බට්ලර්ගේ ප‍්‍රහාරයෙන් දෝනිලා අන්තිම තැනට

0
82

ජොස් බට්ලර්ගේ වේගවත් අර්ධ ශතකය (70* හමුවේ ඇද වැටුණු මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම රාජස්තාන් රෝයල් හමුවේ ලද කඩුලූ හතක පරාජයත් සමග අයි. පී. එල්. ප‍්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්විය.

දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉතිහාසයේ අයි. පී. එල්. ශූරතාව තෙවරක් දිනා ගත් කණ්ඩායමකි. නමුත් මෙවර තරගාවලියේදී ඔවුන් සහභාගි වූ තරග 10 න් ජය ලබා ඇත්තේ තරග තුනක් පමණි. තරග හතක් පරාජය වූ චෙන්නායි කණ්ඩායම ප‍්‍රසාද ලකුණු හයක් ලබා අවසන් ස්ථානයට පත්ව සිටියි.

පළමුව පිති ප‍්‍රහාරය දියත් කළ චෙන්නායි කණ්ඩායම කඩුලූ පහකට ලකුණු 125 ක් ලබා ගත්තේය. එහිදී සෑම් කරන් පන්දු 25 කදී ලකුණු 22 ක්ද, මහේන්ද්‍ර සිං දෝනි පන්දු 28 කදී ලකුණු 28 ක් සහ රවීන්ද්‍ර ජදේජා පන්දු 30 කදී ලකුණු 30 ක් ලබා ගත්තද ඔවුන්ගේ

ලකුණු ලබා ගැනීමේ වේගය ඕවරයකට සටහන්ව තිබුණේ 6. 25 ක් වශයෙනි. අයි. පී. එල්. තරගාවලියේදී ප‍්‍රතිවාදීන්ට එය පහසු ඉලක්කයකි.

ජොෆ්රා ආචර්(20/1* සහ ශ‍්‍රියාස් ගෝපාල් (14/1* චෙන්නායි පිතිකරුවන්ව පාලනය කරද්දී ලකුණු 126 ක ජයග‍්‍රාහී ඉලක්කය කඩුලූ හතක් සහ පන්දු 15 ක් අතැතිව තිබියදී ජයගත් රාජස්තාන් රෝයල් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැනට පත් වූ අතර ඔවුන් තරගාවලියේ ලද සිව්වැනි ජයග‍්‍රහණයද මෙය විය. මේ වන විට අයි. පී. එල්. ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු තැන දිල්ලි කැපිටල් කණ්ඩායමට සහ දෙවැනි තැන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හිමිව තිබේ.

නායක ස්ටිවන් ස්මිත් සහ ජොස් බට්ලර් පන්දු 78 කදී ලකුණු 98 ක සබඳතාවක් පවත්වමින් රාජස්තාන් කණ්ඩායම ජයග‍්‍රහණයට ඔසවා තැබීමට සමත් විය. එහිදී ක‍්‍රියාත්මක වූ බට්ලර් පන්දු 48 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හතක් සමග නොදැවී ලකුණු 70 ක් ලබමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ස්මිත් පන්දු 34 කදී ලකුණු 26 ක් ලබා ගත්තේය.

ඔබට දැනටමත් 1xbet ගිණුමක් නොමැති නම් හෝ තිබු ගිණුමේ කේත අමතක වී ගොස් ඇතිනම් 100% බෝනස්  සමග  ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න එහිදී ඔබට පළමු තැන්පතුවෙදීම බෝනස් මුදල හිමි වේ

ලියාපදිංචි වීමේ ලින්කුව-  https://bit.ly/SLbetcom

ප්‍රොමෝ කෝඩ්- 1XSL