” Colombo Stars ” කණ්ඩායමේ ප්‍රබල විදෙස් ක්‍රිඩකයෙකු හදිසියේම රටින් පිටව යයි.

0
71

“Colombo Stars” කණ්ඩායමේ ප්‍රබල විදෙස් ක්‍රීඩකයෙකු හදිසියේම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙලෙස පිටව ගොස් ඇත්තේ  “Colombo Stars” කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් වීසේ යි.

පුද්ගලික හේතුවක මත ඔහු සියරටට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඩේවිඩ් වීසේ දකුණු අප්‍රිකානු කණ්ඩායම මුලින් නියෝජනය කළ අතර පසුගිය T20 ලෝක කුසලානයේදි නැමිබියා කණ්ඩායම නියෝජනය කළා.

ලීග් ක්‍රිකට් වලදී ප්‍රබල නමක් දිනා ඇති තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයෙක් ලෙසයි ඩේවිඩ් වීසේ හැදින්වෙන්නේ.