භානුක T20 මංගල ශතකය රැස් කරයි.

SLC Major Club T20 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (23) තවත් තරග 6ක් පැවැතියා. එහි දී දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වීමට BRC කණ්ඩායමේ භානුක රාජපක්ෂ සමත් වුනා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ Punjab Kings නියෝජනය කළ භානුක රාජපක්ෂ අද උදෑසන මෙරට ට පැමිණි අතර පැය කිහිපයක විවේකයකින් පසුව BRC සහ Panadura SC අතර තරගයට සහභාගී වුනා.

එහි දී ඔහු Panadura ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 100ක් වාර්තා කළා. එය භානුකගේ විස්සයි විස්ස තරග පිටියේ මංගල ශතකයයි. විස්සයි විස්ස තරග 115ක 101 වැනි ඉනිම වූ ඊට භානුක පන්දු 56ක් වැය කළ අතර හතරේ පහර 4කින් සහ හයේ පහර 9කින් එය අලංකාරවත් කළා.

BRC ලකුණු 22කට කඩුලු 3ක් දැවී අසීරු අවස්ථාවක සිටිය දී භානුක ආරම්භක පිතිකරු ඩිලාන් ජයලත් (25) සමඟ එක් වෙමින් සිව්වැනි කඩුල්ලට ලකුණු 52ක සබඳතාවක් ද, ඉන් අනතුරුව දුශාන් හේමන්ත (නොදැවී 33) සමඟ 5 වැනි කඩුල්ලට එක් වෙමින් ලකුණු 101ක සබඳතාවක් ද ගොඩ නැගුවා.

පිතිකරුවෙක්ට අමතර ව පන්දු යැවීමෙන් ද දක්ෂතා දැක්වූ භානුක පන්දුවාර 3ක් යවමින් ලකුණු 18කට කඩුල්ලක් දවා ගත්තා.

මේ අතර අද දවසේ දක්ෂතා දැක්වූ අනෙක් පිතිකරු බවට පත් වීමට Nugegoda SWC කණ්ඩායමේ 19 හැවිරිදි ආරම්භක දකුණත් පිතිකරු  අභිශේක් ලියනාරච්චි සමත් වුනා. ඔහු NCC කණ්ඩායමට එරෙහිව පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.

මේ අතර අද දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ Ragama CC සහ Chilaw Marians CC අතර තරගයත්, Negombo CC සහ Kandy Customs CC අතර තරගයත් අධික වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණයේ පැවති තත්ත්වය මත එකඳු පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලද තරග ගොන්නට එක් වුනා.

Colts CC සහ Police SC අතර මග්ගොන Surrey  ක්‍රීඩා පිටියේ දී පස්වරුවේ දී පැවති තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පන්දුවාර 10.4කට සීමා වුනේ විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් ලෙසින්.

BRC සහ Panadura SC අතර තරගය (මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී)

  • BRC – කඩුලු 5ක් දැවී 175 (20) ඩිලාන් ජයලත් 25, භානුක රාජපක්ෂ 100, දුෂාන් හේමන්ත 33, අකිල ශෙනෙෂ් 2/34
  • Panadura SC – කඩුලු 5ක් දැවී 134 (20) එස්. මලීෂ 22, ලක්ෂාන් රොද්‍රිගෝ 24, කොශාන් දනුශ්ක 36, සංජය චතුරංග 27, දුශාන් හේමන්ත 2/26

BRC කණ්ඩායමට ලකුණු 41ක ජයග්‍රහණයක්

Nugegoda SWC සහ NCC අතර තරගය (Colts ක්‍රීඩා පිටියේ දී)

  • Nugegoda SWC – කඩුලු 9ක් දැවී 124 (20) අභිශේක් ලියනාරච්චි 51, රුමේෂ් බුද්ධික 22, සම්පත් නිශ්ශංක 2/26, වනුජ සහන් 2/25, සහන් ආරච්චිගේ 3/22
  • NCC – සියලුම දෙනා දැවී 118 (19.5) ජොහාන් ද සිල්වා 22, සහන් ආරච්චිගේ 33, චමින්ද බණ්ඩාර 2/19, නවීන් ප්‍රනාන්දු 2/21, හංස ද සිල්වා 2/19, රනිත ලියනාරච්චි 2/34, සහන් නානායක්කාර 2/20

Nugegoda SWC කණ්ඩායමට ලකුණු 6ක ජයග්‍රහණයක්

Colts CC සහ Police SC අතර තරගය (මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී)

  • Colts CC – කඩුලු 6ක් දැවී 58 (10.4) මුදිත ලක්ෂාන් නොදැවී 29, නුවන් ප්‍රදීප් 2/06, ලහිරු දියන්ත 2/11

අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය විසඳුමකින් තොරව අවසන් වුනා.

Sebastianites C & AC සහ Tamil Union C & AC අතර තරගය (Colts ක්‍රීඩා පිටියේ දී)

  • Sebastianites C & AC – සියලුම දෙනා දැවී 120 (19.5) Adil Amin 31, තරිඳු රත්නායක නොදැවී 33, ශිරාන් ප්‍රනාන්දු 3/24, ඩිල්රුවන් පෙරේරා 2/15, ජෙෆ්රි වැන්ඩර්සේ 3/19
  • Tamil Union C & AC – කඩුලු 3ක් දැවී 122 (14.5) සධීර සමරවික්‍රම 47, නවෝද් පරණවිතාන 36, ඉසුරු උදාන 25,

Tamil Union C & AC කණ්ඩායමට කඩුලු 7ක ජයග්‍රහණයක්

තරගාවලියේ තෙවැනි දිනය හෙට (24) ක්‍රියාත්මක අතර එහි දී තවත් තරග 6ක් පැවැත්වීමට නියමිතයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

භානුක T20 මංගල ශතකය රැස් කරයි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat