SLC Reds ක්‍රීඩකයෝ අවසන් මහා සටනට ..

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේ (13) රාත්‍රියේ නිමා වූ තරගයෙන් SLC Blues කණ්ඩායම පරාජය කළ SLC Reds ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

Reds සහ Blues අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් Reds ක්‍රීඩකයෝ ලකුණු 33ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දුන් Reds කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 178ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Blues ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් පමණයි.

ඊයේ මෙම තරගය ආරම්භ වන විටත් Blues අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටි අතර ඒ අනුව ඔවුන් සමඟ අවසන් මහා තරගයට සටන් වැදීමට, ඊයේ ජයග්‍රහණය කළ Reds කණ්ඩායමට නියම වුනා. තරගය හෙට (15) රාත්‍රි තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්

  • SLC Reds – කුසල් මෙන්ඩිස් (නායක) ලසිත් කෘaස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, ලහිරු මධුශංක, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, සහන් ආරච්චිගේ, අසිත ප්‍රනාන්දු
  • SLC Blues – ධනංජය ද සිල්වා (නායක) සිතාර ගිම්හාන්, ලහිරු උදාර, සදීර සමරවික්‍රම, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, ලහිරු සමරකෝන්, සුමින්ද ලක්ෂාන්, කසුන් රාජිත, ඩිල්ශාන් මධුශංක, ප්‍රවීන් ජයවික්‍රම

නියත ජයග්‍රහණයක් අවැසි තරගයක කාසියේ වාසිය දිනා ගත් Reds නායක කුසල් මෙන්ඩිස් තම පිතිකරුවන් කෙරෙහි වඩාත් විශ්වාසය තබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව Reds ඉනිම ආරම්භ කළේ ලසිත් කෘෘස්පුල්ලේ සහ නායක කුසල් මෙන්ඩිස්. නමුත් සිතූ සේ සාර්ථක ආරම්භයක් ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැහැ. කෘෘස්පුල්ලේ ලකුණු 3කට දැවී ගියේ ලකුණු පුවරුව 26ක් වෙද්දී. ඊට පසුව පිටියට එක් වූ භානුක රාජපක්ෂට ද වැඩි දායකත්වයක් තම කණ්ඩායම වෙනුවෙන් දැක්වීමට හැකි වූයේ නැහැ. ඔහු ලබා ගත්තේ ලකුණු 14ක් පමණයි.

ගරා වැටෙමින් තිබූ Reds ඉනිම එතැන් සිට ගොඩ නැගීමට කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග සමත් වුනා. Blues පන්දු යවන්නන් දැඩි පීඩනයකට පත් කළ ඔවුන් දෙදෙනා සිය සිව්වැනි කඩුල්ලට පන්දු 75කින් ලකුණු 125ක සබඳතාවක් එක් කළා.

වනිඳු හසරංග පන්දු 41ක දී නොදැවී ලකුණු 69ක් ලබා සිටියේ හතරේ පහර 3ක් සහ හයේ පහර 5කින් තම ඉනිම සරසා ගනිමින්.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පවිසි Blues ආරම්භක පිතිකරු සිතාර ගිම්හාන් (0) දෙවැනි පන්දුවේ දී ම නැවත ක්‍රීඩාගාරයට හරහා යැවීමට මහීෂ් තීක්ෂණ සහ කුසල් මෙන්ඩිස් සමත් වුනා.

එතැන් සිට වඩාත් පරිස්සම් වූ අනෙක් ආරම්භක පිතිකරු ලහිරු උදාර සහ සදීර සමරවික්‍රම Blues ඉනිම පන්දුවෙන් පන්දුව ආරක්ෂා කරමින් සවිමත් කළා. ඔවුන් දෙදෙනා එක් ව තම දෙවැනි කඩුල්ලට පන්දු 40ක දී ලකුණු 59ක් එක් කළා. ඔවුන්ගේ එම සබඳතාව බිඳ වැටුණේ වනිඳු හසරංගගේ පන්දුවකට ලහිරු උදාර දැවී යෑමත් සමඟින්. ලහිරු ඒ වෙද්දී පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 18කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණා. ඊට අමතර ව අසිත ප්‍රනාන්දු ලකුණු 25කට කඩුලු 2ක් සහ මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගිනුත් ලබා ගත්තා.

SLC ආරාධිත විස්සයි විස්ස

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat