ශ්‍රී ලංකාව හොං කොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව රැකගැනීමට පිටත්ව යයි!

හොං කොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ වත්මන් ශූරයන් වන ශ්‍රී ලංකාව, 2025 තරගාවලියේදීත් සිය ශූරතාව රැකගැනීමේ අරමුණෙන් හොං කොං බලා පිටත්ව ගියේය. තරගාවලිය මේ මස 7, 8 සහ 9 දිනවලදී හොං කොං හිදී පැවැත්වෙන අතර තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුශංක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ ශූරතාව දිනාගත් ක්‍රීඩකයින් 7 දෙනාගෙන් සමන්විතය. ළහිරු මධුශංක (නායකයා), තනුක දාබරේ, සඳුන් වීරක්කොඩි, ධනංජය ලක්ෂාන්, තරිඳු රත්නායක, ලහිරු සමරකෝන් සහ නිමේෂ් විමුක්ති ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වෙති.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහතා කණ්ඩායමේ කළමණාකරු ලෙසින් සංචාරයට එක්වෙයි. ශ්‍රී ලංකාව ශූරතාව දිනාගත් පසුගිය වසරේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු වූයේ ද දොඩන්වෙල මහතාය.



තරගාවලියට කණ්ඩායම් 12 ක් සහභාගි වන අතර ශ්‍රී ලංකාව බංග්ලාදේශය සහ සත්කාරක හොං කොං රාජ්‍යය ‘ඩී’ කාණ්ඩයෙන් තරග කරති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාල සටහන
- 7 වැනිදා – පෙ.ව. 9.25 ට හොං කොං පිලට එරෙහිව
- 7 වැනිදා – ප.ව. 12.10 ට බංග්ලාදේශයට එරෙහිව
- 8 වැනිදා – ප.ව. 1.05 ට එංගලන්තයට එරෙහිව පළමු අර්ධ අවසන් පූර්ව තරගය
ශ්‍රී ලංකාව පසුගිය වසරේ මෙම තරගාවලියේ ශූරතාව දිනාගත් අතර, මේ වසරේද එම සාර්ථකත්වය පුනරාවර්තනය කිරීමට අපේක්ෂා කරයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.





