2022 පොදුරදමඬුලු සැණකෙළිය උත්සවශ්‍රීයෙන් නිමා වෙයි..

2022 පොදුරදමඬුලු සැණකෙළිය

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

පුරා දින 11ක් මුළුල්ලේ එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පැවති 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ (08) උත්කර්ෂවත් ලෙස නිමාව දුටුවා.

Alexander ක්‍රීඩාංගණයේ දී පැවති උත්කර්ෂවත් සමාප්ති උළෙල නැටුම් ගැයුම් සහ ගිනිකෙළි සංදර්ශනවලින් විචිත්‍රවත් වී තිබුණා. මේ සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටි අතර එංගලන්ත රජ පවුල නියෝජනය කරමින් පැමිණ සිටි Edward කුමරු ද ඒ අතර සිටියා.

රටවල් 72ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 5000කට අධික පිරිසක් පදක්කම් 877ක් වෙනුවෙන් දින 11ක් පුරා තරගය වැදුණු මෙවර ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ දිනා ගන්නට සමත් වුනේ ඕස්ට්‍රේලියාවයි.රන් පදක්කම් 67ක්, රිදි පදක්කම් 57ක් සහ ලෝකඩ පදක්කම් 54ක් සමඟින් සමස්ත පදක්කම් 178ක් ජයග්‍රහණය කරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීතිබුණා.

ඕස්ට්‍රේලියාව සමඟ කරට කර තරග කළ එංගලන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කම් 57ක්, රිදි පදක්කම් 66ක් සහ ලෝකඩ පදක්කම් 53ක් සමඟින් පදක්කම් 176ක් ජයග්‍රහණය කරමින් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය දිනා ගත්තා. පදක්කම් 92ක් (රන් 26, රිදි 32, ලෝකඩ 34) දිනූ කැනඩාව තෙවැනි ස්ථානය දිනා ගනිද්දී, අසල්වැසි ඉන්දියාව පදක්කම් 61ක් (රන් 22, රිදි, 16, ලෝකඩ 23) සමඟින් සිව්වැනි ස්ථානය දිනා ගත්තා.

අවසන් වරට 2018 දී ඕස්ට්‍රේලියාවේ සත්කාරත්වය සහිතව අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ද ප්‍රථම සහ දෙවැනි ස්ථාන සඳහා හිමිකම් කියන්නට ඕස්ට්‍රේලියාව (පදක්කම් 196ක්) සහ එංගලන්තය (පදක්කම් 136ක්) සමත් වූ අතර තෙවැනි සහ සිව්වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනේ පිළිවෙළින් ඉන්දියාව(පදක්කම් 66) සහ කැනඩාවයි (පදක්කම් 82).

මෙවර තරගාවලියේ කැපී පෙනෙන මලල ක්‍රීඩකයාට පිදෙන David Dixon සම්මානයෙන් පිදුම් ලබන්නට සිංගප්පූරු ජාතික මේසපන්දු ක්‍රීඩිකා Feng Tianwei සමත් වුනා. ඇය මෙවර ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 3ක් දිනා ගන්නට සමත් වූ අතර ක්‍රීඩා උළෙල ඉතිහාසයේ රන් පදක්කම් 9ක්, රිදි පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් සමඟින් ඇය දිනා ඇති සම්පූර්ණ පදක්කම් ගණන 13ක්.

මීළඟ ක්‍රීඩා උළෙල තවත් වසර 4කට පසුව එනම් 2026 මාර්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩා උළෙලේ 11 වැනි දිනය වූ ඊයේ ද ක්‍රීඩා කිහිපයක අවසන් ඉසව් පැවැත්වුනා.

හොකි____________________

පිරිමි හොකි අවසන් මහා තරගයේ දී ඉන්දියාව පරාජය කරමින් රන් පදක්කමට හිමිකම් කියන්නට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් සමත් වුනා. 7-0ක් ලෙස අවසන් වූ එම තරගයේ දී ඉන්දියාවට රිදි පදක්කම හිමි වූ අතර එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගය 6-3ක් ලෙස ජයග්‍රහණය කළ එංගලන්තය විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

මේසපන්දු____________________

කාන්තා යුගල අවසන් තරගය පැවැත්වුණේ සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව අතරයි. එහි දී 3-0ක් ලෙස රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සිංගප්පූරු ක්‍රීඩිකාවන් වන Tianwei Feng සහ Jian Zeng සමත් වුනා. රිදි පදක්කම Minhyung Jee සහ Jia Lay සතුවෙද්දී, ලෝකඩ පදක්කම දිනා ගන්නට වේල්ස් ජාතික Chariotte Carey සහ Hursey සමත් වුනා.

පිරිමි කේවල ඉසව්වේ අවසන් තරගයෙන් 4-1ක් ලෙස එංගලන්තයේ Liam Pitchford පරාජය කළ ඉන්දීය ක්‍රීඩක Sharath Kamal විසින් රන් පදක්කම දිනා ගත්තා. ඉසව්වේ ලෝකඩ පදක්කම ද ජයග්‍රහණය කරන්නට ඉන්දීය ක්‍රීඩකයෙකු වන Sathiyan Gnanasekaran සමත් වුනේ එංගලන්ත ක්‍රීඩකයෙකු වන Paul Drinkhall 4-3ක් පරාජය කරමිනුයි.

බැඩ්මින්ටන්____________________

මිශ්‍ර යුගල ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සිංගප්පූරුවේ Yon Kai Terry සහ Jessica Wei Han සමත් වුනේ එංගලන්තයේ Ellis Marcus සහ Smith Lauren 2-0ක් ලෙස පරාජය කරමිනුයි.

කාන්තා කේවල ඉසව්වේ රන් පදක්කම සඳහා කැනඩාව සහ ඉන්දියාව තරග කළ අතර එහි දී 2-0ක් ලෙස රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ඉන්දියාවේ Venkata Pusarla සමත් වුනා. ඇය හමුවේ පරාජය වුනේ Michelle Li.

පිරිමි කේවල ඉසව්වේ ද ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුනේ ඉන්දියාවයි. රන් පදක්කම වෙනුවෙන්

ඉන්දියාව සහ මැලේසියාව තරග වැදුණු අතර එහි දී Tze Yong පරාජය කරන්නට Lakshya Sen සමත් වුනේ 2-1ක් ලෙසයි.

පිරිමි යුගල ඉසව්වේ අවසන් තරගය ද ඊයේ පැවති අතර එහි දී එංගලන්ත ක්‍රීඩකයින් වන Lane Ben සහ Vendy Sean පරාජය කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ඉන්දියාවේ Satwik Sairaj සහ Chirag Shetty සමත් වුනා. ඒ 2-0ක් ලෙසයි.

2022 පොදුරදමඬුලු සැණකෙළිය

ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය කළ අවසන් රන් පදක්කම ජයග්‍රහණ කරන්නට සමත් වුනේ මැලේසියාවේ Koong Le Pearly සහ Thinaah Muralitharan දෙදෙනායි. කාන්තා යුගල අවසන් මහා තරගයේ දී 2-0ක් ලෙසයි.

එංගලන්තයේ Choie Birch සහ Lauren Smith පරාජය කරන්නට ඔවුන් සමත් වුනා. ඒ සමඟින්

ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසන් වන අතර lankan sports සමඟ රැඳෙමින් පොදුරාජ්‍ය මණ්ඩලීය උණුසුම බෙදා ගත් ක්‍රීඩාලෝලී ඔබට ස්තුතියි.

2022 පොදුරදමඬුලු සැණකෙළිය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat