ශ්‍රී ලංකා – එංගලන්ත තරඟාවලියේ තරග තීරකවරයෙකුට කොවිඩ්

0
51
ශ්‍රී ලංකා - එංගලන්ත තරඟාවලියේ තරග තීරකවරයෙකුට කොවිඩ්

ශ්‍රී ලංකා – එංගලන්ත තරඟාවලියේ තරග තීරකවරයෙකුට කොවිඩ්


ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති විස්සයි විස්ස තරගාවලියේ තරග තීරකවරයෙකු ලෙස කටයුතු කළ ෆිල් වයිට්කේස් කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා -එංගලන්ත කණ්ඩායම් අතර පැවැති විස්සයි විස්ස තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

කෙසේ වෙතත් දෙරට අතර එක්දින තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතව තිබියදී විස්සයි විස්ස තරගාවලියේ කටයුතු කළ තරග තීරකවරයෙකු වන ෆිල් වයිට්කේස් කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඔහුව දින 10ක හුදකලා කිරීමට ලක්කර ඇති අතර ඔහු සමඟ සමීපයෙන් ආශ්‍රිතයින් ලෙස කටයුතු කළ තරග නිලධාරීන් සහ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කිහිපදෙනෙකුද මේ විට හඳුනාගෙන ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණි.

ඔවුන්ද දින 10ක කාලයක් හුදකලා කිරීමට ලක්කර ඇති බව එරට ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින තරඟය කිසිදු බලපෑමක් නොවන ආකාරයෙන් පැවැත්වීමට අදාළ සියලු විධිවිධාන යොදන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබේ.

දෙරට අතර පළමු එක්දින තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (29) පස්වරු 3යි 30ට පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකා – එංගලන්ත තරඟාවලියේ තරග තීරකවරයෙකුට කොවිඩ්

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL