IPL වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 32 ක්

IPL 2024
මෙම මස 19 වැනිදා ඩුබායි නුවරදී පැවැත්වීමට නියමිත අයි.පී.එල්. (2024) ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 32 ක් ලියාපදිංචි වී ඇතැයි වාර්තා වේ. ඔවුන් අතර ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයන් 25 දෙනෙක් සහ තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයන් 7 දෙනෙක් සිටින බවද වැඩිදුරටත් දැනගන්නට ලැබේ.

වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයන් අතර ඉහළම මූලික ලන්සුව වන ඉන්දීය රුපියල් කෝටි 2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 7.9 ක් පමණ) ලන්සුව සඳහා ලියාපදිංචි වී සිටින එකම ක්‍රීඩකයා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්ය. ඔහු හැරුණු කොට තවත් ක්‍රීඩකයන් 24 දෙනෙක් එම ලන්සුව සඳහා ලියාපදිංචි වී සිටි.

ඉකුත් වසර දෙකේදී (2022 සහ 2023) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කළද, මෙම වසරේදී එම කණ්ඩායමෙන් නිදහස් කළ වනිඳු හසරංග, ලියාපදිංචි වී ඇත්තේ ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි ඉහළම ලන්සුව වන ඉන්දීය රුපියල් කෝටි 1.5 ක ලන්සුව සඳහාය. එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 5.9 ඉක්මවයි.

මැතිව්ස් සහ වනිඳු හැරණුකොට ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායක දසුන් ශානක, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත යන ජාත්‍යන්තර වරම් දිනා ඇති ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයන්ද මෙවර IPL. ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටිති

තරගය සදහා ගිවිසුම් ගත ක්‍රීඩකයින්
- ·කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, සදීර සමරවික්‍රම, අෂේන් බණ්ඩාර, නුවනිඳු ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ යන ශ්‍රී ලංකා පිතිකරුවන් මෙන්ම ඩිල්ෂාන් මධුෂංක,
- කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්, ජෙෆ්රි වැන්ඩසේ, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර සහ ලක්ෂාන් සඳකැන්.
ලියාපදිංචි වී ඇති නමුත් තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ශ්‍රී ලංකා ක්‍රීඩකයන්
- ෂෙවෝන් ඩැනියෙල්, ලසිත් කෲස්පුල්ලේ, ටේරවීන් මැතිව්, ළහිරු සමරකෝන්, කෙවින් කොත්තිගොඩ, විජයකාන්ත් වියස්කාන්ත් සහ ගරුක සංඛේත්ය
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න