මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 5 කින් පරාජය කරමින් පස්වන වරටත් ඉන්දීය ප්රිමියර් ලීග් ශූරතාවය දිනාගනී. IPL ශූරතාවය පස්වතාවක් දිනාගත් පළමු කණ්ඩායම බවට පත්විය.
අවසන් මහා තරගයේදී ලකුණු 157 ක ඉලක්කයක් පසුපස හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 5 ක් පමණක් දැවී පන්දු 8ක් අතැතිව අදාල ඉලක්කය සපුරාලිය.
-
නරඹන්න: අවසන් මහා තරගයේ විශේශිත අවස්ථා.
-
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම IPL 2020 Fair Play Award සම්මානයෙන්ද පිදුම් ලැබුහ.
මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්රී ලංකාවේ හිටපු සුපිරි ක්රිකට් ක්රීඩක මහේල ජයවර්ධන මහතා විසිනි. ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් පිල තරගාවලි 4ක් ක්රීඩාකර ඇති අතර ඉන් 3කදී අයි.පී.එල්. ශූරතාවය දින ගන්නා ලදී.
-
IPL 2017 – ශූරයන්
-
IPL 2018 – 5 වන ස්ථානය
-
IPL 2019 – ශූරයන්
-
IPL 2020 – ශූරයන්