CWG 7වැනි දිනයේ ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක පතුරවයි.

බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක පතුරවයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

එංගලන්තයේ දී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 7 වැනි දිනය ඊයේ (04) අවසන් වෙද්දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ ඉසව් 4කින් පෙර අර්ධ අවසන් පූර්ව වටයන් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුණා.

ඒ අනුව, පිරිමි ඒකල ඉසව්වෙන් නිලූක කරුණාරත්න සහ දුමිඳු අබේවික්‍රම, මිශ්‍ර යුගල ඉසව්වෙන් සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා, පිරිමි යුගල ඉසව්වෙන් සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක මෙසේ 16 දෙනාගේ වට නියෝජනයට සුදුසුකම් ලබා ගත්තා.මේ අතර ස්කොෂ් පිරිමි යුගල ඉසව්වට එක් වූ ලක්සිරි රවිඳු සහ ශමිල් වකීල් ද එම ඉසව්වෙන් පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සමත් වීම කැපී පෙනුණා.

බැඩ්මින්ටන්

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන් ම පිටියට පිවිසියේ නිලූක කරුණාරත්න. 32 දෙදෙනාගේ වටයට එක් වූ නිලූක ප්‍රතිවාදී බාබඩෝස් ක්‍රීඩක Shae Michael Martinට එරෙහිව තරග වට 2-0කින් ජයග්‍රහණය කළේ 21-6ක් සහ 21-5ක් ලෙසින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින්.

එම ඉසව්වෙන් ම 32 දෙදෙනාගේ වටය නියෝජනය කළ දුමිඳු අබේවික්‍රම ද පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට මධ්‍යම රාත්‍රියේ දී සමත් වුනා. ඒ තරග වට 2-0කින් මෝල්ටාවේ Samuel Cassar පරාජය කරමින්. ඔවුන් අතර පැවති තරගයේ ලකුණු පුවරුව කියැවුණේ 21-12ක් සහ 22-20ක් ලෙසයි.

මිශ්‍ර යුගල ඉසව්ව සඳහා සහභාගී වූ සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා කැනඩා ක්‍රීඩකයන් වූ Alexander Lindeman සහ Josephine Yuenling Wu 21-11ක් සහ 21-18ක් ලෙසින් පරාජය කරමින් පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

පිරිමි යුගල ඉසව්ව සඳහා සහභාගී වූ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලකත් පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වීම කැපී පෙනුණා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ බාබඩෝස් ක්‍රීඩකයන් වූ King Maarten සහ Martin Shae.

මේ අතර අද පැවති කාන්තා ඒකල බැඩ්මින්ටන් ඉසව්වේ 32 දෙදෙනාගේ වටයට එක් වූ සුහස්නි විදානගේ එංගලන්තයේ Freya Redfearn වෙතින් තරග වට 2-0ක පරාජයක් ලැබුවා. ඒ අනුව ඇයගේ එම ඉසව්වේ ගමන එතෙකින් අවසන් වූ අතර ලකුණු තත්ත්වය කියැවුණේ 21-11ක් සහ 21-14ක් ලෙසයි.

බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක

බොක්සිං

අද පැවති බොක්සිං තරගවලින් පළමුවෙන් ම පිටියට පිවිසි මෙරට තරගකරුවා වූයේ සංජීවනී කුරේ. කාන්තා කිලෝග්‍රෑම් 54-57 බර පංතියේ Featherweight ඉසව්වේ පළමු අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට සහභාගී වූ ඇය රුසියාවේ Phiwokuhle Sbusisiwe Mnguni වෙතින් පරාජයට පත් වූවා.

ඔවුන් අතර පැවති තරගය දෙවැනි වටය අවසානයේ නතර කිරීමට විනිසුරු තීරණය කිරීමත් සමඟින් සංජීවනීගේ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් බලාපොරොත්තුව ද ගිලිහී ගියා.

මේ අතර මධ්‍යම රාත්‍රියේ පැවති කිලෝග්‍රෑම් 51-54 බර පංතියේ Bantamweight ඉසව්වේ තෙවැනි අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කළ රුක්මාල් ප්‍රසන්නට ද තම ඉසව්වේ පදක්කම් බලාපොරොත්තුව අහිමි කර ගැනීමට සිදු වුනා. ඒ ගයානාවේ Abraham Mensh වෙතින් 3-0ක පරාජයක් ලබා ගැනීමත් සමඟින්.

ස්කොෂ්

පිරිමි යුගල 32 දෙදෙනාගේ වටය නියෝජනය කරමින් ලක්සිරි රවිඳු සහ වකීල් ශමිල් අද ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු ස්කොෂ් ක්‍රීඩකයන් ලෙසින් පිටියට එක් වුනා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ගයනාවේ Wiltshire Shomari සහ Khalil Jason.

එම තරගයේ දී 11-5ක් සහ 11-6ක් ලෙසින් ජයග්‍රහණ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෙර අර්ධ අවසන් පූර්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

ජිම්නාස්ටික්

ජිම්නාස්ටික් Rhythmic ඒකල අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා Anna Marie Ondaatj තම ඉසව්වට සාර්ථකව මුහුණ දුන්නා. ඒ අනුව ඇය ලකුණු 90.550ක් ලබා ගනිමින් 8 වැනි ස්ථානය දිනා ගනිමින් අවසන් මහා තරගයට මුහුණ දීමට සුදුසුකම් ලබාගත්තා..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat