චෙන්නායි සුපර් කිංග්ස් ලකුණු සටහනේ ඉදිරියට
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියරේ තවත් තරගයක් අද (21) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ, පන්ජාබ් කින්ග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර ය. බුඩායිහිදී එම තරගය පැවැත්වීමට නියමිතය.
මේ අතර ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ ප්රසාද ලකුණු සටහනේ මේ වනවිට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉදිරියෙන් සිටී.
එම සටහනේ දෙවන ස්ථානයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමත් තෙවන ස්ථානයේ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමත් හිමිකර ඇත.
මේ අතර, ඊයේ පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.
ශ්රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංග එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කරමින් තම පළමු IPL තරඟයට ක්රීඩා කළේය.
නමුත් ඔහු එහිදී අවාසනාවන්ත ලෙස පළමු පන්දුවෙන්ම ලකුණු බිංදුවකට දැවීගිය අතර පන්දු යැවීමේදී ඔහුගේ පන්දු ඕවර දෙකට ලකුණු 20ක් රැස්කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් පිතිකරුවන් සමත්විය.
චෙන්නායි සුපර් කිංග්ස් ලකුණු සටහනේ ඉදිරියට