Commonwealth Games 2022 Archives | 1XBet Sri Lanka https://lankansports.com/category/commonwealth-games-2022/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 31 Aug 2022 09:54:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2022 පොදුරදමඬුලු සැණකෙළිය උත්සවශ්‍රීයෙන් නිමා වෙයි.. https://lankansports.com/2022-%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%af%e0%b6%b8%e0%b6%ac%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b7%83%e0%b7%90%e0%b6%ab%e0%b6%9a%e0%b7%99%e0%b7%85%e0%b7%92%e0%b6%ba-%e0%b6%8b%e0%b6%ad/ Tue, 09 Aug 2022 13:32:38 +0000 https://lankansports.com/?p=11336 2022 පොදුරදමඬුලු සැණකෙළිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 පුරා දින 11ක් මුළුල්ලේ එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පැවති 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ (08) උත්කර්ෂවත් ලෙස නිමාව දුටුවා. Alexander ක්‍රීඩාංගණයේ දී පැවති උත්කර්ෂවත් සමාප්ති උළෙල නැටුම් ගැයුම් සහ ගිනිකෙළි සංදර්ශනවලින් විචිත්‍රවත් වී තිබුණා. මේ සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටි අතර එංගලන්ත රජ […]

The post 2022 පොදුරදමඬුලු සැණකෙළිය උත්සවශ්‍රීයෙන් නිමා වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
2022 පොදුරදමඬුලු සැණකෙළිය

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

පුරා දින 11ක් මුළුල්ලේ එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පැවති 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ (08) උත්කර්ෂවත් ලෙස නිමාව දුටුවා.

Alexander ක්‍රීඩාංගණයේ දී පැවති උත්කර්ෂවත් සමාප්ති උළෙල නැටුම් ගැයුම් සහ ගිනිකෙළි සංදර්ශනවලින් විචිත්‍රවත් වී තිබුණා. මේ සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටි අතර එංගලන්ත රජ පවුල නියෝජනය කරමින් පැමිණ සිටි Edward කුමරු ද ඒ අතර සිටියා.

රටවල් 72ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 5000කට අධික පිරිසක් පදක්කම් 877ක් වෙනුවෙන් දින 11ක් පුරා තරගය වැදුණු මෙවර ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ දිනා ගන්නට සමත් වුනේ ඕස්ට්‍රේලියාවයි.රන් පදක්කම් 67ක්, රිදි පදක්කම් 57ක් සහ ලෝකඩ පදක්කම් 54ක් සමඟින් සමස්ත පදක්කම් 178ක් ජයග්‍රහණය කරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීතිබුණා.

ඕස්ට්‍රේලියාව සමඟ කරට කර තරග කළ එංගලන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කම් 57ක්, රිදි පදක්කම් 66ක් සහ ලෝකඩ පදක්කම් 53ක් සමඟින් පදක්කම් 176ක් ජයග්‍රහණය කරමින් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය දිනා ගත්තා. පදක්කම් 92ක් (රන් 26, රිදි 32, ලෝකඩ 34) දිනූ කැනඩාව තෙවැනි ස්ථානය දිනා ගනිද්දී, අසල්වැසි ඉන්දියාව පදක්කම් 61ක් (රන් 22, රිදි, 16, ලෝකඩ 23) සමඟින් සිව්වැනි ස්ථානය දිනා ගත්තා.

අවසන් වරට 2018 දී ඕස්ට්‍රේලියාවේ සත්කාරත්වය සහිතව අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ද ප්‍රථම සහ දෙවැනි ස්ථාන සඳහා හිමිකම් කියන්නට ඕස්ට්‍රේලියාව (පදක්කම් 196ක්) සහ එංගලන්තය (පදක්කම් 136ක්) සමත් වූ අතර තෙවැනි සහ සිව්වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනේ පිළිවෙළින් ඉන්දියාව(පදක්කම් 66) සහ කැනඩාවයි (පදක්කම් 82).

මෙවර තරගාවලියේ කැපී පෙනෙන මලල ක්‍රීඩකයාට පිදෙන David Dixon සම්මානයෙන් පිදුම් ලබන්නට සිංගප්පූරු ජාතික මේසපන්දු ක්‍රීඩිකා Feng Tianwei සමත් වුනා. ඇය මෙවර ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 3ක් දිනා ගන්නට සමත් වූ අතර ක්‍රීඩා උළෙල ඉතිහාසයේ රන් පදක්කම් 9ක්, රිදි පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් සමඟින් ඇය දිනා ඇති සම්පූර්ණ පදක්කම් ගණන 13ක්.

මීළඟ ක්‍රීඩා උළෙල තවත් වසර 4කට පසුව එනම් 2026 මාර්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩා උළෙලේ 11 වැනි දිනය වූ ඊයේ ද ක්‍රීඩා කිහිපයක අවසන් ඉසව් පැවැත්වුනා.

හොකි____________________

පිරිමි හොකි අවසන් මහා තරගයේ දී ඉන්දියාව පරාජය කරමින් රන් පදක්කමට හිමිකම් කියන්නට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් සමත් වුනා. 7-0ක් ලෙස අවසන් වූ එම තරගයේ දී ඉන්දියාවට රිදි පදක්කම හිමි වූ අතර එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගය 6-3ක් ලෙස ජයග්‍රහණය කළ එංගලන්තය විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

මේසපන්දු____________________

කාන්තා යුගල අවසන් තරගය පැවැත්වුණේ සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව අතරයි. එහි දී 3-0ක් ලෙස රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සිංගප්පූරු ක්‍රීඩිකාවන් වන Tianwei Feng සහ Jian Zeng සමත් වුනා. රිදි පදක්කම Minhyung Jee සහ Jia Lay සතුවෙද්දී, ලෝකඩ පදක්කම දිනා ගන්නට වේල්ස් ජාතික Chariotte Carey සහ Hursey සමත් වුනා.

පිරිමි කේවල ඉසව්වේ අවසන් තරගයෙන් 4-1ක් ලෙස එංගලන්තයේ Liam Pitchford පරාජය කළ ඉන්දීය ක්‍රීඩක Sharath Kamal විසින් රන් පදක්කම දිනා ගත්තා. ඉසව්වේ ලෝකඩ පදක්කම ද ජයග්‍රහණය කරන්නට ඉන්දීය ක්‍රීඩකයෙකු වන Sathiyan Gnanasekaran සමත් වුනේ එංගලන්ත ක්‍රීඩකයෙකු වන Paul Drinkhall 4-3ක් පරාජය කරමිනුයි.

බැඩ්මින්ටන්____________________

මිශ්‍ර යුගල ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සිංගප්පූරුවේ Yon Kai Terry සහ Jessica Wei Han සමත් වුනේ එංගලන්තයේ Ellis Marcus සහ Smith Lauren 2-0ක් ලෙස පරාජය කරමිනුයි.

කාන්තා කේවල ඉසව්වේ රන් පදක්කම සඳහා කැනඩාව සහ ඉන්දියාව තරග කළ අතර එහි දී 2-0ක් ලෙස රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ඉන්දියාවේ Venkata Pusarla සමත් වුනා. ඇය හමුවේ පරාජය වුනේ Michelle Li.

පිරිමි කේවල ඉසව්වේ ද ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුනේ ඉන්දියාවයි. රන් පදක්කම වෙනුවෙන්

ඉන්දියාව සහ මැලේසියාව තරග වැදුණු අතර එහි දී Tze Yong පරාජය කරන්නට Lakshya Sen සමත් වුනේ 2-1ක් ලෙසයි.

පිරිමි යුගල ඉසව්වේ අවසන් තරගය ද ඊයේ පැවති අතර එහි දී එංගලන්ත ක්‍රීඩකයින් වන Lane Ben සහ Vendy Sean පරාජය කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ඉන්දියාවේ Satwik Sairaj සහ Chirag Shetty සමත් වුනා. ඒ 2-0ක් ලෙසයි.

2022 පොදුරදමඬුලු සැණකෙළිය

ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය කළ අවසන් රන් පදක්කම ජයග්‍රහණ කරන්නට සමත් වුනේ මැලේසියාවේ Koong Le Pearly සහ Thinaah Muralitharan දෙදෙනායි. කාන්තා යුගල අවසන් මහා තරගයේ දී 2-0ක් ලෙසයි.

එංගලන්තයේ Choie Birch සහ Lauren Smith පරාජය කරන්නට ඔවුන් සමත් වුනා. ඒ සමඟින්

ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසන් වන අතර lankan sports සමඟ රැඳෙමින් පොදුරාජ්‍ය මණ්ඩලීය උණුසුම බෙදා ගත් ක්‍රීඩාලෝලී ඔබට ස්තුතියි.

2022 පොදුරදමඬුලු සැණකෙළිය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post 2022 පොදුරදමඬුලු සැණකෙළිය උත්සවශ්‍රීයෙන් නිමා වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා පියවරක් පහලට වැටේ CWG 10 වන දිනය .. https://lankansports.com/%e0%b7%84%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb/ Mon, 08 Aug 2022 12:26:31 +0000 https://lankansports.com/?p=11309 හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 සාර්ථකව දින 10ක් මුළුල්ලේ පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 10 වැනි දිනය ඊයේ (07) නිමාවට පත් වුනා. ඊයේ දිනයේ පැවති අවසන් මහා තරගවල දී ඕස්ට්‍රේලියාව විසින් ක්‍රිකට් සහ දැල්පන්දු ක්‍රීඩාවලින් රන් පදක්කම් දිනා ගනිද්දී, එංගලන්තය හොකි රන් පදක්කම දිනා ගන්නට සමත් වුනා. ඊට අමතරව මීටර් […]

The post හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා පියවරක් පහලට වැටේ CWG 10 වන දිනය .. appeared first on 1XBet Sri Lanka.

]]>
හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 සාර්ථකව දින 10ක් මුළුල්ලේ පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 10 වැනි දිනය ඊයේ (07) නිමාවට පත් වුනා.

ඊයේ දිනයේ පැවති අවසන් මහා තරගවල දී ඕස්ට්‍රේලියාව විසින් ක්‍රිකට් සහ දැල්පන්දු ක්‍රීඩාවලින් රන් පදක්කම් දිනා ගනිද්දී, එංගලන්තය හොකි රන් පදක්කම දිනා ගන්නට සමත් වුනා. ඊට අමතරව මීටර් 400×4 අවසන් තරගය ආන්දෝලනාත්මක ඉසව්වක් බවට පත්වුනා.

මලල ක්‍රීඩා

පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ දී ජාත්‍යන්තර අවධානය දිනා ගන්නට පාකිස්තාන ක්‍රීඩක Arshad Nadeem සමත් වුනේ තරගාවලි වාර්තාවක් සමඟින්, රන් පදක්කමක් පාකිස්තානය වෙනුවෙන් දිනා දෙමින් වීම විශේෂත්වයක්

සිය හොඳම දක්ෂතාවය වාර්තා කරමින් මීටර් 90.18ක දක්ෂතාවයක් වාර්තා කරන්නට ඔහු සමත් වූ අතර ඒ සමඟින් මෙම ඉසව්වේ මීටර් 90ක දක්ෂතාවයක් වාර්තා කළ දෙවැනි ආසියානුවා බවට ඔහු පත්වුනා. මීට පෙර තායිපේ ක්‍රීඩක Chao-Tsun විසින් 91.36ක දක්ෂතාවයක් වාර්තා කර තිබුණා.

Nadeemගේ සුපිරි දක්ෂතාවයත් සමඟින්, දෙවරක් හෙල්ල විසි කිරීමේ ලෝක ශූරතාවය දිනූ Anderson Peters රිදි පදක්කම දක්වා ඇද වැටුණා, ඔහු විසින් වාර්තා කළ දක්ෂතාවය මීටර් 88.64ක්. කෙන්යාවේ Julius Yego විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

මීටර් 400×4 කාන්තා සහය දිවීම ඉසව්වේ අවසන් තරගය ඊයේ පැවති අතර එහි දී පළමුවෙන් ඉසව්ව අවසන් කරන්නට සමත් වුනේ එංගලන්ත ක්‍රීඩිකාවන් විසිනුයි.

එංගලන්ත ක්‍රීඩිකාවන් විසින් ඔවුන් මෙවර මලල ක්‍රීඩාවෙන් 8 වැනි රන් පදක්කමත් එංගලන්තයට දිනා දුන්නා යැයි සතුට සමරන අවස්ථාවේ දී, විනිසුරුවන් පැමිණ එංගලන්ත ක්‍රීඩිකාවන් ඉසව්වට නොසුදුස්සන් යැයි නම් කළේ ඔවුන් විසින් මං තීරු නීති උල්ලංඝනය කළ බව අනාවරණය කර ගැනීමත් සමඟිනුයි.

ඒ සමඟ දෙවැනි ස්ථානයට ඉසව්ව අවසන් කළ කැනේඩියානු ක්‍රීඩිකාවන් (මිනිත්තු 3:25.84) රන් පදක්කම සඳහා උසස් කෙරුණු අතර ජැමෙයිකානු ක්‍රීඩිකාවන් (මිනිත්තු 3:26.93) රිදි පදක්කමට උසස් වෙද්දී සිව්වැනියට ඉසව්ව අවසන් කළ ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් (මිනිත්තු 3:30.15) ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

මීටර් 10,000 පිරිමි ඇවිදීමේ ඉසව්ව සඳහා සහභාගී වූ කැනේඩියානු ජාතික Evan Dunfee විසින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනේ සිය හොඳම දක්ෂතාවය සමඟින් නව තරගාවලි වාර්තාවක් අලුත් කරමිනි. ඔහු ඉසව්ව නිමා කරන්නට ගත කළ කාලය දැක්වුණේ මිනිත්තු 38:36:37ක් ලෙසයි.

ඉසව්වේ දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Declan Tingay (මිනිත්තු 38:42:33 PB) විසින් දිනා ගනිද්දී, ඉන්දියාවේ Sandeep Kumar (මිනිත්තු 38:49:21 PB) විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

මීටර් 100 කාන්තා කඩුලු පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට Tobi Amusan සමත් වුනේ තත්පර 12.30ක දක්ෂතාවයක් වාර්තා කරමිනුයි. එම දක්ෂතාවය තරගාවලි වාර්තාවක් ලෙස ද සටහන් වුනා.

බහමාස් ක්‍රීඩිකා Devynne Charlton විසින් තත්පර 12.58කින් ඉසව්ව අවසන් කරමින් රිදි පදක්කම දිනා ගනිද්දී, එංගලන්තයේ Cindy Sember විසින් තත්පර 12.59කින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

කාන්තා මීටර් 400 ඉසව්වේ ද තරගාවලි වාර්තාවක් අලුත් කරන්නට බාබඩෝස් ක්‍රීඩිකා Sada Williams සමත් වුනා. ඒ තත්පර 49.90ක දක්ෂතාවයක් වාර්තා කරමින්.

සිය හොඳම පෞද්ගලික දක්ෂතාව වාර්තා කළ එංගලන්ත ක්‍රීඩිකා Victoria Ohuruogu විසින් තත්පර 50:72කින් (PB) රිදි පදක්කම දිනා ගනිද්දී, එංගලන්තයේම Jodie Williams විසින් තත්පර 50.26කින් (SB) ඉසව්ව අවසන් කරමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

කාන්තා දුර පැනීම ඉසව්වෙන් ද නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට නයිජීරියා ක්‍රීඩක Ese Brume සමත් වුනා. ඇය විසින් දැක්වූ දක්ෂතාව මීටර් 7ක්. ඕස්ට්‍රේලියාවේ Brooke Bushkuehl විසින් මීටර් 6.95ක දක්ෂතාවයක් සමඟින් රිදි පදක්කම දිනා ගන්නා විට, සිය හොඳම දක්ෂතාවය සමඟින් ලෝඩක පදක්කම දිනා ගන්නට ඝානා ක්‍රීඩිකා Deborah Acquah සමත් වුනා.

ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති කාන්තා ක්‍රිකට් විස්සයි විස්ස අවසන් මහා තරගයෙන් ලකුණු 9ක තියුණු ජයක් වාර්තා කරන්නට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් සමත් වුනා.කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 161ක් වාර්තා කරන්නට සමත් වුනා. Beth Mooney සහ නායිකා Meg Lanning විසින් ලකුණු 61ක් සහ 36ක් වාර්තා කරමින් වැඩිම ලකුණු ලාභී පිතිකාරිණියන් වෙද්දී, Sneh Rana සහ Renuka Singh විසින් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවන් විසින් පන්දුවාර 19.3ක දී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට සමත් වුනේ ලකුණු 152ක් පමණයි. එහි දී නායිකා Harmanpreet Kaur විසින් අර්ධ ශතකයක් (65) වාර්තා කරන්නට සමත් වූ අතර ඕස්ට්‍රේලියා ක්‍රීඩිකා Ash Gardner විසින් කඩුලු 3ක් දවා ගෙන ඉන්දීය ජයග්‍රහණය අවහිර කරන්නට සමත් වුනා

හොකි

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති කාන්තා හොකි අවසන් මහා තරගයෙන් 2-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට එංගලන්ත ක්‍රීඩිකාවන් සමත් වුනා. ඔවුන්ගේ ලකුණු පුවරුව දැක්වුණේ 0-0ක්, 2-0ක්, 0-0ක් සහ 0-1ක් වශයෙනුයි.

ලෝකඩ පදක්කම සඳහා වන තරගය සඳහා නවසීලන්තය සහ ඉන්දියාව තරග වැදුණු අතර එහි දී 1-1ක් ලෙස සමව අවසන් වුන තරගයේ ජයග්‍රහණය තීරණය කිරීම සඳහා පැවති Shoot-out වටයේ දී 2-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුනා.

කිමිඳුම්

පිරිමි මීටර් 10 Platform ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Emmanuel Rosseau සමත් වුනේ ලකුණු 501.30ක් වාර්තා කරමිනුයි. රිදි පදක්කම දිනා ගත් කැනේඩියානු ක්‍රීඩක Rylan Wiens විසින් ලකුණු 492.80ක් වාර්තා කරද්දී, එංගලන්ත ක්‍රීඩක Matthew Lee විසින් ලකුණු 477.00ක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

කාන්තා මීටර් 3 Springboard අවසන් මහා තරගයෙන් රන් පදක්කම දිනා ගන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Maddison Keeny සමත් වුනේ ලකුණු 348.95ක් වාර්තා කරමිනුයි. මැලේසියා ක්‍රීඩිකා Dhabitah Sabri විසින් (330.90) රිදි පදක්කම ජයග්‍රහණය කරද්දී, කැනඩාවේ Jolie Vallee (329.25) විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා පියවරක් පහලට වැටේ CWG 10 වන දිනය .. appeared first on 1XBet Sri Lanka.

]]>
CWG 7වැනි දිනයේ ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක පතුරවයි. https://lankansports.com/cwg-7%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a-%e0%b6%b6/ Fri, 05 Aug 2022 12:16:09 +0000 https://lankansports.com/?p=11292 බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක පතුරවයි. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 එංගලන්තයේ දී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 7 වැනි දිනය ඊයේ (04) අවසන් වෙද්දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ ඉසව් 4කින් පෙර අර්ධ අවසන් පූර්ව වටයන් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුණා. ඒ අනුව, පිරිමි ඒකල ඉසව්වෙන් නිලූක කරුණාරත්න සහ දුමිඳු අබේවික්‍රම, […]

The post CWG 7වැනි දිනයේ ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක පතුරවයි. appeared first on 1XBet Sri Lanka.

]]>
බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක පතුරවයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

එංගලන්තයේ දී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 7 වැනි දිනය ඊයේ (04) අවසන් වෙද්දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ ඉසව් 4කින් පෙර අර්ධ අවසන් පූර්ව වටයන් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුණා.

ඒ අනුව, පිරිමි ඒකල ඉසව්වෙන් නිලූක කරුණාරත්න සහ දුමිඳු අබේවික්‍රම, මිශ්‍ර යුගල ඉසව්වෙන් සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා, පිරිමි යුගල ඉසව්වෙන් සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක මෙසේ 16 දෙනාගේ වට නියෝජනයට සුදුසුකම් ලබා ගත්තා.මේ අතර ස්කොෂ් පිරිමි යුගල ඉසව්වට එක් වූ ලක්සිරි රවිඳු සහ ශමිල් වකීල් ද එම ඉසව්වෙන් පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සමත් වීම කැපී පෙනුණා.

බැඩ්මින්ටන්

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන් ම පිටියට පිවිසියේ නිලූක කරුණාරත්න. 32 දෙදෙනාගේ වටයට එක් වූ නිලූක ප්‍රතිවාදී බාබඩෝස් ක්‍රීඩක Shae Michael Martinට එරෙහිව තරග වට 2-0කින් ජයග්‍රහණය කළේ 21-6ක් සහ 21-5ක් ලෙසින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින්.

එම ඉසව්වෙන් ම 32 දෙදෙනාගේ වටය නියෝජනය කළ දුමිඳු අබේවික්‍රම ද පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට මධ්‍යම රාත්‍රියේ දී සමත් වුනා. ඒ තරග වට 2-0කින් මෝල්ටාවේ Samuel Cassar පරාජය කරමින්. ඔවුන් අතර පැවති තරගයේ ලකුණු පුවරුව කියැවුණේ 21-12ක් සහ 22-20ක් ලෙසයි.

මිශ්‍ර යුගල ඉසව්ව සඳහා සහභාගී වූ සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා කැනඩා ක්‍රීඩකයන් වූ Alexander Lindeman සහ Josephine Yuenling Wu 21-11ක් සහ 21-18ක් ලෙසින් පරාජය කරමින් පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

පිරිමි යුගල ඉසව්ව සඳහා සහභාගී වූ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලකත් පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වීම කැපී පෙනුණා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ බාබඩෝස් ක්‍රීඩකයන් වූ King Maarten සහ Martin Shae.

මේ අතර අද පැවති කාන්තා ඒකල බැඩ්මින්ටන් ඉසව්වේ 32 දෙදෙනාගේ වටයට එක් වූ සුහස්නි විදානගේ එංගලන්තයේ Freya Redfearn වෙතින් තරග වට 2-0ක පරාජයක් ලැබුවා. ඒ අනුව ඇයගේ එම ඉසව්වේ ගමන එතෙකින් අවසන් වූ අතර ලකුණු තත්ත්වය කියැවුණේ 21-11ක් සහ 21-14ක් ලෙසයි.

බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක

බොක්සිං

අද පැවති බොක්සිං තරගවලින් පළමුවෙන් ම පිටියට පිවිසි මෙරට තරගකරුවා වූයේ සංජීවනී කුරේ. කාන්තා කිලෝග්‍රෑම් 54-57 බර පංතියේ Featherweight ඉසව්වේ පළමු අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට සහභාගී වූ ඇය රුසියාවේ Phiwokuhle Sbusisiwe Mnguni වෙතින් පරාජයට පත් වූවා.

ඔවුන් අතර පැවති තරගය දෙවැනි වටය අවසානයේ නතර කිරීමට විනිසුරු තීරණය කිරීමත් සමඟින් සංජීවනීගේ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් බලාපොරොත්තුව ද ගිලිහී ගියා.

මේ අතර මධ්‍යම රාත්‍රියේ පැවති කිලෝග්‍රෑම් 51-54 බර පංතියේ Bantamweight ඉසව්වේ තෙවැනි අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කළ රුක්මාල් ප්‍රසන්නට ද තම ඉසව්වේ පදක්කම් බලාපොරොත්තුව අහිමි කර ගැනීමට සිදු වුනා. ඒ ගයානාවේ Abraham Mensh වෙතින් 3-0ක පරාජයක් ලබා ගැනීමත් සමඟින්.

ස්කොෂ්

පිරිමි යුගල 32 දෙදෙනාගේ වටය නියෝජනය කරමින් ලක්සිරි රවිඳු සහ වකීල් ශමිල් අද ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු ස්කොෂ් ක්‍රීඩකයන් ලෙසින් පිටියට එක් වුනා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ගයනාවේ Wiltshire Shomari සහ Khalil Jason.

එම තරගයේ දී 11-5ක් සහ 11-6ක් ලෙසින් ජයග්‍රහණ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෙර අර්ධ අවසන් පූර්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

ජිම්නාස්ටික්

ජිම්නාස්ටික් Rhythmic ඒකල අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා Anna Marie Ondaatj තම ඉසව්වට සාර්ථකව මුහුණ දුන්නා. ඒ අනුව ඇය ලකුණු 90.550ක් ලබා ගනිමින් 8 වැනි ස්ථානය දිනා ගනිමින් අවසන් මහා තරගයට මුහුණ දීමට සුදුසුකම් ලබාගත්තා..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post CWG 7වැනි දිනයේ ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තම අණසක පතුරවයි. appeared first on 1XBet Sri Lanka.

]]>
පාලිතගෙන් පොදුරදමඩුලු රිදී පදක්කමක්.. https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%ad%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%af%e0%b6%b8%e0%b6%a9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b6%bb%e0%b7%92/ Thu, 04 Aug 2022 12:24:54 +0000 https://lankansports.com/?p=11277 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර විසින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා. පැරා මලල ක්‍රීඩා F42-44/61-64 කාණ්ඩයේ කව පෙත්ත විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ පාලිත එහි දී මීටර් 44.20ක දස්කමක් දක්වමින් දෙවැන්නා ලෙස ඉසව්ව අවසන් කරන්නට සමත් වුනා එම දස්කම පාලිතගේ ක්‍රීඩා දිවියේ […]

The post පාලිතගෙන් පොදුරදමඩුලු රිදී පදක්කමක්.. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර විසින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා.

පැරා මලල ක්‍රීඩා F42-44/61-64 කාණ්ඩයේ කව පෙත්ත විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ පාලිත එහි දී මීටර් 44.20ක දස්කමක් දක්වමින් දෙවැන්නා ලෙස ඉසව්ව අවසන් කරන්නට සමත් වුනා

එම දස්කම පාලිතගේ ක්‍රීඩා දිවියේ වාර්තා කළ හොඳම දස්කම ලෙස සටහන් වූ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය පැරා පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ද ඔහු ඉතිහාසගත වුනා.

ඒ සමඟ මලල ක්‍රීඩාවෙන් (පැරා සහ සාමාන්‍ය) අද ශ්‍රී ලංකාව දිනූ පදක්කම් සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ ගිය අතර ඔහුට පෙර යුපුන් අබේකෝන් විසින් මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

පාලිතගේ ඉසව්ව සමඟ අද (03) දිනයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ තරග සියල්ල අවසන් වූ අතර සිකුරාදා (05) කාන්තා මීටර් 1500 සහ කාන්තා දුර පැනීම ඉසව් නියෝජනය කරමින් ගයන්තිකා අබේරත්න සහ සාරංගි සිල්වා ක්‍රීඩා පිටියට පිවිසීමට නියමිතයි.

එම තරගවල තොරතුරු ද ඇතුළු ක්‍රීඩා උළෙලේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න lankansports සමඟ.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post පාලිතගෙන් පොදුරදමඩුලු රිදී පදක්කමක්.. appeared first on 1XBet Sri Lanka.

]]>
යුපුන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට “පුන්චි තෑග්ගක්”.. https://lankansports.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%b4%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a%e0%b6%ba/ Thu, 04 Aug 2022 12:02:31 +0000 https://lankansports.com/?p=11272   පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක යුපුන් අබේකෝන් අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දෙන්නට සමත් වුනා. අද (04) අලුයම පැවති අවසන් තරගයට සහභාගී වූ යුපුන් එම තරගය තත්පර 10.14ක කාලයකින් අවසන් කළේ තුන්වැන්නා ලෙසයි.ඒ සමඟින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා […]

The post යුපුන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට “පුන්චි තෑග්ගක්”.. appeared first on 1XBet Sri Lanka.

]]>
2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක යුපුන් අබේකෝන් අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දෙන්නට සමත් වුනා. අද (04) අලුයම පැවති අවසන් තරගයට සහභාගී වූ යුපුන් එම තරගය තත්පර 10.14ක කාලයකින් අවසන් කළේ තුන්වැන්නා ලෙසයි.ඒ සමඟින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ඉසව්වෙන් පදක්කමක් දිනූ පළමු ආසියානු ක්‍රීඩකයා ලෙස යුපුන් ඉතිහාසගත වුනා. එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාව දිනූ සිව්වැනි පදක්කම මෙය වූ අතර 1998 වසරින් පසු පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා වීමට යුපුන්ට හැකි වීම ද විශේෂත්වයක්. යුපුන් ඉසව්වේ අවසන් පූර්ව වටය තත්පර 10.20ක කාලයකින් අවසන් කළේ සිව්වැන්නා ලෙසයි.නමුත් ඔහුට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට එම කාලය ප්‍රමාණවත් වූ අතර ඔහු මූලික වටයේ දී තත්පර 10.06ක කැපී පෙනෙන කාලයක් වාර්තා කරමින් පළමුවැන්නා ලෙස අවසන් කරන්නට සමත් වුනා. මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට ද හිමිකම් කියන යුපුන් මෙම වසරේ දී මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක කාලයකින් අවසන් කරමින් තත්පර 10ට අඩු කාලයකින් ඉසව්ව අවසන් කළ පළමු දකුණු ආසියානුවා ලෙස ද ඉතිහාසගත වුනා. ඉතිහාසගත පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනා ගනිමින් ලක්මාතාවට ගෞරවයක් දිනා දුන් යුපුන් අබේකෝන් හට උණුසුම් සුබ පැතුම්. යුපුන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට “පුන්චි තෑග්ගක්”..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post යුපුන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට “පුන්චි තෑග්ගක්”.. appeared first on 1XBet Sri Lanka.

]]>
චාමර,රුක්මල් සහ සංජීවනී අවසන් පූර්ව වටය කරා .. https://lankansports.com/%e0%b6%a0%e0%b7%8f%e0%b6%b8%e0%b6%bb%e0%b6%bb%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b6%82%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b6%b1%e0%b7%93-%e0%b6%85/ Wed, 03 Aug 2022 12:15:54 +0000 https://lankansports.com/?p=11261 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල2022 හිරු නොබසින අධිරාජ්‍යයේ දී පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඊයේ පැවති තරග ඉසව්වල දී අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන, බොක්සිං ක්‍රීඩක රුක්මල් ප්‍රසන්න සහ බොක්සිං ක්‍රීඩිකා සංජීවනී කුරේ සමත් වුනා. ජූඩෝ__________ ඊයේ පැවති තරගවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට පිටියට පිවිසියේ ජූඩෝ […]

The post චාමර,රුක්මල් සහ සංජීවනී අවසන් පූර්ව වටය කරා .. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල2022

හිරු නොබසින අධිරාජ්‍යයේ දී පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඊයේ පැවති තරග ඉසව්වල දී අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන, බොක්සිං ක්‍රීඩක රුක්මල් ප්‍රසන්න සහ බොක්සිං ක්‍රීඩිකා සංජීවනී කුරේ සමත් වුනා.

ජූඩෝ__________

ඊයේ පැවති තරගවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට පිටියට පිවිසියේ ජූඩෝ ක්‍රීඩකයින්. ඒ අතර චාමර ධර්මවර්ධන සහ රාජිත පුෂ්පකුමාර වූ අතර ඔවුන් දෙදෙනා ම නියෝජනය කළේ 16 දෙනාගෙන් යුත් වටයේ තරගයි.

2016 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී කිලෝග්‍රෑම් 73 බර පංතියෙන් රිදී පදක්කම්ලාභී චාමර ධර්මවර්ධන ඊයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමුවැනියා ලෙසින් පිටියට පිවිසියා. එහි දී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ බොට්ස්වානා රාජ්‍යය නියෝජනය කරමින් Junior World Championships සහ African Championships තරගවල දක්ෂතා දැක්වූ 26 හැවිරිදි Tirelo Lekoko.එහි දී ප්‍රවර්තන කාලය ද උපයෝගී කර ගත් චාමර ධර්මවර්ධන ප්‍රතිවාදියා 10-2ක් ලෙසින් මෙල්ල කරමින් අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

ඉන් අනතුරුව ජූඩෝ පිටියට පිවිසියේ කිලෝග්‍රෑම් 81 බර පංතිය නියෝජනය කළ රාජිත පුෂ්පකුමාර. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ පසුගිය වසරේ දී ලෝක ජූඩෝ ශූරතාවලිය නියෝජනය කළ නවසීලන්තයේ Elliott Connolly. එම තරගයේ දී 10-0ක පරාජයකට මුහුණ දීමට රාජිතට සිදු වුනා.

බොක්සිං__________

2019 වසරේ නේපාලයේ දී පවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී බොක්සිං ලෝකඩ පදක්කමක් දිනා ගත් සංජීවනී කුරේ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා එක් වෙන්නේ කිලෝග්‍රෑම් 54-57 බර පංතිය යටතේ Featherweight ඉසව්වෙන්.

16 දෙනාගේ වටයට එක් වූ ඇයගේ ප්‍රතිවාදිණිය වූයේ පාකිස්තානයේ පළමු බොක්සිං ක්‍රීඩිකාව ලෙසින් හැඳින්වෙන Mehreen Baloch. පාකිස්තානය වෙනුවෙන් පළමු අන්තර් ජාතික පදක්කම වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් දිනා ගත් ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි.

කෙසේ වෙතත් ඊයේ ඇයට තමන් සහභාගී වූ පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පාකිස්තානය වෙනුවෙන් සතුටු විය හැකි යමක් කළ හැකි වූයේ නැහැ. විනිසුරු තීරණයක් මත ඇයට 5-0ක පරාජයකට මුහුණ දීමට සිදු වුනා. ඒ අනුව සංජීවනී තම ඉසව්වේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබුවා.

මේ අතර පිරිමි කිලෝග්‍රෑම් 51-54 බර පංතියේ Bantamweight 16 දෙනාගේ වටය නියෝජනය කළ රුක්මාල් ප්‍රසන්න 2019 වසරේ African Games හී රිදි පදක්කම්ලාභී කෙන්යාවේ Shaffi Bakari Hassan සමඟ තරග වැදුණා.

තියුණු තරගයකින් අනතුරුව 3-2ක ජයග්‍රහණයක් ලැබූ රුක්මාල් තම ඉසව්වේ අර්ධ අවසන් වටය නියෝජනය කිරීමට සමත් වූවා.

වෙරළ වොලිබෝල්__________

ශ්‍රී ලංකා සහ ගැම්බියාව අතර මධ්‍යම රාත්‍රියේ දී පැවති පිරිමි වෙරළ වොලිබෝල් පළමු වටයේ තරගයේ දී තරග වට 2-1ක් ලෙසින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලින්ත යාපා සහ අශේන් රශ්මික තරගයට සහභාගී වුනා.

පළමු වටයේ දී ලකුණු 21-14ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පරාජය වූව ද, දෙවැනි වටයේ දී ලකුණු 21-19ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි වුනා. තෙවැනි වටයේ දී නැවත ඉදිරියට පැමිණි ගැම්බියා ක්‍රීඩකයෝ එම වටය ලකුණු 15-9ක් ලෙසින් ජය ගත්තා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ඊයේ මලල ක්‍රීඩා ඉසව්වෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට යුපුන් සහ ගයන්තිකා සමත් වුනා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 5 වැනි දිනය අදයි (03). ක්‍රීඩා උළෙලේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන Lankansports සූදානම්, රැඳී සිටින්න අපත් සමඟින්ම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post චාමර,රුක්මල් සහ සංජීවනී අවසන් පූර්ව වටය කරා .. appeared first on 1XBet Sri Lanka.

]]>
බර ඉසිලීමේ නව වාර්තා සමගින් පොදුරදමඩුලු සිව්වැනි දිනය අවසන්.. https://lankansports.com/%e0%b6%b6%e0%b6%bb-%e0%b6%89%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b1%e0%b7%80-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c%e0%b7%92/ Tue, 02 Aug 2022 12:23:46 +0000 https://lankansports.com/?p=11249 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල2022 එංගලන්තයේ බර්මින්හැම් හිදි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය ඊයේ (1) නිමාවට පත්වුනා. බර ඉසිලීමේ ඉසව් කිහිපයකම අවසන් මහා තරග ඊයේ පැවැත්වුණා. එංගලන්ත ක්‍රීඩක Chris Murray පිරිමි 81Kg බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද සමඟිනුයි. මුළු බර ලෙස 325Kg ඔසවමින් ඔහු එම වාර්තාව තැබුවා. කැනඩාවේ Maude […]

The post බර ඉසිලීමේ නව වාර්තා සමගින් පොදුරදමඩුලු සිව්වැනි දිනය අවසන්.. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල2022

එංගලන්තයේ බර්මින්හැම් හිදි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය ඊයේ (1) නිමාවට පත්වුනා.

බර ඉසිලීමේ ඉසව් කිහිපයකම අවසන් මහා තරග ඊයේ පැවැත්වුණා. එංගලන්ත ක්‍රීඩක Chris Murray පිරිමි 81Kg බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද සමඟිනුයි. මුළු බර ලෙස 325Kg ඔසවමින් ඔහු එම වාර්තාව තැබුවා.

කැනඩාවේ Maude G Charron කාන්තා 64kg බර පන්තියේ Clean & Jerk, Snatch හා මුළු බර යන අංශ තුනෙන්ම නව තරගාවලි වාර්තා පිහිටුවන්නට සමත් වුනා. Clean & Jerk ක්‍රමයට 130kg, Snatch ක්‍රමයට 101kg හා මුළු බර ලෙස 231kg ඔසවමින් ඇය එම ඉසව්වේ රන් පදක්කම ද දිනා ගත්තා.

එංගලන්තයේ Sarah Davies කාන්තා 71kg ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. ඇයත් Clean & Jerk, Snatch හා මුළු බර යන අංශ තුනෙන්ම නව තරගාවලි වාර්තා පිහිටුවන්නට සමත් වූ අතර Snatch ක්‍රමයට ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය වාර්තාවක් ද පිහිටුවන්නට සමත් වුනා. Clean & Jerk ක්‍රමයට 126kg, Snatch ක්‍රමයට 103kg හා මුළු බර ලෙස 229kg ඔසවමින් ඇය එම දක්ෂතාවය දැක්වූවා.

පිහිනුම්________________________

පිරිමි 4x200m නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම ද සමඟින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත් වුනා. ඔවුන් ඒ ඉසව්ව නිමා කිරීම සඳහා ගත කළ කාලය මිනිත්තු 7:04.96ක්. Elijah Winnington, Flynn Southam, Zac Incerti හා Mack Horton ජයග්‍රාහි කණ්ඩායමේ සාමාජිකයින් වුනා.

පිහිනුම් ඉසව්වලින් දිනයේ බිහි වූ අනෙක් තරග වාර්තාව ඕස්ට්‍රේලියාවේ Kaylee McKeownට හිමි වුනා. කාන්තා මීටර් 200 පසුපස ආර ඉසව්ව මිනිත්තු 2:05.60කින් නිමා කරමින් McKeownමෙම වාර්තාව පිහිටවූවා. එම ඉසව්වේ රන් පදක්කම ද සමඟින් Kaylee McKeown මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දෙකක් හා එක් රිදී පදක්කමක් දිනාගෙන තිබෙනවා.

මේ අතර මීට පෙර කාන්තා මීටර් 100 පසුපසආර ඉසව්වට සහභාගී වෙමින් සිය හොඳම කාලය වාර්තා කළ 19 හැවිරිදි ගංගා සෙනෙවිරත්න අද කාන්තා මීටර් 200 පසුපස ආර ඉසව්වේ මූලික වටයට සහභාගී වුනා. මිනිත්තු 2.26.63ක කාලයකින් ඉසව්ව නිමා කළ ඇය එම ඉසව්වේ මීළඟ වටයට පිවිසෙන්නට සමත් වුනා.

බොක්සිං________________________

බොක්සිං ක්‍රීඩාවේ 16 දෙනාගේ වටයේ තරගත් ඊයේ පැවැත්වුණා. 16 දෙනාගේ වටය නියෝජනය කළ ඉශාන් සෙනෙවිරත්න එංගලන්තයේ Kiaran MACDONALD හමුවේ පරාජයට පත් වුනා. ඒ. 48kg-51kg Flyweight ඉසව්වෙනුයි.

54kg- 57kg Featherweight බර පන්තිය නියෝජනය කළ විමුක්ති කුමාර 16 දෙනාගේ වටයේ තරගක දී ගයානා ක්‍රීඩක Keevin ALLICOCK හමුවේ පරාජය වුනා.

අද දිනයේ දී (2) පිහිනුම්, පැසිපන්දු ඇතුළු ඉසව් කිහිපයකම අවසන් තරග පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ මූලික වටයේ තරගයක් ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි මලල ක්‍රීඩා තරග ද අද ආරම්භ වන අතර ශ්‍රී ලංකා සුපිරි ධාවක යුපුන් අබේකෝන් ද අද තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත රැගෙන ඒමට Lankansports.com සූදානම්,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post බර ඉසිලීමේ නව වාර්තා සමගින් පොදුරදමඩුලු සිව්වැනි දිනය අවසන්.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ එංගලන්තය හමුවේ පරාජය වේ.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb/ Mon, 01 Aug 2022 13:42:21 +0000 https://lankansports.com/?p=11243 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 එක්සත් රාජධානියේ බර්මින්ග්හැම් නුවර පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ තම පළමු තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එංගලන්ත ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වීමට සිදු වුනා. තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් පැවති මෙම තරගය මෙරට වේලාවෙන් (31) උදෑසන අවසන් වූ අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජයට පත් වූයේ […]

The post ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ එංගලන්තය හමුවේ පරාජය වේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

එක්සත් රාජධානියේ බර්මින්ග්හැම් නුවර පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ තම පළමු තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එංගලන්ත ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වීමට සිදු වුනා.

තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් පැවති මෙම තරගය මෙරට වේලාවෙන් (31) උදෑසන අවසන් වූ අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජයට පත් වූයේ කඩුලු 5කින්.

බර්මින්ග්හැම් Edgbaston ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා .ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 106ක් පමණයි.

ඊට පිළිතුරු ලෙසින් එංගලන්ත කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 109ක් ලබා ගත්තා. ඒ තවත් පන්දු 17ක් ඉතිරිව තිබිය දී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ආරම්භයේ සිට ම පැවතියේ මන්දගාමී අයුරින්. පළමු කඩුල්ල ඉනිමේ පළමු පන්දුවේ දී ම දැවී ගිය පසු පිටියේ යම් ස්ථාවර බවක් ගොඩ ගැනීමට හසිනි පෙරේරා සහ නායිකා චමරි අතපත්තු සමත් වුනා. ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 33ක්.

හසිනි පෙරේරා පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17කට දැවී ගිය අතර ඉන්පසුව යැවුණ 10 වැනි පන්දුවේ දී චමරි අතපත්තුගේ ද ඉනිම නිමා වුනා. ඒ වෙද්දී චමරි ලබා සිටියේ ලකුණු 10ක් පමණයි. ඊට පන්දු 18ක් වැය ව තිබූ අතර හතරේ පහර 2ක් එම ඉනිමට ඇතුළත් වුනා.

අනතුරුව නිලක්ෂි ද සිල්වා සහ කවීෂා දිල්හාරි සිව්වැනි කඩුල්ලට ලකුණු 25ක් එක් කිරීමට සමත් වුනා. කවීෂා පන්දු 10ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා ගත් අතර ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වීමට නිලක්ෂි සමත් වුනා. ඇය පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

  • ශ්‍රී ලංකාව –කඩුලු 9ක් දැවී 106 (20) හසිනි පෙරේරා 17, නිලක්ෂි ද සිල්වා 25, Issy Wong 2/10, Sophie Ecclestone 3/25, Freya Kemp 2/14
  • එංගලන්තය –කඩුලු 5ක් දැවී 109 (17.1) Alice Capsey 44, Maia Bouchier නොදැවී 21, ඕෂදී රණසිංහ 2/20, ඉනෝකා රණවීර 3/2

කාන්තා ක්‍රිකට් ඉසව්වේ ප්‍රසාද ලකුණු පුවරුව මේ වන විට දිස්වෙන ආකාරය

TeamsMWLTN/RPTTeamsMWLTN/RPT
1බාබර්ඩෝස්1100021එංගලන්තය110002
2ඕස්ට්‍රේලියාව1100022නවසීලන්තය110002
3ඉන්දියාව1010003ද. අප්‍රිකාව101000
4පාකිස්තානය1010004ශ්‍රී ලංකාව101000

(M – Match, W – Won, L – Lost, T- Tied N/R – No Results, PT – Points)

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අගෝස්තු 2 වැනිදා නවසීලන්ත සමඟ පැවැත්වීමට නියමිතයි.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත සමීප ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන lankan sports සූදානම්, රැඳී සිටින්න lankansports.com සමඟින්ම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ එංගලන්තය හමුවේ පරාජය වේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තවත් පියවරක් ඉදිරියට.. https://lankansports.com/%e0%b6%b6%e0%b7%90%e0%b6%a9%e0%b7%8a%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%9d-%e0%b6%ad%e0%b7%80/ Mon, 01 Aug 2022 13:24:35 +0000 https://lankansports.com/?p=11239 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඊයේ ඉන්දියාව හා පාකිස්තාන කණ්ඩායම් සමඟින් තරග වැදුණා. එහි දී ඉන්දියාව සමඟ පැවති මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව 5-0ක් ලෙසින් පරාජයකට පත් වෙන ඔවුන් පාකිස්තානය සමඟ 4-1ක් ලෙසින් ජයග්‍රහණය කරන්නට සමත් වුනා. ඒ අනුව තවදුරටත් පදක්කමක් කරා යෑමේ ගමනේ නිරත වීමට බැඩ්මින්ටන් කණ්ඩායම වාසනාව උදා කර ගත්තා. තරගාවලියේ වඩාත් […]

The post බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තවත් පියවරක් ඉදිරියට.. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඊයේ ඉන්දියාව හා පාකිස්තාන කණ්ඩායම් සමඟින් තරග වැදුණා. එහි දී ඉන්දියාව සමඟ පැවති මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව 5-0ක් ලෙසින් පරාජයකට පත් වෙන ඔවුන් පාකිස්තානය සමඟ 4-1ක් ලෙසින් ජයග්‍රහණය කරන්නට සමත් වුනා. ඒ අනුව තවදුරටත් පදක්කමක් කරා යෑමේ ගමනේ නිරත වීමට බැඩ්මින්ටන් කණ්ඩායම වාසනාව උදා කර ගත්තා.

තරගාවලියේ වඩාත් සටන්කාමී කණ්ඩායමක් ලෙසින් ඉන්දීය කණ්ඩායම හැඳින්විය හැකියි. 2018 යොවුන් ඔලිම්පික් උළෙලේ මිශ්‍ර කණ්ඩායම් රිදි පදක්කම්ලාභී කණ්ඩායමේ සාමාජිකයෙක් වූ Sen Lakshya ද එහි සිටිනවා. ඔහු වෙතින් අපේ අංක එකේ ක්‍රීඩක නිලූක කරුණාරත්න 18:21ක් සහ 5:21ක් ලෙසින් පරාජය වීම ඉන්දියාව හමුවේ පරාජය වීමට ප්‍රමුඛ හේතුව වුනා.

මේ පරාජයත් සමඟින් අනෙක් කිසිවෙක්ටත් ඉන්දියාව පරාජය කිරීමට හැකි වෙන්නේ නැහැ. එසේ වුනත් පාකිස්තානය සමඟ තරගය සම්පූර්ණයෙන් වෙනස් ආකාරයකට අවසන් කිරීමට අපේ ක්‍රීඩකයෝ සමත් වෙනවා .

ඒ අනුව පාකිස්තානය සමඟ මිශ්‍ර යුගල ඉසව්වට එක් වූ සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා පාකිස්තානයේ Irfan Saeed සහ Siddique Ghazala පහසුවෙන් ම පරාජය කළා. ඒ 2-0ක ජයග්‍රහණයක් වාර්තා කරමින්. ඔවුන් ලකුණු පුවරුව දිස් වුනේ 21:9ක් සහ 21:11ක් ලෙසයි.

අනතුරුව පිරිමි කේවල ඉසව්වට සහභාගී වූ නිලූක කරුණාරත්න Ali Muradට එරෙහිව 21:9ක් සහ 21:11ක් ලෙසින් පහසුවෙන් ම පරාජය කරමින් 2-0ක ජයග්‍රහණයක් වාර්තා කළා.

පිරිමි යුගල ඉසව්වට ද එක් වූ නිලුක කරුණාරත්න එහි දී සචින් ඩයස්

සමඟ එක් වෙමින් Ali Murad සහ Irfan Saeed පරාජය කළේ 2-0කින්. ලකුණු පුවරුව කියැවුණේ 21:15ක් සහ 21:13ක් ලෙසයි.

කාන්තා යුගල ඉසව්ව නියෝජනය කළ සුහස්නි විදානගේ සහ තිළිණි හෙන්දහේවා විසින් Shahzad Mahoor සහ Siddiqe Ghazala ට එරෙහිව 21:15ක් සහ 21:8ක් ලෙස තරග වට 2-0ක පහසු ජයක් ලබා ගත්තා .

මෙම ඉසව්වේ දී ශ්‍රී ලංකාව 4-1ක පහසු ජයක් වාර්තා කරද්දී, කාන්තා ඒකල ඉසව්වට සහභාගී වූ සුහස්නි විදානගේ 22:22ක් සහ 15:21ක් ලෙස Shahzad Mahoorට පරාජය වූවා .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තවත් පියවරක් ඉදිරියට.. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරදමඩුලු පළමු පදක්කම ඩිලංකගෙන් .. https://lankansports.com/%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%af%e0%b6%b8%e0%b6%a9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%b4%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8/ Mon, 01 Aug 2022 13:05:37 +0000 https://lankansports.com/?p=11233 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 බර්මින්හැම් නුවර දී පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට ඩිලංක ඉසුරු කුමාර සමත් වුනා. බර එසවීමේ ඉසව්ව නියෝජනය කළ ඩිලංක මෙහි දී දිනා ගත්තේ ලෝකඩ පදක්කමක්. කිලෝග්‍රෑම් 55 බර පංතිය නියෝජනය කළ ඩිලංක Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 105ක් ද, Clean & Jerk […]

The post පොදුරදමඩුලු පළමු පදක්කම ඩිලංකගෙන් .. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

බර්මින්හැම් නුවර දී පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට ඩිලංක ඉසුරු කුමාර සමත් වුනා.

බර එසවීමේ ඉසව්ව නියෝජනය කළ ඩිලංක මෙහි දී දිනා ගත්තේ ලෝකඩ පදක්කමක්. කිලෝග්‍රෑම් 55 බර පංතිය නියෝජනය කළ ඩිලංක Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 105ක් ද, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 120ක් ද ඔසවනු ලැබුවා. ඒ අනුව ඔහු එසවූ සම්පූර්ණ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 226ක්.

මෙම ඉසව්වේ රන් පදක්කම දිනූ මැලේසියාවේ 20 හැවිරිදි Mohamad Aniq කිලෝග්‍රෑම් 249ක එකතුවක් ඔසවනු ලැබූ අතර එය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ නව වාර්තාවක් ලෙසින් ද සටහන් වූවා. රිදී පදක්කම දිනා ගත් ඉන්දියාවේ Sanket Mahadev ඔසවනු ලැබූ සම්පූර්ණ බර එකතුව කිලෝග්‍රෑම් 248ක්.

ඩිලංක පදක්කමක් කරා යන ගමනේ දී Snatch ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 112ක බර එසවීමටත් සහ Clean & Jerk ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 141ක බර එසවීමටත් උත්සාහ කළ ද එම උත්සාහයන් සාර්ථක වූයේ නැහැ.

26 හැවිරිදි ඩිලංක මීට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2019 වසරේ දී තායිලන්තයේ පැවති ලෝක බර එසවීමේ තරගාවලිය ද නියෝජනය කළා. .

බර එසවීම කාන්තා..

commonwealth games 2022.

කාන්තා කිලෝග්‍රෑම් 49 බර පංතියෙන් තරග වැඳුණ ශ්‍රීමාලි සමරකෝන් තම ඉසව්ව නිමා කරන්නේ 8 වැනි ස්ථානයට පත් වෙමින්. ඇය Snatched ක්‍රමයට කිලෝග්‍රෑම් 65ක් ද, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 87ක් ද ලෙසින් සමස්ත බර කිලෝග්‍රෑම් 152ක් ඔසවමින් මෙම ස්ථානය දිනා ගන්නවා.

ඊට අමතර ව කාන්තා කිලෝග්‍රෑම් 55 බර පංතියෙන් තරග බිමට පිවිසි චමරි වර්ණකුලසූරිය Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 70ක් සහ Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 94ක් ලෙසින් සමස්ත බර කිලෝග්‍රෑම් 164ක් ඔසවමින් එම ඉසව්වේ 7 වැනි ස්ථානය දිනා ගන්නවා.

චමරි මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වෙන්නේ එහි තම බර පංතියේ 8 වැනි ස්ථානයට ශ්‍රේණිගත ව සිටිමින්. මෙවර තම ඉසව්ව නිමා වන විට ඇය තවත් අංකයක් ඉදිරියට පිවිසෙමින් 7 වැනි ස්ථානයට ශ්‍රේණිගත වීමට සමත් වීම කැපී පෙනුණා.

කෙසේවෙතත් ඔහු අප රට වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවේ ලබාගත් මෙමෙ ජයග්‍රහනය අප ඉමහත් අගයකොට සලකන අතර එය සතුටින් බාරගනුලබනවා,තවත් ලක් මාතාව බබලවන්න ඔවුනට ශක්තිය ලැබේවායි වන් එක්ස් බෙට් අපගේ ප්‍රාර්තනාවයි වයි .