2021අළු බඳුන තරඟාවලියේ ජය කැන්ගරුවන්ට

0
63
අළු බඳුන තරඟාවලියේ ජය කැන්ගරුවන්ට

අළු බඳුන තරඟාවලියේ ජය කැන්ගරුවන්ට 

තරඟ 2 ක් ඉතිරිව තිබියදී මුල් තරඟ තුනම ඉතාම පහසුවෙන් ජයගනිමින් 2021 අළු බඳුන තරඟාවලියේ ජය තමන් නතු කරගැනීමට නවක නායක පැට්‍ කමින්ස් ගේ නායකත්වයෙන් යුතු සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අද සමත් විය.

එංගලන්තය වෙනුවෙන් ජෝයි රූට් පිත්තෙන් ද ජේම්ස් ඇන්ඩර්සන් පන්දුවෙන්ද හුදෙකලා සටන් වල නිරත වුවද එය තම කණ්ඩායම ජයග්‍රහණය තෙක් මෙහෙය වීමට කිසිසේත්ම ප්‍රමාණාත්මක නොවිය. ඕස්ට්‍රේලියානුවන් ප්‍රථම තරඟයේ සිටම තම අනසක පතුරවමින් අතිශය ප්‍රභල ක්‍රීඩා රටාවක නිරතව සිටිනු දැකගත හැකි විය.

Ashes
                                              Ashes

තෙවන තරගයේ පළමු ඉනිම වෙනුවෙන් එංගලන්තය ලකුණු 185 කට සියල්ලන්ම දැවී ගිය අතර, රූට් ලකුණු 50 ක් ලබාගැනීමට සමත් විය. පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථම ඉනිමේ තරමක් අසීරුවෙන් පන්දුවට පහරදුන් නමුත් එංගලන්ත ලකුණු සීමාව පසු කර ගැනීමට සමත් විය. ඒ අනුව ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 267 ක් ලබාගනිමින් ලකුණු 82 ක් ඉදිරියෙන් සිටින ලදී. එංගලන්ත දෙවන ඉනිම සදහා සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වුයේ ලකුණු 68 ක් පමණි. ඒ අනුව ලකුණු 14 ක සහ ඉනිමක ජයක් කැන්ගරුවන්ට අත්විය.
පන්දු යැවීමේදී ස්කොට් බෝලන්ඩ් පන්දුවාර 4 ක් යොමු කරමින් ලකුණු 7 ක් ලබාදී කඩුලු 6ක් බිද හෙලන ලදී. තරගයේ වීරයා ස්කොට් බෝලන්ඩ්.

අළු බඳුන තරඟාවලියේ ජය කැන්ගරුවන්ට 
          අළු බඳුන තරඟාවලියේ ජය කැන්ගරුවන්ට

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලියාපදිංචි වීමේ ලින්කුව – https://refpa.top/L?tag=d_374705m_1622c_djbsinhala&site=374705&ad=1622&r=si/registration/

ප්‍රොමෝ කෝඩ් – 1XSL

 අළු බඳුන තරඟාවලියේ ජය කැන්ගරුවන්ට
                                    register