සංගක්කාර සහ මාලිංග දශකයේ කණ්ඩායම් වලට
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නිවේදනය කරන ලද දශකයේ කණ්ඩායම් අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙපළක් වන හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර සහ විස්සයි-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තෝරාගෙන තිබේ. කුමාර් සංගක්කාර දශකයේ ටෙස්ට් කණ්ඩායමටත් ලසිත් මාලිංග දශකයේ එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් වලටත් ඇතුළත්ව සිටිති.
ගෙවී ගිය 2010 වසරේ සිට 2020 දක්වා වූ කාල සීමාව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී දස්කම් දැක්වූවන් අදාළ කණ්ඩායම් සඳහා යොදා ගත හැකි හොඳම ක්‍රීඩකයින් 11 දෙනා දශකයේ ක්‍රිකට් කණ්ඩායම් සඳහා ඇතුළත් කර තිබේ. එම කාල සීමාව තුළ කුමාර් සංගක්කාර අංක 3 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කළද දශකයේ කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් ඔහුව නම් කර තිබේ. ඒ අනුව ඔහුට වෙන්වී තිබෙන්නේ එම කණ්ඩායමේ අංක 6 පිතිකරණ ස්ථානය වේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂ තේරීම් මණ්ඩලයක් විසින් සිදුකරන ලද මෙම තෝරා ගැනීමේදී ඉන්දීය නායක විරාත් කෝලි දශකයේ කණ්ඩායම් 3 ටම ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. එමෙන්ම දශකයේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහාද කෝලිව නම් කර තිබේ. කෙසේ වෙතත් දශකයේ විස්සයි-20 සහ එක්දින කණ්ඩායම් වල නායකත්වය හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිව නම් කර තිබේ.
දශකයේ ටෙස්ට් කණ්ඩායම
- ඇලෙස්ටෙයාර් කුක්
- ඩේවිඩ් වෝනර්
- කේන් විලියම්සන්
- විරාට් කෝලි (නායකයා)
- ස්ටීව් ස්මිත්
- කුමාර් සංගක්කාර (කඩුලු රකින්නා)
- බෙන් ස්ටෝක්ස්
- රවිචන්ද්‍රන් අශ්වින්
- ඩේල් ස්ටේන්
- ස්ටුවර්ට් බ්‍රෝඩ්
- ජේම්ස් ඇන්ඩර්සන්
දශකයේ එක්දින කණ්ඩායම
- රෝහිත් ෂර්මා
- ඩේවිඩ් වෝනර්
- විරාත් කෝලි
- ඒ.බී. ඩිවිලියර්ස්
- ශකීබ් අල් හසන්
- මහේන්ද්‍ර සිං දෝනි (නායක)
- බෙන් ස්ටෝක්ස්
- මිචෙල් ස්ටාර්ක්
- ට්‍රෙන්ට් බෝල්ට්
- ඉම්රාන් තහීර්
- ලසිත් මාලිංග
දශකයේ විස්සයි-20 කණ්ඩායම
- රෝහිත් ෂර්මා
- ක්‍රිස් ගේල්
- ඒරන් ෆින්ච්
- විරාත් කෝලි
- ඒ.බී. ඩිවිලියර්ස්
- ග්ලෙන් මැක්ස්වෙල්
- මහේන්ද්‍ර සිං දෝනි (නායක)
- කිරන් පොලාර්ඩ්
- රෂීඩ් ඛාන්
- ජස්ප්‍රීට් බුම්රා
- ලසිත් මාලිංග