IPL-2022 හොදම තරු අතරට වනිදු හසරන්ගත්!

IPL 2022 අවධානය යොමු කළ යුතු විදේශීය ක්‍රීඩකයින් පස් දෙනා අතරට වනිඳුගේ නමත්

IPL-2022 හොදම තරු අතරට වනිදු හසරන්ගත්!

ඩේවිඩ් වෝනර්:

වසර ගණනාවක් පුරා විශිෂ්ට ලකුණු රැස්කිරීමකින් පසු, වෝනර් පසුගිය වාරයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි විය. ෆ්‍රැන්චයිස් අයිතිකරුවන් විසින් ඔහුව කළමනාකරණය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් විවිධ අවස්ථා වලදී තරඟ සඳහා ඔහුව රැගෙන යෑමද ප්‍රතික්ෂේප කළහ. නමුත් IPL 2021 දෙවන අදියරෙන් දින කිහිපයකට පසු සංවිධානය කරන ලද UAE හි පැවති T20 ලෝක කුසලානයේ දී, ඔහු ඇතුළු ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමත් සමඟ ඩේවිඩ් වෝර්නර් එහි ඉහළම ලකුණු ලාභියා විය. මෙවර දිල්ලි කැපිටල් පිළ ඔහුව පහළ වෙන්දේසි මිලකට ලබාගැනීමට හැකිවීම ඔවුන් ලද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක්කේ මක් නිසාද යත් ප්‍රභල උද්වේගකර පිතිකරුවෙකු වන වෝර්නර් සතුව තවත් වසර කීපයක දස්කම් දැක්විය හැකි ක්‍රීඩා දිවියක් ඉතිරිව පවතින හෙයිනි.

2. රෂීඩ් ඛාන් –

ඇෆ්ගනිස්ථානයේ පා දඟ පන්දු යවන්නා තවත් IPL තරුවක් වන අතර ඔහු පන්දුවාරයකට අඩු දළ ලකුණු මට්ටමක් පවත්ගැනීම සඳහා ප්‍රසිද්ධය. පසුගිය මාසයේ බංග්ලාදේශයේ පැවති එක්දින ජාත්‍යන්තර තරඟාවලියේදී ඔහු දැක්වූ දස්කම් හේතුවෙන් පන්දු යවන්නන් සඳහා වන T20I ශ්‍රේණිගත කිරීම්වල අංක 9 දක්වා ඉහළ ගොස් තිබේ. ඔහු පකිස්තාන සුපර් ලීග් තරඟාවලියේදී ද පන්දුවාරයකට 6.25 ක දළ ලකුණු මට්ටමක් වාර්තා කරමින් විශිෂ්ට දස්කම් දැක්විය. එබැවින් ඔහු ද හොඳ තත්ත්වයක සිටී. රෂීඩ්ගේ මෙවර සිය දස්කම් වල වාසිය ලබාගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්ව ඇත. Titans ඔහුගේ සේවය ඉන්දීය රුපියල් කෝටි 15කට ලබා ගත්තේය.

3. ක්වින්ටන් ඩි කොක්:

ඩි කොක් තම පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීම සඳහා 2021 දෙසැම්බර් මාසයේදී හදිසියේම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය. ඔහු ක්‍රීඩා කරන්නේ සීමිත ඕවර ක්‍රිකට් පමණක් වීම යන්නෙන් අදහස් වන්නේ ඔහු IPL සඳහා වඩා හොඳින් සූදානම් බවයි. කඩුලු රකින පිතිකරු ඩි කොක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට වටිනා ක්‍රීඩකයෙකු වූ අතර, 2019 සහ 2020 දී ශූරතාව දිනා ගැනීමට කණ්ඩායමට උදව් කළේය.

ඩි කොක්ගේ වත්මන් ක්‍රීඩා විලාශය ඉතා හොඳ අතර ඔහු පෙබරවාරි 27 වන දින අවසන් වූ දකුණු අප්‍රිකානු දේශීය T20 තරඟාවලියක් වන CSA T20 අභියෝගයේ පස්වන වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වීමට සමත් විය. ඔහු IPL 2022 දී Lucknow Super Giants වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත.

4. වනිඳු හසරංග –

ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන වනිඳු හසරංගගේ වෘත්තීය ජීවිතය 2021 ඵලදායි වාරයකින් පසුව ආරම්භ වී ඇත. ඔහු සෑම ටෙස්ට් එක්දින හා T20 ජාතික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වන අතර පසුගිය මාසයේ වෙන්දේසියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් විසින් ඉන්දීය රුපියල් කෝටි 10.75 කට මිලදී ගන්නා ලදී.
හසරංග ප්‍රබල සාම්ප්‍රදායික පා දඟ පන්දු යවන්නෙකු පමණක් නොවන අතර මාරාන්තික සහ රැවටිලිකාර ගුග්ලි පන්දු යැවීමේ හැකියාවද ඔහු සතුව ඇත. ඔහු මෑත කාලීන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ 10 කදී කඩුලු 11 ක් දවා ගත්තේ පන්දු වාරයකට 6.80 දළ ලකුනිඋ වේගයක් රඳවා ගනිමිනි. තවද ඔහු පසුගිය මාසයේ ඕස්ට්‍රේලියාවේ පැවති තරඟාවලියකදී T20I තරඟ දෙකකදී කඩුලු පහක් දවා ගත් අතර පසුගිය වසරේ IPL  දෙවන අදියරටද ක්‍රීඩා කිරීම සඳහා එක්ව තිබුණි.

5. ජොනි බෙයර්ස්ටෝ –

එංගලන්ත පිතිකරුවා කැරිබියන් දූපත් වල ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී ලකුණු රැස්කිරීමේ කාර්යබහුලව සිටින නමුත්, IPL තරඟාවලියේදීද තමන්ට රිසි සේ ලකුණු රැස් කරමින් සහ ඕනෑම පන්දු බල ඇණියක් මෙල්ල කළ හැකි ක්‍රීඩකයෙකු බව පෙන්වා දී ඇත. වෝනර් සමඟ සන්රයිසස් සඳහා ආරම්භක පිතිකරුවන් සමඟ එක්වෙමින් වෝර්නර් ට දෙවෙන නොවෙන ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කර ඇත, බෙයාර්ස්ටෝ දැන් පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත.

මෙම වාරයේ තරඟ දිනවන ක්‍රීඩකයන් වේ යැයි අපේක්ෂා කළ හැකි අනෙකුත් ක්‍රීඩකයින් වන්නේ: ජේසන් හෝල්ඩර්, නිකලස් පූරන්, මිචෙල් මාෂ්, කගිසෝ රබාඩා සහ ෂිම්රොන් හෙට්මයර්.

INDIAN PREMIER LEAGUE -2022

ලොව අංක එකේ ක්‍රිකට් ලීගය අනිද්දා ඇරඹේ

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat