මෙසී වාර්තාගත 6 වැනි වරටත් වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනයි

0
187

ලෝක පාපන්දු පිටියේ සුපිරිම ක්‍රීඩකයා වන ආජෙන්ටිනාවේ ලයනල් මෙසී 6 වැනි වරටත් වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය වාර්තාගත ලෙස දිනාගත්තේය.

මීට වසර හැට තුනකට පෙර ප්‍රංශයේදී ‘බැලූන් ඩ්‘ඕර්‘ (රන් පාපන්දුව) නමින් ආරම්භ වූ මෙම පාපන්දු සම්මානය වැඩිම වාර ගණනක් දිනාගත් ක්‍රීඩකයා බවට පත්වීමට මෙසී මේ අනුව සමත්වීය.

ප්‍රංශයේ පැරිස් නුවර පෙරේදා රාත්‍රී පැවැති මේ සම්මාන උළෙලේදී මෙසී වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනාගත්තේ 2015 වසරින් පසුවය. පළමුවරට 2009ද, ඉන්පසුව පිලිවෙලින් 2010.2011 සහ 2012 දක්වා අඛණ්ඩව සම්මාන 4ක් දිනාගත් අතර පසුව 2013දි සහ 2014දී දෙවැනි ස්ථානයට පත්විය.

ඉන් අනතුරුව නැවතත් ඔහු මේ සම්මානයට පාත්‍ර වූයේ 2015දීය. මෙසීගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ වසර 2016දී සහ 2017දී මේ සම්මානය දිනාගත් අතර පසුගිය වසරේදී වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනාගනු ලැබුවේ ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රික් විසිනි.

බාසිලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය කරන 32 හැවිරිදි මෙසී වසරේ පාපන්දු සම්මානය 6 වැනි වරටත් දිනාගනිද්දී 5 වතාවක් එම සම්මානයට හිමිකම් කී රොනල්ඩෝට හිමිවූයේ තුන්වැනි ස්ථානයයි.

‘පැරීසියේදී මම මගේ මුල්ම සම්මානය දිනාගත්තේ මීට අවුරුදු 10කට කළිනුයි. මට මතකයි මම මෙහි ආවේ මගෙ සහෝදරයන් තුන්දෙනා එක්කයි. ඒ වෙද්දී මට අවුරුදු 22යි. දැන් අවුරුදු 10කට පස්සේ මම මගේ 6 වැනි සම්මානයත් දිනාගෙන ඉවරයි. මේක මගේ පෞද්ගලික ජීවිතයේ විශේෂ අවස්ථාවක්. මේ අවස්ථාව මගේ බිරියටත්, දරුවන් තුන්දෙනාටත් අමතක වෙන එකක් නෑ. ඔහු පැවැසීය.

නෙදර්ලන්තයේ ක්‍රීඩක වර්ජිල් වැන් ඩිජ්ක් අනුශූරතාව දිනාගත් අතර අමෙරිකාවේ 34 හැවිරිදි ක්‍රීඩිකා මේගන් රැපිනෝවා වසරේ පාපන්දු ක්‍රීඩිකාව සම්මානය හිමිකර ගත්තාය. එංගලන්තයේ ලුසී බ්‍රොන්ස් අනුශූරිය බවට පත්වූවාය.

ලයනල් මෙසී ක්‍රීඩා කරන සියලුම තරඟ මෙන්ම පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ඔස්ට්‍රේලිය සංචාරය, ශ්‍රී ලංකා ඉන්දීය තරඟ මාලාව , එංගලන්ත ප්‍රිමියර් ලිග්. UEFA තරඟ , ලා ලිග තරඟ, මේ වනවිට පැවැත්වෙන එංගලන්තයට එරෙහිව නවසිලන්ත ක්‍රිකට් තරඟාවලිය , වෙනත් බොහෝ ක්‍රීඩා තරඟ සඳහා ඔබට මුදල් ඔට්ටු තැබීමටත්, එමගින් විශාල මුදල් ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීමටත් ඔබට 1xBet හරහා අවස්තාව ලැබී තිබේ. ඒ සඳහා 1XBET සමග රැඳී සිටින්න.

ක්‍රීඩා තරඟ සඳහා මුදල් ඔට්ටු ඇල්ලීමට පහත ලින්කුව මගින් අදාළ page එකට පිවිසෙන්න . ලින්කුව සමග ඇති promo code එක භාවිත කල ඔබගේ බෝනස් මුදල 100%කින් වැඩි කරගත හැකි බවද අමතක නොකරන්න.

Registration link-: http://bit.ly/lankasports

Promo code-: LEAGUE