2023 ලෝක කුසලාන තේමා ගීයට රසිකයින්ගෙන් දැඩි විවේචන!
ICC Cricket World Cup 2023

ඔක්තෝබර් 05 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ නිල තේමා ගීතය ඊයේ (20) එළිදැක්වුනත්, එයට ලැබෙන රසික ප්‍රතිචාර නම් එතරම් හොඳ මට්ටමක නැහැ.

Dil Jashn Bole නමින් හඳුන්වා දෙමින් ICC විසින් ඊයේ එළිදක්වනු ලැබූ මෙම ගීතයට සුපිරි ඉන්දීය සිනමා තරුවක් වන Ranveer Singh රංගනයෙන් දායක වන අතර, බොලිවුඩයේ ජනප්‍රියතම සංගීත නිර්මාපකයෙකු වන Pritam විසින් මෙහි සංගීත සංයෝජනය සිදු කර තිබෙනවා.
එමෙන්ම ඉන්දීය සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක Yuzvendra Chahalගේ බිරිඳ වන Dhanashree Varma ද මෙම ගීතය වෙනුවෙන් නර්තනයෙන් දායක වීම විශේෂත්වයක්.

“Star Sport පවුලේ කොටසක් සහ දරුණු ක්‍රිකට් රසිකයෙකු ලෙස 2023 ICC ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ගීතය එළිදැක්වීමට සහභාගී වීමට ලැබීම සැබැවින් ම ගෞරවයක්.”
Ranveer Singh විසින් මෙම ගීතය පිළිබඳ එසේ අදහස් දක්වද්දී, Pritam විසින් සඳහන් කළේ, ඉන්දියාවේ ඉහළම ගෞරවයක් හිමි වන ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මේ අයුරින් සම්බන්ධ වීමට ලැබීම තමන් ලද ගෞරවයක් බවයි.

මෙම ගීතය විවේචනයට බඳුන් වන අතරේ ම 2011 වර්ෂයේ දී Shankar Mahadevan විසින් එවර ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කළ “De Ghumake” ගීතයට නැවතත් අතිශය ඉහළ ප්‍රතිචාර ලැබීම පටන් ගැනීම ද විශේෂත්වයක්.
Hindustan Times ඇසුරිනි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න