නිස්සංක – මෙන්ඩිස් සබඳතාවයෙන් ශ්‍රී ලංකාව පෙරමුණට

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින තරග 5කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ තෙවැනි එක්දින තරගය අද (19) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

තරගය කඩුලු 6කින් ජය ගත් ශ්‍රී ලංකාව තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගන්නට සමත් වූ අතර නිස්සංක සිය මංගල එක්දින ශතකය වාර්තා කරගැනීම මෙහි දී කැපී පෙනුණා.

දෙවැනි තරගයේ සිට මේ තරගය සඳහා අවතීර්ණ වන විට ඕස්ට්‍රේලියාව වෙනස්කම් තුනක් සිදු කරමින් Pat Cummins, Mitchell Swepson සහ ආබාධයකට ලක්ව සිටින Steven Smith වෙනුවට Mitchell Marsh, Cameron Green සහ Jhye Richardson කණ්ඩායමට කැඳවා තිබුණා.

ශ්‍රී ලංකාව එක් වෙනසක් සිදු කරමින් ධනුෂ්ක ගුණතිලක වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබුණා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව – නිරෝෂන් දික්වැල්ල (wk), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක (C), චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩර්සේ.
  • ඕස්ට්‍රේලියාව – David Warner, Aaron Finch (capt), Mitchell Marsh, Marnus Labuschagne, Alex Carey (wk), Travis Head, Glenn Maxwell, Cameron Green, Jhye Richardson, Matthew Kuhnemann, Josh Hazlewood.

ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි Warner සහ නායක Finch හට වැඩි වේලාවක් සිය සබඳතාවය රැකගැනීමට හැකියාවක් නොලැබුනු අතර චමීර ලකුණු 9ක් රැස් කරගෙන සිටි Warnerගේ කඩුල්ල දවා ගෙන ඕස්ට්‍රේලියානු කඩුලු දවා ගැනීම ආරම්භ කළා.

පළමු තරග දෙකේ දී Powerplay අවස්ථාව තුළ පන්දු යැවීමට හැකියාවක් නොලැබුනු දුනිත් වෙල්ලාලගේ හට මෙම තරගයේ දී දකුණත් පිතිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පන්දු යැවීමේ වගකීම ලබා දීමට ශානක කටයුතු කළා.

එය මල්ඵල ගන්වමින් ලකුණු 10ක් වාර්තා කරගෙන සිටි Marshගේ කඩුල්ල දවා ගැනීමට වෙල්ලාලගේ සමත් වුනු අතර එහි දී cover කලාපයේ සිට මෙන්ඩිස් දක්ෂ ලෙස උඩ පන්දුවක් රැකගත්තා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් Finch සමඟ පිටියේ එක් වූ Labuschagne ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව යම් පීඩනයක් ගොඩනංවමින් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන් අතර එම සබඳතාවය ලකුණු 69ක් දක්වා රැගෙන යන්නට ඔවුන් දෙදෙනාට හැකි වුනා.

නමුත් තරගයේ 25 වැනි පන්දුවාරයේ දී අන්තයන් දෙකෙන්ම දඟපන්දු යවන්නන් කැඳවීමට ශානක තීරණය කළ අතර එම තීරණය සාර්ථක කරවමින් එම පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී ලකුණු 29ක් රැස් කරගෙන කඩුල්ලේ ස්ථාවර වෙමින් සිටි Labuschagneගේ කඩුල්ල ස්ටම්ප්ස් කිරීමකට හසු කරගනිමින් දවා ගැනීමට වැන්ඩර්සේ සමත් වුනා.

සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ඉනිම් 6කට පසුව අර්ධ ශතකයක් වාර්තා කර ගත් Finch, අද දිනයේ දී සිය 30 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කරගත්තා.

ඔහුගේ කඩුල්ල දවා ගැනීමට තිබූ ආසන්න අවස්ථාවන් කිහිපයක්ම slip කලාපයේ පන්දු රකිමින් සිටි ධනංජය අතින් ගිලිහී ගියත් අවසානයේ දී ධනංජය slip කලාපයේ සිටම සුපිරි උඩ පන්දුවක් රැකගනිමින් Finchගේ කඩුල්ල ලකුණු 62කට දවා ගැනීමට ශ්‍රී ලංකාවට සහය වුනු අතර එම කඩුල්ල වැන්ඩර්සේගේ නමට ඉදිරියෙන් සටහන් වුනා.

ලකුණු 121කට කඩුලු 4ක් බිඳ වැටී තිබුණු ඕස්ට්‍රේලියානු ඉනිම තවදුරටත් අවධානමකට ඇද දැමීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබූ නමුත් Head (ලකුණු 4 දී) සිදු කළ කඩුල්ල මුවා කිරීමේ වරද විනිසුරු තීරණ නැවත පිරික්සා බැලීමේ අවස්ථාවකට යොමු කිරීමට තරම් ශ්‍රී ලංකාව එහි දී වාසනාවන්ත වුනේ නැහැ.

අවසානයේ දී එය තරගයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බවට පත්කරමින් Head පන්දු 65ක් තුළ නොදැවී ලකුණු 70*ක් වාර්තා කරගෙන ඕස්ට්‍රේලියා ලකුණු සටහන සාර්ථක අවසානයක් වෙත මෙහෙය වීමට සමත් වුනා. 4 පහර 3කින් සහ 6 පහර 3කින් වර්ණවත් වුනු Headගේ මෙම ඉනිමේ දී සිය 12 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කරගත්තා.

Carey සහ Head 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනු අතර අවසානයේ දී එම සබඳතාවය බිඳ දමමින් 4 පහර 3ක් සහ 6 පහරක් සමඟ සිය අර්ධ ශතකය ආසන්නයේ සිටි Carey (ලකුණු 49) දවා ගැනීමට ධනංජය සමත් වුනා.

අංක 7 පිතිකරණ ස්ථානයෙන් පිටියට පිවිසි Maxwell ලකුණු නොලබා සිටිය දී ම දවා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබුණු නමුත් ධනංජය උඩ පන්දුවක් රැකගැනීමට දැරූ සුපිරි උත්සාහය ව්‍යර්ථ වීම නිසා තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට Maxwell වාසනාවන්ත වුනා.

අවසානයේ දී පසුපසට දිවගොස් වෙල්ලාලගේ රැකගත් දක්ෂ උඩපන්දුවක් නිසා පන්දු 18ක දී ලකුණු 33ක් රැස් කරගෙන සිටි Maxwell දැවී ගියා. Green නොදැවී ලකුණු 15*ක් රැස් කරගත්තා.

ඔහු සහ Head එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී ලකුණු 58*ක් රැස් කළ අතර ඕස්ට්‍රේලියාව අවසන් පන්දුවාර 10 තුළ කඩුලු 2ක් දැවී ලකුණු 98ක් වාර්තා කරගනිමින් ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කළා. පන්දු යැවීමේ දී වැන්ඩර්සේ කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

ලකුණු 292ක තරගකාරී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසුනු ශ්‍රී ලංකා නවක ආරම්භක පිතිකරණ සුසංයෝගය වුනු දික්වැල්ල සහ නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සබඳතාවයක් ගොඩනැංවූවා.

ලකුණු 25ක් වාර්තා කරගෙන සිටි දික්වැල්ල දැවී ගිය පසුව නිස්සංක සමඟ එක්වුනු මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 181ක් තුළ ලකුණු 170*ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා හඹා යාමට සාර්ථක අඩිතාලමක් සකස් කර දුන්නා.

සිය එක්දින ක්‍රිකට් දිවියේ 19 වැනි අර්ධ ශතකය වාර්තා කරගත් මෙන්ඩිස් සහ සිය එක්දින දිවියේ පළමු ශතකය වාර්තා කර ගත් නිස්සංක ගොඩනැංවූ සබඳතාවය ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ හොඳම සබඳතාවයේ වාර්තාව අලුත් කළා.

ඔවුන් දෙදෙනා විසින් බිඳ දමනු ලැබුවේ සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් 2006 වසරේ දී ගොඩනංවා තිබූ ලකුණු 163ක සබඳතාවයයි.

මෙන්ඩිස් ලකුණු 87*ක් රැස් කරගෙන සිටිය දී ඔහුගේ පාදයේ ඇති වූ මස්පිඬු ඇදීමක් නිසාවෙන් පිටියෙන් ඉවත්ව යාමට සිදු වුනා. අනතුරුව ධනංජය ද සිල්වා පැමිණ නිස්සංක සමඟ එක්ව පන්දු 32ක් තුළ වේගවත් ලකුණු 43ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාව දෙසට නතුවෙමින් තිබූ තරගයේ පීඩනය නැවතත් ඕස්ට්‍රේලියානුවන් වෙත පෙරලා යොමු කළ අතර ඔවුන්ගේ ප්‍රධාන දඟපන්දු යවන්නෙකු නොමැති වීම මේ තණතීරුවේ වාසිය ලබාගැනීමට ඔවුන්ට විශාල බාධාවක් වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිකරුවා බවට පත්වුනු නිස්සංක 4 පහර 11ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 147ක් තුළ ලකුණු 137ක් රැස් කරගෙන සිටිය දී දැවී ගියා. ශානක හට ලකුණු ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

අනතුරුව කරුණාරත්න සහ අසලංක (ලකුණු 13*) එක්ව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට සුපිරි ආශ්වදයක් ලබා දෙමින් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සුපිරි හඹා යාමක් සාර්ථක කරමින් පන්දුවාර 48කුත් පන්දු 3ක් අවසානයේ දී ශ්‍රී ලංකාවේ ජය තහවුරු කළා.

එය මේ ක්‍රීඩාංගණයේ දී කණ්ඩායමක් හඹා ගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු ප්‍රමාණය වන අතර ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරග ඉතිහාසය තුළ කණ්ඩායමක් හඹා ගොස් ජය ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ද මෙය වුනා. පන්දු යැවීමේ දී Jhye Richardson කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ වීරයා – පැතුම් නිස්සංක (ශ්‍රී ලංකාව)


එක්දින තරගාවලියේ තීරණාත්මක සිව්වැනි තරගය එළඹෙන 21 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

නිස්සංක – මෙන්ඩිස් සබඳතාවයෙන් ශ්‍රී ලංකාව පෙරමුණට

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat