2026 T20 ලෝක කුසලානය සදහා පකිස්ථාන සංචිතය නම් කෙරේ !

2026 T20 ලෝක කුසලානය සඳහා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබේ.
පසුගිය ආසියානු කුසලානයට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් මෙම සංචිතයට ඇතුළත් කර ඇත. විශේෂයෙන්, තරු පිතිකරු බාබර් අසාම්, තුන් ඉරියව් ක්‍රීඩක ෂඩාබ් ඛාන් සහ වේග පන්දු යවන නසීම් ෂා නැවත ලෝක කුසලාන සංචිතයට පැමිණ ඇත.

පසුගිය ආසියානු කුසලානයේදී පාකිස්තානය මෙහෙයවූ සල්මන් අලි ආගා ලෝක කුසලානය සඳහා නායකයා ලෙස සඳහන් කර ඇත.
ඒ සමඟම, ප්රමුඛ වේග පන්දු යවන්නන් වන හරිස් රවුෆ්, මොහොමඩ් වසීම් ජූනියර් සහ හසන් අලි කණ්ඩායමෙන් ඉවත් කර ඇත. ඔවුන් සමඟ හුසේන් තලාත්, කුෂ්ටීල් ෂා, මොහොමඩ් හැරිස් සහ සුෆියාන් මුකීම් ද කණ්ඩායමට ඇතුළත් කර නොමැත. මෙවර ලෝක කුසලාන සංචිතයට මොහොමඩ් රිස්වාන් ද ඇතුළත් කර නොමැත.
T20 ලෝක කුසලාන සංචිතය ප්‍රකාශයට පත් කර ඇතත්, ලෝක කුසලානයට පාකිස්තානයේ සහභාගීත්වය රජයේ අනුමැතිය මත රඳා පවතින බව ප්‍රධාන පුහුණුකරු ආකිබ් ජාවෙඩ් පැවසීය. “අපේ කාර්යය කණ්ඩායම තෝරා ගැනීම පමණයි. අපි රජයේ තීරණය එනතුරු බලා සිටිනවා,” ඔහු මාධ්‍ය හමුවකදී පැවසීය.

පෙබරවාරි 7 වන දින කොළඹදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයේ පළමු තරඟයේදී පාකිස්තානය නෙදර්ලන්තයට මුහුණ දෙනු ඇත.
පාකිස්තාන විස්සයි20 ලෝක කුසලාන සංචිතය
- සල්මාන් අලි ආගා (නායක), අබ්රාර් අහමඩ්, බාබර් අසාම්, ෆහීම් අෂ්රෆ්, ෆකාර් සමාන්, කවාජා මොහොමඩ් නබාවි (කඩුලු රකින්නා), මොහොමඩ් නවාස්, මොහොමඩ් සල්මන් මිර්සා, නසීම් ෂා, සහිබ්සාඩා බුර්හාන්, සයිම් අයුබ්, ෂහීන් අෆ්රිඩි, ෂඩාබ් ඛාන්, උස්මාන් ඛාන්, උස්මාන් තාරික්.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.



