LPL: ලීග් ක්‍රිකට් අතරට එක්වන නවතම සාමාජිකයා

0
43
LPL: ලීග් ක්‍රිකට් අතරට එක්වන නවතම සාමාජිකයා

LPL: ලීග් ක්‍රිකට් අතරට එක්වන නවතම සාමාජිකයා

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් විස්සයි-20 තරග රටාව ලෝකයට හඳුන්වා දීමත් සමඟ වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත රටවල් බොහෝමයක් ගුණාත්මක බවින් වැඩි විස්සයි-20 තරගාවලි පවත්වනු ලබන අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පවත්වනු ලබන IPL තරගාවලිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනු ලබයි. 2007 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අන්ත පරාජයක් ලබන රාහුල් ඩ්‍රාවිඩ්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම මේ වන විට ක්‍රිකට් දක්ෂතා අතින් ලොව බලවතා බවට පත්වීමට මාවත විවර කරනු ලබන ප්‍රධානම සංධිෂ්ඨානය බවට පත් වන්නේ 2008 වසරේදී ආරම්භ කරන ලද IPL තරගාවලිය බව අවිවාදිතය.

LPL: ලීග් ක්‍රිකට් අතරට එක්වන නවතම සාමාජිකයා

එම තරගාවලියෙන් පසු බොහෝමයක් රටවල් ක්‍රීඩාවෙන් මෙන්ම ආර්ථික වාසීන් ලබා ගැනීමේ අරමුණින් පෞද්ගලික විස්සයි-20 තරගාවලි සංවිධානය කිරීමට උනන්දුවක් දැක්වූ අතර ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් (Big Bash), බංග්ලාදේශයේ BPL සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි CPL තරගාවලි ඒ හරහා බිහිවිය. කෙසේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් යොදා ගනිමින් පැවැත්වෙන මෙවැනි ආකාරයේ තරගාවලියක අවශ්‍යතාවය පසුගිය වසර ගණනාවේදීම ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට තදින්ම දැණින.

LPL: ලීග් ක්‍රිකට් අතරට එක්වන නවතම සාමාජිකයා

එම අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කර සිටි ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය දේශීය සහ ‘ජාත්‍යන්තර තරු’ රැගත් තරගාවලියක අසිරිය විඳ ගැනීමේ අවස්ථාව සපුරාලමින් එකී අඩුව පුරවාලීමට මේ වන විටත් කටුයුතු යොදා තිබේ. ඒ අනුව ඒ ඒ රටවලින් පවත්වනු ලබන පෞද්ගලික ක්‍රිකට් තරගාවලීන් අතරට එකතුව වන නවතම සාමාජිකයා බවට පත් වන්නේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියයි.

LPL: ලීග් ක්‍රිකට් අතරට එක්වන නවතම සාමාජිකයා

LPL: ලීග් ක්‍රිකට් අතරට එක්වන නවතම සාමාජිකයා

විස්සයි 20 ලීග් තරගාවලි අතර LPL තරගාවලිය ‘බඩ පිස්සා’ බවට පත් වුවත් මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට පමණක් නොව සුවහසක් ක්‍රිකට් රසිකයින්ටද සුවිශේෂී තරගාවලියක් බවට පත් වන්නේය. මන්ද යත් Covid19 වසංගත තත්ත්වයක් යටතේ මෙම ‘බඩ පිස්සා’ ජාත්‍යන්තර තරග කැලැන්ඩරයට එකතු වනවා පමණක් නොව Covid19 හේතුවෙන් නිවෙසටම හිරවී සිටින සුවහසක් ක්‍රිකට් රසිකයින්ගේද ක්‍රිකට් පිපාසව සංසිදුවන බැවිනි. සෞඛ්‍ය නීති අකුරටම පිළිපැදිය යුතු සමයක LPL වැනි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට හැකිවීම යන ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ලබන තවත් එක් සුවිශේෂී ජයග්‍රහණයක් වනු ඇත.

මේ වන විට ලෝකයේ අනෙක් රටවල්ද ජාත්‍යන්තර තරගාවලි ආරම්භ කර ඇත. ඉහතින් සඳහන් කළ IPL තරගාවලිය, ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් තොරව පැවැත්වූයේ එහි තරගාරිත්වය බිඳකින් හෝ අඩු නොවන ලෙසටය. සෞඛ්‍ය නීති රීතීන්ට යටත්ව LPL තරගාවලිය පැවැත්වීමේ කිසිදු බාධාවක් මේ වන තෙක් පෙනෙන්නට නැත. එළැඹෙන නොවැම්බර් 26 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත LPL තරගාවලියටද IPL තරගාවලිය ‘කොළ එළි’ දැල්වීමකි.

LPL: ලීග් ක්‍රිකට් අතරට එක්වන නවතම සාමාජිකයා

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනෙකුට ක්‍රීඩා කරන විට දේශීය තලයේ ක්‍රීඩකයින් 7 දෙනෙකුට තරග වැදීමේ අවස්ථාව හිමිවෙයි. මේ හරහා දේශීය තරගාවලියන්හිදී දක්ෂතා දක්වා තරගාවලියට ක්‍රීඩා කිරීමට වරම් ලබා සිටින නවක ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රීඩකයින් සමඟ හරි හරියට තරග වැදීමේ අවස්ථාව උදාවීම එම ක්‍රීඩකයින්ට මිල කළ නොහැකි අවස්ථාවක් වන්නේය.

ක්‍රිකට් සහ මූල්‍යමය අංශ වලින් හිමි වාසි වලට අමතරව තරගාවලිය පැවැත්වීමේදී වක්‍රාකාර වාසි ලබා ගනු ලබන අනෙක් පිරිස වන්නේ ක්‍රීඩා ලෝලීන් යැයි කීවද එහි වරදක් නොවන්නේය. ක්‍රිකට් තරග නොමැති කමින් කන්ස්සල්ලට පත්ව සිටින සුවහසක් ක්‍රිකට් රසිකයන්ට එල්.පී.එල්. තරගාවලිය ඉඩෝරයට වැසි මහා වර්ෂාවක් වනවා නොඅනුමානය. ක්‍රීඩා පිටියට ගොස් තරග නැරඹීමේ අවස්ථාව නොලැබුණද කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් නිවෙසටම වී කාලය ගත කිරීමට සිදුව තිබෙන සුවහසක් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ මානසික පීඩනය යම් තරමකින් හෝ අඩු කිරීමටද එල්. පී. එල්. තරගාවලිය උපකාරී වනු ඇත.

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

SKA සහ සලාවට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL