හසරංගගේ දස්කම් අභිබවා ඕස්ට්‍රේලියාව තරගාවලියම ජය ගනී

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුනු දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (8) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා.

එම තරගයෙන් ද කඩුලු 3ක තියුණු ජයක් හිමි කරගැනීමට සමත් වූ ඕස්ට්‍රේලියාව තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලිය ජය ගැනීමට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියා නායක Aaron Finch පළමුව පන්දු යැවීමට තීරණය කළා. දෙරට අතර ඊයේ (7) පැවති තරගයෙන් කඩුලු 10ක දැවැන්ත පරාජයක් හිමි කරගැනීමට සිදු වුනු ශ්‍රී ලංකාවට මේ තරගාවලිය තුල තවදුරටත් රැඳී සිටීමට නම් මේ තරගය ජය ගැනීම ඉතාමත් වැදගත් වුවත් එය සාක්ෂාත් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබුණේ නැහැ.

පළමු විස්සයි විස්ස තරගයට සහභාගී වුනු ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර පළමු විස්සයි විස්ස තරගය අතරතුර ඇඟිල්ලක ආබාධයකට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක Mitchell Starc වෙනුවට Jhye Richardson මේ තරගයට කැඳවා තිබුණා.

දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර.

ඕස්ට්‍රේලියාව – Aaron Finch (නායක), David Warner, Mitchell Marsh, Glenn Maxwell, Steve Smith, Marcus Stoinis, Matthew Wade (කඩුලු රකින්නා), Ashton Agar, Jhye Richardson, Kane Richardson, Josh Hazlewood.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි නිස්සංක සහ ගුණතිලකගේ කඩුලු දෙක පන්දු 16ක් තුල ලකුණු 7කට දවා ගැනීමට Maxwell සහ Jhye Richardson සමත් වුනා. ඒ නිසාවෙන් පළමු තරගය හා සසඳා බැලීමේ දී හොඳ ආරම්භක සබඳතාවයක් මේ තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමට ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස තීරණාත්මක Powerplay අවස්ථාව අවසානයේ දී ශ්‍රී ලංකාවට රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 28ක් පමණයි.

අංක 3 පිතිකරණ ස්ථානය නැවත ස්ථාවර කර ගත් අසලංක කඩුලු රකින පිතිකරු මෙන්ඩිස් සමඟ එකතු වී පන්දු 55ක් තුල ලකුණු 66ක සබඳතාවයක් ගොඩනංවමින් බිඳ වැටුණු ශ්‍රී ලංකා මුල්පෙළට යම් සහනයක් ලබා දුන්නා.

නමුත් 4 පහර 2ක් සහ 6 පහර 2ක් සමඟ පන්දු 33ක් තුල ලකුණු 39ක් වාර්තා කර ගත් අසලංක දැවී යාමත් සමඟම පළමු තරගයේ දී මෙන් ශ්‍රී ලංකා මැදපෙළ කඩුලු එක පෙළට බිඳ වැටීමට ලක්වුනා.

4 පහර 2ක් සහ 6 පහරක් සමඟ මුහුණ දුන් පන්දු ප්‍රමාණය සඳහා සාධාරණයක් ඉටු කළ මෙන්ඩිස් ලකුණු 36ක් රැස් කරගෙන ශ්‍රී ලංකා මුල්පෙළ තරමක් ස්ථාවර කර ගැනීමට සිය සහය ලබා දුන්නා.

ලකුණු 90කට කඩුලු 4ක් බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකා ඉනිමේ මැදපෙළ ගොඩනැංවීමේ වගකීම පැවරුණු භානුක රාජපක්ෂ, නායක දසුන් ශානක, වනිඳු හසරංග සහ චාමික කරුණාරත්නගේ කඩුලු 4 ලකුණු 20ක් තුල බිඳ දැමීමට Kane සහ Jhye Richardson යුගලය ඇතුළු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමත් වුනේ ශ්‍රී ලංකා ලකුණු සටහන දැඩි ප්‍රපාතයකට ඇද දමමින්.

තව ද ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ දැවී ගිය අවසන් කඩුලු 4 (6 සිට 9 දක්වා කඩුලු) තුල එකඳු හෝ ලකුණක් වාර්තා නොවීම ඉතාමත් කණගාටුදායක කරුණක් වුනු අතර අවසානයේ එම අවමානයෙන් ශ්‍රී ලංකාව තරමක් හෝ දුරට මුදවාගත් මහීෂ් සහ තුෂාර අවසන් කඩුල්ල වෙනුවෙන් නොදැවුනු ලකුණු 3*ක සබඳතාවයක් ගොඩනැංවූවා.

අවසානයේ දී ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේ දී සියල්ලන් දැවී රැස් කරගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 124ක් පමණයි.

පන්දු යැවීමේ දී Kane Richardson ලකුණු 30කට කඩුලු 4ක් දවා ගන්නා විට Starc වෙනුවට මේ තරගයට ක්‍රීඩා කළ Jhye Richardson ලකුණු 26කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 125ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් වන Finch සහ Warner සබඳතාවයට පළමු තරගයේ දී මෙන් සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාවක් ලබා නොදුන් අතර ලකුණු 24ක් රැස් කරගෙන සිටි Finch දවා ගැනීමට හසරංග සමත් වුනා.

පන්දු 16ක දී ගොඩනැංවුනු ලකුණු 33ක වේගවත් සබඳතාවය අවසන් වුනු වහාම Warner සමඟින් පිටියේ එක්වුණු Marsh නැවතත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව තර්ජනාත්මක පිතිකරණයක නිරත වුවත් හසරංග Marshගේ කඩුල්ල දවා ගනිමින් කණ්ඩායමට සිය සහය ලබා දුන්නා.

ඉන්පසුව ලකුණු 27ක් තුල Warner, Smith සහ Stoinisගේ ප්‍රබල කඩුලු 3 දවා ගනිමින් ඕස්ට්‍රේලියානු මැදපෙළ යම් තිගැස්මක් ඇති කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වීමත් සමඟ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් තුල තරගය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ජනිත වුනා.

අනතුරුව ඉනිමේ 12 වැනි පන්දුවාරයේ දී සිය අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීම සඳහා පැමිණි හසරංග තරගය වෙනස්ම මාවතකට රැගෙන යමින් නොකඩවා ක්‍රියාත්මක කළ පන්දු 2ක් තුල Maxwell සහ Agarගේ කඩුලු දෙක දවා ගනිමින් සුපිරි ගණයේ පන්දු යැවීමක නිරත වුනා.

හසරංග කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ ආසන්න අවස්ථාවකට පැමිණි නමුත් එය සාර්ථක කරගැනීමට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ නමුත් එය නොයෙකුත් බාධාවන් මැද ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් හට උණුසුම් තරග අත්දැකීමක් වුනා.

අවසානයේ දී ශ්‍රී ලංකා නායක ශානක සිය දඟපන්දු යවන්නන් වෙත වැඩි විශ්වාසයක් ලබා දෙමින් වෙනස්ම ආකාරයේ පන්දු යැවීමේ සැලසුමක් යොදා ගත් නමුත් Wade සහ Jhye Richardson 8 වන කඩුල්ලේ සබඳතාවය රැකගනිමින් පන්දු 36ක් තුල නොදැවී ලකුණු 27*ක් රැස් කරගෙන ඕස්ට්‍රේලියානු ජය තහවුරු කරදීමට සමත් වුනා.

පන්දුවාර 17කුත් පන්දු 5ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුනු අතර Wade නොදැවී ලකුණු 26*ක් වාර්තා කරගන්නා විට එම සබඳතාවය රැකගැනීමට අනෙක් අන්තයෙන් සවියක් වුනු Jhye Richardson නොදැවී ලකුණු 9*ක් රැස් කරගත්තා.

පන්දු යැවීමේ දී නැවතත් සිය සුපුරුදු දස්කම් අතරට පැමිණි හසරංග ලකුණු 33කට කඩුලු 4ක් දවා ගෙන සුපිරි ගණයේ පන්දු යැවීමක නිරත වුවත් පිතිකරුවන් ලබා දුන් ඉලක්කය සැලකිය යුතු මට්ටමක පීඩනයක් ලබා දීමට තරම් ප්‍රමාණවත් වුනේ නොමැති නිසා හසරංගගේ එම දස්කම ජයග්‍රහණයකින් නිමා කිරීමට හැකියාවක් ලැබුනේ නැහැ.

තරගයේ වීරයා – Matthew Wade

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

හසරංගගේ දස්කම් අභිබවා ඕස්ට්‍රේලියාව තරගාවලියම ජය ගනී.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat