ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටුවේ පූර්ණ සාමාජිකත්වය පිරිණැමීමට එහි විධායක සභාව පසුගිය අගහරුවාදා (13 වැනිදා) තීරණය කර තිබේ. ඒ අනුව, ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ මහ සභා රැස්වීමේදී ක්‍රිකට් ආයතනයට පූර්ණ සාමාජිකත්වය පිරිණැමීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් ලංකාදීපයට කළ විමසුමකදී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සඳහන් කළේ, මහ සභා රැස්වීමේදී අනුමැතිය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය හිමි වන බවයි.
කෙසේවෙතත්, ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු ලෙස අවම වශයෙන් වසරක කාලයක් සම්පූර්ණ කළ යුතු බැවින්, ආසන්නයේ පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඡන්ද බලය හිමි නොවන බවද සභාපතිවරයා පැවසීය.

වසර 1937 අප්‍රේල් 8 වැනිදා ස්ථාපිත කරන ලද මෙරට ජාතික ඔලිම්පික් කමිටුවේ පූර්ණ සාමාජිකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි වන පළමු අවස්ථාව මෙය වේ. එයට ආසන්නතම වැදගත් සිදුවීම වන්නේ, ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට ඔලිම්පික් ක්‍රීඩා ඉසව් ලැයිස්තුවට ඇතුළත් කර තිබීමයි.
ඒ අනුව, වසර 2028 ජූලි 14 සිට 30 දක්වා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වීමට නියමිත මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් (විස්සයි-20) ක්‍රීඩාව නිර්දේශ කර තිබේ.
1896 දී ආරම්භ වූ නූතන ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ, ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් සංවිධාත්මක ක්‍රීඩා ඉසව්වක් ලෙස ඇතුළත් කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. කෙසේවෙතත්, 1900 දී පැරිස් නුවරදී පැවැති දෙවැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේදී සත්කාරක ප්‍රංශය සහ මහ බ්‍රිතාන්‍යය අතර දෙදින ක්‍රිකට් තරගයක් පැවැත්වූ බව වාර්තා වේ.

මෙම අවස්ථාව වන විට ජාතික ඔලිම්පික් කමිටුවේ පූර්ණ සාමාජිකත්වය හිමි ජාතික ක්‍රීඩා සංගම් සංඛ්‍යාව 31ක් වන අතර, තවත් ජාතික ක්‍රීඩා සංගම් හතකට අනු සාමාජිකත්වය ප්රදානය කර ඇත.
මේ අතර, අගහරුවාදා පැවැති විධායක සභා රැස්වීමේ තීරණයන්ට අනුව ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයටද ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය අලුතින් ප්රදානය කර ඇති බව සඳහන් වේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.




