මතීෂ පතිරණට IPL ඉතිහාසයේ වැඩිම මිල-ශ්‍රී ලංකා රුපියල් කෝටි 61 ක්!

මතීෂ පතිරණට IPL ඉතිහාසයේ වැඩිම මිල-ශ්‍රී ලංකා රුපියල් කෝටි 61 ක්!

මතීෂ පතිරණට IPL ඉතිහාසයේ වැඩිම මිල-ශ්‍රී ලංකා රුපියල් කෝටි 61 ක්!

එදා මෙදා තුර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වීමට වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඊයේ (16 වැනිදා) සමත් විය. ඒ ලබන වසරේදී (2026) පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලිය සඳහා ඔහුගේ සේවය ඉන්දීය රුපියල් කෝටි 18 කට මිලදී ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉදිරිපත්වීම හේතුවෙනි. එම මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 61 ක් ඉක්මවනු ඇත.

මතීෂ පතිරණට IPL ඉතිහාසයේ වැඩිම මිල-ශ්‍රී ලංකා රුපියල් කෝටි 61 ක්!
කොල්කටා නයිට් රයිඩර්ස් සමඟ නව ගමනක්

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් සහ ඔහුගේ සම කාලීන නිලියක වන ජුහී චවුලා හිමිකාරීක්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම, අයි.පී.එල්. ඉතිහාසය තුළ ශූරතා ත්‍රිත්වයක්, අනු ශූරතාවක් සහ තෙවැනි ස්ථාන ද්විත්වයක් හිමිකරගෙන තිබේ. ලබන වසරේදී පැවැත්වෙන තරගාවලිය සඳහා ඔවුන් මතීෂට ගෙවනු ලබන මුදල මේ වන විට පවතින විනිමය අනුපාතය අනුව ගත් කළ රුපියල් හැටඑක් කෝටි දහඅට ලක්ෂ අනූහත් දහස් දෙසිය දහඅටකි.

මතීෂ පතිරණට IPL ඉතිහාසයේ වැඩිම මිල-ශ්‍රී ලංකා රුපියල් කෝටි 61 ක්!

මතීෂ පතිරණ පිට පිට පසුගිය වසර තුනේදීම (2023 සිට 2025 දක්වා) ක්‍රීඩා කළේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටය. කෙසේ වුවත් ලබන වසර සඳහා ඔහුව තවදුරටත් කණ්ඩායම්වල රඳවා නොගනිමින් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්වීම සඳහා මුදාහැරීමට චෙන්නායි කණ්ඩායම පියවර ගත්තේය. එපමණක් නොව මෙවර වෙන්දේසියේදී ඔහු වෙනුවෙන් එක් ලන්සුවක් හෝ තැබීමටද චෙන්නායි කණ්ඩායම ඉදිරිපත් නොවීය.

තීව්‍ර වෙන්දේසි සටනක්

එවැනි වාතාවරණයකදී ඉන්දීය රුපියල් කෝටි 2 ක මූලක ලන්සුවක් යටතේ වෙන්දේසියට ඉදිරිපත්වී සිටි මතීෂ මීලදී ගැනීම වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම අතර ද්වන්ද සටනක් පැවැත්විණ. එහෙත් ලන්සුව කෝටි 16 කට ආසන්න වන විට දිල්ලි කණ්ඩායම සටනෙන් ඉවත් වූ අතර එතැන් පටන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සටනට අවතීර්ණ විය. අවසානයේ කොල්කටා කණ්ඩායම මතීෂ වෙනුවෙන් කෝටි 18 ක ලන්සුවක් තැබීමත් සමග ලක්නව් කණ්ඩායමද සිය බලාපොරොත්තු අතහැර දැමුවේය.

දෙවැනි ඉහළම මිල

මේ අනුව මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී දෙවැනි ඉහළම මිලට අලෙවි වූ ක්‍රීඩකයා බවටද මතීෂ පත්වූ අතර එහිදී ඔහුට ඉදිරියෙන් සිටි ඕස්ටේ්‍රලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් අලෙවි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 25.20 කි. එහිදී කැපී පෙනුණ සිදුවීම වූයේ එතරම් විශාල මුදලකට ග්‍රීන් මිලදී ගනු ලැබුවේද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් වීමය.

මතීෂ පතිරණට IPL ඉතිහාසයේ වැඩිම මිල-ශ්‍රී ලංකා රුපියල් කෝටි 61 ක්!

කෙසේ වුවත් අයි.පී.එල්. තරගාවලියේ නව නීති රීති වලට අනුව ඕනෑම ක්‍රීඩකයකුට එක් වසරක් සඳහා ලැබිය හැකි ඉහළම වැටුප ඉන්දීය රුපියල් කෝටි 18 ක් බැවින් ග්‍රීන්ට හිමිවන්නේද මතීෂට හිමිවූ මුදලමය.

ග්‍රීන් අලෙවි වූ මුලු මුදල වන ඉන්දීය රුපියල් කෝටි 25.20 න් කෝටි 18 ක් ඔහුට ගෙවීමෙන් අනතුරුව ඉතිරි කෝටි 7.20 ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ගෙවීමට ඔහුගේ සේවය මිලදීගත් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට සිදුවනු ඇත. මෙම නවතම නීතිය මෙවර තරගාවලියේ සිට ක්‍රියාත්මක වන අතර එය විදෙස් ක්‍රීඩකයන්ට මෙන්ම ඉන්දීය ක්‍රීඩකයන්ටද අදාල වනු ඇත. ඒ අනුව බලන කළ මෙවර වෙන්දේසියේදී මතීෂට හිමිව ඇත්තේ ඕනෑම ක්‍රීඩකයෙකුට ලබාගත හැකි ඉහළම වැටුප යැයිද සඳහන් කළ හැකිය.

මතීෂ පතිරණට IPL ඉතිහාසයේ වැඩිම මිල-ශ්‍රී ලංකා රුපියල් කෝටි 61 ක්!
IPL ඉතිහාසයේ ඉහළම මිලකට අලෙවි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්

ක්‍රීඩක වෙන්දේසියකදී ඉහළම මිලකට අලෙවි වී තිබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ වනිඳු හසරංගය. 2022 වසරේදී රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම ඔහුගේ සේවය මිලදී ගැනීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 10.75 ක මුදලක් ගෙවා තිබිණ.

මතීෂ පතිරණට IPL ඉතිහාසයේ වැඩිම මිල-ශ්‍රී ලංකා රුපියල් කෝටි 61 ක්!
  • ලසිත් මාලිංග (2011 දී කෝටි 9)
  • නුවන් තුෂාර (2024 දී කෝටි 4.8)
  • ඩිල්ෂාන් මධුෂංක (2024 දී කෝටි 4.6)
  • ඇන්ජලෝ මැතිව්ස් (2011 දී කෝටි 4.4)
  • සනත් ජයසූරිය (2008 දී කෝටි 4.2)
  • මහීෂ් තීක්ෂණ (2022 දී කෝටි 4)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

මතීෂ පතිරණට IPL ඉතිහාසයේ වැඩිම මිල-ශ්‍රී ලංකා රුපියල් කෝටි 61 ක්!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
මතීෂ පතිරණට IPL ඉතිහාසයේ වැඩිම මිල-ශ්‍රී ලංකා රුපියල් කෝටි 61 ක්!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට!

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8...

ඉන්දියානුවන් යලිත් තම T20 ආධිපත්‍ය පතුරවයි!

ඉන්දියානුවන් යලිත් තම T20 ආධිපත්‍ය පතුරවයි! පිට පිටම හයවැනි වතාවටත්...

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර වෙයි!

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර...

හොදම Articles

Popular Categories

Telegram