලන්තය සහ ඉන්දියාව තරග වැදුණු අතර එහි දී 1-1ක් ලෙස සමව අවසන් වුන තරගයේ ජයග්‍රහණය තීරණය කිරීම සඳහා පැවති Shoot-out වටයේ දී 2-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුනා.

කිමිඳුම්

පිරිමි මීටර් 10 Platform ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Emmanuel Rosseau සමත් වුනේ ලකුණු 501.30ක් වාර්තා කරමිනුයි. රිදි පදක්කම දිනා ගත් කැනේඩියානු ක්‍රීඩක Rylan Wiens විසින් ලකුණු 492.80ක් වාර්තා කරද්දී, එංගලන්ත ක්‍රීඩක Matthew Lee විසින් ලකුණු 477.00ක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

කාන්තා මීටර් 3 Springboard අවසන් මහා තරගයෙන් රන් පදක්කම දිනා ගන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Maddison Keeny සමත් වුනේ ලකුණු 348.95ක් වාර්තා කරමිනුයි. මැලේසියා ක්‍රීඩිකා Dhabitah Sabri විසින් (330.90) රිදි පදක්කම ජයග්‍රහණය කරද්දී, කැනඩාවේ Jolie Vallee (329.25) විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා පියවරක් පහලට වැටේ CWG 10 වන දිනය .. appeared first on 1XBet Sri Lanka.

]]>
CWG 7වැනි දිනයේ ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක පතුරවයි. https://lankansports.com/cwg-7%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a-%e0%b6%b6/ Fri, 05 Aug 2022 12:16:09 +0000 https://lankansports.com/?p=11292 බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක පතුරවයි. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 එංගලන්තයේ දී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 7 වැනි දිනය ඊයේ (04) අවසන් වෙද්දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ ඉසව් 4කින් පෙර අර්ධ අවසන් පූර්ව වටයන් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුණා. ඒ අනුව, පිරිමි ඒකල ඉසව්වෙන් නිලූක කරුණාරත්න සහ දුමිඳු අබේවික්‍රම, […]

The post CWG 7වැනි දිනයේ ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක පතුරවයි. appeared first on 1XBet Sri Lanka.

]]>
බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක පතුරවයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

එංගලන්තයේ දී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 7 වැනි දිනය ඊයේ (04) අවසන් වෙද්දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ ඉසව් 4කින් පෙර අර්ධ අවසන් පූර්ව වටයන් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුණා.

ඒ අනුව, පිරිමි ඒකල ඉසව්වෙන් නිලූක කරුණාරත්න සහ දුමිඳු අබේවික්‍රම, මිශ්‍ර යුගල ඉසව්වෙන් සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා, පිරිමි යුගල ඉසව්වෙන් සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක මෙසේ 16 දෙනාගේ වට නියෝජනයට සුදුසුකම් ලබා ගත්තා.මේ අතර ස්කොෂ් පිරිමි යුගල ඉසව්වට එක් වූ ලක්සිරි රවිඳු සහ ශමිල් වකීල් ද එම ඉසව්වෙන් පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සමත් වීම කැපී පෙනුණා.

බැඩ්මින්ටන්

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන් ම පිටියට පිවිසියේ නිලූක කරුණාරත්න. 32 දෙදෙනාගේ වටයට එක් වූ නිලූක ප්‍රතිවාදී බාබඩෝස් ක්‍රීඩක Shae Michael Martinට එරෙහිව තරග වට 2-0කින් ජයග්‍රහණය කළේ 21-6ක් සහ 21-5ක් ලෙසින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින්.

එම ඉසව්වෙන් ම 32 දෙදෙනාගේ වටය නියෝජනය කළ දුමිඳු අබේවික්‍රම ද පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට මධ්‍යම රාත්‍රියේ දී සමත් වුනා. ඒ තරග වට 2-0කින් මෝල්ටාවේ Samuel Cassar පරාජය කරමින්. ඔවුන් අතර පැවති තරගයේ ලකුණු පුවරුව කියැවුණේ 21-12ක් සහ 22-20ක් ලෙසයි.

මිශ්‍ර යුගල ඉසව්ව සඳහා සහභාගී වූ සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා කැනඩා ක්‍රීඩකයන් වූ Alexander Lindeman සහ Josephine Yuenling Wu 21-11ක් සහ 21-18ක් ලෙසින් පරාජය කරමින් පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

පිරිමි යුගල ඉසව්ව සඳහා සහභාගී වූ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලකත් පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වීම කැපී පෙනුණා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ බාබඩෝස් ක්‍රීඩකයන් වූ King Maarten සහ Martin Shae.

මේ අතර අද පැවති කාන්තා ඒකල බැඩ්මින්ටන් ඉසව්වේ 32 දෙදෙනාගේ වටයට එක් වූ සුහස්නි විදානගේ එංගලන්තයේ Freya Redfearn වෙතින් තරග වට 2-0ක පරාජයක් ලැබුවා. ඒ අනුව ඇයගේ එම ඉසව්වේ ගමන එතෙකින් අවසන් වූ අතර ලකුණු තත්ත්වය කියැවුණේ 21-11ක් සහ 21-14ක් ලෙසයි.

බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක

බොක්සිං

අද පැවති බොක්සිං තරගවලින් පළමුවෙන් ම පිටියට පිවිසි මෙරට තරගකරුවා වූයේ සංජීවනී කුරේ. කාන්තා කිලෝග්‍රෑම් 54-57 බර පංතියේ Featherweight ඉසව්වේ පළමු අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට සහභාගී වූ ඇය රුසියාවේ Phiwokuhle Sbusisiwe Mnguni වෙතින් පරාජයට පත් වූවා.

ඔවුන් අතර පැවති තරගය දෙවැනි වටය අවසානයේ නතර කිරීමට විනිසුරු තීරණය කිරීමත් සමඟින් සංජීවනීගේ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් බලාපොරොත්තුව ද ගිලිහී ගියා.

මේ අතර මධ්‍යම රාත්‍රියේ පැවති කිලෝග්‍රෑම් 51-54 බර පංතියේ Bantamweight ඉසව්වේ තෙවැනි අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කළ රුක්මාල් ප්‍රසන්නට ද තම ඉසව්වේ පදක්කම් බලාපොරොත්තුව අහිමි කර ගැනීමට සිදු වුනා. ඒ ගයානාවේ Abraham Mensh වෙතින් 3-0ක පරාජයක් ලබා ගැනීමත් සමඟින්.

ස්කොෂ්

පිරිමි යුගල 32 දෙදෙනාගේ වටය නියෝජනය කරමින් ලක්සිරි රවිඳු සහ වකීල් ශමිල් අද ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු ස්කොෂ් ක්‍රීඩකයන් ලෙසින් පිටියට එක් වුනා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ගයනාවේ Wiltshire Shomari සහ Khalil Jason.

එම තරගයේ දී 11-5ක් සහ 11-6ක් ලෙසින් ජයග්‍රහණ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෙර අර්ධ අවසන් පූර්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

ජිම්නාස්ටික්

ජිම්නාස්ටික් Rhythmic ඒකල අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා Anna Marie Ondaatj තම ඉසව්වට සාර්ථකව මුහුණ දුන්නා. ඒ අනුව ඇය ලකුණු 90.550ක් ලබා ගනිමින් 8 වැනි ස්ථානය දිනා ගනිමින් අවසන් මහා තරගයට මුහුණ දීමට සුදුසුකම් ලබාගත්තා..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post CWG 7වැනි දිනයේ ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක පතුරවයි. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ එංගලන්තය හමුවේ පරාජය වේ.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb/ Mon, 01 Aug 2022 13:42:21 +0000 https://lankansports.com/?p=11243 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 එක්සත් රාජධානියේ බර්මින්ග්හැම් නුවර පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ තම පළමු තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එංගලන්ත ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වීමට සිදු වුනා. තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් පැවති මෙම තරගය මෙරට වේලාවෙන් (31) උදෑසන අවසන් වූ අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජයට පත් වූයේ […]

The post ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ එංගලන්තය හමුවේ පරාජය වේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

එක්සත් රාජධානියේ බර්මින්ග්හැම් නුවර පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ තම පළමු තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එංගලන්ත ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වීමට සිදු වුනා.

තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් පැවති මෙම තරගය මෙරට වේලාවෙන් (31) උදෑසන අවසන් වූ අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජයට පත් වූයේ කඩුලු 5කින්.

බර්මින්ග්හැම් Edgbaston ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා .ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 106ක් පමණයි.

ඊට පිළිතුරු ලෙසින් එංගලන්ත කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 109ක් ලබා ගත්තා. ඒ තවත් පන්දු 17ක් ඉතිරිව තිබිය දී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ආරම්භයේ සිට ම පැවතියේ මන්දගාමී අයුරින්. පළමු කඩුල්ල ඉනිමේ පළමු පන්දුවේ දී ම දැවී ගිය පසු පිටියේ යම් ස්ථාවර බවක් ගොඩ ගැනීමට හසිනි පෙරේරා සහ නායිකා චමරි අතපත්තු සමත් වුනා. ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 33ක්.

හසිනි පෙරේරා පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17කට දැවී ගිය අතර ඉන්පසුව යැවුණ 10 වැනි පන්දුවේ දී චමරි අතපත්තුගේ ද ඉනිම නිමා වුනා. ඒ වෙද්දී චමරි ලබා සිටියේ ලකුණු 10ක් පමණයි. ඊට පන්දු 18ක් වැය ව තිබූ අතර හතරේ පහර 2ක් එම ඉනිමට ඇතුළත් වුනා.

අනතුරුව නිලක්ෂි ද සිල්වා සහ කවීෂා දිල්හාරි සිව්වැනි කඩුල්ලට ලකුණු 25ක් එක් කිරීමට සමත් වුනා. කවීෂා පන්දු 10ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා ගත් අතර ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වීමට නිලක්ෂි සමත් වුනා. ඇය පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

  • ශ්‍රී ලංකාව –කඩුලු 9ක් දැවී 106 (20) හසිනි පෙරේරා 17, නිලක්ෂි ද සිල්වා 25, Issy Wong 2/10, Sophie Ecclestone 3/25, Freya Kemp 2/14
  • එංගලන්තය –කඩුලු 5ක් දැවී 109 (17.1) Alice Capsey 44, Maia Bouchier නොදැවී 21, ඕෂදී රණසිංහ 2/20, ඉනෝකා රණවීර 3/2

කාන්තා ක්‍රිකට් ඉසව්වේ ප්‍රසාද ලකුණු පුවරුව මේ වන විට දිස්වෙන ආකාරය

TeamsMWLTN/RPTTeamsMWLTN/RPT
1බාබර්ඩෝස්1100021එංගලන්තය110002
2ඕස්ට්‍රේලියාව1100022නවසීලන්තය110002
3ඉන්දියාව1010003ද. අප්‍රිකාව101000
4පාකිස්තානය1010004ශ්‍රී ලංකාව101000

(M – Match, W – Won, L – Lost, T- Tied N/R – No Results, PT – Points)

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අගෝස්තු 2 වැනිදා නවසීලන්ත සමඟ පැවැත්වීමට නියමිතයි.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත සමීප ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන lankan sports සූදානම්, රැඳී සිටින්න lankansports.com සමඟින්ම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ එංගලන්තය හමුවේ පරාජය වේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරදමඩුලු පළමු පදක්කම ඩිලංකගෙන් .. https://lankansports.com/%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%af%e0%b6%b8%e0%b6%a9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%b4%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8/ Mon, 01 Aug 2022 13:05:37 +0000 https://lankansports.com/?p=11233 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 බර්මින්හැම් නුවර දී පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට ඩිලංක ඉසුරු කුමාර සමත් වුනා. බර එසවීමේ ඉසව්ව නියෝජනය කළ ඩිලංක මෙහි දී දිනා ගත්තේ ලෝකඩ පදක්කමක්. කිලෝග්‍රෑම් 55 බර පංතිය නියෝජනය කළ ඩිලංක Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 105ක් ද, Clean & Jerk […]

The post පොදුරදමඩුලු පළමු පදක්කම ඩිලංකගෙන් .. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

බර්මින්හැම් නුවර දී පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට ඩිලංක ඉසුරු කුමාර සමත් වුනා.

බර එසවීමේ ඉසව්ව නියෝජනය කළ ඩිලංක මෙහි දී දිනා ගත්තේ ලෝකඩ පදක්කමක්. කිලෝග්‍රෑම් 55 බර පංතිය නියෝජනය කළ ඩිලංක Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 105ක් ද, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 120ක් ද ඔසවනු ලැබුවා. ඒ අනුව ඔහු එසවූ සම්පූර්ණ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 226ක්.

මෙම ඉසව්වේ රන් පදක්කම දිනූ මැලේසියාවේ 20 හැවිරිදි Mohamad Aniq කිලෝග්‍රෑම් 249ක එකතුවක් ඔසවනු ලැබූ අතර එය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ නව වාර්තාවක් ලෙසින් ද සටහන් වූවා. රිදී පදක්කම දිනා ගත් ඉන්දියාවේ Sanket Mahadev ඔසවනු ලැබූ සම්පූර්ණ බර එකතුව කිලෝග්‍රෑම් 248ක්.

ඩිලංක පදක්කමක් කරා යන ගමනේ දී Snatch ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 112ක බර එසවීමටත් සහ Clean & Jerk ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 141ක බර එසවීමටත් උත්සාහ කළ ද එම උත්සාහයන් සාර්ථක වූයේ නැහැ.

26 හැවිරිදි ඩිලංක මීට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2019 වසරේ දී තායිලන්තයේ පැවති ලෝක බර එසවීමේ තරගාවලිය ද නියෝජනය කළා. .

බර එසවීම කාන්තා..

commonwealth games 2022.

කාන්තා කිලෝග්‍රෑම් 49 බර පංතියෙන් තරග වැඳුණ ශ්‍රීමාලි සමරකෝන් තම ඉසව්ව නිමා කරන්නේ 8 වැනි ස්ථානයට පත් වෙමින්. ඇය Snatched ක්‍රමයට කිලෝග්‍රෑම් 65ක් ද, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 87ක් ද ලෙසින් සමස්ත බර කිලෝග්‍රෑම් 152ක් ඔසවමින් මෙම ස්ථානය දිනා ගන්නවා.

ඊට අමතර ව කාන්තා කිලෝග්‍රෑම් 55 බර පංතියෙන් තරග බිමට පිවිසි චමරි වර්ණකුලසූරිය Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 70ක් සහ Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 94ක් ලෙසින් සමස්ත බර කිලෝග්‍රෑම් 164ක් ඔසවමින් එම ඉසව්වේ 7 වැනි ස්ථානය දිනා ගන්නවා.

චමරි මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වෙන්නේ එහි තම බර පංතියේ 8 වැනි ස්ථානයට ශ්‍රේණිගත ව සිටිමින්. මෙවර තම ඉසව්ව නිමා වන විට ඇය තවත් අංකයක් ඉදිරියට පිවිසෙමින් 7 වැනි ස්ථානයට ශ්‍රේණිගත වීමට සමත් වීම කැපී පෙනුණා.

කෙසේවෙතත් ඔහු අප රට වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවේ ලබාගත් මෙමෙ ජයග්‍රහනය අප ඉමහත් අගයකොට සලකන අතර එය සතුටින් බාරගනුලබනවා,තවත් ලක් මාතාව බබලවන්න ඔවුනට ශක්තිය ලැබේවායි වන් එක්ස් බෙට් අපගේ ප්‍රාර්තනාවයි වයි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post පොදුරදමඩුලු පළමු පදක්කම ඩිලංකගෙන් .. appeared first on 1XBet Sri Lanka.

]]>
“සන් ක්‍රීම්,තොප්පි සහ කොන්ඩම් සූදානම් කරගන්න ” -UKHSA https://lankansports.com/%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%92-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1/ Fri, 29 Jul 2022 13:02:17 +0000 https://lankansports.com/?p=11223 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 මහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය (UKHSA) විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නැරඹීමට එන ප්‍රේක්ෂකයන්ට වටිනා අවවාදයක් ලබා දී තිබෙනවා . මීට හේතුව Monkeypox වයිරසය ලිංගික සබඳතා හරහා සම්ප්‍රේෂණය වන බව තහවුරු වීමයි. “සන් ක්‍රීම්,තොප්පි සහ කොන්ඩම් සහිතව පැමිණෙන්නැ ”යි ඔවුන් ලොව වටා ප්‍රේක්ෂකයන්ව දැනුවත් කොට තිබෙනවා. මේ වන විට එංගලන්තයේ […]

The post “සන් ක්‍රීම්,තොප්පි සහ කොන්ඩම් සූදානම් කරගන්න ” -UKHSA appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

මහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය (UKHSA) විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නැරඹීමට එන ප්‍රේක්ෂකයන්ට වටිනා අවවාදයක් ලබා දී තිබෙනවා . මීට හේතුව Monkeypox වයිරසය ලිංගික සබඳතා හරහා සම්ප්‍රේෂණය වන බව තහවුරු වීමයි.

“සන් ක්‍රීම්,තොප්පි සහ කොන්ඩම් සහිතව පැමිණෙන්නැ ”යි ඔවුන් ලොව වටා ප්‍රේක්ෂකයන්ව දැනුවත් කොට තිබෙනවා. මේ වන විට එංගලන්තයේ පවතින උෂ්ණාධික කාලගුණ තත්වයත්, Monkeypox වයිරසයේ පැතිරීමත්, ලිංගාශ්‍රිත රෝග පැතිරීමේ අවදානමත් සෞඛ්‍ය ඒජන්සිය විසින් සැලකිල්ලට ගෙන තිබෙනවා.

එබැවින් එංගලන්තයේ සිටින කාලය පුරාවට හොඳින් ජලය පානය කරන ලෙසත්, ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සබඳතා පවත්වන ලෙසත් ප්‍රේක්ෂකයන්ව දැනුවත් කෙරෙනවා.

සෞඛ්‍ය ආරක්ෂණ විශේෂඥ Caryn Cox (කැරින් කොක්ස්) news.com.au වෙත පවසන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලය ඇතුළත විශාල ජනකායක් එකිනෙකා හා සම්බන්ධ වී ප්‍රීති වනු ඇති නිසා ඔවුනට සෞඛ්‍ය පුරුදු අමතකව යෑමේ අවදානමක් ඇති බවයි.

“ගොඩක් මිනිසුන් විනෝද වෙමින් මේ පළාත පුරාම පැවැත්වෙන ක්‍රීඩා ඉසව් නරඹන්න පැමිණ තිබෙන නිසා ආසාදන තත්වයන් පැතිරීමේ ඉහළ අවදානමක් තිබෙනවා. COVID–19 වලට අමතරව දෑත් හරිහැටි නොසේදීමෙන් ඇති වන උදරාබාධයක් වුනත් පැතිරෙන්න පුළුවන්.”ඇය එසේ පැවසුවා.

ඉකුත් වසර දෙකකට වඩා කාල පරිච්ඡේදයක මුළු ලොවම වසාගෙන පැතිර ගිය COVID-19 වයිරසය නිසා ක්‍රීඩා උළෙලවල් රැසක් කල් දැමීමට ජාත්‍යන්තර තරගාවලි සංවිධායකයන්ට සිදු වූ අතර මිනිසුන්ගේ දෛනික ජීවිතවලට එම වසංගතය කෙලින්ම බලපාන්නට වුනා. මේ වන විටත් Monkeypox වයිරසයට අමතරව COVID-19 හි අතුරු ප්‍රභේද රැසක් මිනිසුන්ට පීඩා ගෙනදෙමින් තිබෙනවා.

“ඔබ අසනීපෙන් නම් නිවසේ ඉන්න එක තමයි හොඳම දේ. මිනිසුන් අතරට යන්න කලින් ඔබට අදාළ එන්නත් ලබාගෙන ඉන්නැයි මම උපදෙස් දෙන්න කැමතියි.”කැරීන් කොක්ස් එසේ පැවසුවා.